Watch Trailer

Sanju (2018) Sinhala Subtitles | මිනිස්සු නම් කියාවි.. කියවන එක මිනිස්සුන්ගේ වෘත්තීය නිසා… [සිංහල උපසිරසි සමඟ]

“ 1981 දී… එක පැත්තකින් රෝහල්ගතව ඉන්න බිරිඳක්, අනෙක් අතින් මත්ද්‍රව්‍ය වලින් මත් වෙච්ච කාලකන්ණි පුතෙක්… ඉතින්… මගේ තාත්තා මේ යුද්ධ දෙකම සටන් කරේ තනියම… අද මං ජිවතුන් අතර ඉන්නේ.. එයා නිසා.. තාත්තා සාමය සැනසුම වෙනුවෙන් ගොඩක් තැන් වල යාත්‍රා කරා.. හිරෝෂිමා ඉදන් නාගසාකි, මුම්බායි ඉඳන් අම්රිත්සර් වෙනකන්…

“ 1981 දී…
එක පැත්තකින් රෝහල්ගතව ඉන්න බිරිඳක්,
අනෙක් අතින් මත්ද්‍රව්‍ය වලින් මත් වෙච්ච කාලකන්ණි පුතෙක්…
ඉතින්…
මගේ තාත්තා මේ යුද්ධ දෙකම සටන් කරේ තනියම…
අද මං ජිවතුන් අතර ඉන්නේ.. එයා නිසා..
තාත්තා සාමය සැනසුම වෙනුවෙන් ගොඩක් තැන් වල යාත්‍රා කරා..
හිරෝෂිමා ඉදන් නාගසාකි, මුම්බායි ඉඳන් අම්රිත්සර් වෙනකන්..
ඒත් ඒ හැම එකටම වඩා අමානුෂික චාරිකාවන් උනේ…
පොලිසි උසාවි අතරේ ඇවිදිමින් රස්තියාදු වෙන එක..
නඩු ගාස්තු ගෙවන්න තාත්තට එයා හදපු තමන්ගේම ගෙදර විකුනන්න උනා..
ඒත් එයා.. ඒ එකක්වත් හැඟෙව්වේ නෑ…
සමහරවිට තාත්තා මං ත්‍රස්තවාදියෙක් නෙවෙයි කියලා ඔප්පුවෙනවා දකින්න හිටියනම්…
එයාගේ ඇස් ගොඩක් සතුටු වෙන්න තිබුනා…”

ජීවිතය කියන්නේ එක්තරා චාරිකාවක්… ඒ චාරිකාවේ මංමාවත්, මොහොතින් මොහොත වෙනස් වෙනවා. එක් මනුස්සයකුට තියෙන්නේ එක ජීවිතයයි කියලා ස්ථිරවම කියන්න පුලුවන්ද? අනේ මන්දා.. අද මේ කියන්න යන කතාව නම් එක මනු.ස්සයෙකුගේ කතාවක් උනාට එයා ගතකරන්නේ නම් එක ජිවිතයක් නෙමෙයි.

හරි… සංජේ බාල්රාජ් දත්.. එහෙමත් නැතිනම් අපි කවුරුත් දන්නා ප්‍රසිද්ධ බොලිවුඩ් නළු “සංජේ දත්” කියන්නේ සමාජය ඉදිරියේ විවිධාකාර ප්‍රතිරූප රාශියක් විවිධ කාලයන්හි තනාගත් චරිතයක්. එයාගේ ගැන විවිධ මිනිස්සු දරන්නේ විවිධ මතයන් රැසක්. එහෙම වෙන්නේ ඒ ඒ මිනිස්සු එයා ගැන දැනගත්තු දේවල් සහ සංජේ දත් කියන මනුස්සයා ගැන තම තමන්ට තියෙන දැනුම මත. ඉතින් අද මේ ඔබට ගෙනහැර දක්වන්න ලැහැස්ති වන්නේ.. ඉහත සඳහන් කරපු ඉන්දියාවේ ප්‍රසිද්ධ බොලිවුඩ් නළු සංජේ දත්ගේ චරිතාපදානය එහෙමත් නැත්නම් ජීවිත කතාව.

ඉන්දියාවේ බිහිවූ ශ්‍රේෂ්ඨ කලාකරුවන් දේපලක් වන සුනිල් දත් සහ නර්ගිස් දත් යුවලට දාව 1959 ජූලි 29 වන දින උපත ලබන සංජේ දත්, දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් පුද්ගලයා වනවා. සුනිල් දත් කියන්නේ බොලිවුඩ් සිනමාවට දශක ගණනාවක් තිස්සේ අගනා මෙහෙවරක් කරපු කලාකරුවෙක්. නළුවෙකු, නිෂ්පාදකවරයෙකු හා අධ්‍යක්ෂකවරයෙකු ලෙසින් සිනමාවටද, දේශපාලඥයෙකු වශයෙන් ජනතාවටත්, කාගේත් මතකයේ රැඳුනු සේවයක නිරත වුනු කෙනෙක් විදිහට තමයි සුනිල් දත් හඳුන්වනු ලබනුයේ. ඒ වගේම සංජේ දත්ගේ මව ගැන පැවසුවොත් ඉන්දියානු සිනමා ඉතිහාසයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම නිලියක් ලෙසින් ඇය හඳුන්වනු ලබනවා. රාජ් කපූර් සමයේ ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපටි අදටත් අමරණිය මතකයන් ලෙසින් කාගේත් හිත් වල නොමැකෙන සටහනක් ඉතිරි කර තිබෙනවා. මදර් ඉන්දියා, අවාරා, ශ්‍රී 420, බර්සාත්, රාත් ඕර් දින්, ඇය රඟපෑ සිනමා නිර්මාණ කිහිපයක්.

– සුනිල් දත්, සංජේ දත් සහ නර්ගිස් දත් –

එවැනි ශ්‍රේෂ්ඨ කළා පවුලක වැඩිමහල් පුත්‍රයා ලෙසින් උපත ලද සංජේ දත් හට තමන්ගේ ජීවන ගමන රෝස මල් යහනාවකින් ගෙවා යන්නට හැකියාව ලැබෙන්නේ නෑ. මත්ද්‍රව්‍ය, නරක ආශ්‍රයන්, සහ ඔහුගේම හිතුවක්කාරකම් ඔහුගේ ගමන හරස් කරන්නට වූවා. ඔහු මුලින්ම සිනමාවට පා තබන්නේ ළමා නළුවෙක් වශයෙන් 1972 දී Reshma Aur Shera චිත්‍රපටයට රංගන දායකත්වය සපයමින්. තමාගේ පියාගේ අඩිපාරේ යමින් සංජේ දත් 1981 දී තමාගේ පියා සුනිල් දත් මහතාගේම අධ්‍යක්ෂණය යටතේ බොලිවුඩ් සිනමාවට නිලවශයෙන් පා තබන්නේ Rocky(1981) චිත්‍රපටයෙන්. එම චිත්‍රපටය රූගත කරන සමය වනවිටත් ඔහුගේ මව නර්ගිස් දත් අග්න්‍යාශයේ පිළිකාවකින් පෙළෙමින් සිටියා. එමෙන්ම ඒ සමය වනවිට තරුණ සංජේ දත් මත්ද්‍රව්‍ය වලට තදින් ඇබ්බැහි වී සිටි අතර මවගේ අසනීපය ඔහුව තව තවත් මත්ද්‍රව්‍ය වලට ලං කරනු ලැබුවා. කෙසේ වෙතත් සංජේ දත් ගේ මංගල සිනමා සිත්තම Rocky නිකුත් වීමට දින 03 ක් ඉතිරිව තිබියදී ඔහුගේ මව මෙලොව හැර යාම ඉතා සංවේදී කාරනාවක් වූ අතර මවගේ අවසන් කැමැත්ත පරිදි චිත්‍රපටය එලි දැක්වීම සූදානම් කල දිනයේදීම පැවැත්වීමට සංවිධායකවරු කටයුතු කරනු ලැබුවා. කෙසේ හෝ රොකී චිත්‍රපටිය ඒ සමයේ බොක්ස් ඔෆිස් වාර්තාවන් බිඳ දමමින් තිරගත වනු ලැබූවා.

දරුණු ලෙසින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ සංජේ දත්ගේ මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීමට ඔහුගේ මවගේ අසනීපය කාරණාවක් වූ බව සඳහන් වනවා. මවගේ මරණයෙන් පසුවද ඔහු දිගින් දිගටම මත්ද්‍රව්‍ය භාවිතයේ යෙදෙන අතර ඔහුගේ ක්‍රියාකලාපයන් නිසා රූගත කිරීම් කල් දැමු අවස්තාවන් බොහෝමයි. රූගත කිරීම් පවතින ස්ථානයට කිසිවිටකත් වෙලාවට නොපැමිණෙන සංජේ දත්ගේ ක්‍රියාකලාපය චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ට මහත් හිසරදයක් ගෙනදෙනු ලැබුවා. මවගේ තත්වය නිසා ඔහු මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම නතර කිරීමට අදිටන් කරගනු ලැබුවත්, ඔහුගේ මත්ද්‍රව්‍ය සඳහා ඇති ඇබ්බැහිවීම කොතරම්ද කියනවනම් මත්ද්‍රවය නොමැතිව ඔහු අසනීප වීමට පටන් ගැනුනා. විටෙක තම මව නර්ගිස් දත් ප්‍රතිකාර සඳහා නිව්යෝක් ගෙනගිය අවස්ථාවේදී මවගේ හදිසි තත්වයක් නිසා ඔහුටද නිව්යෝක් සඳහා යාමට සිදුවන විට ඔහු තම සපත්තුවේ සඟවාගෙන මත්කුඩු රැගෙන යාමටද පෙළඹෙනවා. මන්ද, ඒ නිව්යෝක් වල මත් කුඩු සොයාගැනීමට අපහසු බැවින්.

“පණිවිඩයක් ආවා අම්මා කෝමා වෙලා කියලා.
තාත්තා මට ඇමරිකාවට කතා කරා.
මගේ එක්ක මගේ නංගිලා හිටියා..
ඒ වගේම සපත්තුව ඇතුලේ.. ග්‍රෑම් විස්සක කොකේන්…
මාව එයාපෝට් එකේදී අහු උනානම් එහෙම…
සමහරවිට මගේ නංගිලත්.. අවුරුදු විස්සක් හිරේ ඉන්න තිබුනා.
ඒත් ඒ දවසේ.. අවුරුදු විස්සක හිරබත්ද?
ග්‍රෑම් විස්සක් කොකේන්ද?
ප්‍රශ්න දෙකට මගේ තේරීම තිබුනෙම එකකටයි..
මං කොයිතරම් වගකීම් විරහිත කෙනෙක්ද කියනවනම්…
ඉස්පිරිතාලේදී අම්මා එක්ක ඉන්නවට වඩා වැඩි වෙලාවක්…
හදිසි පිටවීම් දොර ගාව දුම් අදිමින් ගත කරා… ”

එමෙන්ම නිව්යෝක්හි ඔහු නතරවී සිටි හෝටල් කාමරයේ ඔහුගේ ඇඳේ මෙට්ටය යට තිබී හෝටල් සේවකයින්ට හෙරොයින් පාර්සලයක් හමුවනවා. නමුත් ඔවුන් එය හොර රහසේ සංජේගේ පියා සුනිල් දත් හට දැනුම් දුන් අතර සංජේ මත්කුඩු පාවිච්චි කරන බව සුනිල් දත් දැනගන්නේ ඒ මොහොතේදී. ඉන් පසු ඔවුන් දෙදෙනා අතර විවිධ ගැටුම්කාරී තත්වයන් ඇතිවුවත් සංජේ තමන්ගේ පුරුද්ද නතර නොකරන තරමටම හිතුවක්කාර වී තිබුනා.

සංජේගේ මංගල චිත්‍රපටයෙන් පසුව කාලය ගෙවෙද්දී සිනමා කර්මාන්තයේ සියලු දෙනා හට සංජේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවෙක් බව දැනගන්නට ලබුනා. මේ කාරණය ඔහුගේ වෘත්තියට බලපෑමක් ඇතිකරන්නට වූ අතර ඔහුගේ පවුලේ අයටද මේ නිසා බලපෑම් ඇතිවූවා. දිනක ඔහුගේ නැගණිය ප්‍රියා දත් පවසා සිටිනුයේ ඒ දිනවල ඔහුගේ සහෝදරයාගේ චිත්‍රපටි රැසක් නිකුත් වූ අතර ඒ හැම එකකම ඔහු මත් වී සිටින බව දකින්න ලැබෙන බවයි. ඇයට පාසලේදී හුඟක් සිසුන් කුඩුකාරයාගේ නංගි යනුවෙන් විහිලු කල බවද ඇය පවසනවා. මේ හැමදේම නිසා සුනිල් දත් සිනමා අධ්‍යක්ෂකවරුන් හට පවසා සිටියේ ඔහුගේ පුතා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවෙක් සහ ඔවුන්ගේ චිත්‍රපට සඳහා සංජේගේ හැසිරීම බලපෑමක් වුවහොත් ඒ සඳහා තමන් වග කියනු නොලබන බවයි. ඒ නිසා සංජේ දත් චිත්‍රපටිවලට යොදාගැනීමේදී ප්‍රවේසම් වන ලෙසද ඔහු පවසා තිබෙනවා. සංජුගේ නැගණියන් පවසන ආකාරයට ඒ සමයේදී සංජේගේ හැසිරීම පිලිබඳ ඔවුන් දැඩි බියකින් පසුවී සිට ඇති අතර කොයි මොහොතේ මොනයම් දෙයක් සඳහා සංජු කෙසේ ප්‍රතිචාර දක්වාවිද කියන චකිතය ඔවුන් හට නිතරම තිබු බව ඔවුන් පවසනවා.

අවසානයේ සංජේහට තමන් ගැනම කලකිරීමෙන් පසු මත්ද්‍රව්‍ය පාවිච්චිය නතර කිරීමට ඔහු තීරණය කරනු ලබනවා. ඔහු පියා හට තමන් ගැනම පාපොච්චාරණය කරමින් තමන්ගේ හැසිරීම පිලිබඳ සමාව අයදිමින් තමන්ට මත්ද්‍රව්‍ය පාවිච්චිය නතර කිරීමට අවශ්‍ය බවත් කරුණාකර තමන්ට උදව් කරන ලෙසත් ඔහු පියාගෙන් ඉල්ලා සිටිනවා.

“ තාත්තේ මට උදව් අවශ්‍යයි…
මට මත්ද්‍රව්‍ය පාවිච්චිය නතර කරන්න ඕන..
ඔයා මොනවහරි කලේ නැත්නම් මං ඉක්මනට මැරිලා යයි…”

                                                          – සංජේ දත් සමග සුනිල් දත් –

ඉන්පසු සුනිල් දත් විසින් සංජුව ඇමරිකාවේ පිහිටි පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට රැගෙන ගොස් බාර දෙනු ලබනවා. එයට ඇතුලත් වීමට පෙර එහි වෛද්‍යවරයෙකු විසින් සංජේ හට ඇතුලත්වීමේ ෆෝරමයක් ලබාදී තිබෙනවා. එහි සඳහන්ව තිබී ඇත්තේ මත්ද්‍රව්‍ය වල නම් වගයක් සහ තමන් එදා මෙදාතුර පාවිච්චි කල මත්ද්‍රව්‍ය වර්ග ඉදිරියේ සලකුණු කිරීමක් කරන ලෙසයි. සංජේ එම ෆෝරමය රැගෙන එහි ඇති සියලු මත්ද්‍රව්‍ය නාමයන් ඉදිරියේ හරි සලකුණු දමාගෙන යද්දී වෛද්‍යවරයාට සහ සුනිල් දත් හට දෑස් අදහාගත නොහැකි වූවා. වෛද්‍යවරයා සංජේගෙන් නැවතත් අසා තිබෙනවා “ඔයා ඇත්තටම මේවා පාවිච්චි කරලා තියෙනවද?” යනුවෙන්. සංජේ පවසා තිබෙන්නේ පෙති, දුම්, එන්නත්, ස්ටිකර්, කුඩු ආදී වශයෙන් හැම වර්ගයකම මත්ද්‍රව්‍ය තමන් පාවිච්චි කර ඇති බවයි. වෛද්‍යවරයා එය අසා සුනිල් දත් හට පැවසුයේ මෙතරම් මත්ද්‍රව්‍ය පාවිච්චි කල කෙනෙක් ජීවත්ව සිටීමත් පුදුමයක් බවයි. අදටත් ඔහු නිරෝගිව සිටීම කාටත් අදහාගත නොහැකි ආශ්චර්යයක්. අදටත් සංජේ දත් තරුණ පරම්පරාවට අවවාද කර සිටිනුයේ මත්ද්‍රව්‍ය පාවිච්චියට ඇබ්බැහි නොවන ලෙසත්, එය ඔබට කෙටි කාලයක සතුටක් දුන්නත් ඔබ අවට සිටින ඔබේම අයගේ ජිවිත එය සදාකල් අසරණ කරනු ඇති බවයි.

මත්ද්‍රව්‍ය උවදුරෙන් නොමැරී දිවි ගලවාගැනීමට සමත් වූ සංජේ දත් හට එතනින් එහාද ඉතාමත් සුඛිත මුදිත ජීවිතයක් ගත කරන්නට ලැබෙන්නේ නෑ. ඔහුගේ පියා සුනිල් දත් සිනමා කටයුතු වලින් ඉවත්ව දේශපාලනයට එළඹීමත් සමගම සෑම විටෙකම ඔහු ජනතා සේවයේ දී සිටියා. 90 දශකයේ ඉන්දියාවේ බොහෝ ලෙස ආගමික යුධ ඇවිලී තිබුනා. හින්දු මුස්ලිම් ගැටුම් නිසා සාමාන්‍ය වැසියන් බොහෝ සංඛ්‍යාවක් අසරණ වී සිටි අතර සුනිල් දත් මහතා එම ජනතාවට සහන සැලසීමේ ක්‍රියාවලියේ දී සිටියා. 1993 මුම්බායිහි සිදුවූ බෝම්බ සිද්ධියද මෙයින් එකක්. කෙසේ නමුත් සුනිල් දත් මෙලෙස ජනතා සේවයේ නිරත වෙද්දී ඔහුගේ නිවසට දිගින් දිගටම මරණ තර්ජන එල්ලවූවා. ඉතින් මේ සමයේ සංජේ රඟපෑම් වල නිරත වී සිටි සනම් චිත්‍රපටයේ නිෂ්පාදකවරුන්ගේ උපදෙස් මත පියාගේ සහ පවුලේ ආරක්ෂාව වෙනුවෙන් සංජේ AK-56 වර්ගයේ ගිණි අවියක් ළඟ තබා ගන්නවා.

“ දුරකතනෙන් තර්ජන එන්න ගත්තා.
මාව මරන්නයි, නංගිලාව දූෂණය කරනවයි කියලා තර්ජනය කරනවා.
මං ගොඩක් බය උනා…
එක පාරක් ඒ මිනිස්සු දේශපාලඥයෝ දෙන්නෙක්ට පහර දීලා තියෙනවා..
මං පොලිසියෙන් විශේෂ ආරක්ෂාව ඉල්ලුවත් ඒක ලැබුනේ නෑ,,
බය හිතුනා හැම රෑකම ගෙදරට පහර දෙයි කියලා…
හනිෆ් සහ සමීර් තමයි මගේ සනම් චිත්‍රපටියේ නිෂ්පාදකවරු දෙන්නා…
එයාලා කිව්වා ආරක්ෂාව වෙනුවෙන් ගිණි අවියක් තියාගන්න කියලා..
ජනවාරි වලදී සමීර්, හනිෆ් සහ අබු සලීම් මගේ ගෙදරට ආවා..
එයාලා මට ගිණිඅවි තුනකුයි, උණ්ඩ වගයකුයි දුන්නා..
මං ඒවා මගේ කාර් එකේ පිටිපස්සේ හැංගුවා…”

එම ගිණි අවි 3 න් දෙකක් සංජේ නැවතත් ඔවුනට ලබා දුන්නත් එකක් ඔහු ළඟ තබාගෙන තිබෙනවා. සංජේ දත් රූගත කිරීම් සඳහා විදෙස්ගතව සිටි සමයේදී ඉහත කී අධ්‍යක්ෂකවරුන් දෙදෙනා මුම්බායි බෝම්බ සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගනු ලැබූවා. ඔවුන්ගේ පාපොච්චාරණයනට අනුව සංජේ දත් හටද අවි ලබාදුන් බව හෙළි වූ පසු සංජේ දත් හටද අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් වූවා. ඒ අනුව මුම්බායි පොලිසිය විසින් සංජේ දත් 1993 අප්‍රේල් 19 වන දින අත්අඩංගුවට ගනු ලබනවා. 1993 මැයි මස 05 වන දින ඔහු හට ඇප ලැබුනත් ඔහුට ලබාදුන් ඇප අවලංගු කර නැවතත් 1993 ජූලි 04 වන දින සංජේ දත් නැවතත් අත්අඩංගුවට ගනු ලබනවා. බෝම්බ පිපුරුමෙන් මාස අටකට පමණ පසු එනම් 1993 නොවැම්බර් 04 වන දින සංජේ දත් ඇතුළු 189 දෙනෙකුට පිටු දසදහසකටත් වැඩි මූලික චෝදනා පත්‍රයක් ගොනු කෙරුණු අතර ඉන් වසර එකහමාරකට පමණ කාලයකට පසු එනම් 1995 ඔක්තෝම්බර් 16 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සංජේ දත් හට ඇප ලබා දෙනු ලබනවා.

2006 නොවැම්බර් මසදී TADA(Terrorist and Disruptive Activities (Prevention) Act) එහෙමත් නැතිනම් ත්‍රස්ත හා ප්‍රචණ්ඩ ක්‍රියා වැළක්වීමේ පනත අනුව සංජේ දත් ත්‍රස්ත කටයුතු සඳහා සම්බන්ධ නොවූවෙක් බවට තහවරු කරගන්නා ලද අතර හමුදා නිතිය යටතේ ආයුධයක් ළඟ තබාගැනීමේ වරදට ඔහු චෝදනා ලබනවා.

ඒ අනුව 2007 ජූලි 31 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සංජේ දත් ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධ චෝදනාවෙන් නොදොස්කොට නිදහස් කරන අතර ආයුධයක් ළඟ තබාගැනීමේ වරදට හමුදා නිතිය අනුව ඔහු හට වසර හයක සිර දඬුවමක් නියම කරනු ලබනවා. එමෙන්ම ඔහු තවදුරටත් ත්‍රස්තවාදියෙකු නොවන බවද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශ කරනු ලබනවා. ඒ අනුව ඔහු නැවත අත්අඩංගුවට ගෙන අගෝස්තු 02 වන දින ඔහු යෙර්වධා බන්ධනාගාර ගත කරනු ලබනවා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුට නැවතත් අගෝස්තු 20 වන දින ඇප නිකුත් කරනු ලබනවා.

ඉන් වසර පහකට පමණ පසු එනම් 2013 මාර්තු 21 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුගේ ඇප ඉවත් කොට නැවතත් වසර පහක සිර දඬුවමක් නියම කරන අතර සති හතරක් ඇතුලත භාරවන ලෙස නියෝග කර සිටිනවා. පසුව ඔහුගේ අධිනීතිඥවරයා අධිකරණයෙන් වාචිකව ඉල්ලා සිටියේ සිර ගත කිරීමට ප්‍රථම ඔහු හට විශේෂ නඩු වාරයක් කැඳවන ලෙසත් එයට සති හතරකට පෙර භාරවීමට ඔහුට අවස්ථාව සලසා දෙන ලෙසත්ය. එහිදී ඔහු මාර්තු 21 නඩු තීන්දුව පිලිබඳ පෙත්සමක් ඉදිරිපත් කරන අතර එය සමාලෝචනයෙන් පසු ප්‍රතික්ෂේප විය. කෙසේ හෝ අවසානයේ ඔහු හට වසර පහක සිර දඬුවමක් නියම කිරීමට විශේෂ නඩුවාරයේදී නියෝග කර සිටිනවා. වසර 20කට අධික කාලයක් විභාග කෙරුණු නඩු විභාගය එසේ අවසන් වෙද්දී ඒ වනවිටත් එම කාලය පුරාවට සංජේ දත් සැලකිය යුතු කාලයක් සිරගතවී සිටි නිසා ඔහුගේ සිරදඬුවම සම්පූර්ණ වීම සඳහා තවත් ඉතිරිව තිබූයේ තවත් මාස 42ක් වැනි කාලයක් පමණි.

අවසානයේ 2013 මැයි 16 වන දින සංජේ දත් බන්ධනාගාරයට භාර වන අතර එහිදී ඔහු ඔහුට අදාල සිර දඬුවම සම්පූර්ණ වීමට දින 103ක් ඉතිරිව තිබියදී යහපත් කල් ක්‍රියාව හේතුවෙන් ඔහු 2016 පෙබරවාරි 25 වන දින යෙර්වධා සිරගෙදරින් නිදහස් කරනු ලබනවා.

                                – සංජේ දත් යෙර්වධා සිරගෙදරින් නිදහස් වී පැමිණෙන අයුරු –

මං මුලින්ම කිව්වා නේද ජීවිතය කියන්නේ චාරිකාවක් කියලා. ඉතින් මේ කතාවේ මෙච්ච්ර වෙලා අපි කතා කරපු සංජේ දත්ගේ ජීවිතයත් ඔය කිව්වා වගේම චාරිකාවක්. එයාගේ ගමනේදී එයාට විවිධ නවාතැන් වල නතර වෙන්නට සිද්ධ වෙනවා. ඉතින් එයාගේ මේ ගමනේදී එයා එක්ක එයාගේ හයියට හිටියේ මිනිස්සු දෙන්නයි. ඒ වෙන කවුරුවත් නෙවෙයි. එයාගේ තාත්තා සුනිල් දත් සහ සංජේ දත්ගේ හොඳම යාලුවා Paresh Ghelani. මේ දෙන්නා නොහිටින්න අද සංජේ දත් කෙනෙක් නොහිටින්න තිබුනා. කවුද එතකොට මේ Paresh Ghelani කියන්නේ? එයා ගැන ඉස්සෙල්ල එක තැනකවත් සඳහන් උනේ නෑනේ. ඔව් සඳහන් උනේ නෑ තමයි. ඇත්තටම එයා ගැන ඔතන සඳහන් කරන්න උනානම් මේ ලිපිය තවත් දික් වෙන්න තිබුනා. චිත්‍රපටිය බලාගෙන ගියොත් ඔයාලට මේ චරිතය හම්බවේවි. නමුත් චිත්‍රපටියේ මේ චරිතය ඔයාලට හම්බවෙන්නේ කමලේෂ් කන්නයියා ලාල් කපාසි නමින්.

– (සංජු සමගින් කමලේෂ්) චිත්‍රපටය වෙනුවෙන් නිකුත් වූ පෝස්ටරයක් –

1993 සිට 2007 දක්වා දින 551 ක කාලයක් මෙන්ම 2013 මැයි 16 සිට 2016 පෙබරවාරි 25 දක්වා දින 894 ක කාලයක් යෙර්වධා සිරගෙදර යකඩ කූරු පිටුපස අසීරු කාලයක් ගත කල සංජේ දත්ගේ නම ඉදිරියේ ඇති ත්‍රස්තවාදී ලේබලය නීතියෙන් ඉවත් කලද, මිනිසුන් අතර තවමත් ඔහු ත්‍රස්තවාදියෙක්. ඇයි කියලා මම අමුතුවෙන් කියන්න ඕන නෑ. ඒක මෙතැන් සිට මතවාදයට විවෘතයි. චිත්‍රපටය නැරඹීමෙන් ඔබට පැහැදිලි පිළිතුරක් ඒ සඳහා ගතහැකි වේවි.

මොකද්ද එතකොට මේ චිත්‍රපටිය…?

ඔව් මේක චිත්‍රපටියක් තමයි. නම සංජු(Sanju 2018). අධ්‍යක්ෂණය කරන්නේ රාජ්කුමාර් හිරානි. නිෂ්පාදනය විදු විනෝද් චොප්රා එක්ක රාජ්කුමාර් හිරානි. කතාව අභිජිත් ජෝෂි එක්ක රාජ්කුමාර් හිරානිගේ. සංගීතය ඒ. ආර්. රහමන්, රෝහන්-රෝහන් හා වික්‍රම් මොන්ට්‍රොස් තුන්දෙනාගේ. IMDB රේටින් එක 8.4/10. තක්කාලි මීටරේ 50%ක්. මේ වනතෙක් උපයාගත් ආදායම ඉන්දියානු රුපියල් කෝටි 579ක්. කතාවේ තියෙන්නේ සංජේ දත්ගේ චරිතාපදානය(ජීවිත කතාව).

ඈ..? සංජේ දත්ගේ චරිතාපදානය චිත්‍රපටියක්? කවුද එතකොට සංජේට රඟපාන්නේ?

ඔව්. මේක සංජේගේ චරිතාපදානය ගැන චිත්‍රපටියක්. සංජේ දත්ගේ චරිතය කරන්නේ රන්බීර් කපූර්. ෆ්ලොප් චිත්‍රපටි පෝලිමකට පස්සේ රන්බීර් මේ චිත්‍රපටියට තෝරාගත්තේ මොකද කියල මටනම් හිතාගන්න බෑ. ඒත් රන්බීර් නැතුව මේ චරිතය වෙන කාටවත් කරන්න පුළුවන් කියලා මටනම් මීටරේට එන්නේ නෑ. රන්බීර් නැති උනානම් සංජේ දත්ටම තමයි මීටත් වඩා හොඳට මේ චරිතය කරන්න පුළුවන්. එකෙන්ම ඒක තමයි මගේ නම් පෞද්ගලික මතය. රාජ්කුමාර් හිරානි කියන්නේ කවදත් වැඩ්ඩෙක් කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. ගොඩක් අයනම් හිතුවේ මේ සැරේ පොරට වැරදුනා කියල. ඒත් දක්ෂයෙක් දක්ෂ විදිහට පාවිච්චි කරන්නේ කොහොමද කියලා මනා පාඩමක් උගන්වන්න රාජ්කුමාර් හිරානි මේ සැරේ සමත් වෙනවා. ඊට නොදෙවෙනි සහය නළුවන්ගේ සහයෝගයත් කියා නිම කරන්නට බෑ. සුනිල් දත් ලෙසින් පරේෂ් රාවල්, නර්ගිස් දත් ලෙසින් මනිෂා කොයිරාලත් වෙන කිසිවෙකු ආදේශ කල නොහැකි රංගනයක නිරත වන්නේ මිහිපිට සුනිල් දත් සහ නර්ගිස් දත් ජීවමාන කරවමින්.

– සංජේ දත් සමගින් රන්බීර් කපූර් –

සෙසු නළු නිලියන් මෙසේය…

රන්බීර් කපූර් – සංජේ දත්/ සංජු/ සංජු බාබා
පරේෂ් රාවල් – සුනිල් දත් (සංජේ දත්ගේ පියා)
මනිෂා කොයිරාල – නර්ගිස් දත් (සංජේ දත්ගේ මව)
විකී කෞෂාල් – කමලේෂ් කන්නයියාලාල් කපාසි ( සංජේ දත්ගේ සැබෑ දිවියේ මිතුරා Paresh Ghelaniගේ චරිතය )
දියා මිර්සා – මන්‍යතා දත් ( සංජේ දත්ගේ බිරිඳ)
සෝනම් කපූර් – රූබි (සංජේ දත්ගේ පෙම්වතිය)
ජිම් ස(ර්)බ්(හ්) – සුබේන් මිස්ට්‍රි (සංජේ දත්ගේ මත්ද්‍රව්‍ය අලෙවිකරු)
අනුෂ්කා ශර්මා – විනී ඩයස් (චරිතාපදාන ලේඛිකාව)

මේ වසරේ ජුනි 29 වන දින ලොව පුරා රිදීතීරයන් 5000 කට අධික සංඛ්‍යාවක තිරගතවීම ආරම්භ කල මේ චිත්‍රපටිය මිනිත්තු 161 ක් පුරා දිවෙන අතර ඉහත සඳහන් කල සංජේ දත්ගේ මුළු ජීවිත කතාවම මෙහි ගොනු කරන්නට රාජ්කුමාර් හිරානි අසමත් වී තිබෙනවා. ඇත්තටම පැය දෙකහමාරකට අවුරුදු ගානක ජිවිත කතාවක් ගොනු කරන්න බැරි එක ප්‍රායෝගිකයි. ඉතින් රාජ්කුමාර් හිරානි සංජේ දත්ගේ සැබෑ කතාවෙන් ප්‍රකාශ වන දේ පැය දෙකහමාරකින් මනාවට උපුටා ගනිමින් ප්‍රේක්ෂකයින් හට සාර්ථක සිනමා නිර්මාණයක් ගෙන ඒමට සමත් වනවා. ඒකම වෙන්න ඇති ජනප්‍රියතාවය/ආදායම අතින් මෙන්ම සිනමා විචාරක පැසසුම් අතිනුත් ඉහල තලයක වැජඹීමට මේ චිත්‍රපටය සමත්ව තිබෙන්නේ.

ඔබට මේ චිත්‍රපටය බලාගෙන යද්දී නුපුරුදු නමක් අහන්නට ලැබේවි. ඒ තමයි විනී ඩයස් නම් චරිතාපදාන ලේඛිකාව. සංජේ දත්ගේ සැබෑ ජීවිතය දෙස එබිකම් පැවත් ලේඛිකාවන්ගේ ලැයිස්තුව පීරා බැලුවත් අපිට අහුවෙන්නේ නැති නමක් තමයි ඔය විනි ඩයස් කියන්නේ. ඉතින් මෙයා කවුද කියලා හොයද්දි චිත්‍රපටියේ එක දර්ශනයක් මේකට පිළිතුරු දෙනවා. ඒ තමයි සංජේ හිරෙන් නිදහස් වෙලා එද්දී ඔය විනී ඩයස් එනවා සංජේව අරගෙන යන්න. ඒ වගේම හිරෙන් නිදහස් වෙලා යන ගමනේදී විනී ඩයස් සංජේ දත්ගේ අතට දෙනවා ඔහුගේ චරිතාපදානය. ඉතින් ඔය දර්ශනයේ සැබෑ සිද්ධිය ගැන හොයල බලද්දී අපිට දකින්න ලැබෙනවා සංජේ නිදහස් වෙලා එන වෙලාවේ එයාව ගෙනියන්න එන යාලුවෙක්. බලන්න අඳුරනවද කියලා..

– සංජේ දත් නිදහස් වූ මොහොතේ ගත් ඡායාරූපයක් –

ඔව් ඒ වෙන කවුරුවත් නෙවෙයි රාජ්කුමාර් හිරානි, සංජු චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා. එදා සංජේ දත් යෙර්වධා සිර ගෙදරින් නිදහස් වී පැමිණෙද්දී ඔහු රැගෙන යන්න ආපු අය අතරේ රාජ් කුමාර් හිරානිත් හිටියා. ඉතින් ඔහු එදා සංජේ දත් අතේ තබන්නේ වෙන් කිසිවක් නොව. අද මේ ඔයාලට අරගෙන එන චිත්‍රපටියේ පිටපත.

මේ චිත්‍රපටයෙදී සංජේ දත් සිරගෙදරින් නිදහස ලබා පිටව එද්දී විනි ඩයස් ලේඛිකාව (සුරූපී අනුෂ්කා ශර්මා) සංජේගේ අත්ලෙහි තබන කෘතිය, එදා රාජ්කුමාර් හිරානි අතින් සංජු චිත්‍රපටයේ පිටපත ලෙසින් සංජේ දත් අත පත් කරන්නේ මේ චිත්‍රපටය පුරාවටම දක්නට ලැබෙන ඒ කොට කොණ්ඩය ක්‍රේල් සුරූපී යුවතිය රඟන ප්‍රභන්ධ චරිතය සැබෑවටම රාජ්කුමාර් හිරානි සහ සම රචක අභිජිත් ජෝෂි බව හෙළි කරමින්.

ඉතින් මෙන්න මේ වගේ විශේෂ කරුණු රැසකින් සමන්විත සංජු චිත්‍රපටිය මේ වසරේ පෙරළිකාර චිත්‍රපටයක් වී දැනටමත් හමාරයි. ඉතින් ඔන්න අරගන්න අවසරයි දන්න සිංහලෙන් ඔයාලට අරගෙන ආවා හැමදාමත් වගේම මුලින්ම බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි කණ්ඩායම වෙනුවෙන් මම. බලන නොබලන එක ඔබට බාරයි. එකෙන්ම රෙකමන්ඩ් කරන්න පුළුවන් හොඳ චිත්‍රපටියක් කියලා. අරගන්න, බලන්න එතැන් සිට ඔබට රසවිඳින්න විවෘතයි, විචාරයට විවෘතයි, මතවාදයට විවෘතයි, සංවාදයට විවෘතයි, තවත් උපසිරසියකින් ඉක්මනින් හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. ඔබ සැමට ජයෙන් ජයම වේවා…!!!

“ ලෝකෙට නම් ඔයා මගේ තාත්තා…
ඒත් මට නම් ඔයා මගේ ලෝකය…”

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි PRE-DVD/HDTV/Proper HD/Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

18,589 downloadsDownload Sanju-2018-Blu-Ray-Update.zip396 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

තා‍ර‍ක ‍නු‍වන්‍

Subtitles

18,589 downloadsDownload Subtitles396 KB

124 comments

  1. Induvara namal

    Thanks bro

  2. hdcreation

    ගොඩාක් ස්ත්තූයි.... මෙ කරන දෙයින් මතුබවයේ දෙව්ලොව ඉපදේවා

  3. thimalF

    patttah

  4. hdcreation

    YTS Torrant බැරිද.... හරි link එකක් දෙන්න පුලුව්න්නම් ලොකු පිනක්

  5. gihan perera

    මේක මාත් උපසිරැසි දෙන්න කියලා ඉල්ලපු ෆිලුමක් සහෝ....හොඳ copy එකක් ආවම upload කරන්න මචෝ...ගොඩක් ස්තුතියි වෙච්ච මහන්සියට....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....

  6. Piumi ann

    niyamai bro ane amme mechchara type kara kiyaddith loku deyak appa thanksssssssssss

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    තවත් උපසිරැසියකින් හමු වෙමු
    ජය

  8. Mayura

    හප්පා හිතුවෙවත් නෑ දැන්මම දෙයි කියලා
    දවසේ ලොකුම පුදුමකිරීම
    ලිපියත් මැක්සා ආයෙ.
    බොහොම ස්තූතියි තාරකයෝ!
    ජයවේවා!!

  9. niro2006

    තාරක ඔයා නම් පට්ට බන්. ෆිල්ම් ඒක බලන්න ඔනා නෑ. ලිපිය කියෙව්වාම ඇති.. සුපිරි බ්‍රෝ......ස්තුතියි...

  10. losaka

    Thank u bro හොද ලිපියක් ජය ‌ෙවිවා !!!!

  11. Priyashandesilva

    supiri

  12. roshanst

    thank you saho...

  13. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!

  14. Ravi28

    Thank bro

  15. uditha1596

    THANK YOU..
    SUB KARAPU COPY 1 MOKAKDA KIYANNA... 400MB COPY EKATA SUB GALAPEN NA

  16. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    සුපිරි වැඩක් මල්ලි ලිපියත් මරු හොඳ පිටපතක් ආපු ගමන් බලනවා මල්ලි සබ් එකට බොහොමයක් ම ස්තුතියි..!!

  17. MR

    meka denakan hitiye. sub 1ta bohoma thuthi. me wage thawath sub karanna shakthiya labewa!!! _/\_

  18. udarapasindu

    ammo supiri bn.... mn dakka film ekakata dala thibuna pattama hadinwema meka bn ..... jaya wewa bro.. keep it up bro.....

  19. Kulanjana Maduranga

    niyamai...subata thanks saho...keep it up....

  20. Ayesh Prashan

    Anivaryenma Balano.Thank You

  21. ආසිරි ප්‍රියන්ත

    තද තද බ්‍රෝ,
    ලිපිය කියෙව්වට පස්සේ ෆිල්ම් එකේ බලන්න දෙයක් ඉතිරි උනාද කියලා සැකයක් ආවා,
    මේ කොපිය ගන්නේ නෑ ඉතිං. හොද එකක් ආවම ගන්නවා. ජය වේවා!

  22. gayan215

    bohoma sthuthi saho...

  23. ravindutb

    thank you

  24. ශසිත් සඳරුවන්

    නියමයි කොල්ලෝ...
    අසා ලිවීමක් කියන්නේ ඉතින් ලෙහෙසියක් නෙවෙයි නොවැ.
    ලිපයත් සුපිරියටම ලියලා තියෙනවා.
    හොඳ කොපියක් ආවම තමයි ඉතින් මේවා නම් බලන්නේ. :P
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  25. ishansuranthagamage

    thank you saho

  26. Dhananjaya

    සුපිරි

  27. AsithaDilruwan

    Ela saho thanks

  28. thilz

    thank u 4 sub.wistaraya super.

  29. PRANITH

    ELa saho ft

  30. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. kavinuweerakkody

    nymi!
    film ekth download krn gmn dn

  32. nipun gunasekara

    patta film eka supiri......

  33. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට. හැමෝම වගේ මාත් එනකම් බලන් හිටපු ෆිලුමක්. ඒත් හොද කොපියක් එනකම් ඉවසලා ඉනන් ඕනි. ඒ තරම් බලන්න වටින කතාවක්. ජය වේවා..බුදුසරණයි..!

  34. Thilan Durage

    Patta sahooo... Loku wadak karala thiyenne... Jayen jaya....

  35. Heshan_Wikramaratne

    elaa

  36. යුරාන් ධනුක

    බොහෝම ස්තූතියි

  37. Nuwandika Dil

    Elabro

  38. thilz

    superb movie,aniwaryen hamoma balanna.end ekath kiyala wadak naha.sub ekata wagema lipiye wistarayath niyamai.thank you.

  39. chathurangi93

    Sub1ta gdak thankz. Lipiye wistara tikath aasawen kiyewwa. Thankz!!

  40. djknight

    හක්කෙ දත්

  41. Udisuru

    උබ දිල තින විස්තරය නම් පට්ටඅනිවා බලන්නම ඕන ෆිල්ම් එක

  42. Jilan

    Naa Peru Surya Subtitles Please...

  43. namika

    thanks mchn!

  44. SP

    Thanx for the sub

  45. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    සුපිරි ලිපිය.
    ජයෙන් ජය.

  46. Amila Roshan

    Sub ekata thakns saho..
    Sanje man asama Naluwek ...
    a hindamada kohedo
    hondama film wala honda copy enakam iwasan hitapu mama me filume witarak Pre DVD copy eka aran baluwe
    Honda copy ekak awam ikmanata update karal denna saho..
    Obat ajaya

  47. Gandhaka Indrajith

    thanks for the subtitle

  48. Chintha21

    Kapaviima itha agaya kota salakami sahoo ;-) Good luck ;-)

  49. Pramukmili

    thanxx bro.........

  50. Mihiruth

    thanks bro

Load more comments