Watch Trailer

Kundo: Age of the Rampant (2014) with Sinhala Subtitle | විපර්යාසය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් කස්ටියටම! මම ඉතින් වැඩි දවසක් යනකල් ඉන්නෙ නැතුවම ”the silenced” චිත්‍රපටියට පස්සෙ තවත් සුපිරිම බයිස්කෝප් එකක් අරගෙන ආවා.වෙනද වගේම මේකත් කොරියානු චිත්‍රපටියක්.මතක ඇතිනෙ ”yellow sea” film එකේ රඟපෑ සුපිරි නලු ‘ha jung woo’.මේකත් ඩයල් එකගෙම තවත් සුපිරිම බයිස්කෝප් එකක්.මං හිතනවා ඔයාලා හැමෝම කැම…

Kundo-Age of the Rampant (2014)
ආයුබෝවන් කස්ටියටම! මම ඉතින් වැඩි දවසක් යනකල් ඉන්නෙ නැතුවම ”the silenced” චිත්‍රපටියට පස්සෙ තවත් සුපිරිම බයිස්කෝප් එකක් අරගෙන ආවා.වෙනද වගේම මේකත් කොරියානු චිත්‍රපටියක්.මතක ඇතිනෙ ”yellow sea” film එකේ රඟපෑ සුපිරි නලු ‘ha jung woo’.මේකත් ඩයල් එකගෙම තවත් සුපිරිම බයිස්කෝප් එකක්.මං හිතනවා ඔයාලා හැමෝම කැමති වෙයි කියලා මේකට මම වගේම.අපි හැමෝම කැමතියිනෙ වීර ක්‍රියාබලන්න. මේ බයිස්කෝප් එක 2014 ජූලි මස 23 වන දින තමයි ඉස්සරලම තිර ගත කරලා තියෙන්නේ. imdb 6.8 ක්ම අරන් තියෙන මේ චිත්‍රපටිය විනාඩි 137 ක් පුරා එකම තප්පරයක්වත් අහක නොදා බලන්න පුලුවන්.action/adventure/drama/history ගනයට වැටිලා තිබුනට කොමඩිත් තියෙනවා අනිවාර්යෙන්ම.ඒ වගේම සම්මාන බොහෝමයකට නොමිනේට් වෙලා එයින් සම්මාන 10 ක්ම දිනා ගන්නත් සමත් වෙලා තියෙනවා.ඒ වගේම මේකෙ දැකලා පුරුදු නලුවො හුඟක් දකින්න හම්බෙනවා.ඔයාලට බලද්දි තේරෙයි.කතාව ගැනත් ටිකක් කියනවනම් මෙහෙමයි.

19 ශතවර්ෂය. Jo Yoon (kang Dong-Won) කියන්නෙ වංශවතෙක්ගෙ සහ ගණිකාවකගෙ පුතෙක්.මෙයාගෙ තාත්තටයි එයාගෙ බිරිදටයි පුතෙක් හදන්න බැරි වෙනවා ඒ නිසා  Jo Yoon ව ගෙදර අරන් යනවා අවු.10 දී.ඒත් පස්සෙ මෙයාගෙ කුඩම්මා පුතෙක් බිහි කරනවා.ඒ ළමයා ලැබුනම් පස්සෙ Jo Yoon ව ගනන් ගන්නෙවත් නෑ.

ඒත් කාලෙකට පස්සෙ Jo Yoon ගෙ සහෝදරයා හොරු වගයක් අතින් මැරෙනවා.ඊට පස්සෙ ආයෙම Jo Yoon පවුලෙ එකම පුතා වෙනවා.Jo Yoon කඩු ශිල්පය වගේම සටන් කලාව අතිනුත් හුඟක් දක්ෂයි.මෙයාගෙ මැරුණ සහෝදරයගෙ බිරිදට ළමයෙක් ලැබෙන්න ඉන්නෙ.පවුලෙ එකම උරුම කාරයා වෙන්න හිතාගෙන  Jo Yoon තීරණය කරනවා නෑනව මරන්න.

ඔය අතර තුර,Dol Moo-Chi (Ha Jung-Woo) කියන්නෙ මස් වැද්දෙක්.මෙයා අම්මයි නංගියි එක්ක තමයි ජීවත් වෙන්නෙ.Dol Moo-Chi ව Jo Yoon කුලියට ගන්නවා එයාගෙ ගැබ්බර නෑනව මරන්න.Dol Moo-Chi සත්තු මැරුවට මිනී මරලා නෑ.මෙයා සල්ලි වලට තණ්හාවට වැඩේ බාර ගත්තත් අරයව මරන්න බැරි වෙනවා. Dol Moo-Chi ට වැඩේ කරන්න බැරි උන නිසා මෙයාවයි නංගිවයි අම්මවයි මරන්න Jo Yoon නියෝග කරනවා.පවුලෙ අය මැරුනත්  Dol Moo-Chi ව Kundo කියන ගෝත්‍රිකයෝ එහෙම නැත්තන් මංකොල්ල කාරයෝ ඇවිත් බේර ගන්නවා.මෙයාලා පෝසතුන්ගෙන් අරගෙන දුප්පතුන්ට දෙන රොබින් හූඩ් වගේ මංකොල්ලකාරයො වගයක්.

කතාව එතනින් නවත්තන්නම් හොදම හරිය ඊට පස්සෙ තමයි යන්නේ…ඇයි මෙයාව බේර ගන්නෙ?පවුලෙ අය මරපු පළිය ගන්න පුලුවන් වෙයිද?මොකද වෙන්නෙ කියලා ඔයාලම බලන්න කියලා මං ආරාධනා කරනවා…තවත් උපසැරසියකින් ඉක්මනටම හමුවෙමු.කොමෙන්ට් කරන්න අමතක කරන්න එපා….ගිහින් එන්නම්,මම චාමල් කැලුම් අතපත්තු.

ජය වේවා!
බායි!

 

Kundo: Age of the Rampant (2014) on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Kundo Age of the Rampant 2014 BDRip x264-ROVERS

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,415 downloadsDownload kundo.age_.of_.the_.rampant.2014Baiscopelk.com_.rar35 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/Chamal1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාමල් කැලුම් අතපත්තු

Subtitles

2,415 downloadsDownload Subtitles35 KB

16 comments

  1. sajith

    ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

  2. Dulanga

    Thanks

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Ishan Madusha

    බොහෝම ස්තුති වන්ත වෙනවා සහෝ දිගටම korean movies වලට උපසිරැසි කරන එක.ඉදිරියෙදි
    japanese movies වලටත් උපසිරැසි දෙනවනම් නියමයි.උපසිරැසියට ස්තුතියි.ජය වේවා!

  5. andare

    nice bro elama

  6. Chami.S

    Thanks...

  7. geethika

    sub එකට ස්තුතියි ....දිගටම korean movies වලට sub දෙමු. ජයවේවා

  8. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  9. අමිල මනනදේව

    පට්ට ෆිල්ම් එක සහෝ.කාලෙකින් බලපු හොදම එකක්.උපසිරසියට බොහොම ස්තුතියි..
    තවත් හොද ෆිල්ම් වලට උපසිරසි දෙන්න...
    ජය වේවා...

  10. praneeth madu

    ela mcn keep going

  11. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. kalum athapaththu

    Thank you oyaala hamotama dakwana prathichara.direct link hoya ganna bari nam.mata face book eken msg ekak danna.peace ☺

  13. Bobby

    Thank you very much Chamara

  14. thilina

    macho,white vegeance 2012 film 1ta sub hdla denwda…..

  15. Anonymous

    thanks

  16. nilanka1212

    thanks