Watch Trailer

The Water Man (2020) Sinhala Subtitles | ලොකු ආදරයක් සමග කෙටි ජීවිතයක්? ආදරය කරන්නවත් කෙනෙක් නැතුව දිග ජීවිතයක්? [සිංහල උපසිරසි]

සුබ කොරන්ටයින්යි සීන් එකක් හැමෝටම. කාලෙකින් නේහ්? බයිස්කෝප් වෙබ් අඩවියට මම හදපු හතරවෙනි උපසිරැසිය තමා මේ ඩ්‍රාමා ෆිල්ම් එක, “The Waterman.” චිත්‍රපටිය 2020 සැප්තැම්බර් 13වෙනිදා ටොරෙන්ටෝවල අන්තර්ජාතික චිත්‍රපට උලෙළේදී ඉස්සෙල්ලම පෙන්නුවට, මේ අවුරුද්දේ, ඒ කියන්නෙ 2021 මැයි 7වෙනිදා තමා පලවෙනියටම ඇමරිකා…

සුබ කොරන්ටයින්යි සීන් එකක් හැමෝටම. කාලෙකින් නේහ්? බයිස්කෝප් වෙබ් අඩවියට මම හදපු හතරවෙනි උපසිරැසිය තමා මේ ඩ්‍රාමා ෆිල්ම් එක, “The Waterman.” චිත්‍රපටිය 2020 සැප්තැම්බර් 13වෙනිදා ටොරෙන්ටෝවල අන්තර්ජාතික චිත්‍රපට උලෙළේදී ඉස්සෙල්ලම පෙන්නුවට, මේ අවුරුද්දේ, ඒ කියන්නෙ 2021 මැයි 7වෙනිදා තමා පලවෙනියටම ඇමරිකාවෙදි තමා නිකුත් කරලා තියෙන්නේ.

මේ කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත් මේ කතාවේ ගනර් කියන චරිතයේ තාත්තට රඟපාන David Oyelowo විසින්මයි. මේකේ කතාව යන්නේ පිළිකාවකට ගොදුරු වූ තම මව බේරා ගැනීමේ බලාපොරොත්තුවෙන් පිරිමි ළමයෙක් අමරණීයභාවය පිළිබඳ රහස ඇති මිථ්‍යා චරිතයක් සෙවීම සඳහා “Wild Horse” කියලා කැලයකට යන ගමනක්. පොඩ්ඩක් කම්මැලියි මේ කතාව. ඩ්‍රාමා ටයිප් එකේ එකක්. හැබැයි හොඳට කරලා තියෙනවා. IMDb එකේ 4.9කුත් හම්බෙලා තියෙනවා. කුණු තක්කලිවලින් 77%කුත් තියෙනවා. පුතණ්ඩියා “ගනර්”ට රඟපාන්නේ Lonnie Chavis කියලා අවුරුදු 13ක පොඩි කොල්ලෙක්. කොල්ලගේ අම්මා මේරිට රඟපාන්නේ Rosario Dawson වගේම තාත්තා ඒමෝස්ට රඟපාන්නේ David Oyelowo කියලා දෙන්නෙක්. පොඩි කොල්ලට සපෝර්ට් එක දෙන්නේ බොරු කතා ගොතලා කියක්හරි හොයාගන්න හදන “ජෝ” කියලා කෙල්ලෙක්. රඟපාන්නේ Amiah Miller.

විනෝදෙට චිත්‍රකතා ලියන්න පුරුදුවෙලා හිටපු ගනර් එකපාරටම තමුන්ගේ රහස් පරීක්ෂක කතා ලියන එක නතර කරලා අම්මගේ අසනීපේ හින්දම ලියුකේමියා ගැන හොයන්න ගන්නවා. ඒ කියෝන පොත්වලයි ජෝ කියන කෙල්ලයි කියන කතාවල ඉන්න “දිය මිනිසා” ගැන හොයනවා. පොත ලියපු කෙනාගෙන් විස්තර වගයක් අහගෙන සල්ලිත් දෙන්නං කියලා අර ජෝ කියන කෙල්ලත් එක්ක යනවා “දිය මිනිසා” හොයන්න “Wild horse” වලට. කෙල්ලටත් කියක් හරි කඩාගන්න තියෙන වෙලාවනේ. මේ දෙන්නා යන්නෙත් “Wild horse” පැත්තේ ලැවුගින්නක් ඇති උන වෙලාවකයි. ඉතින් ඒ යන අතරමග වෙන සිද්ධිටිකයි, ගනර්ගේ තාත්තා ගනර්ව හොයාගන්න තැනට වෙනකන් වෙන සිද්ධිටිකයි, ගනර්ට “දිය මිනිසා” හම්බවෙන කතාවයි, ලැවුගින්න අස්සෙ කැලෑවෙන් එලියට පැනලා එන සිද්ධිටිකයි තමා කතාවේ තියෙන්නේ. බලන්න, හොඳයි කතාව. හැමදාම ගහමරාගන්න ඒවම බලලා හරියන්නේ නෑනේ. ඉතින්, ආයේ දවසක හම්බවෙනකන් සුබ අනාගතයක් කිවුවා…

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

5,156 downloadsDownload The-Water-Man-2020.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රදීප් නිශාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2013-11-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

5,156 downloadsDownload Subtitles33 KB

15 comments

  1. Anonymous

    කම්මැලි නම් මොකටෙයි බන් සබ් දුන්නේ???

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Anonymous

    Thank u

  5. malith madhushan

    ලස්සන කතාවක් බොහොම ස්තුතියි සහෝ සබ් එකට දිගටම කරගෙන යමු

  6. UDARA DAMITH

    එල

  7. indika75

    thanks..

  8. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  9. මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි ♻️

  10. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  11. Anonymous

    ජය වේවා

  12. Pramukmili

    Thanx bro.............

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Dewadithya

    Thanks for Sub!

  15. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.