Watch Trailer

The Walk (2015) with Sinhala Subtitles | හිතුවොත් මොනාද කරන්න බැරි… (100) [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් පවුල තුළ මං උපත ලැබුවේ 2015 පෙබරවාරි 12 වෙනිදා ඒ Supremacy (2015) චිත්‍රපටයෙන්.මාස හයක වගේ කාලයක් තුළ San Andreas (2015) චිත්‍රපටය තුලින් හා හා පුරා කියලා පළමු කඩයිමට ගොඩවුනා, අද දවසේ එහෙමත් නැත්තම් 2015 දෙසැම්බර් 12 වෙනි සෙනසුරාදා දවසේ ජයග්‍රාහි 100 වෙනි කඩයිම ගොඩවන්න තමයි මේ සු…

The-Walk-(2015)-100

බයිස්කෝප් සිංහලෙන් පවුල තුළ මං උපත ලැබුවේ 2015 පෙබරවාරි 12 වෙනිදා ඒ Supremacy (2015) චිත්‍රපටයෙන්.මාස හයක වගේ කාලයක් තුළ San Andreas (2015) චිත්‍රපටය තුලින් හා හා පුරා කියලා පළමු කඩයිමට ගොඩවුනා, අද දවසේ එහෙමත් නැත්තම් 2015 දෙසැම්බර් 12 වෙනි සෙනසුරාදා දවසේ ජයග්‍රාහි 100 වෙනි කඩයිම ගොඩවන්න තමයි මේ සුදානම. මේ වෙනකන් මට වචනයෙන් හා දැනුමින් අත හිත දුන්න අය අමතක කලොත් ඒක ලොකු වැරැද්දක්. මොකද කලින් ලිපියේ මට ඇතැම් අය මතක් කරන්න බැරි වුනා.

බයිස්කෝප් සිංහලෙන් අඩවිය ගැන දැනගෙන උපසිරැසි කරන්න ආසාව ඇතිවෙලා උපසිරැසියක් ඉල්ලුවහම මෙහෙම එකක් තියෙනවා කරලා එවන්න කියලා කිව්වේ “හසන්ත වික්‍රමරත්න අයියා“. ඔතනින් පස්සේ තාමත් මං ඉල්ලන උපසිරැසි වළට පිළිතුරු දෙන ඒවගේම උපසිරැසි පවා ඇතැම් වෙලාවට හොයලා දුන්නා. පළවෙනි උපසිරැසි නිර්මාණයෙන් පස්සේ තාමත් මගේ අතිජාත මිත්‍රයා “සමීර චතුරංග අයියා“. ෆිල්ම්, ටීවී සීරිස් වල ලින්ක් එතකොට ඒවා වල උපසිරැසි පවා තවමත් එවන්නේ ඉතිං මෙයා තමයි. මෙයා පහුගිය ටිකේ කාර්යබහුල වෙලා තියෙන අස්සෙත් මං මැසේජ් කරලා වදදීපු අවස්ථා නම් අනන්තයි. ඒත් ඉතිං මේ වෙනකන් නම් මුකුත් කිව්වේ නැහැ. කොච්චර කාර්යබහුල උනත් තාම “මලේ ෆිලුමක් තියෙනවා ටක් ගාලා කරලා එවමු” ඔය ටික නම් වරදින්නේ නැහැ. 😀 මේ ෆිලුම කරද්දීත් පවා “වැඩේ මොකෝ වෙන්නේ” කියා කියා හොදටම හොයලා බැලුවා. අනික් කෙනා තමයි “රොයිලි අයියා“. තාමත් මං යවන ඉල්ලීම් වළට පිළිතුරු ලබා දෙනවා, මං යවන ලිපිවල හරි උපසිරැසිවල අඩුපාඩු තිබ්බොත් එවෙලේම කියනවා. ඊලගට “තිසර. නොහොත් තිසර නියෝ”. එහෙමත් නැත්තම් බයිස්කෝප් මංසලේ අධිපති. මංසලට ලිපි ලියනකොට තමයි එයා හිතවත් වෙන්න ගත්තේ. ඒවගේම තමයි මං වගේම පිස්සුවෙන් සුපර්නැචුරල් වළට වහා වැටුණු කෙනෙක්. 😛 ඊළගට “සමන් ප්‍රසාද්” නොහොත් පූසා. හදිස්සියෙන් හරි කොමික් ගැන ලිපියක් ඉල්ලුවොත් කොහොම හරි වෙඩි වගේ හොයලා දීලා තියෙනවා. ඊළගට කොමික් වෙනුවෙන් මේ ටිකේ යුද්ධ කරපු “ශාන් විමුක්ති[විමා]“. සමහර වෙලාවට නොදන්නා වැඩකෑලි එහෙම අහගත්තෙ “ප්‍රණීත් චින්තක” සහෝගෙන්. ආයේ කිසිම ගුරු මුස්ටියක් නැතුව කියලා දෙනවා. ආයේ මෙහෙම බයිස්කෝප් සිංහෙලන් කියලා අඩවිය නිර්මාණය කරලා අපිට මෙහෙම අවස්ථාවක් උදා කරලා දුන්නු “ඉසිර ගුණතිලක” සහෝවත් ගොඩක් ආදරෙන් මතක් කරනවා. පරිඝණක ආශ්‍රයේ ගැටළු වළට තක්කෙටම උත්තර තියෙන, ආයේ මේ දවස්වල ඇහැ පිනායන සිහි මුලාවන සුපිරිම චිත්‍ර අදින තරිදු අයියා එහෙමත් නැත්තම් හැමෝම ආදරේට කියන “විකියා” සහෝ. අපි මේ දෙන උපසිරැසියට ගැලපෙන ලස්සන කවර් ෆොටෝ එකක් හදලා දෙන “නලීන් අයියා“. එතකොට “සදුන් ධනුෂ්ක සහෝදරයා“. මේ දවස් ටිකේ කඩයීම් චිත්‍රපටිය ගැන හොයලා බලපු “එල්.සී.ද මැල්” සහෝ. ඊළගට “ගයාන් රූකාන්ත“. තව නම් වශයෙන් මේ සැරෙත් මතක් කරගන්න බැරි වුන ඇඩ්මින්වරු, බයිස්කෝප් අඩවියේ සියළු අය එතකොට කාන්තා පාර්ශ්වයේ සහෝදරියෝ ටිකත් ගොඩක් ආදරෙයන් මතක් කරනවා. අද වෙනකන්ම පොඩි හරි අදහසක් දාලා කමෙන්ට් වලින් දිරි ගන්වපු හා වට්ටපු අයත් හිටියා. කමක් නැහැ හිතේ කිසි කහටක් නැහැ. ඔයාලගේ අදහස් වලින් දිරි ගැන්විලා තමයි මෙතෙක් දුර උපසිරැසිකරණයට පෙරේත වෙලා ඉන්නේ. ඔයාලා නැත්තම් මෙලහකටත් මං මේ කඩයිමට නොඑන්නත් ඉඩ තිබුනා. මේ අතරේ මට ඉන්නවා බුකියේ සැට් එකක්. ශාන්[භාතිය]. මට සුපර්නැචුරල් හා ඔරිජිනල්ස් කරගෙන යනකොට කොහෙහරි හිර වුනොත් මං ඉතිං එයාගෙන් තමයි අහන්නේ එයා ඇතුළු අනෙක් මගේ බුකිවාසි මිත්‍රයන් සියළු දෙනවම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. ඔක්කොමත් හරි ,මේක කරගෙන යනකොට මගෙන් ගොඩක් දෙනා ඇහුවේ “මේ උඹට සිරාවටම වෙන වැඩක් නැද්ද බං? ඔන්න ඔය විකාරේ අතඇරපන් කියලා” මෙහෙම කියපු අය නම් ගොඩක් ඉන්නවා. ඕවා කිව්වා කියලා මං නැවතුනේ නැහැ මොකද මේ වෙනකොට මං සියවෙනි කඩයිම පහුකරලා ගොඩක් කල්. මේ වෙද්දී මගේ ගණනය අනුව හරියටම යන්නේ 114 වෙනි උපසිරැසිය. අද වෙනකන් මං එක්ක හිටපු හැමෝටම ගොඩක් ස්තුතියි. ගොඩක් ආදරෙයි..!!.

Chamara-100-Wish

Philippe Petit විසින් රචිත THE REACH THE CLOUDS  යන ග්‍රන්ථයෙන් උපුටාගෙන  Robert Zemeckis විසින් අධ්‍යක්ෂණය යටතේ මේ the walk නමැති චිත්‍රපටය නිර්මාණය වූවා. 2015 ඔක්තෝම්බර් 9 වැනි දින ප්‍රදර්ශනය ඇරඹු මෙම චිත්‍රපටය BOX OFFICEආදායම් වාර්තා බිද දමිටම සමත්වූවා. මෙම චිත්‍රපටය සදහා වැය වූ මුදල වූයේ ඇමරිකානු ඩොලර් 35,000,000. නමුත් පළමු සතිය තුළ ප්‍රදර්ශනයෙන් පමණක් ඇමරිකානු 1,560,299 උපයාගැනීමට සමත්වූවා. SONY pictures විසින් ප්‍රධාන අනුග්‍රහය ලබාදුන් මෙම චිත්‍රපටයIMDb දර්ශකයේ 7.6/10 ක අගයක් ලබාගැනීමට හැකියාව ලැබී තිබෙනවා. තවද මෙම චිත්‍රපටය  Adventure, Biography, Drama යන ඝණයට ඇතුලත් වෙන අතර පැය දෙකකුත් විනාඩි තුනකුත් පුරාවටම අපූරු කතාවක් ධාවනය වෙනවා.

ඇයි?
ඔය ප්‍රශ්නේ තමයි ගොඩක් මිනිස්සු මගෙන් අහන්නේ?
ඇයි?
ඇයි ඔයා වයර් එකක් උඩ ඇවිදින්නේ?
ඇයි ඔයා මැරෙන්න අවධානමක් අරගන්නේ?
ඇයි ඔයා ඔය තරම් මැරෙන්න දගලන්නේ?
ඔන්න ඔහොම තමයි මේක ආරම්භ වෙන්නේ……..

පිලීප් කියන්නේ පොඩි කාලයේ ඉදන් සර්කර් වළට ආසා කරපු කොල්ලෙක්. එයාට ඕනේ වෙනවා ඒ කාලයේ හිටපු හොදම සර්කර් කණ්ඩායමක් වන වයිට් ඩෙවිල්ස්ලගේ කණඩායමේ ප්‍රධානියා වෙන රූඩි එහෙමත් නැත්තම් රූඩි තාත්තාගෙන් මේවා ගැන ඉගෙන ගන්න. ඒත් මේ පිලීප්ව කියන්නේ ඒ දවස්වල හරිම හිතුවක්කාර මුරණ්ඩු කොල්ලෙක්. ඒ නිසා එයාට මේ ආචාර කිරීම් එහෙම දිරවන්නේම නැහැ. මේ නිසාම මෙයා තනියෙන් ගස් දෙකක කඹයක් ගැට ගහලා මේකේ ඇවිදින්න පුරුදු වෙලා මේක වෘතියම විදිහට කරගෙන යනවා. මොකද මේක තමයි එයාගේ රස්සාව. මෙයාගේ මව් රට ප්‍රංශය. මේ කතාවේ වර්තමාන කාලය තමයි 1974. මෙයා ආයෙමත් රූඩි තාත්තා ළගට ඇවිත් ආයෙමත් මේ වයර් එකක් උඩ ඇවිදින්නෙ කොහොමද කියලා කියලා කියාදෙන්න ඉල්ලීමක් කරනවා. ඒ විතරක් නෙවෙයි. ලණුවක් හරියට ගැට ගහන්නේ කොහොමද, කොහොමද ආරක්ෂාකාරීව ගොඩක් උස තැනක උනත් වයර් එකක් ගැට ගහලා යන්නේ. ඒ නිකන් නෙවෙයි පිලීප් එයාට මුදල් වලින් ගෙවීමක් කරනවා. මෙයා දවසක් දකිනවා සගරාවක තිබිලා දැනට ඉදිවෙමින් තියෙන ලොකුම ලෝක වෙළද මධ්‍යස්ථාන දෙකක්. වෙන කොහෙවත් නෙවෙයි නිව් යෝර්ක්වල. මිනිස්සු මේකට කියන්නේ නිවුන් කුලුනු දෙක කියලා. තට්ටු 110 ක් තියෙනවා ඒවගේම අඩි 140ක් උසයි. පිලීප්ට ඕනේ වෙනවා මේ දෙක හරහා කඹයක් දාලා යකඩ පොල්ලක් අරගෙන ගමන් කරන්න. මේක ලෙහෙසි පහසු වෙන්නේ නම් නැහැ. මේකට ගොඩක් ලොකු වෙහෙසක් දරන්න වෙනවා. ඒකට අභියෝග, කම්කටලු ගොඩක් හමුවෙනවා. ඒවගේම එයාට ඒකට අතහිත දෙන පිරිසක් හමුවෙනවා. එක සැරේ නෙවෙයි. ටිකෙන් ටික. ඒ අතරේ එයාට ආදරය කරන කෙනෙක් හමුවෙනවා. ඇය නමින් ඇනි….. මෙහෙම කියලා හරියන්නේ නැහැ මේ චිත්‍රපටය බලන ගමන් තමයි රසවිදින්න ඕනේ. මොකද මේකට ඇත්තටම කුතුලය, ත්‍රාසය වගේ දේවල් හොදට මුසුවෙලා තියෙනවා. මට මේකට උපසිරැසිය කරනකොටත් මට ඇත්තටම හැගීම දැනුනා. ඒ මොකද කියල ඔයාලත් බලලම ඉන්න එහෙනම්. මං හැමෝටම ආරාධනා කරනවා මේක අනිවායෙන්ම නරඹන්න කියලා. මොකද මේ වගේ ෆිලුම්ක් අතහරින එක ලෝක විනාශයක්. එහෙනම් ඉතිං මං අදට ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය..!! සුභ සතිඅන්තයක් වේවා.!!

San Andreas (2015) on IMDb

 

 

807 MB (720p.x264.AAC) කොපිය මෙතනින් බාගන්න

521CC901491582C2AA98E2C147718171FDEB9976

950 MB (720p.HD) කොපිය මෙතනින් බාගන්න

965635C6810E8397819E7EBCEA63A2DF265BE524 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

9,276 downloadsDownload The-Walk-2015-Blu-Ray-Update.zip98 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාමර සම්පත්

Subtitles

9,276 downloadsDownload Subtitles98 KB

91 comments

  1. Cssamare

    Congratz Bro...ඉස්සරහටත් තවත් ෆිල්ම් වලින් හමුවෙමු.

  2. Cssamare

    Congratz Bro...බොහොම ස්තුතියි.ඉස්සරහටත් තවත් ෆිල්ම් වලින් හමුවෙමු.

  3. ayesh

    jaya wewa!!!
    thank you

  4. thisal

    සුපිරි මචන් සුබ පැතුම් දිගටම සබ් දෙමු හොදෙ මෙ ෆිල්ම් එක දෙනකම් උන්නෙ තැන්ක්ස් අනිවා බැමක් උබට ජය

    1. thisal

      එක්කො BR eka එනකම් ම ඉන්නවා HD කොපිය මදි වගෙ :D

  5. නිර්මාණී

    100 වෙනි උපසිරසියට සුභ පැතුම්. 100 ට තව 200ක් ම උපසිරසි ගේන්න ලැබේවා කියලා පතනවා. ඒ වගේම් උපසිරසියට බොහොම ස්තූතියි. ජය......

  6. mahesh

    tnx & congratzzz bro

  7. සමන් ප්‍රසාද් [ පූසා ]

    අප්පා...
    මේක මම බලන්න ලිස්ට් එකට දාගෙන හිටපු ෆිල්ම් එකක් නොවැ...
    හෙ හේ...
    එහෙනම් කොල්ලගේ 100 වෙනි උපසිරසියට මුළු හදවතින්ම සුභ පතනවා...!!!
    එහෙනම් ඊළඟට 150 නේ...
    එකත් ඉක්මනටම ගහමුකෝ...
    මාවත් මතක් කොලාට තුති ඈ... :D
    දන්නවනේ ඉතින් උඹත් DC කොල්ලෙක් තමා කියලා... :3
    ජය වේවා...!!!
    සබ් කරන්න තවත් අවැසි ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...!!!

  8. විමා

    මුලින්ම සියවෙනි උපසිරසි නිර්මාණයට සුභපැතුම් චාමර
    බොහොම කෙටි කාලයකින් සැහෙන සේවයක් කරලා තියනව බයිස්කෝප් අඩවිය වෙනුවෙන්
    DC කොමික් කාරයින්ට පැල් බැඳගෙන කඩේ යනවනම් තමයි ඉතිං
    ඉදිරියේදී සිවිල් යුද්ධයක් තරම් දරුණු වෙයි මං හිතන්නේ. :D
    මං හිතනවා තව අවුරුදු දෙක තුනක් යද්දී යථාර්තය අවබෝධ කරගනීවි කියල
    එසේ වෙත්වා! :P
    ඒ වගේම මේක අනිවාර්යෙන්ම බලන ෆිල්ම් එකක්
    මං හිතන්නේ මේක මෙ පාර ඔස්කා යන ලිස්ට් එකේ එකක්.
    ඒ වගේම සත්‍ය කතාවක් ඇසුරින් නිපදවනු ලැබුවක් නිසා වටිනාකම තවත් වැඩියි
    බොහොම ස්තුතියි උපසිරසට, ඒ වගේම මාවත් මතක් කරලා තියනවා ලිපියේ, බොහොම සන්තෝසයි මාවත් මතක් කලාට.
    එහෙමනම් චාමර තව චිරාත් කාලයක් අපත් සමග රැඳී සිට මෙ කරන සේවය තව දුරටත් කරගෙන යාමටත් කරන කියන අනෙක් හැම දෙයක්මත් සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා, ජය!

  9. කේ.යූ.ජී. උදාර

    සුපිරි වේගයක්නේ............. රෙකෝඩ් එකක් ද මන්ද....
    කොහොමවුණත් දිගට ම මේ වැඩේ කරගෙන යමු. සීයට සුබ පැතුම් මචෝ.
    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.

  10. නිරෝෂ්

    100 වෙනි උපසිරැසියට හා දිගු ගමනකට සුබ පැතුම් ! බොහොම ස්තුතියි චාමර සහෝ.ජයවේවා !

  11. asitha arp

    patta machan

  12. asitha arp

    patta machan good l

  13. D Chamara

    niyamai sahooo niyami me wagema esarahatath karagenam yamooo oyala nisa thamai tharumak athuwa film ekka balanne e wanuwen oyal hamotama bohoma sthuthi niyamai degatama kargena yamoo

  14. achi

    ගොඩක් ස්තූතියි චාමර සහෝ උපසිරැසියට....
    ඒවගේම 100 වැනි උපසිරැසියට සුබ පතනව...
    උඹ දීපු ගොඩක් ඒව බලල තියෙන්නෙ...
    ඉදිරියටත් සබ් දෙන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව...
    එහෙනම් ජය වේවා!!!

  15. don

    thnkz bro

  16. Jack

    පට්ටයි මචෝ..
    100 වෙනි උපසිරැසි කඩයිමට සුබ පැතුම් මචන්.
    අපි වෙනුවෙන් මේ කරන වැඩේට සුබ පැතුම් මචෝ..
    ෆිලුම නම් අනිවා බාන එකක්.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජයෙන් ජය...

  17. salika

    congracts !!!! keep it going so far..........

  18. තිසර නියෝ

    මුලින්ම හදවතින්ම සුබ පතනවා 100 වෙනි කඩයිමට... :)
    පොඩි කාලයකින් ලොකු සේවයක් කරලා තියෙන්නේ අඩවිය වෙනුවෙන්... :D

    මාවත් මතක් කරාට ස්තූතියි..... :)
    කිව්වා වගේම මංසල සහ සුපර්නැචුරල් එක්ක තමා සහෝව සෙට් උනේ :)

    ෆිල්ම් එක ගැන දැනන් හිටියත් බලනවද කියල හිත හිතා හිටියේ..
    දැන්නම් ඉතින් අනිවා බලන ලිස්ට් එකට දාගන්නවා මේක...
    වීම කිව්වා වගේ ඔස්කා යන ලිස්ට් එකේ එකක් නම් නොබලා කොහොමෙයි :p

    පෑල් බැඳගෙන DC වෙනුවෙන් කඩේ ගියත් හිත යටින් මාර්වල් වලට කැමති නේද :p
    ඒ නිසානේ ගාර්ඩියන් ඔෆ් ගැලැක්සි කරේ නේද :p

    උපසිරැසියට තුති…
    ඉක්මනටම 150න් හමුවෙමු....

    එතෙක් ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  19. Sanjaya

    සුබ පැතුම් 100 සහො

    සුපිරි ෆිල්ම් එක

  20. Sam

    thnkss for yhe sub & congratzz sahoo..

  21. Sameera

    Thanks..

  22. eranga

    100 වෙනි උපසිරසියට සුභ පැතුම්.

  23. me

    Thanks & wish you all the best.
    Keep up the good work :-)

  24. “චූටී මල්ලි”

    patayi mcn tawat ikmantama 150th gahamu
    meikat aniwa balanna oni BR copy add krnna aawaama
    tnax and congrtz for 100th sub

  25. widuranga

    thanx bro sub ekata.....
    150th gahamu hodeeeee :)

  26. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි සහෝ
    වසරක් ගෙවෙන්නටත් කලින100 ගහලා නේ
    ඇත්තටම සුපිරිම සුපිරියි චාමර සහෝ
    100 වෙනි උපසිරැසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම්
    තව තවත් කඩයිම් පහු කර යන්න සුබ පතමි

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා සහෝ
    ජයෙන් ජයම වේවා !!!!!

  27. Kulanjana Maduranga

    welldone.... CHAMARA saho...Good Work my Friend, Thanks a lot.......Me wge idiriyatath sub denna shakthiya labewa...wish u'r great future.....jayen jaya....

    1. Kulanjana Maduranga

      hadawathinma suba pathanawa CHAMARA sahoge 100 weni sub nirmana kadaima wenuwen......... baiscope rasika api wenuwen methuwak kal kala kapa kirima sahenna watinawa...e wgema ekata godak pin....CHAMARA sahoge siyalu balaporoththu itu wenna kylath prarthana krnawa.....jayen jaya..

  28. සංඛ සඳනුවන් (සනා)

    100 වෙනි උපසිරැසියට මගෙනුත් සුභපැතුම්. පොඩිකාලෙකින් 100 පැන්නුවා කියන්නේ,200 වෙනි එකත් වැඩි ඇතක නෑ. ජය!!! තෙරුවණ් සරණයි.

  29. nalinda

    great work.thank

  30. janaka

    thanks goodluck

  31. janaka

    thanks good-luck

  32. ආසිරි ප්‍රියන්ත

    අප්පේ, 100 ගහන්න හෙන කාලයක් ගිහිං නේ,
    මීට වඩා ඉක්මනට 100 ගහන්න තිබ්බා නේ, අපි වගේ..
    කොහම උනත් එල හොදේ...
    150 දෙස්ස්ය මීට ඉක්මනට ගහමු..
    100 වෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම් වේවා..
    ෆිල්ම් එකනම් පට්ටයි වගේ නේ...
    ට්‍රේලරේ බැලුවා..
    නැද්ද ටිකක් අඩු සයිස් කොපියක් එහෙම..
    එහනම් ජය වේවා!!

  33. asd

    thanks for the sub bro. but torrent not available for download, Removed by the request of copyright owner.

  34. yasas sri bandara

    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍බො‍හෝ‍ම ස්‍‍තූ‍ති‍යි ,‍ජ‍ය‍වේ‍වා ‍ස‍හෝ ....... ‍ඔ‍බේ ‍ම‍හන්‍‍සි‍ය ‍නි‍සා‍වෙන්‍ ‍අ‍පි ‍ෆි‍ලු‍ම‍ක ‍නි‍ය‍ම ‍ර‍ස‍ය ‍විඳි‍‍න‍වා . ‍බො‍හෝ‍ම ස්‍‍තූත්‍‍යි ‍ආ‍යෙ‍මත්‍

  35. ප්‍රණීත් චින්තක

    මේ දවස්වල හෝ ගාලා රතිඤ්ඤා පත්තු වෙනවා වගේ.
    එහෙම කිව්වේ කාලෙක නිහැඬියාවකට පස්සේ මේ සතිය ඇතුලත දෙන්නෙක්ම
    100 කඩයිම පහුකලානේ. (විමා)
    ලිපියේ මාවත් මතක් කරලා තිබුනා. (බොහෝම ස්තුතියි)
    ගොඩක් අයට වචන නම් කියලා දීලා තියෙනවා, ඒත් ඉතිං කවුරු කාටද කියලා මට වෙන් වෙන්ව මතකත් නෑ. :)

    කොහොම වුනත් වේගෙන්ම 100 ගහපු එකේ 150, 200 කඩයිම් ටිකත් ඔය වේගෙන්ම පන්නමු නේද.
    දැනට කරන කතා කිහිපයත් එක්ක ඒක බැරිවෙන එකක් නෑ.
    එහෙනං උපසිරැසයට බොහෝ ස්තුතියි.
    100 වෙනි උපසිරැසියට හදවතින්ම සුබපතනවා.
    දිගින් දිගටම මේ විදියට නොමිලේ අන්‍යන්ගේ රසඟතාවය උදෙසා කාලය කැප කරන්න
    තවත් හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    ඒ වගේම තමුන්ගේ පෞද්ගලික වැඩ කටයුතු වඩ වඩාත් සාර්ථක වෙන්න කියලා
    මේ ස්වර්ණමය අවස්ථාවේ ප්‍රාර්ථනා කරනවා.

    ආයු -බෝ -වේවා !!!

  36. සනත් ශ්‍රීමාල් පෙරේරා

    100 වෙනි උපසිරස ගැන්වීමට “චාමර සම්පත්” සහෝට සුබ පැතුම්...!!!
    ඒවගේම සුපිරි චිත්‍රපයකට උපසිරස දීලා තියෙන්නේ...
    ඉක්මනටම 150ත් ගහන්න පුලුවන් වෙන්න කියලා සුබ පතනවා...

  37. Bandu

    thanks Bro.....

  38. එල්.සී.දමැල්

    අනේ අපොයි මේකා 100 ගහලනෙ!
    හොඳටම මම ප්‍රමාද වෙලා. සමාවෙන්න ඕණෙ. :(
    100වන උපසිරස වෙනුවෙන් හදවතින්ම සුභ පැතුම් එක් කරනවා චාමර සහෝ...
    සහෝත් මම දැක්ක වේගවත්ම උපසිරසකරුවන්ගෙන් කෙනෙක්...
    දිගටම මේ වේගෙන්ම උපසිරස දෙමු...
    ලබන අවුරුද්ද වෙනකොට 150ත් දෙමු නේද ;) ...
    ඒ වගේම මාව ලිපියෙ මතක් කළාටත් ස්තුතියි... (හැබැයි ඉතින් ඕක මතක් කරන්න තරම් දෙයක් නෙමෙයි :) )

  39. Dimuthu

    කාලෙකින් අසාවෙන් බලන්න පුලුවන් ඒකක් වගේ.. සබ්වලට ස්තුතිය....

  40. prasha

    tnx

  41. ඉසුරු දිල්ශාන්

    100වෙනි උපසිරැසියට සුභ පැතුම් චාමර සහෝ!
    මේ වේගෙන්ම 150, 200.....දක්වා යන්න සුභ පතනවා!
    මේකත් එනකම් බලන් උන්නු සුපිරි ෆිලුමක් තමයි!
    ජය!!!!!!!

  42. හසන්ත

    සුබ පැතුම් මල්ලි !!! දිගටම මේ වැඩේට අවශ්‍ය වෙලාව සහ ඩේටා නොකඩවා ලැබෙන්න කියලා තමයි ප්‍රර්ථනා කරන්නේ. ඒ වගේම ඉදිරියේදී මීට වඩා හොඳ නිර්මාණ වලින් මුණ ගැහෙමු. ජයෙන් ජය !!!

  43. දිල්ශාන් සචින්ත(සචී)

    චාමරයත් එහෙනම් 100ය ගැහුවා.පට්ටයි ආ.හදවතින්ම සුබපතනවා .....!!!! 200ටත් යමු

  44. Lahiru

    machoooo meka nam suppa movie eka bro man kalekin balapu supiri movie eka oyage sub eka nisa ela kiri wage rasa winda kiyanna wachana bro eth ekkam,a oyage century ekata bokkenma wish karanawa niyama movie eka thoragena thiyenne 100a patta bro thanks a lot eelanagata oya karana movie ekath me wage ekak nam apita podi hint eka denna bro thanks again

  45. Dhanushka

    සුභ පැතුම්!!!!!!!!!!!!!!!!!

  46. චතුර බුද්ධික

    සුබ පැතුම් සහෝ..

  47. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  48. vikum

    taraka sahoo niyamai..sirawatama uba mara speed nee..ekmanatama 200 gahamu..jaya wewa..!!!
    (Köszönöm szépen...)

  49. indika

    බොහොම ස්තුතියි.... (Y)

  50. Keshan Wasala

    උණුසුම් සුබ පැතුම් චාමර සහෝ සියවැනි උපසිරැසියට ..විමා සහෝගේ එකත් දැන් තමා දැක්කේ ..ඔයාගේ එකත් දැන් දැක්කේ :D ඔයා කරන කියන සෑම කටයුත්තක්ම දිනෙන් දිනම සාර්ථක වේවා !! මේකෙත් හොද කොපියක් එනකං ඉන්නවා එහෙනං ..සබට බොහොම ස්තුතියි සහෝ. ජය වේවා !!

Load more comments