ආයුබෝවන්… සුබ දවසක් යාළුවෝ හැමෝටම.. ඔන්න ඉතිං මං අදත් ඔයාල වෙනුවෙන් ලස්සන සංගීතවත් ඉංග්‍රිසි චිත්‍රපටයකට සිංහල උපසිරසි අරගෙන ආවා. අපි දැකලා තියන John Travolta කියන නළුවා වෙඩි තියාගන්න, ගහගන්න, මැර චරිත එහෙම හරි අපූරුවට කරන දක්ෂ නළුවෙක්නේ. ඒත් එයා ලස්සනට නටනවා දැකලා තියනවද. Saturday Night Fever ටෝනි…

ආයුබෝවන්… සුබ දවසක් යාළුවෝ හැමෝටම..
ඔන්න ඉතිං මං අදත් ඔයාල වෙනුවෙන් ලස්සන සංගීතවත් ඉංග්‍රිසි චිත්‍රපටයකට සිංහල උපසිරසි අරගෙන ආවා. අපි දැකලා තියන John Travolta කියන නළුවා වෙඩි තියාගන්න, ගහගන්න, මැර චරිත එහෙම හරි අපූරුවට කරන දක්ෂ නළුවෙක්නේ. ඒත් එයා ලස්සනට නටනවා දැකලා තියනවද. Saturday Night Fever
ටෝනි මැනෙරෝ කම්කරු පන්තියේ තරුණයෙක්. තවම 19 වන වියේ පසුවන ටෝනි විලාසිතාවලට, නැටුමට කැමති අයෙක්. ටෝනිටම හරියන යාළුවොත්. ටෝනිගේ එකම සතුට සති අන්තයේ රාත්‍රී සමාජ ශාලාවක නටන්නයි. ඇත්තටම ටෝනි නැටුමට දක්ෂයි. ඒ නිසාම ඔහු සමාජ ශාලාවේ ප්‍රසිද්ධ චරිතයක්. නමුත් නිවසේ දෙමාපියන්ගේ ගැටුම්, නිවසේ ආර්ථිකය, තමන් ජීවත් වන ප්‍රදේශයේ ජන වාර්ගික ආතතිය සහ ටෝනිටම ආවේනික නොසන්සුන් කම සමග ටෝනිට ජීවත් වෙන්න සිදු වෙනවා. ටෝනිගේ පෙම්වතිය වීමට ඇනට් උත්සහ කරන අතර ටෝනිගේ හිත යන්නේ ස්ටෙෆනි ටයි. දිනක් ඩිස්කෝවේ දී ටෝනී ශූර නර්තන ශිල්පියා තෝරන තරඟයෙන් දිනනවා. ටෝනී ජීවත් වූ වටපිටාවත්, ටෝනි ගේ චර්යාවන් සමඟ ස්ටෙෆනිගේ ජීවිතයේ ඉලක්ක බලාපොරොත්තු ගැටෙමින් ඉදිරියට යන ටෝනි ස්ටෙෆනී ආදර කතාව.. ඇත්තටම ඒ ආදරයද..
චිත්‍රපටයේ ඇන්තනී මැනෙරෝ එහෙමත් නැත්නම් ටෝනි ලෙස John Travolta ඉතාමත් ලස්සන නර්තන සහිත රංගනයක් ඉදිරිපත් කරනවා. තවද ස්ටෙෆනී ලෙස Karen Lynn Gorney, ඇනෙට් ලෙස Donna Pescow, ජෝයී ලෙස Joseph Cali, ඩබල් ජේ ලෙස Paul Pape, ගස් ලෙස Bruce Ornstein, බොබී ලෙස Barry Miller, ෆ්‍රෑන්ක් පියතුමා ලෙස Martin Shakar, ෆුස්කෝ ලෙස Sam Coppola ඇතුළු නළු නිලි රැසක් රංගනයෙන් දායක වෙනවා. ස්ටෙෆනී ලෙස රඟන Karen Lynn Gorney සිනමාවට හඳුන්වාදෙන්නේ මේ චිත්‍රපටය තුලිනි. තවද චිත්‍රපටයේ ආරම්භයේදී ටෝනී පීසා මිලදී ගන්න ගැහැණු ළමයා Ann Travolta වන අතර ඒ John Travolta ගේ සහෝදරිය වේ. තීන්ත වෙළඳ සලේ ටෝනි එනකන් බලන් ඉන්න ගනුදෙනුකාරිය Helen Travolta වන අතර ඒ John Travolta ගේ මවය.
චිත්‍රපටයට පාදක වෙන්නේ Nik Cohn විසින් රචිත “Tribal Rites of the New Saturday Night” නම් විශේෂාංග ලිපියකි. එනයින් Norman Wexler විසින් තිර රචනා කර මෙම චිත්‍රපටය John Badham විසින් අධ්‍යක්ෂනය කර ඇත. නිෂ්පාදනය Robert Stigwood විසිනි. මෙහි සංගීතය Barry Gibb, Maurice Gibb සහ Robin Gibb සමඟ David Shire විසිනි. කැමරා අධ්‍යක්ෂණය Ralf D. Bode වන අතර සංස්කරණය David Rawlins විසිනි.
1977 දෙසැම්බර් 16 තිරගත වීම ආරම්භ කල මෙම චිත්‍රපටය Paramount Pictures සමාගමේ බෙදාහැරීමකි. චිත්‍රපටයේ නිෂ්පාදන වියදම ඇ.ඩොලර් මිලියන 3.5 වූ අතර බොක්ස් ඔෆීස් ආදායම ඇ.ඩොලර් මිලියන 237.1කි. මේ චිත්‍රපටය, ඩිස්කො සංගීතය ලොව පුරා ප්‍රචලිත කිරීමට සැලකිය යුතු ලෙස උපකාරී වී ඇත. Saturday Night Fever චිත්‍රපටයේ ගීත ඇතුලත් Bee Gees නම් සංගීත කණ්ඩායමේ (Barry Gibb, Maurice Gibb සහ Robin Gibb සහොදරයන්ගේ සංගීත කණ්ඩායම) චිත්‍රපට ගීත ඇතුලත් කැසට් පටය මෙතෙක් වැඩියෙන්ම අලෙවි වූ කැසට් පටය වේ.
සංගීතමය විනාඩි 119ක ධාවන කාලයකින් යුත් Saturday Night Fever චිත්‍රපටය සඳහා IMDb අගය 6.8ක් සහ Rotten Tomatoes 82%ක අගයක් ලැබී ඇත. Google පරිශීලිකයින්ගෙන් 83%ක කැමැත්ත මෙම චිත්‍රපටයට ලැබී ඇත.
එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල සබ් අරන් එනකන් ඔයාල හැමෝටම නිරෝගිමත් සුබ දවසක් වේවා…
~ ජය වේවා ~

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
1,825 downloadsDownload Saturday-Night-Fever-1977.zip58 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
11 comments
සුපුන් නයනජිත්
ශාන් වික්‍රමතිලක
බොහොම ස්තූතියි.
පුලුවන් නම් බ්‍රැඩ් පිට් රඟපාන Tree of life (2011) චිත්‍රපටයටත් උපසිරැසි දෙන්න.Anonymous
sira puluwannam loku udawwak bn.
kalingu
sira puluwannam loku udawwak bn.
හසිත මධුෂාන්
වෙනස්ම විදියේ ෆිල්ම් එකක්, මේකේ extended cut 1කක් රිලීස් උනා ගිය අවුරුද්දේ,
සබ් කරනව නම් ඒ කොපියට සබ් කරමු සහෝ...
Darshana89
jason and the argonauts 1963 චිත්‍රපටියටත් පුලුවන්නම් සබ් දෙන්න බ්‍රෝ
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
indika75
Thanks..
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
Dewadithya
Thanks for sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ස්තූතියි.