Watch Trailer

Gremlins 2: The New Batch (1990) Sinhala Subtitles | ග්‍රෙම්ලිනයෝ 2 [සිංහල උපසිරසි]

කට්ටියට මතකද දන්නෙ නෑ මං කලින් ගෙනාපු Gremlins (1984) ඒ කිව්වේ ග්‍රෙම්ලින් පළවෙනි චිත්‍රපටිය. ගිස්මෝ කියන හුරතල් මොග්වායිගේ ඇඟට වතුර වැටුනම එයාගෙ ඇඟෙන් එන යක්ෂ පැටව් වගේ ග්‍රෙම්ලින්ස්ලා කරන භයානක විහිළු මතක නැත්නම් මං කලින් දීපු ග්‍රෙම්ලින්ස් පළවෙනි ෆිල්ම් එක බලලා එන්න. 1990 ආපු මේ ග්‍රෙම්ලින්ස් දෙ…

කට්ටියට මතකද දන්නෙ නෑ මං කලින් ගෙනාපු Gremlins (1984) ඒ කිව්වේ ග්‍රෙම්ලින් පළවෙනි චිත්‍රපටිය. ගිස්මෝ කියන හුරතල් මොග්වායිගේ ඇඟට වතුර වැටුනම එයාගෙ ඇඟෙන් එන යක්ෂ පැටව් වගේ ග්‍රෙම්ලින්ස්ලා කරන භයානක විහිළු මතක නැත්නම් මං කලින් දීපු ග්‍රෙම්ලින්ස් පළවෙනි ෆිල්ම් එක බලලා එන්න. 1990 ආපු මේ ග්‍රෙම්ලින්ස් දෙවෙනි චිත්‍රපටයට 6.4 ක IMDB අගයක් හිමිවෙලා තියෙනවා මනාප 94,564 කින්. අධ්‍යක්ෂණය ග්‍රෙම්ලින්ස් පළවෙනි ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරපු Joe Dante සහ Chuck Jones විසින්. කලින් ෆිල්ම් එකේ හිටපු බිලී, කේට්, ෆටර්මන් යුවළට අමතරව අලුත් චරිත ගොඩක් මේ ෆිල්ම් එකේ බලාගන්න පුළුවන්.

විශේෂයෙන්ම කියන්න ඕනි දෙයක් තියෙනවා. මේ ෆිල්ම් එක බාර අරන් ගොඩක් කල් වුනත් සබ් එක හදන්න හෙන කම්මැළිකමේ හිටියේ. මේ ළඟදී ග්‍රෙම්ලින්ස් පළමු චිත්‍රපටියේ කමෙන්ට් කියවද්දි දැක්කා ශාමල් මනෝජන් සහෝ පෙබරවාරි මාසෙ දාපු කමෙන්ට් එකක්. ”Gremlins 02-1990 චිත්‍රපටය දෙනතුරු තවම බලා හිඳිමි” සහෝ කියලා. ඇත්තම කිව්වොත් ඒ කමෙන්ට් එක හින්දා තමයි කම්මැළිකමේ හිටපු මට මේ සබ් එක කරන්න හිතට ෆිට් එකක් ආවේ. ඉතින් තේරෙනවනේ ඔයාලගේ කමෙන්ට් අපිට මොන තරම් වටිනවද කියලා. ඒ ව‌ගේම හැමදාම සබ් වලට කමෙන්ට් කරන හැමෝටම ස්තූතියි කියන්න ඕනි. නම් වශයෙන් නොකිව්වත් හැමෝගෙම කමෙන්ට් කියවනවා වගේම ඒ කමෙන්ට් තමයි අපේ එකම සතුට වගේම ප්‍රතිලාභය.

මතක ඇතිනේ ‌පළවෙනි ෆිල්ම් එකේ පෙල්ට්සර්ට මොග්වායිව දෙද්දි කියපු නීති තුන. පළවෙනි නීතිය තමයි දීප්තිමත් එළියට නිරාවරණය කරන්න බෑ, දෙවෙනි නීතිය වතුරෙන් තෙමන්න බෑ, තුන් වෙනි නීතිය රෑ 12 න් පස්සේ කෑම දෙන්න බෑ. ඉතින් කට්ටියට මතක නම් කලින් ෆිල්ම් එක ඉවර වුන විදිහ අර වයසක සීයා ඇවිල්ලා ගිස්මෝව ආපහු අරන් ගියානේ. ඉතින් මේ ‌ෆිල්ම් එකේදි ඒ සීයා ලෙඩ වෙලා මැරෙනවා. එයා මැරෙනකම් බලන් ඉන්නවා ක්ලෑම්ප් කියලා ව්‍යාපාරිකයෙක් මොකද ඒ සීයගෙ කඩේ තිබුන තැනත් අල්ලලා ලොකු වෙළඳ මධ්‍යස්ථානයක් හදන්න තමයි එයාට ඕනි. ඉතින් ඒ සීයා මැරුණට පස්සේ ඒ සීයගෙ කඩේ කඩලා දාද්දි ගිස්මෝ පණ බේරගෙන පැනලා ගියත් ජාන විද්‍යාගාරෙක සේවකයෙක්ට අහුවෙලා එයාව ජාන විද්‍යාගාරෙට අරන් යනවා. පස්සෙ බිලී එයාව බේරගන්නවා. ඒ වුනත් කොහොම කොහොම හරි ගිස්මෝව තෙමිලා ආපහු අර යක්කු වගේ ග්‍රෙම්ලින්ලා බිහි වෙනවා. මේ පාර ජාන විද්‍යාගාරෙ තියෙන හින්දා අමුතු අමුතු වැඩ දාන ග්‍රෙම්ලින්ලා මේ ෆිල්ම් එකේ ඉන්නවා. පියාඹන වවුල් ග්‍රෙම්ලින්ලා, මකුළු ග්‍රෙම්ලින්ලා වගේ. කලින් ෆිල්ම් එකේ වගේ ගිස්මෝගේ වැඩ කෑලි බලාගන්නත් පුළුවන්.

කලින් ෆිල්ම් එක පවුලේ හැමෝටම බලන්න පුළුවන් වුනත් මේ ෆිල්ම් එකේ පොඩි පොඩි අප්සට් සීන් වගයක් තියෙනවා කියන එකත් මතක් කරන්න ඕනි. ඒ වගේම ග්‍රෙම්ලින් චිත්‍රපටි මාලාවේ තුන් වෙනි චිත්‍රපටියක් එනවා කියලා ආරංචි තියෙනවා. ඒ ව‌ගේම ඒ් ෆිල්ම් එකටත් පාවිච්චි කරන්නේ මේ මුල් ෆිල්ම් දෙකේ වගේම පපට් ග්‍රෙම්ලින්ලලු. පරිගණක තාක්ෂණයෙන් නිර්මාණය කරපු ග්‍රෙම්ලින්ලා නෙමෙයිලු. ඒ ව‌‌ගේම මේ ඇසුරින් නිපදවුනු රූපවාහිනී කතා මාලාවකුත් නිකුත් වෙන්න නියමිත වෙලා තියෙනවා. එහෙනම් මම ගිහින් එන්නම් හැමෝටම ජය වේවා !

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR  පිටපත් සඳහා අදාළ වේ.

1,265 downloadsDownload Gremlins-2-The-New-Batch-1990.zip44 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සොහාන් ජයසූරිය

Subtitles

1,265 downloadsDownload Subtitles44 KB

24 comments

  1. Sanjeewa

    3වෙනි එක එනකම් බලාසිටිමි... ස්තුතියි ස්තුතියි ස්තුතියි..

  2. අශාන්

    ඔයා කම්මැලිවෙලා බෑ. සුපිරි උපසිරැසිකරුවෙක්නෙ.

    1. Sohan Jayasooriya

      ඒක ඇත්තට කිව්වද, කින්ඩියට කිව්වද මන්දා..

    2. Anonymous

      කින්ඩියට නෙවේ වෙන්නැති නේහ්.

  3. amila

    Memoir of A Murderer film eka YTS copy ekata Update karanawada

  4. kavinda gamage

    බොහොම ස්තුතියි මේ වගේ ලස්සන කථා අරගෙන එනවාට .

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ සෑහෙන කල් බලන් හිටියා Gremlin (1984) බලල​ දෙවනි එකට සබ් දෙනකන් පුළුවන් නම් Primal Fear, K-Pax ෆිල්ම් දෙකටත් සබ් දෙන්න

  6. ශාමල් මනෝජන්

    උපසිරැසියට ගොඩක්ම ස්තූතියි සහෝ.

  7. Anonymous

    Ado Sword Art Online ekata sub diyanko

    1. sl crazy toon

      thanks saho

  8. charitha

    sabata thanks saho...

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  10. Hashan

    Thank you සබ් එකට :) :)

  11. Anonymous

    පලවෙනි එක බලන්නත් ඕනෙ..තැන්කූ සබ් එකට..

  12. Sohan Jayasooriya

    ස්තූතියි ගොඩක් හැමෝගෙම කමෙන්ට් වලට

  13. isuru srinath sjs

    පලවෙනි එකත් බලලා නෑ තාම..ඒකත් බලන්න ඕන එහෙනම්.. උපසිරැසියට බොහොම ස්තුතියි..
    ජය!!

  14. Shaggy

    Thank you very much

  15. indika75

    thanks..

  16. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  17. Dewadithya

    Thanks for sub!

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Isuru

    Thanks

  20. Isuru

    Thanks saho

  21. Anonymous

    Thanks for sub!