Silence 2 : The Night Owl Bar Shootout (2024) Sinhala Subtitles 2021 වසරේ එලියට ආපු Silence : Can you Hear it? චිත්‍රපටය මතකද? ඒ චිත්‍රපටයේ දෙවන කොටස තමා Silence 2 : The Night Owl Bar Shootout (2024) විදිහට පසුගිය කාලේ එලියට ආවේ. කලින් චිත්‍රපටයේ වගේම මේ චිත්‍රපටයෙත් ප්‍රධාන චරිතවලට රංගනයෙන් එකතු ව…

Silence 2 : The Night Owl Bar Shootout (2024) Sinhala Subtitles

2021 වසරේ එලියට ආපු Silence : Can you Hear it? චිත්‍රපටය මතකද? ඒ චිත්‍රපටයේ දෙවන කොටස තමා Silence 2 : The Night Owl Bar Shootout (2024) විදිහට පසුගිය කාලේ එලියට ආවේ. කලින් චිත්‍රපටයේ වගේම මේ චිත්‍රපටයෙත් ප්‍රධාන චරිතවලට රංගනයෙන් එකතු වෙනවා ප්‍රවීණ වගේම අතිදක්ෂ Manoj Bajpayee, Prachi Desai, Sahil Vaid, Vaquar Shaikh කියන පිරිස. ඉතින් මේ සැරේ අලුත් අබිරහසක් තමා කට්ටියට සෙට් වෙලා තියෙන්නේ. ඒ නිසා කලින් චිත්‍රපටය නොබලපු කෙනෙක්ට පවා මේක රස විඳින්න පුළුවන්. Silence 2 චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 6.2ක අගයක් වාර්තා කරලා තියෙනවා මේ වෙද්දි. කතාව ගැන කිව්වොත් අවිනාශ් මහත්තයා මේ වෙද්දි ගෙවන්නේ තමන්ගේ පුද්ගලික ජීවිතයේ හැලහැප්පීම් එක්ක දවස් පහුකරමින් මානසික අරගලයක ඉන්න කාලයක්. ඔය අතරේ තමන්ගේ රාජකාරියට කිසි විදිහකින් අඩුවක් වෙන්න නම් ඉඩ දෙන්නේ නෑ මෙයා. හදිසියේම මෙයාට ප්‍රධානියාගෙන් පාන්දර ජාමේ දුරකථන ඇමතුමක් එනවා. ඒ තමා අහවල් බාර් එකක වෙඩි තැබීමකින්  කීපදෙනෙක්ව මරලා දාලා කියලා. ඉතින් අවිනාෂ් තමන්ගේ කණ්ඩායමත් එක්ක මේ අබිරහස විසඳීමේ බර කරට ගන්නවා. බැලු බැල්මට සාමාන්‍ය අපරාධයක් වගේ පෙනුනට මෙතන ඊට වඩා වැඩි යමක් තිබ්බා. ඒ ගැන වැඩිදුර දේවල් මේ චිත්‍රපටය බලලම දැනගන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මේ බොහොම කාලෙකට පස්සේ තමා උපසිරසියකින් හමුවෙන්නේ. මේ චිත්‍රපටය ඇවිල්ලත් දැන් මාස 10ක් වගේ ඇති. සුභාෂිනී සහෝදරී එයාගේ කොටස කරලා එවලා ගොඩ දවසක් වුණත් මගේ කොටස ඉවර වෙන්න ගොඩක් කල් ගියා. ඉතින් ඒ ගැන හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. මේ වෙද්දි මේ චිත්‍රපටය ගොඩක් අය බලලත් ඇති. හැබැයි නොබලපු අයත් ඉන්න නිසා බලන්න ගන්න කියලා ආරාධනා කරනවා. තව මේ වගේ බාර අරන්, කරගන්න බැරිවෙච්ච උපසිරැසි කීපයක්ම තියෙනවා. ඒවත් එක්ක හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ජය වේවා..!!

Silence 2 : The Night Owl Bar Shootout (2024) Sinhala Subtitles

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි  HDRip පිටපත් සඳහා අදාළ වේ.

3,975 downloadsDownload Silence-2-The-Night-Owl-Bar-Shootout-2024.zip75 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට සහ “ PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Silence 2 : The Night Owl Bar Shootout (2024) Sinhala Subtitles

Subtitles

3,975 downloadsDownload Subtitles75 KB

7 comments

  1. Arawinda

    thanks sub ekata ..........

  2. sathesha

    thx for the sub .
    dune prophecy , day of the jackal ekatai sinhala sub dennako

  3. Buddhika laKMal

    දෙන්නටම බොහෝම ස්තූතියි කාලය වැයකරලා මේ ෆිලුමට සබ් ගෙනාවට

  4. Madusha Wijesinghe

    Thanks bro...mekta sub denkm baln hitiye.

  5. Anonymous

    Thank you for the sub...

  6. Ruchira

    Thanks for the sub!

  7. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤