Watch Trailer

Satyam Shivam Sundaram: Love Sublime (1978) Sinhala Subtitles | හැඳින්නෙමි සුන්දරත්වය! [සිංහල උපසිරසි]

මාගේ පළමු උපසිරැසි නිර්මාණය ලෙස සැකසුන මේ උපසිරැසිය පැරණි හින්දි සිතුවම්පටවලට ආදරය කරන බයිස්කෝප් ලෝලී ඔබ ආදරයෙන් වැළඳගනු ඇතැයි සිතන්නෙමි. එමෙන්ම මේ සඳහා මඟ පෙන්වීම ලබා දුන් විතානගේ ප්‍රියන්ත දයාකීර්ති මහතාට ස්තූතිවන්ත වෙමින්, සිනමා ලෝලීන්ට මහඟු සේවයක් සපයන බයිස්කෝප් වෙබ් අඩවිය සමඟින් මම මෙලෙස පළමු…

මාගේ පළමු උපසිරැසි නිර්මාණය ලෙස සැකසුන මේ උපසිරැසිය පැරණි හින්දි සිතුවම්පටවලට ආදරය කරන බයිස්කෝප් ලෝලී ඔබ ආදරයෙන් වැළඳගනු ඇතැයි සිතන්නෙමි. එමෙන්ම මේ සඳහා මඟ පෙන්වීම ලබා දුන් විතානගේ ප්‍රියන්ත දයාකීර්ති මහතාට ස්තූතිවන්ත වෙමින්, සිනමා ලෝලීන්ට මහඟු සේවයක් සපයන බයිස්කෝප් වෙබ් අඩවිය සමඟින් මම මෙලෙස පළමු පියවර තබන්නෙමි.

“සත්‍යම්… ශිවම්… සුන්දරම්…” නොහොත් “සත්‍යය… දිව්‍ය භක්තිය… සුන්දරත්වය…” කුමක්දැයි නිසියාකාරව වටහා ගන්නට මිනිසා සියවස් ගණනාවක සිට උත්සාහ කළේය. හැකි වුණිද ඔහුට ඒ වචන තුන හරියට වටහා ගැන්මට? මෝහාන්ධකාරයෙන් සියොලඟ වෙලී ගිය මිනිසා කෙදිනක ඒ වචන තේරුම් ගන්නද? සත්‍යය දකින්නා ඉන් විශ්වාසය, ශ්‍රද්ධාව ඇති කොට ගනී. සත්‍යය නම් දෙවියා ලෙස දකින්නා දිව්‍ය භක්තිය උපදවා ගනියි. එවිට සුන්දරත්වය?

සුන්දරත්වය රුවෙන් සොයන්නෝ මනසෙහි ඇති සැබෑ සුන්දරත්වය කෙදිනක දකීද? රුවෙහි සුන්දරත්වය ඇති අයගේ මනසත් එලෙසින්ම සුන්දරද, රුවෙහි සුන්දරත්වය නැති අයගේ මනසත් අසුන්දරද?

නමින් රූපා වූවත් රූපය නිසාම අපහාස විඳිනා ඈ, ඇගේ පිළිස්සුන මුවෙහි දකුණුපස සඟවන්නී, එය දකින්නට පිළිකෙවු කරන්නන්ට කුමට මුහුණ දෙන්නේමැයි සිතමිනි. නමුදු ලොවම කියන ලෙස අවාසනාවත් සමඟ උපන් ඈත් අප මෙන් ජීවත් වියයුතුමය. අවාසනාව පසෙක ලා ඊශ්වර ඈට දුන් මියුරු සරින් හිමිදිරිය වර්ණවත් කරන්නී ඇයයි. කාටත් කලින් අවදිව ගම ඇහැරවන්නේ ඇයයි. දෙවොල වඳින්නට එන බැතිමතුනගේ පයට පවිත්‍රතාව පමණක් පෑගෙන්නට හරින්නී ඇයයි. ඒ උදය ඇයගේයි. ඇයයි රූපා.

කිසිදිනෙක නොදුටු රූපා වෙත ගමට පිටස්තර වූ රාජීව්ගේ සිත ගත්තේ ඒ අමයුරු සර නිසා. මෙවන් මාධූර්ය හඬක හිමිකාරිය කෙතරම් සුන්දර ඇතිද? ඔහු තමන්ගෙන්ම ප්‍රශ්න නැඟුවා. ඔහු ඇයව තමන්ගේ කරගත්තා, ඈ මුවෙහි පසක් පිලිස්සුන කෙල්ලකැයි නොදැන. එය දැන ගත් දා සිට ඒ ඔහුගේ රූපා නොවෙයි. කෝ මගේ රූපා? ඇයට සිදු වුණා වෙනදා වගේ මුව සලුවෙන් වසා, එදා රූපා ඇඳි ඇදුම් දරා ඔහු හමුවන්න. වන මැද මහා රාත්‍රීන්වල! ඒ හමුවීම්වල ඵලය රූපා කුස තුළ මෝදු වුණා. රාජීව් තවමත් නිවසේ සිටින රූපාත්, වන මැද හමුවන රූපාත් එකැයි හඳුනාගත්තේ නැහැ.

නිවසේ සිටන රූපාගේ කුස වැඩෙන කලලය අනුන්ගේ පවක් ලෙස දකින රාජීව් රූපා ඇදගෙන විත් ඈ එදා පිවිතුරු කළ දෙවොලෙහි බිමට තල්ලු කළා. යමෙක්ට කළු ගලකින් ශිව ලිංගයක් පෙනෙයිද, යමෙක්ට ශිව ලිංගයක් තුලින් කළු ගලක් පෙනෙයිද, ඒ ඔවුන්ගේ විශ්වාසය සහ භක්තිය අනුවමයි. සියලු නින්දා විඳ, ඒ අපකීර්තියට රූපා නමින් ස්වභාව ධර්මයා කම්පා වූ තැන රාජිව් සැබෑ සුන්දරත්වය රූපා තුළින් දුටුවා.

දියුණු කරගත යුත්තේ මනසයි. සුන්දර කරගත යුත්තේ මනසයි. එවිට හැකිවේවි දෙවියන් පෙන්වන සැබෑ සුන්දරත්වය දකින්න.

මේ ස්වර්ණමය හින්දි සිනමාවේ හැත්තෑව දශකයේ අග භාගයෙන් ගෙනා සත්‍යම් ශිවම් සුන්දරම් සිතුවම්පටයේ අරුමැසි කතාව.

රාජ් කපූර් අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කළ 1978 වර්ෂයේ තිරගතවුණු සත්‍යම් ශිවම් සුන්දරම් සිතුවම්පටය එදා සිනමාවට ආදරය කරන්නන් ආදරයෙන් වැළඳගත්තක්. සීනත් අමාන්, ශෂී කපූර් ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වුණු මේ චිත්‍රපටය දර්ශකයේ 7.1 ක අගයක් ලබා ගෙන තිබෙනවා. සත්‍යම් ශිවම් සුන්දරම් මතක් කළ සැනින් අපට මතක් වන්නේ ශ්‍රී ලංකාව තුළද අතිශය ජනප්‍රිය “සත්‍යම් ශිවම් සුන්දරම්” ගීතය. ලක්ෂ්මිකාන්ත් – ප්‍යාරේලාල් ද්විත්වයේ සංගීතයෙන් මේ සිතුවම්පටය තවත් හැඩ වුණා.

අන්තර්ජාලයේ මෙයට අදාළ වීඩියෝවක් නොමැති නිසා මා විසින් ගූගල් අප්ලෝඩ් කර ඇති පැය දෙකයි, මිනිත්තු හතළිස්එකයි, තත්පර හතරක ධාවන කාලයක් සහිත වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙන බව ද සලකන්න. ඔබගේ රුචිකත්වය අනුව තවත් සිනමාපට උපසිරසි ගන්වන්න මා අදහස් කරන අතර මම හින්දි භාෂාව හදාරණ අයකු නිසා හින්දි සිනමාපට උපසිරසි ගන්වන්නට වඩාත් කැමත්තක් දක්වමි. ඉතිං මේ සිතුවම්පටය නරඹා උපසිරැසිය පිළිබඳද ඔබේ වටිනා අදහස් පවසන්න අමතක නොකරන්න! හමුවෙමු තව උපසිරැසියකින්.

ඔබට ජය !

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියේ ලබාදී ඇති පිටපත් සඳහා අදාළ වේ.

1,317 downloadsDownload Satyam-Shivam-Sundaram-Love-Sublime-1978.zip56 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රජිත් මධුමාල් වීරසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-05-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රජිත් මධුමාල් වීරසූරිය

Subtitles

1,317 downloadsDownload Subtitles56 KB

23 comments

  1. Sohan Jayasooriya

    සත්යම් ශිවම් සුන්දරම් කියලා ලස්සන සිංදුවක් අහලා තියෙයි සහෝ.. ඒක මේ ෆිල්ම් එකේ සිංදුවක්ද? ස්තූතියි සබ් එකට

  2. Priyantha Dayakeerthi

    මෙම සිනමාපටය Priyantha Dayakeerthi එෆ් බී එකවුන්ට් එකට ගියවිට ඔබට ඩවුන්ලෝඩ් කරගත හැකිය.

  3. Anonymous

    මේ ෆිල්ම් එකේ ඇදුම් වල මොකුත් අව්ලක් නැද්ද..18+ ලේබල් වෙන්න ඕනෙ නැද්ද...

    1. yohan

      ubta pissuda bn

    2. formano

      ඇත්ත, රාජ් කපූර් ගෙ චිත්‍රපටි ගොඩක් ඒවා එහෙම වැට උඩ තියෙන ඒවා.කතාව කොච්චර ලස්සන උනත් කොච්චර සංගීතවත් චිත්‍රපටි උනත් රාජ් කපූර්ගෙ හැම එකේම එහෙම සීන් ගොඩක් දාලා තියෙනවා.

    3. harsha

      පොඩ්ඩක් යූ ට්යුබ් එකේ මේ ෆිල්ම් එකේ සින්දුවක් බලන්නකො..එතකොට තේරෙයි..මේකෙ සුදු සාරිය ඇඳල තියෙන්නෙ හැට්ටෙ නැතුව..ඒ ඇඳුම පිටින් නාන එකකුත් තියෙනව. අනික එක ලිංගික දර්ශනයේකුත් තියෙනව..මේක 18+ නෙවේනම් පොඩි අයත් එක්ක බලන්න.

  4. kavinda gamage

    දෙයියෙක් නෙමෙයි දේවාලයක් නියමයි නේ..
    මෙවගේ කථාවක් දෙනවා කියන්න ආයිත් සුපිරිම තමයි

  5. Rajith Madumal Weerasooriya

    සත්‍යම් ශිවම් සුන්දරම් චිත්‍රපටයේ මෙම උපසිරැසියට අදාල විඩීයෝව බාගත කිරීමට ලින්ක් ලබා ගැනීමට අවශ්‍යනම් මෙම නමින් ඇති මගේ ෆේස්බුක් ගිණුමට පණිවිඩයක් තබන්න..

  6. charitha

    දීල තියෙන කොපියනං ටිකක් විතර අව්ල්නෙ .මේකට ටොරන්ට් තියෙනවනෙ සහෝ..මම ගත්ත 1.2GB කොපියටනං ගානට සබ සෙට් උනා.පලවෙනි වැඩේට සුභ පැතුම් සහෝ..ස්තුතියි සබ් එකට..ජය..

  7. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  8. gihan

    Ela macho...
    puluwan nam subtitle eka me rip ekata update karanna...
    "satyam shivam sundaram 1978 hindi 720p dvdrip charmeleon silverrg"

  9. සුභාෂිණී මල්ලව ආරච්චි

    උපසිරැසියට බොහොම ස්තූතියි. තවත් මේ වගේ උපසිරැසි කරන්න මල්ලි.

  10. formano

    බොහොම ස්තූතියි අයියා උපසි‍රැසියට. නූරී චිත්‍රපටයේ උපසි‍රැසිත් ඉක්මනින් අපිට දෙන්න

  11. Tharaka

    Stutui..upasirasiyata..Digatama me wage hoda nirmana aran enna..
    jayen jayama wewa obata..!!!

  12. yohan

    thawath hindi films walata sub denna bro....tellytorrents nethnan mkvcinemas site balanna eke godak parana hindi film wala webrip copy thiyanawa.mekata wada quality hodai

  13. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට අලුත් ඒවට වගේම මේ වගේ පරණ ඒවටත් සබ් දෙන එක වටිනවා දිගටම සබ් කරන්න

  14. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
    දිගටම සබ් කරමු....

  15. Priyantha Dayakeerthi

    සුන්දර සිනමාපටයක්, පළමු සිංහල උපසිරසියට මාගේ ස්තුතිය! ඒ වගේම ඔබ කරනා සේවය තවත් උසස් වෙනවා. නෙට් එකේ "සබ්
    ෆයිල් එකක් නොමැති" ෆිල්ම් වලට සබ් දෙනවා නම්. ඒ මන්ද සබ් දෙන සියලුදෙනා ඉංග්‍රීසි එක පරිවර්තනයක් පමණයි කරන්නේ. නමුත් ඔබ හින්දි දන්නා "දුර්ලභ" කෙනෙක්. ඒ නිසා මම එහෙම යෝජනා කරනවා. Sasural 1961 එවැනි පැරණි හින්දි සිනමාපටයක්. දිගටම මේ සද් කාර්යය කරගෙන යන්න. ඔබට ජය!

  16. Deegayu Abeysekera

    wellcome to baiscopelk

  17. දහරා මුතු අමා

    සත්‍යම් ශිවම් සුදන්රම්... සිංදුව නිසාම බලන්න හිතෙන චිත්‍රපටියක්. බොහොම ස්තූතියි උපසිරැසියට.

  18. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦ පළවෙනි උපසිරැසියට සුබපැතුම් මචං....

  19. එල්.සී. දමැල්

    පළමු උපසිරසගැන්වුමට උණුසුම් සුභ පැතුම්!

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P