Watch Trailer

Pattabhiraman (2019) Sinhala Subtitles | ආහාර යනු දෙවියන්ය.! [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි.! අදත් සුපුරුදු පරිදි වෙබ් අඩවිය වෙත පැමිණෙන්නේ පසුගිය වසරේ තිරගත වූ මලයාලම් සිනමා පටයක් සඳහා නිර්මාණය කල සිංහල උපසිරැසියක් සමඟිනුයි! මේ දිනවල මුලු ලෝකයටම බලපා තිබෙන කොවිඩ් 19 වෛරස තත්වය හමුවේ. සිනමා කර්මාන්තයටද ඉතාමත් දැඩි ලෙසින් පසුබෑම් වලට ලක්ව ත…

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි.! අදත් සුපුරුදු පරිදි වෙබ් අඩවිය වෙත පැමිණෙන්නේ පසුගිය වසරේ තිරගත වූ මලයාලම් සිනමා පටයක් සඳහා නිර්මාණය කල සිංහල උපසිරැසියක් සමඟිනුයි! මේ දිනවල මුලු ලෝකයටම බලපා තිබෙන කොවිඩ් 19 වෛරස තත්වය හමුවේ. සිනමා කර්මාන්තයටද ඉතාමත් දැඩි ලෙසින් පසුබෑම් වලට ලක්ව තිබෙනවා. කොටින්ම කිව්වොත් බොහොමයක් චිත්‍ර‍පට තිරගත නොකර කල් දැමීමට පවා ලොව පුරා සිටින විවිධ සිනමා කර්මාන්තයන් හි සිටින නිෂ්පාදකවරුන් හා අධ්‍යක්ෂකවරුන් තීරණය කර තිබෙනවා. එවැනි සමයක උපසිරැසිකරුවකුටද තරමක විවේක කාලයක් ලැබීමත් සතුටු විය හැකි කරුණක්.! එ නමුත් උපසිරැසිකරුවකු කිසිම විටෙක තමන්ගේ විවේකය ගැන නොසිතන බව මා ඔබට අමුතුවෙන් කිවයුතු නෑ, එසේ විවේකයක් ගන්නට උපසිරැසිකරුවන් විදියට අප සිතුවා නම් සිංහල උපසිරැසි සමඟින් සිනමාපටයන් රසවිඳින නිරතුරුවම බයිස්කෝප් සිංහලෙන් හා අත්වැල් බැඳගෙන සිටින අපේ සහෘදයින්ගේ විශ්වාසය කඩකරනවාක් මෙන් තත්වයක් උද්ගතවිය හැකියි.! බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි කණ්ඩායම කිසි විටෙකත් එලෙසින් තමන් හා අත්වැල් බැඳගෙන සිටින රසික රසිකාවියන්ගෙ විශ්වාසය කඩ නොකරන බවට මා මෙතනදි වගකීමෙන් යුතුව මතක් කර සිටිමට කැමතියි.! එසේ නම් චිත්‍ර‍පටයේ අනෙකුත් තොරතුරු දෙසටත් අවධානය යොමු කරමු.

නිරතුරුවම සමස්ථ ඉන්දීය සිනමාවම ලොවපුරාම අවධානයට නතුකරගන්නා අසිරිමත් කේරළයේ මොලිවුඩ් සිනමාවෙන් බිහිවෙන සිනමා නිර්මාණයන් පිළිබඳව හා ඒවාගේ ගුණාත්මකභාවය සහ කෘතහස්ථ රසවින්දනය යන කරුණු කාරණාවන් පොදුවේ ඉන්දීය සිනමා රසිකයින් හා විශේෂයෙන්ම මලයාලම් සිනමා රසිකයින් ඉතාමත් හොඳින්ම දන්නවා. අද මා ඔබ වෙත ගෙන ආවේ පසුගිය වසරේ තිරගතවුන සිනමාපටයක් වුවත් මෙය අප සියලු දෙනා බැලිය යුතුම එකක්ම යැයි කිසිදු සැකයකින් තොරව අප රසිකයින්ට නිර්දේශ කල හැකියි. මලයාලම් සිනමාව නොහොත් මොලිවුඩ් සිනමා කර්මාන්තය ගැන තවත් සඳහන් කලොත් ඒවායෙන් 99.99% ක්ම ඵලක් නෑ යැයි කියමින් නොබලා ඉවතලෑමට නොහැකියි.! මලයාලම් සිනමාපට සීයයක් ගතහොත් එකිනෙකට නොදෙවනි සහ එකිනෙකට සමාන නොවෙන වෙනස් වෙනස් ආකාරයේ ගති ලක්ෂණ වලින් හෙබි ඉතා උසස් මෙන්ම අර්ථ රසයෙන් පෝසත් සහ ප්‍ර‍භල සමාජ පණිවුඩ වලින් සන්නද්ධ සිනමා නිර්මාණයන් බව විශේෂයෙන් කිවයුතුය.!

පසුගිය වසරේ නැතිනම් 2019 අගෝස්තු මස 23 වෙනිදා තිරගත කල Jayaram, Miya George ඇතුලු පිරිස රංගනයෙන් දායක වන Pattabhiraman නම් මලයාලම් සිනමාපටය Comedy හා Drama වර්ගීකරණයට අයත්වනවා. මිනිසාගේ මූලික අවශ්‍යාතා අතුරින් අංක එකට තිබෙන ආහාර ගැන කතා කරන මේ චිත්‍ර‍පටය අප අතුරින් ඇතැමෙක් මේවන විටත් දන්නා සේම බහුතරයක් නොදන්නා මෙන්ම ඔවුන්ගේ අවධානයට ලක් නොවනා ආහාර අලෙවියේදි වෙළඳුන් හෝටල් හිමියන් ආහාර නිෂ්පාදකයින් කරනා ඉතාමත් සෝචනීය දේවල් නොහොත් ද්‍රෝහීකම් ගැන මනා ලෙසින් Pattabhiraman 2019 චිත්‍ර‍පටයෙන් කතා කරනවා. මුලින් මා ඔබ සියලු දෙනාම බැලිය යුතුම චිත්‍ර‍පටයක් යැයි යෝජනා කිරීමට එකම හේතුවත් මේ සිනමාපටය තුලින් කතා කරනා මාතෘකාවයි. මිනිසාගේ මූලික අවශ්‍යතාවයන් ගැන කියැවෙන දෙයක් බැලීමට රසවිඳිමට කිසිදු භාෂා සහ සිනමා කර්මාන්ත භේදයක් ඇති කර ගතයුතු නෑ යන්නයි මගේ අදහස නම්.!මෙතැනදි මා ඔබට චිත්‍ර‍පටයේ කතාව ගැන කිසිවක් කීමට බලාපොරොත්තු වන්නේ නෑ. මේවන විටත් චිත්‍ර‍පටයේ අඩංඟු වන කරුණ පිළිබඳව ඔබව දැනුවත් කල නිසාවෙන්.! අවසාන වශයෙන් චිත්‍ර‍පටය ගැන යමක් සඳහන් කලහොත් මෙහි සම්පූර්ණ කතාව ගලා යන්නේ බොහොම අවංකව රාජකාරි කරන මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරියකු වටාය.

විශේෂයෙන්ම මා මුලින් කීවාක් මෙන් ලෝක සිනමාවම පසුබා තිබෙන මෙවන් අවස්ථාවක උපසිරැසිකරුවකු හා සිනමා රසිකයකු ලෙස සිංහල උපසිරැසි ගැන්වීමට හෝ බැලීමට පවා චිත්‍ර‍පටයක් නොමැතිව සිටි අවස්ථාවකදි පැරණි නිර්මාණයකට හෝ සිංහල උපසිරැසියක් නිර්මාණය කරන ලෙසට මා පොළඹවා මේ චිත්‍ර‍පටය සඳහා සිංහල උපසිරැසි ඔබ වෙත ගෙන එන්නට ගොඩක්ම හේතු උනේ අප වෙබ් අඩවියේ සංස්කාරකවරයකු වන හසන්ත අයියා බව සඳහන් කල යුතුයි. එසේ නම් මේ අවස්ථාව ලබාදීම සබැඳිව හසන්ත අයියාට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමින් සිංහල උපසිරැසිය ඔබට භාර කරමින් චිත්‍ර‍පටය රසවිඳීමටද ආරාධනා කරමින් අදට මා සමුගන්නවා.

ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි.!

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.

2,898 downloadsDownload Pattabhiraman-2019.zip69 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,898 downloadsDownload Subtitles69 KB

15 comments

  1. sampath n perera

    thanks, jayawewa

  2. kavinu

    ෆෑන්බේස් එක අතින් ජයරාම්ට පහුගිය ටිකේ මොන මොනවදෝ වුණාට මනුස්සයගේ ෆිල්ම් එකක් දැක්කහමත් බලන්න ආසයි.
    බොහොම ස්තූතියි තරිඳු අයියේ! ලස්සන චිත්‍රපටියක් වගේ...
    තවත් මලයාලමක් ගේමු!!

  3. රංගික සිනෙත්

    නියම වැඩක්. ජය වේවා. දිගටම මලයාලම් දෙන්න

  4. yohan

    thanks drive 2019 hindi film ekatath sub dennako.

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. Nilush Angana

    Sub ekata thanx

  7. Kantha_DLA

    sub eka galapenne nahe..
    700mb copy eke audo awul..

  8. Sampatg

    කවුරුහරි කියන්නකෝ audio එක අවූල් නැති download link එකක්. Pls. Sub එකට thanks.

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  10. Anonymous

    The lost bladesman චිත්‍රපටියේ sub නැහැනේ.ඒ ඇයි ?

  11. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  14. Nethini123

    Thank you

  15. Shihan

    උපසිරැසියට බොහොම ස්තූතියි...! ජය වේවා. ❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.