ආයුබෝවන්! අද අරගෙන ආවේ 1999 වර්ශයේ තිරගත වුන The Boondock Saints චිත්‍රපටියේ දෙවන කොටස. මේක කරන්න අවසර දුන්නේ සිසිල අයියා. ඔයාලා පලවෙනි කොටස බැලුවනම් මතක ඇති කෝනර් සහ මර්ෆි එයාලගේ තාත්තත් එක්ක එකතු වෙලා බොස්ටන් වල් මාෆියා කල්ලියේ නායකයා වෙන යැකවේටාට ප්‍රසිද්ධියේම මරණ දණ්ඩනය ලබා දෙනවා. ඊට පස්සෙ කට්ට…

ආයුබෝවන්! අද අරගෙන ආවේ 1999 වර්ශයේ තිරගත වුන The Boondock Saints චිත්‍රපටියේ දෙවන කොටස. මේක කරන්න අවසර දුන්නේ සිසිල අයියා. ඔයාලා පලවෙනි කොටස බැලුවනම් මතක ඇති කෝනර් සහ මර්ෆි එයාලගේ තාත්තත් එක්ක එකතු වෙලා බොස්ටන් වල් මාෆියා කල්ලියේ නායකයා වෙන යැකවේටාට ප්‍රසිද්ධියේම මරණ දණ්ඩනය ලබා දෙනවා. ඊට පස්සෙ කට්ටිය කිසිම හෝඩුවාවක් නැතුවම අතුරුදහන් වෙනවා. ඊට අවුරුදු අටකට පස්සේ දේවස්ථානයක් ඇතුලේදී පියතුමෙක්ව ඝාතනය කරලා තියනවා. ඒ ශාන්තුවරයන්ගේ විදිහටම තමයි අවසන් වතාවත් කරලා තියෙන්නේ. ඉතින් මේ වැඩෙන් මුලු නගරයම දෙදරණවා. මොකද මේ කට්ටිය කලින් නැති කරේ නරක අය හින්දා. ඉතින් මේ වැඩේ වෙද්දී කෝනර් සහ මර්ෆි ඉන්නේ අයර්ලන්තයේ. මේ ආරංචිය ආව හැටියෙම එයාල බොස්ටන් එන්න නැව් නගිනවා. කවුද මේ පියතුමාව ඝාතනය කරේ යන වග හොයන්න. ඉස්සරහට මේ අයට මොනවා වෙයිද?
චිත්‍රපටියේ පසුබිම කියනවා නම් මේ සැරේ චිත්‍රපටිය ටිකක් හාස්‍ය සහ නාට්‍යම පැත්තට බර කරලා තියනවා කියලයි මට හිතෙන්නේ. චිත්‍රපටියට IMDb රේටින්ග්ස් 6.3/10 ලැබිලා තියනවා. අධ්‍යක්ෂණය කලින් වගේම කරලා තියෙන්නේ Troy Duffy විසින්. චරිත වලට කලින් වගේම රංගනයෙන් දායක වෙන්නේ Sean Patrick Flanery කෝනර් විසිනුත් Norman Reedus මර්ෆිටත් සහ අලුතින් Julie Benz විශේෂ නියෝජිත බ්ලූම් සහ Clifton Collins Jr. රෝමියෝ යන චරිත වලින් දායක වෙනවා.
නැවත හමුවෙමු!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
2,881 downloadsDownload The-Boondock-Saints-II-All-Saints-Day-2009.zip59 KB
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසිත ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-08-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අසිත ජයසිංහ
Subtitles
21 comments
.comDevinda
Kulanjana Maduranga
subata thanks.....
Thilina Jayarathna
thx bn .
pulvnm Ocean Girl season 2 ekta sub denako kalin duna kena bageta krare ane .kasunindika
Thank you machan
gihan perera
ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට...පරන උනත් පට්ට ෆිලුමක්....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයkuma.lk
thank you .....
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
AsithaDilruwan
Ela saho thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udara Damith Dissanayaka
මේක බලන්ඩ කලින් [පලවෙනි එක බලන්ඩ ඕනි නේද
Asitha Jayasinghe
බැලුවා නම් ගොඩක් හොදයි.
Dewadithya
Thanks for sub!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ........!
jagath55
Thanks
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.shanlakmal
sub ekata godak thuthi saho.
Hashan M. Priyadarshana
Thanks bro sub ekata
Buddi
Thanks...........
anunethu
මේකට ස්තූතියි සහෝ... the boondock saints (1999) මේකට සිංහල සබ් නෑනේ... ඒකටත් දුන්නා නම් හොඳයි නේ
anunethu
Thanks ... maho... me film eke palaweni eke 1999 eekata sub denna .... eekata sub deela ne.. thanks
Advertisement

උපසිරැසියට ගොඩාක් ස්තූතියි bruss wills ge Repisel සබ් එක දෙන්න