Watch Trailer

Sarah’s Key (2010) with Sinhala Subtitles | සත්‍යයයේ යතුර ! [සිංහල උපසිරැසි සමඟ]

සංවේදී කතා බලන්න කැමති අයට තමන් බලපු හොඳම චිත්‍රපටි ගොන්නට අනිවා මේකත් ඇතුළත් කරගන්න පුලුවන් කියන ගමන්ම විස්තරේ පටන්ගත්ත. මේක අතීතයත් වර්තමානයත් අතර යන කතාවක් නිසා ලිපියත් ඒ විදියට හැදුව. වර්තමානය : 2009 වසරෙදි ජූලියයි එයාගෙ දුවයි සැමියයි සැමියගේ දෙමව්පියො ඉස්සර ජීවත් උන කාමර පේළිය ප්‍රතිසංස්කරණය ක…

Sarah's Key (2010)
සංවේදී කතා බලන්න කැමති අයට තමන් බලපු හොඳම චිත්‍රපටි ගොන්නට අනිවා මේකත් ඇතුළත් කරගන්න පුලුවන් කියන ගමන්ම විස්තරේ පටන්ගත්ත. මේක අතීතයත් වර්තමානයත් අතර යන කතාවක් නිසා ලිපියත් ඒ විදියට හැදුව.

වර්තමානය :

2009 වසරෙදි ජූලියයි එයාගෙ දුවයි සැමියයි සැමියගේ දෙමව්පියො ඉස්සර ජීවත් උන කාමර පේළිය ප්‍රතිසංස්කරණය කරල පදිංචියට එන්න තීරණය කරනව. මේ අතරම ජුලියා දෙවෙනි ලෝක යුද්ධ සමයෙදි ඇත්තටම පැරිස් නගරෙ සිද්ද උන දරුණු ඛේදවාචකයක් ගැන තමන් වැඩ කරන සඟරාවට ලිපියක් ලියන ගමන් ඉන්නෙ. ඉතින් එයා ඒ ලිපියට කරුණු එකතු කරද්දි තමයි දැනගන්නෙ තමන් පදිංචියට යන්න ඉන්න කාමර පේළියේ ඉස්සර පදිංචි වෙලා ඉඳල තියෙන්නෙ එයා සඟරාවට ලියන ඛේදවාචකයේ ගොදුරක් උන යුදෙව් පව්ලක් කියල.

අතීතය :

දෙවෙනි ලෝක යුද්ධය ආරම්භයත් එක්කම හිට්ලර් තීරණය කරනවනෙ සියලුම යුදෙව් ජාතිකයන්ව සමූලඝාතනය කරන්න. ඉතින් ජර්මනියට පක්ෂව යුද්ධ කරපු ප්‍රංශයත්  තමන්ගෙ රටේ ඉන්න යුදෙව් ජාතිකයන්ට එරෙහිව ඒදේම ක්‍රියාත්මක කරනව. ඒ අනුව 1942කේ ප්‍රංශ පොලීසිය පැරිස් නගරෙ හිටපු 13000ක් යුදෙව්වන්ව අත්අඩංගුවට අරන්  Vel’ d’Hiv(වෙල්ඩ්රොම්) කියන ගෘහස්ත බයිසිකල් ධාවන පථයක් ඇතුළට දවස් තුනක් කෑම බීම නැතිවම දාල, පස්සෙ සිර කඳවුරු වලට යවනව. මේ අත්අඩංගුවට ගැනීම් සිද්ද වෙද්දී අපේ කතා නායිකාව අවුරුදු දහයක සාරා තමන්ගෙ මල්ලිව ගෙදර රහස් කාමරේකට දාල වහනව ආරක්ෂාවට. සාරව අම්මයි තාත්තයි එක්කම වෙල්ඩ්රොම් එකට යවනව.ඉතින් සාර බලාපොරොත්තු වුන විදියට එයාලව නිදහස් කරන්නෙ නැති නිසා තමන්ගෙ මල්ලිව බේර ගන්න පොලීසියෙන් පැනල එන්න දරන වෑයම එක පැත්තකින් නිරුපණය වෙනව.

වර්තමානය :

ජූලියා සඟරාවට ලියන ළිපිය මගින් හෙළිදරව් උන මහා ඛේදවාචකය ගැන දිගටම හොයද්දි එයාට සාරා ගැනයි මිචෙල් ගැනයි දැනගන්න ලැබෙනව. ඒ වගේම එයා හොයාගන්නව සාරා හිර කඳවුරු වලදි මරණයට පත් වෙලා නැහැ කියල. ඉතින් ජූලියා තදින්ම විශ්වාස කරනව අවුරුදු 67කට පස්සෙ 2009දිත් සාරා කොහෙහරි ජීවතුන් අතර ඇති කියල. ඉතින් ජූලියට සාරව හොයාගන්න පුළුවන් වෙයිද?

චිත්‍රපටිය බලන කොට මේක ඇත්තටම සිද්ද වෙච්ච සිද්දියක් කියල හිතුනොත් බය වෙන්න එපා, මොකද මේකෙ ඒ තරමටම සංවේදී සිදුවීමක් අන්තර්ගත වෙලා තියෙන්නෙ. හැබැයි චිත්‍රපටියට පාදක උන පොතේ (Sarah’s Key) ලේඛිකාව කියන්නෙ සාරා සම්බන්ද සිද්දිය තමන් පරිකල්පනය කරපු එකක් කියල. IMDB දර්ශකයේ 7.5 අගයක් ලැබිල තියෙන මේ ප්‍රංශ චිත්‍රපටිය අද්‍යක්ෂනය කරන්නෙ Gilles Paquet-Brenner මහත්මය. ඉතින් නැවත සැරයක් කියන්ඩ තියෙන්නෙ සංවේදී චිත්‍රපටි වලට සංවේදී කස්ටිය මේක මගඇරගත්තොත් නං සිද්ද වෙන්නෙ ලොකු පාඩුවක්! මොකද ඇත්ත කියන දේට අපි බිය නොවිය යුතුයි.

“අපි සත්‍යයට කැමති උනත් අකමැති උනත් සත්‍යයට වටිනාකමක් තියනව”

තෙරුවන් සරණයි!

 

Sarah's Key (2010) on IMDb

 

 

 

Due to copyright complications, we do not provide torrent links.

 

Sarah’s Key 2010 720p BRRip

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

641 downloadsDownload Sarahs-Key-2010Baiscopelk.com_.rar40 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/wayantha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වයන්ත සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

වයන්ත සඳරුවන්

Subtitles

641 downloadsDownload Subtitles40 KB

13 comments

  1. sajith

    ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

  2. Ishan Madusha

    ස්තුතියි උපසිරැසියට සහෝ

  3. namika

    Thankyou very much bro!
    Mama balanna asama widihe film ekak. lipiyen honda adahasak denawa film eka gana. Aniwa bagena balanawa.
    Wechcha mahansiyata godak sthuthiyi!
    Thawath me wage sensitivie film ekak denna honde!

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Tharaka

    මේකනම් ලස්සනම ෆිල්ම් එකක්නේ. ඔන්න බාගන්නවා. බයිස්කෝප් වෙබ් අඩවියටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!

  6. අසිත

    elama thanks malli

  7. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  8. praneeth madu

    ela bn gud luck

  9. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. bimsara

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ....

  11. chameen

    thank u

  12. Charith

    sub ekata godaak isthuthii.... :)

  13. nidi

    Wayantha, indala indala hondama film ekakata withrada subs denne? meka bagena balala comment eka danna sudanam wedd thama dekke STILL LIFE ekatath subs deela thiyenne oyamai kiyala. eka bagena thibunata thawama balanna wune nehe. ethakota thmai denagaththe oya thawama films 3 kata withrai sub karala thiyenne kiyala. puduma kiyanne palamu film eka mata ahuwela thibuneth nethi eka, site eke kochchara films thiyenawada? onna THE FIRST GRADER ekath baganna patan gaththa. thawa hondama films godakata subs denna kalaya, shakthiya,asawa wagema onekamath obata lebewa; ape wasanawata! thanks!