Watch Trailer

Death at a Funeral (2007) Sinhala Subtitles | මළගෙදර අවමගුල! [සිංහල උපසිරසි]

ඔන්න යාලුවනේ ඉඩක් ලැබෙන වෙලාවට හොඳ ‍ෆිල්ම් බලලා සබ් අරන් එන මම මේ පාර අරන් ආවා බයිස්කෝප් එකට මිස් උනු තවත් නියම කොමඩියක්.අහ් කියන්න ඕනේ මේක මගේ පලවෙනි කොමඩි සිංහල සබ් එක.මගේ අන්තිම සබ් එක උනේ 2023 මැයි වල එවපු Women Talking (2022) ‍ෆිල්ම් එක.ඔයාලට මෙතනින් මගේ කලින් ‍ෆිල්ම්ස් හතර බලන්න පුලුවන්. හොඳය…

ඔන්න යාලුවනේ ඉඩක් ලැබෙන වෙලාවට හොඳ ‍ෆිල්ම් බලලා සබ් අරන් එන මම මේ පාර අරන් ආවා බයිස්කෝප් එකට මිස් උනු තවත් නියම කොමඩියක්.අහ් කියන්න ඕනේ මේක මගේ පලවෙනි කොමඩි සිංහල සබ් එක.මගේ අන්තිම සබ් එක උනේ 2023 මැයි වල එවපු Women Talking (2022) ‍ෆිල්ම් එක.ඔයාලට මෙතනින් මගේ කලින් ‍ෆිල්ම්ස් හතර බලන්න පුලුවන්.

හොඳයි හොඳයි බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න කොල්ලනේ කෙල්ලනේ අද මන් අරන් ආවේ 2007 දී එලියට ආව IMDb මීටරේ 7.3/10කට කරකවපු Death at a Funeral එකේ සිංහල උපසි‍රැසි.සබ් එක කරලා තියෙන්නේ YTSගේ x256 බ්ලූරේ රිප් වලට.ඔව් හොඳ කොලිටි එහෙකින් බලා ගන්න පුලුවන් ‍ෆිල්ම් එක.ඩැනියෙල් විවාහ වෙලා ජීවත් උනේ තමන්ගේ බිරිඳ එක්ක තමගේ අම්මයි තාත්තයි බලා ගන්න ගමන් මහ ගෙදර.ඩැනියෙල්ගේ සහෝදරයා ලෝක ප්‍රසිද්ද කතුවරයෙක්.නමුත් හදිස්සියේ ඩැනියෙල්ගේ තාත්තාගේ මියයාමත් එක්ක පවුලේ මල ගෙදරට හැමෝටම එන්න සිද්ද වෙනවා.ඩැනියෙල්ගේ තාත්තාගේ සහෝදරයෝ එයාලගේ දුවලා පුතාලා වශයෙන් නෑයෝ සහ ඩැනියෙල්ගේ යාලුවොත් මේ මල ගෙදර එන්න අමතක කරන්නේ නෑ.ඩැනියෙල්ගේ මාමාගේ පුතෙක් වෙන ට්‍රොයි සහ මාර්තාත් මේ මල ගෙදර එන්න අමතක කරන්නේ නෑ.ඒත් ට්‍රෝයි කියන්නේ මත් පෙති වෙලඳාම් කරන කෙනෙක්.මිනිහාගේ මත් පෙති නිසා මිනිහාගේ ගෙදර එන තමන්ගේ සහෝදරීගේ කොල්ලාට සිද්ද වෙන්න කිසිම කිසිම කෙනෙක් නොහිතන ඇබැද්දියක්.ඒ මදෑ මේ මත් බෙහෙත් කුප්පිය මල ගෙදරටත් එනවා. ඕක දැන් තව කී දෙනෙක් අතට යයිද ? කී දෙනෙක් මේක වැරදිලා බොයිද කියලා ‍ෆිල්ම් එක බලලා තමා විසඳ ගන්න වෙන්නෙ ! ඒ අස්සේ කාටවත් නැදෑකමක් නැති ඇදිරුම්කමක් නැති අපි හැමෝම දන්න ලස්සන චරිතෙකින් අපිට හම්බෙලා තියෙන කෙනෙකුත් මේ මල ගෙදරට සහභාගී වෙන්න අමතක කරන්නේ නෑ,මිනිහා එන්නෙ වෙනම රහසක් අරගෙන.මල ගෙදරකට මත් පෙති බෝතලේකුයි අභිරහස් පුද්ගලයෙකුයි ඇවිල්ලා මොන නාඩගමක් නටන්න හදනවද කියලා කට්ටියම එහෙනම් ‍ෆිල්ම් එක බලල දැන ගන්න කියලා ආරාධනා කරනවා. මම එන්නම් ආපහු ටික කාලෙකින් තවත් සුපිරියක් අරන්.

ප .ලි :

වෙබ් අඩවිය ආරම්භයේදී බයිස්කෝප් සිංහලෙන් කියන්නේ උපසිරැසි ලබාදෙන වෙබ් අඩවියක් නෙමෙයි. මුල් කාලේදී මේ බ්ලොග් අඩවියේ හිටිය ගුරා සහ ගෝලයා විසින් සිදුකලේ එයාල බලන ෆිල්ම් ගැන සඳහනක් පහත ආකාරයෙන් දාන එක. ඊට පසු කාලීනව මාසෙකට උපසිරසියක් වගේ දෙන්න ගත්ත වැඩේ 2020 වසර වෙනකොට දවසකට උපසිරැසි 10ක් වගේ ප්‍රමාණයක් දෙන තැනකට බොහොම සීරුවට, හෙමින් සැරේ, පුංචිම තැනින් පටන් අරගෙන ආව ගමනක් අපිට තියෙන්නෙ. මේ ෆිල්ම් එක ගැනත් අපේ පොතේ ගුරා එහෙම නැත්නම් ඉසිර ගුණතිලක සහෝදරයා  2009 වසරේ ජූලි 19 වෙනිදා විස්තරයක් ලබා දෙනවා. මුල්ම කාලේ මේකේ රැඳී සිටිය ප්‍රේක්ෂකයින් දක්වපු අදහස් ඔවුන් එකිනෙකා සමග දැක්වූ සුහදත්වයත් හරි අගේට පේන්න තියනවා පහලම කමෙන්ට් ටිකේ. ඒ පරණ පෝස්ට් එක තමයි පහතින් තියෙන්නෙ.  එතනට පොඩ්ඩක් පහලින් තියෙනව කෝ සබ් එක කියල කමෙන්ට් වගයක්. මේ පොස්ට් එක අලුත් කරනකම්ම පොස්ට් එකේ මාතෘකාව වෙලා තිබ්බෙ ” Death at a Funeral (2007) | මළගෙදර අවමගුල! කියල ” මේකේ කොහෙවත් සිංහල උපසිරැසි  කියල සඳහන් වෙලාවත් ලින්ක් එකක් දිලවත් නැහැ. මේ සටහන තිබ්බෙ තමන්ගේ සාක්ෂරත්වයේ ප්‍රභලත්වය පෙන්වූ ඔවුන්ට උපහාර වශයෙන්. පනින්න කලින් හිතන්න, බනින්න කලින් කියවන්න. නැත්නම් ඔබව නිරපරාදේ නිරාවරණය වෙනවා. තරහ අවසර, ගිහින් එන්නම්. 🙂
– Admin-

 

2009 ජූලි 19 පොතේ ගුරා සොහොයුරා විසින් පල කළ ලිපිය.

මේ කියන්න යන්නෙ IMDB රේටින්ග්ස් වල 7.3/10 ක් ලබාගත් වෙනස්ම වෙනස් චිත්‍රපටියක් ගැන..මීට සමාන චිත්‍රපටියක් ගැන මගෙ මතකයට එන්නෙත් නෑ..මේ චිත්‍රපටිය යන්නෙ එක්තරා සිදුවීමක් වටා පුද්ගලයක් හැසිරෙන ආකාරය දක්වමින්..පැය කිහිපයක වෙන සිදුවීම් තමයි අපිට පෙන්වන්නෙ..හැබැයි හොදට හිනා යනව..

මෙන්න මෙහෙමයි කතාව..එක්තරා පුද්ගලයෙක්ගේ පියා මැරිල..ඔහුගේ මලගෙදර වටා තමයි මේ කතාවම යන්නෙ..මුලින්ම ගෙදරට ගේන මිණිය බැලුවම ඒ තමන්ගෙ පියා නෙවෙයි කියල තේරෙනව..වෙන මිණියකට මාරු වෙලා..ආයෙත් ගිහින් හරි මිණිය ගේනව..ඔහොම තමයි කරදර පටන් ගන්නෙ මුලින්ම..මේ මළගෙදරට එන එක් පුද්ගලයෙක් ගේන මත් පෙති අඩංගු කුප්පියත්,,මැරුන පුද්ගලයාගෙ සමලිංගික පෙම්වතාත් නිසා මේ මළගෙදර දිහා බලන් ඉන්න අපිට කදුලු එනකම් හිනා වෙන්න පුලුවන්..මේ ලිපියෙන් නම් හිතෙයි මේක රසවත් කතාවක් නෙවෙයි කියල..නාට්‍යමය විදියට යන කොමඩි ෆිල්ම් වලට ආස අය බලන්න මේක..වේගවත් දර්ශන නෑ..නමුත් බොහොම් රසවත්..සම්මාන දෙකකුත් දිනාගෙන තියෙනව මේ චිත්‍රපටිය!..අනික පොඩි කාලයක් තුල වෙන සිදුවීම් පෙන්වන නිසා වෙනස්ම අත්දැකීමක් වෙයි ඔයාලට!

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය Blu-Ray පිටපත් සඳහා ලබා දි ඇත.

4,003 downloadsDownload Death-at-a-Funeral-2007.zip47 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-10-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සදුන් ප්‍රනාන්දු

Subtitles

4,003 downloadsDownload Subtitles47 KB

53 comments

  1. Danuka

    ahhh
    hodai hodai
    kalekin hina wuneth na!!!!

  2. panchaz

    hoda comedyak wage down karagena balanna oone mama use karanne rapidshare ne...
    rapidshare auto downloder eka me dawas wala wada naha aaka nisa mukuth ma karaganna baha aaka aapu gaman me movie eka down karanawa
    thx pothegura ube artical ekata

  3. Meththa

    ලගකදි ඉදල ස්යිට් එක ලෝඩ් වෙන්න පැයක් විතර යනවා හැමෝටම එහෙමද

  4. Meththa

    ලගකදි ඉදල THE PIRATE BAY සයිට් එක ලෝඩ් වෙන්න පැයක් විතර යනවා හැමෝටම එහෙමද

  5. ravinsp

    නියමයි! හොද classy ෆිල්ම් එකක් වගේ. නම විතරක් දැක්කත් ඇති හිනායන්න! මේක බාමි!

  6. ravinsp

    දැනුයි දැක්කෙ. Biaskope සාමාජිකයින් සංඛ්‍යාව 200! පොතේ ගුරාට සුභ පැතුම්!

  7. පොතේ ගුරා

    @Danuka! එළ..බලන්නකො..මම හිතන්නෙ අල්ලල යයි!

    @panchaz!අහ්..මට නම් ටොරන්ට්ම තමයි.. :) 300MB ඒවද උඹ බාන්නෙ?

    @Meththa! මුල් කමෙන්ට් එක දැක්කම බයත් හිතුන මේ සයිට් එක ගැනද කියන්නෙ කියල.. :) මේ දවස් වල PIRATE BAY පොඩ්ඩක් අවුල් මචන්..අයිතිකාරයො වෙනස් වෙලා..ඒ වගේම නඩුවකුත් ගියානෙ..මට නම් එහෙමට දැනෙන ස්ලෝ වීමක් උනේ නෑ..අනික අයට කොහොම්ද?

    @ravinsp! ස්තූතියි මචෝ..මාර සතුටුයි කස්ටිය පිරිල ඉන්නව දැක්කම..උඹල හැමෝගෙම උදව් නිසා තමයි.. :)

    1. jessybmlt

      Ko bn sub eka na ne..

  8. Anonymous

    "සුප්‍රසිද්ද චිත්‍රපට මාලවක අලුත්ම චිත්‍රපටයේ හොද කොපියක් ඇවිත් තියෙනව..හෙට ඒ පිළිබද බයිස්කෝප් සිංහලෙන් තුලින් බලාපොරොත්තු වෙන්න!"

    මේක බාලගිරි දෝශය වගේනෙ කොල්ලො....

  9. chamiya

    එළ චිත්‍රපටියක් වගේ!! ඔන්න එහෙනන් මාත් බාන්න දැම්මා

  10. පොතේ ගුරා

    @නිර්නාමික !ඒ ටොරන්ට් එක අයින් කරල වගේ මචන්..දැන් අලුත් ෆිල්ම් වල ටොරන්ට් අවුට් උනාම නඩු දානවනෙ.. :(

    @chamiya! එළ එළ මචන්.. :)

  11. Anonymous

    hoday wage thanx mcn

  12. the pathfinder

    මමත් මේක බැලුව. නියමයි. රෝද පුටුවෙ ලොක්ක පුදුම වදයක්නෙ දෙන්නෙ

  13. Suvin

    මමත් බලල නැ. දැන්ම Down කරගන්න ඔනෙ. Thanx යාලුවා.....

  14. පොතේ ගුරා

    @නිර්නාමික! එළ මචන්.. :)

    @the pathfinder !හික් හික්..ඔවු බන්,බුවාගෙ වැඩ මතක් වෙනකොටත් හිනා යනව!

    @Suvin! එළ මචෝ..උබට අල්ලල යයි කියල හිතනව.. :)

  15. kolla

    machan torrentz ela honde thanks පොතේ ගුරා bro

  16. namal

    මේක බලල නෑ.. හොයන් බලන්න ඕන..
    අපිට ඉතින් download කරන්න බෑනේ... :(

  17. රොයිලි

    එල ෆිල්ම් එකක් මචං. මටනම් අල්ලලා ගියා. මම මේක ගැන මීට කලින් ලියන්න උන්නත් මම හිතුවා කස්ටියට අල්ලලා යන එකක් නෑ කියලා. මොකද මෙතන ගොඩක් අය ඇක්ෂන් වලටනේ කැමති.

    කොහොම උනත් මම නම් කියන්නේ මොන පෙත්ත ගත්තත් හරියට බලලා ගන්න කියලයි. දන්නෝ දනිති :-P

  18. chamila

    බානවා කියලා මෙහෙමත් බාන්න පුළුවනද.................?

  19. පොතේ ගුරා

    @kolla! වෙල්කම් මචෝ.. :)

    @namal! අයියෝ..අහන්නත් කණගාටුයි.. :( හොයාගෙන හරි බලපන් මචන්.. :)

    @රොයිලි !හික්z..ඔව් බන් මාත් බයෙන් බයෙන් ලිව්වෙ..බලමුකො ප්‍රතිචාර කොහොමද කියල..ෆිල්ම් එක නම් එළ!

    @chamila !ඔහොම නැතුව කොහොම බාන්නද බන්z..බාපන් බාපන්! :D

  20. anthrax

    සිරා මචන්. british moviesවලට torrent හොයාගන්න එක ලේසි නෑ. ගින්දරම film එකක්. උඹ කිව්වට පස්සෙ බෑලුවෙ. මරේ මරු.

  21. muthunayake

    එලම එල බඩ කොර වෙනකම් හිනා වුනා

  22. djanuradhaxxx

    ela ela
    macho..
    math bagami....:D

  23. RANUSHKA

    GURO MEKA UPDATE KERANNE

  24. RANUSHKA

    EKMANATA

  25. RANUSHKA

    SORRY WENDA ONE GURO
    GURATA COMMENT 2 WATH DAMME NATHTHAM UPDATE
    KERANNANE EKAI MAMA COMMENT 2KAK VETHARA DANNE

    1. hasitha samuddika

      ela

  26. sonlanka

    Torrent not found...

    1. ගෝලයා

      සබැදුම යාවත්කාල කලා..

  27. Ramraj

    බලන්නම් කියලා හිටපු ෆිලම් එකක්. තාම බැරි උනා.

  28. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    ……. :)

  29. lewon

    subtitle eka banna bane...download button eka pennanne na

  30. chiranthaw

    elz

  31. tharinda rupasingha

    ko yako meke sub 1ka..

  32. Bimsara Maduwantha

    ko bn subtitle eka?

  33. hasitha samuddika

    kohomada ban meke sub eka ganne

  34. hasitha samuddika

    Elz

  35. hasitha samuddika

    Sub eka diyoooo

  36. hasitha samuddika

    ela

  37. death_razz

    ko bn sub eka?

  38. simadu

    meke sub eka ganne kohomada

  39. Shehan_thilakshana

    ko sub eka nene

  40. Vinod Isuru

    sinhala sub denna

  41. Mihiraj_r

    Ko bn sub

  42. Srimal

    Sub ekata thank you machan ❤

  43. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි සඳුන් සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  44. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි Sandun සහෝ උපසිරැසියට..

  45. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි!
    මෙව්වනේ යකෝ ෆිල්ම් :)

  46. Ravindra

    Thanks

  47. Anonymous

    Godak sthuthiy....upasirasiya godak hondai....

  48. Hiran Ganepalla

    උපසිරසියට බොහොම ස්තූතියි. මේවා සුපිරි ෆිල්ම්. ජය වේවා !

  49. Sahan Gayantha

    thanks a lot Sandun saho sub ekata

  50. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P