මනු… මං හීන දකින දෙයක් කියන්නද? ඔයා දන්නවනේ අපේ ගමේ තියෙන මුහුද! ඒ මුහුදු වෙරල දිගේ, ඔයත් එක්ක ගොඩාක් දුර ඇවිදන් යන්න මට ආසයි.. මූදු රැලි ඇවිත් අපේ කකුල් වල වදිද්දි, මට ඔයාගේ අත තද කරන් අල්ලන් ඉන්න ඕනි.. මූදු රැලි වල සද්දේ, මනු…!! ඒ සද්දේ ඇහෙද්දී මට පපුව පිරෙන්නම සිංදු කියන්න හිතෙනවා.. මං ඔයාට […]

මනු…
මං හීන දකින දෙයක් කියන්නද?
ඔයා දන්නවනේ අපේ ගමේ තියෙන මුහුද!
ඒ මුහුදු වෙරල දිගේ,
ඔයත් එක්ක ගොඩාක් දුර ඇවිදන් යන්න මට ආසයි..
මූදු රැලි ඇවිත් අපේ කකුල් වල වදිද්දි,
මට ඔයාගේ අත තද කරන් අල්ලන් ඉන්න ඕනි..
මූදු රැලි වල සද්දේ, මනු…!!
ඒ සද්දේ ඇහෙද්දී
මට පපුව පිරෙන්නම සිංදු කියන්න හිතෙනවා..
මං ඔයාට කලින් මේක කියලා නෑ..
ඔයා එක්ක ඉද්දිත් මට ඒ විදිහටමයි දැනෙන්නේ..
මගේ සාගරේ ඔයා..!!
ප්‍රියා…
පසුගිය සැප්තැම්බර් මස පළමුවෙනිදා කන්නාඩ සිනමාවෙන් ලොවට මුදාහැරුණු මේ සිනමාපටය ගැන තිරගත වීමට කලින් වැඩි කතාබහට ලක්වීමක් සිදු වුණේ නැහැ. මේකත් තවත් එක සාමාන්‍ය ආදර කතාවක් කියන මතය තමයි බොහෝ දෙනෙක්ට තිබුණේ. නමුත් සිනමාපටය තිරගත වීමත් එක්ක මේ තත්ත්වය ඊට සහමුලින්ම වෙනස් වුණා. ප්‍රේක්ෂක විචාරක දෙපාර්ශවයේම නොමද ප්‍රසාදය දිනාගන්න මේ පුංචි සිනමාපටය සමත් වෙනවා. හෝරා 2යි මිනිත්තු 20ක් පුරාවට සිනමාහල් ප්‍රේක්ෂකයාගේ අවධානය වෙන කොහෙටවත් යන්න නොදී ආසනයටම බැඳ තියාගෙන, අවසානයේ වේදනාවෙන් බර වෙච්ච හිතක් එක්ක සිනමාශාලාවෙන් පිටත් කරවන්න මේ සිනමාපටය වග බලාගෙන තිබුණා. ඔව්, වසරේ හොඳම ආදර කතාව!! අහේතුකව ප්‍රචාරණය දීලා උලුප්පවන්න හදන ගොඩක් සිනමාපට අතරේ නිරායාසයෙන්ම කාගෙත් ආදරය දිනාගන්න මේ Sapta Sagaradaache Ello සිනමාපටය සමත්වෙන්නේ ඒ විදිහට. ඒ ආදරය තිරගත වීම ආරම්භ කළ දවසට පහුවෙනිදා ඉඳන් සිනමාශාලා වල පැහැදිලිවම පෙනෙන්න තිබුණා.

Kavaludaari (2019), Godhi Banna Sadharana Mykattu (2016) වගේ උසස් ගණයේ නිර්මාණ අධ්‍යක්ෂණය කරපු Hemanth M Rao මේ සිනමාපටයේ වගකීම කරට අරන් තිබුණා. පසුගිය වසරේ 777 Charlie (2022) සිනමාපටයෙන් වැඩි අවධානයකට පාත්‍ර වුණු Shetty පවුලේ තවත් පුරුකක් වන Rakshit Shetty සමඟ ආදරණීය Rukmini Vasanth ප්‍රධාන චරිත දෙකට හරි අපූරුවට පණ පොවලා තිබුණා. විශේෂයෙන්ම කියන්න ඕන මේ සිනමාපටයේ පසුබිම් සංගීතය ගැන. මේ තරම් සාර්ථකත්වයක් ළඟා කරන්නට, මේ තරම් ආදරයක් ලබන්නට චිත්‍රපටිය වෙනුවෙන් ඒ සංගීතය දුන්නු රුකුල නම් මෙහෙමයි කියන්න බැහැ. පපුවට වදින තරම් හරිම ලස්සනට සංගීතය අවශ්‍ය තැනට අවශ්‍ය විදිහට ගලපලා තිබ්බා. ඉතින් මේ හැමෝගෙම මේ සාමුහික සාර්ථක ප්‍රයත්නය වෙනුවෙන් ජාත්‍යන්තර සිනමා දර්ශකය 8.6ක් වැනි දැවැන්ත අගයක් සටහන් වෙලත් තියෙනවා. ඒ මනාප ආසන්න වශයෙන් 3500ක සංඛ්‍යාවකින්. සිනමාපටය අන්තර්ජාලයෙන් නිකුත් වීමත් එක්ක මේ ආදරය ඉස්සරහට වැඩි මිසක් අඩු වෙන එකක් නෑ කියලා නම් සහතිකයි.

විශේෂයෙන් දෙයක් කියන්න ඕන. Sapta Sagaradaache Ello සිනමාපටය නියෝජනය කරන්න කැසට් පටයක්. කැසට් පටයක් ගත්තම ඒකෙ දෙපැත්තක් තියෙනවා, Side A සහ Side B ලෙස. ඉතින් සිනමාපටය ඉදිරිපත් කරන්නෙත් කොටස් දෙකක් විදිහට. අද අපි Side A විදිහට නරඹන්න යන්නේ පළමු කොටස. එතකොට දෙවැනි කොටස නැත්තම් Side B නරඹන්න තව වසරක් දෙකක් ඉන්න වෙයිද? කොහෙත්ම නැහැ. මේ ඔක්තෝම්බර් මාසයේ 27වෙනිදා ඉඳන් ඔයාලට දෙවැනි කොටස රස විඳින්න පුළුවන්. ඉතින් Side A නරඹලා හිත බර කරගෙන අත පිහදාගෙන ඉන්න ඔයාට කිසිම ඉඩක් නැහැ. මේ ආදරේට මොකක් වෙයිද කියන කුතුහලය දල්වාගෙන තව මාසයකට ආසන්න කාලයක් බලාගෙන ඉන්නත් වෙනවා. බලාගෙන ඉන්න එකෙත් රසයක් තියෙන නිසා ඒ රසයත් විඳින්න කියලයි ආරාධනා කරන්නේ.

ඉතින් Sapta Sagaradaache Ello – Side A චිත්‍රපටිය මට විශේෂ වෙන්නේ මේ මගේ 300වෙනි උපසිරැසිය නිසා. 2014 වසරෙන් පටන් ගත්තු මේ උපසිරැසි ගමන අද වෙද්දි බොහොම ඉබි ගමනින් ඔහේ ඇදගෙන යනවා. මේ 6වෙනි කඩඉම සටහන් කරන දවසේ මට ස්තූති කරන්න නම් කට්ටිය ගොඩක් ඉන්නවා. නම් වශයෙන් සඳහන් කරන්න අමාරු අනිවාර්යෙන්ම ගොඩ දෙනෙක්ව මග ඇරෙන්න ඉඩ තියෙන නිසා. හැමදාමත් මගේ ලැප් රාජයාට මුලින්ම ස්තූතිවන්ත වෙනවා. එතුමා නැත්තම් මේ මොකවත් නෑ. ඒ වගේම අපේ සහෝදර උපසිරැසිකරුවන් සෙට් එක ආදරයෙන් මතක් කරනවා. මේ අවුරුදු නවයහමාරක කාලය තුල එක එක විදිහේ යාළුවො මේකෙන් සෙට් වුණා. ගොඩක් අය අද වෙද්දි උපසිරැසිකරණයෙන් ඈත් වෙලා. ගොඩක් අය අලුතින් එකතු වෙලා. ඒ හැමෝටම මගේ ආචාරය පුද කරනවා. ඒ වගේම අපේ පරිපාලක මඩුල්ලේ හැම කෙනෙක්වම විශේෂයෙන්ම ඉන්දියන් අපිව මෙහෙයවන විමා, රවිඳු හේෂාන්, රවිඳු නවීන් සහෝදරයන්ටත් ආදරණීය ස්තූතිය පුද කරනවා. ඒ වගේම අපේ ශක්තිය, හැමදාම අදහසක් දක්වලා අපිට ධෛර්යයක් දීලා යන ඔය හැමෝටමත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ආයෙත් කඩඉමක් කවදා ගහන්න වෙයිද කියන සැකය නම් තියෙනවා. කිව්වත් වගේ ඉඩ ලැබෙන වෙලාවක උපසිරසියක් කරගෙන, බොහොම හෙමින් ගමනක් තමා මේ යන්නේ. බලමු ඉතින් නේද?
හරි, මං එහෙනම් සමුගන්නවා. අනිවාර්යෙන්ම මේ සිනමාපටය ඉන්දියන් ප්‍රේක්ෂක ඔබ නැරඹියයුත්තක්. ඒ නිසා මගහැරගන්න එපා. එහෙම වුණොත් ඔබට කිසිම විදිහකට පසුතැවෙන්න ඉඩක් නෑ. හැමෝගෙම යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජයවේවා!!
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති SRT උපසිරසි HQ HD පිටපත් සඳහා ගැළපේ.
19,616 downloadsDownload Sapta-Sagaradaache-Ello-Side-A-2023-1.zip48 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
- #Editor's Pick
- #Indian Box Office Hits
- #MaxxA
- #Must Watch
- #PHOENIX
- #Rakshit Shetty
- #Rukmini Vasanth
- #Sapta Sagaradaache Ello - Side A (2023) Sinhala sub
- #Sapta Sagaradaache Ello - Side A (2023) Sinhala subtitles
- #Sapta Sagaradaache Ello - Side A Sinhala sub
- #Sapta Sagaradaache Ello - Side A Sinhala subtitles
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Sumeet Vyas
- #උපසිරැසි
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
30 comments
Dasun
Naveen Mbr
අළු ගසා නැගිටි සුබ 300 වන තේජස් ජන්ම දිනයක් ෆීනික්ස් සහෝදරයා! ඉමර්ජන්සිය අහවර වෙලා දිගට හරහට සබ් ලැබේවි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා! ජයෙන් ජය! පෞද්ගලික ජීවිතයේ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
T.Gayan
කඩයිම වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් සහෝදරයා එනකල් හිටියේ ඕන්❤
විමා
මුලින්ම 300වෙනි උපසිරසියට සුබපැතුම් මචෝ.
ෆිල්ම් එකක් දුන්නොත් ආයේ දෙපාරක් නොහිතා බලන්න ගන්නවා, ඒ තරම් බඩු ෂුවර්.
ඒ වගේම දෙන සබ් එක අවංකවම කැපවීමෙන්, රහට කරනවා.
හැමදාම වගේ අදත් උපසිරසියට බොහොම ස්තුතියි!
තවත් උපසිරසියකින් හමුවෙමු :)Kantha_DLA
300 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!
ගොඩක්ම ස්තූතියි PHOENIX සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!SilentS
Pattaaaaaaa...Congrtazzzzzzzzzz
එල්. සී. දමැල්
300වන උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභපැතුම්! :)
ගෙනල්ලා තියෙන චිත්‍රපටය මැණිකක් විදිහට හඳුන්වලා තියෙනව වගේම මගේ කෝණයෙන් අපේ බයිස්කෝප් විබපලට ලැබිල තියෙන මැණිකක් තමයි ෆීනික්ස් කියන්නේ! ❤️
350ත් ඉක්මනින් ගහන්න සහ අනිත් කටයුතු සාර්ථක කරගන්නටත් කාලය සහ හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
සබ් එකටත් ස්තුතියි අයියෙ.
ජය ✌Hiran Ganepalla
300 වැනි උපසිරසිය වෙනුවෙන් උනුසුම් සුබපැතුම් සහෝ. ඊලග කඩයිමටත් ඉක්මනින් ලගාවීමට හැකියාව ලැබේවා කියලා වගේම පෞද්ගලික ජීවිතයේ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. උපසිරසියටත් බොහොම ස්තූතියි. තවත් උපසිරසියකින් හමුවෙමු. ජයෙන් ජය!
යුරාන් ධනුක (දනුවා)
ඔයා රෙකමදාරු කරපු ෆිල්ම් අනන්තවත් බලලා ඇති
කවදාවත් පසුතැවිලනම් නෑ ලිපියේ කියන විදියටම සුපිරියට තියෙනවා.
ඒ වගේම හින්දි දෙමළ හැරෙන්න වෙනත් භාෂා වලින් නිපදවපු ගොඩක් හොඳ චිත්‍රපට
ඔයා නිසා බලන්න ලැබිලා තියෙනවා ඒකට මුලින්ම ස්තූති කරන්න ඕන.
එහෙනම් ඉතිං 350 ඉලක්කමත් ලඟදිම සපුරමු
උපසිරසියට බොහෝම ස්තූතියි ජයවේවා!!!Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Asiri priyantha
තැන් කීපෙකම දැක්කා මේක සුපිරියක් කියලා
ගම්දෝ නොගම්දෝ කියල හිත හිත ඉද්දි මෙන්න බොලේ මෙයා සබ දීලා තියෙන්නේ. දැන් ඉතිං මොන හිතිලිද, අනිවා ගැනීමක්.ඒ වගේම 300 වෙනි සබට උනුසුම් සුභ පැතුම් මයූ!
සූම් එක එක්ක තියෙන සම්බන්දේ තමා තාම හිතාගන්න බැරි හැබැයිBimsara Yashan(ඔලිව)
අලුත් රැල්ලට යන ෆිල්ම් වලට මුල් තැන නොදී හොඳ වෙනස්ම වර්ගයේ ෆිල්ම් වලට උපසිරැසි ගේන කෙනෙක්. විශිෂ්ට සැගවී යන ෆිල්ම් සැගවී යන්නට නොදී ඒවාට උපසිරැසි ගේන ගෙනෙක්. ඉන්දීය සුපිරි ටීවී සීරිස් අප අතරට ගේන්න මුල් වෙන කෙනෙක්. ඕනෑම භාශාවක ෆිල්ම් එකක් නිවැරදිව ලස්සනට සිංහලට පරිවර්තනය කරන පුළුවන් කෙනෙක්. වසර දහයක පමණ කාලයක් පුරාවට අපට නොකඩවා උපසිරැසි ලබා දෙන කෙනෙක්. ඒ වගේම ඉස්සරහටත් එහෙම වෙයි කියලා විශ්වාසය තියන්න පුළුවන් කෙනෙක්. මේ ෆිල්ම් එකත් කියල තියෙනව වගේම සුපිරිම ෆිල්ම් එකක් කියලා සැක නෑ, ඒකත් අනිවා බලනවා. පෞද්ගලික ජීවිතෙත් වැඩකටයුතු ඉහලින්ම සාර්ථක වෙන්න කියල පාර්තනා කරන ගමන් මේ හයවෙනි කඩයිමටත් සුභ පැතුම් එක් කරන්වා. ජයවේවා!
දහරා මුතු අමා
300ට උනුසුම් සුබ පැතුම්. ඔයාගේ උපසිරැසියක් නම් ඉතින් ආයේ අහන්න දෙයක් නෑ.
සුපිරිම තමයි. ඉතින් ඊලග කඩයිම් වලටත් යන්න ශක්තිය සහ ධෛර්‍යය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා. ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්තක වේවා කියලත් ප්‍රාර්තනා කරනවා. ඒ වගේම කන්ගනාගේ තව දෙක තුනක් හෙටානිද්දා එනවනේ. 350ත් ඒකෙන්ම ගහමු.Sanupa Ranmeth
හයවෙනි කඩයිමට උණුසුම් සුබ පැතුම් සහෝ! ඊළඟ කඩයිමටත් ඉක්මනින්ම යන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙමු. ✌️
Anonymous
Thanks Bro.....
Buddhika Lakmal
300වෙනි උපසිරැසියට සුබපැතුම් සහෝ... තව තවත් කඩඉම් පහුකරන්න පුල්වන්කම ලැබේවා....
කරන කියන සියලුම වැඩකටයුතු සාර්තක වේවා...
...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..baiscopelk ishu
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.. 300 ට උනුසුම් සුභ පැතුම්. 500 ක් ගහමු හොදේ..
Ravindu
Txxxx
Anonymous
අඩෝ... සිංහල සබ් එකනම් ගින්දර.
300 වෙනි උපසිරසියට උණුසුම් සුභපැතුම් සහෝදරයා.
දිගටම සබ් දාපන්....Lolitha Randilu Sandaruwan
Thank you niymai
ko ane
Cupiri
Inupa vishvajith
The little hours 2017 sinhala sub ගෙන්න පුලුවන්ද
ශසිත් සඳරුවන්
300 වෙනි උපසිරැසි නිර්මාණය වෙනුවෙන් සුබපැතුම් මයූ...
සබ්වල කොලිටිය ගැන ඉතින් ආය කියන්න දෙයක් නෑ නෙව.
ඒ වගේම තෝරගන්න ෆිලුමුත් ඉහළ ගුණාත්මක තත්වයේ ඒවා.
ඉතින් උපසිරැසි ගමනට වගේම පෞද්ගලික ජීවිතේ ගමනුත් සාර්තක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දිගටම සබ් දෙමු ආ... ජය!nishu
your hard work and perseverance have paid off. congratulations for your 300 graduation! wishing you even more success in the future
Udara Damith
ඖබ පැතුම්
Lasantharathnasirirox
Tnxx ජයවේවා..බුදු සරණයි !!
Asanka
Good Luck!
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
300"සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Anonymous
Thanks so much
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Sapta Sagaradaache Ello – Side A (2023) Sinhala subtitles | නිහඬ සාගරේ.. අපි දෙන්නා [සිංහල උපසිරසි] (300)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/10/Sapta-Sagaradaache-Ello-Side-A-2023-2.jpg)
300 wani kadaimata subapathum