සුබ දවසක් යාළුවෝ හැමෝටම. වෙනදා වගේම අදත් මම ඔයාලව හමුවෙන්න ආවේ තවත් ලස්සන ෆිල්ම් එකකට උපසිරැසියක් අරගෙනයි. මේක මගේ දහවෙනි උපසිරැසිය වගේම මගේ පළමු හිංදි චිත්‍රපටයයි . ටිකක් ඉස්සර බලපු හැබැයි අපූරු ෆිල්ම් එකක්. අපේ අය ඉස්සර ආසාවෙන් බලපු නයිට්රයිඩර් කථාව මතකද? මේකත් ඒ හා සමාන කථාවක්. හිතාමතා වැඩකරන කා…

සුබ දවසක් යාළුවෝ හැමෝටම. වෙනදා වගේම අදත් මම ඔයාලව හමුවෙන්න ආවේ තවත් ලස්සන ෆිල්ම් එකකට උපසිරැසියක් අරගෙනයි. මේක මගේ දහවෙනි උපසිරැසිය වගේම මගේ පළමු හිංදි චිත්‍රපටයයි . ටිකක් ඉස්සර බලපු හැබැයි අපූරු ෆිල්ම් එකක්. අපේ අය ඉස්සර ආසාවෙන් බලපු නයිට්රයිඩර් කථාව මතකද? මේකත් ඒ හා සමාන කථාවක්. හිතාමතා වැඩකරන කාරයක් ගැන තමයි චිත්‍රපටයේ කියවෙන්නේ. 2004 වසරේදී නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටයට අජේ දේව්ගන්, වට්සල් සේත්, ෆරීඩා ජලාල්,අයේෂා ටාකියා යන නළු නිළියන් රංගනයෙන් දායක වී තියෙනවා. ඉතිං මම කථාව පොඩ්ඩක් පැහැදිලි කරන්නම්.
රාජ් කියන්නේ පාසලේ ඉගෙනගන්න සාමාන්‍ය කොල්ලෙක්. එයාගෙ තාත්තා එයා පොඩි කාලෙදිම එක්තරා පිරිසක් විසින් මරලා දානවා. එයා හොද වාහන සැළසුම් ශිල්පියෙක්. එයා හදපු වාහන සැලසුමක් හොරකම් කෙරුවාට පස්සේ එයා ඒකට විරුද්ධව යන්න ගිය නිසා තමයි මැරුම් කන්න වුනේ. රාජ්ගෙ තාත්තාට පරණ කාර් එකක් තිබ්බා. එයා ඒකට නම දීලා තිබ්බේ ටාසන් කියලයි. තාත්තාගෙ මරණෙත් එක්කම මේ වාහනයත් අතුරුදහන් වුණා. සිද්ධියෙන් අවුරුදු 12කට පස්සේ රාජ්ට දවසක් ඒ කාර් එක පරණ යකඩ කඩේක තිබිලා හමුවෙනවා. තාත්තාට තියෙන ආදරේට එයා කොහොමහරි ඒක සල්ලිවලට අරගන්නවා. පස්සේ එයාගෙ අරමුණ වෙන්නේ ඒ කාර් එක අළුතින් හදන එක. රාජ් ඒ අභියෝගයත් ජයගන්නවා. ඊට පස්සෙ තමයි වැඩේ පටන් ගන්නේ. මේ හදපු කාර් එක හිටිහැටියේ යම් පිරිසක් ලුහුබදිමින් ඔවුන්ව විනාශ කරන්න පටන්ගන්නවා. හරියට රොබෝ කෙනෙක් ඇතුලේ ඉදන් පාලනය කරනවා වගේ. හැබැයි මේ දේවල් රාජ් දන්නේ නෑ. ඒ අතර රාජ්ට අපූරු කෙල්ලෙකුත් මුණගැහෙනවා. ඒ දෙන්නාගෙ ආදර කථාවකුත් මේ අතර යනවා. ඇත්තටම ඒ කාර් එක ලුහුබදින්නේ කාවද? කවුද ඒක පදවන්නේ? රාජ්ට මේ නිසා ඇතිවෙන ප්‍රශ්ණ ගැන දැනගන්න නම් චිත්‍රපටය නරඹන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා.
මේ චිත්‍රයටයේ පැහැදිලි පිටපතක් යූටියුබ් වල තියෙනවා.හැබැයි බලලා පොඩි කමෙන්ට් එකකුත් දාලාම යන්න අමතක කරන්න එපා. යෝජනා , චෝදනා ඕන දෙයක්. ඒක මට වටිනවා. එහෙනම් තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. සුබ දවසක් හැමෝටම.
Due to copyright complications, we do not provide torrent links.
Taarzan The Wonder Car(2004) Hindi DVDRip x264
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,120 downloadsDownload Taarzan-The-Wonder-Car-2014-Baiscopelk.com_.rar50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/IsuruKL.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු කල්හාර ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු කල්හාර ධනංජය
Subtitles
19 comments
sajith
Haritha Dayanga
එකෙ ඇඩ් විමානයක් නෙ බන්
pop-up ඇඩ් එකක් ඇවිත් තියෙනවා close කරන්නත් බැ
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Chalana Rukshan
quality eka nan tikak adui bro..
Haritha Dayanga
සබට ස්තූතී
මං ආසම හින්දි ෆිල්ම් වලින් එකක් :)kasun
Dawnload karanne kohomada kiyanawada
Purni
අයේෂා ටාකියා ඉන්න එකම එක ෆිල්ම් එකක්වත් මග අරින්නේ නෑ මං. එයාගෙ ලුක් එක ටිකක් මගෙ වගේ. අපෙ ඉස්කෝලේ යාලුවොත් කියනවා ඒක.
Purni
අයේෂා ටාකියා ඉන්න එකම එක ෆිල්ම් එකක්වත් මග අරින්නේ නෑ මං. එයාගෙ ලුක් එක ටිකක් මගෙ වගේ. අපෙ ඉස්කෝලේ යාලුවොත් කියනවා ඒක. අයියත් ඒ හින්දමද මන්දා යාලු උනේ
Dulanga
Thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
අසිත
අයේෂා ටාකියා මේකේ ගොඩක් ලුක්.
මම මේක tv එකේ බැලුවා.Dulip Ishan
Man Godaaaaak Asa Film 1k Machan Thanks Macho Sub 1ta..
Withanage Priyantha Dayakeerthi
"ඉසුරු කල්හාර" සොයුර මා නිතර නැරඹීමට තෝරා ගන්නා ඔබේ වටිනා උපසිරසි ගොනුවට ස්තුතිය පුද කරන්නෙමි!
රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ නැවත උපසිරැසියකින් හමු වෙමු
෴෴ජය වේවා෴෴Kasun
meka download krnna bha
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
අරුණ
සබට ස්තුති ,,, ගොඩකලක් බලන් හිටපු move එකක් කලින් බලල තියනවා 2009 දී
hashi
machan ubala me movie link dena widiyata film balilla epa wenawa bn oya link google eken hoyanna giyahama dawasak madi e madiwata add bn pissu hadenawa
Malinda
ඔයාලට ගොඩක් ස්තුතියි අපි වෙනුවෙන් කාලය කැප කරලා මෙ වගේ Movies රසවත්ව බලන්න අපිට අවස්ථා සලසා දෙන එකට මේ Movie එක මීට වසර ගණනාවකට පෙර මා කුඩා කල නැරඹුවත් අර්ථවත්ව රසවත්ව බැලිවෙ අද තමයි ඒ ඔයාල නිසයි ඔයාලට තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ජය වේවා
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක