Savages (2012) Sinhala Subtitles ඔන්න යාලුවනේ මම අදත් ඔයාලට අරගෙන ආව අලුත්ම බයිස්කොප් එකක්. අපරාධ, නාට්‍ය, ත්‍රාසය යන වර්ගීකරණයන්ට අයත් වන මෙය Imdb ලකුණු 6.7ක් අරන් තියනව. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Oliver Stone විසින්. මේකෙ රගපාන්නෙ අපි හැමෝම කැමති පට්ටම නලුවො දෙන්නෙක්, ඒ තමයි Aaron Taylor,John T…

Savages (2012) Sinhala Subtitles
ඔන්න යාලුවනේ මම අදත් ඔයාලට අරගෙන ආව අලුත්ම බයිස්කොප් එකක්. අපරාධ, නාට්‍ය, ත්‍රාසය යන වර්ගීකරණයන්ට අයත් වන මෙය Imdb ලකුණු 6.7ක් අරන් තියනව. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Oliver Stone විසින්. මේකෙ රගපාන්නෙ අපි හැමෝම කැමති පට්ටම නලුවො දෙන්නෙක්, ඒ තමයි Aaron Taylor,John Travolta Johnson සහ Benicio Del Toro සුපිරි නළුවන් කිහිපපලක්ම මෙහි රංගනයෙන් දායක වෙනවා . Battleship ෆිල්ම් එක බලපු අය දන්නව ඇතිනෙ Aron Taylorගෙ වැඩ කියල. මේ ෆිල්ම් එකෙත් ඊට නොදෙවනි රංගනයක නිරත වෙනව. මම හිතන්නෙ මේ ෆිල්ම් එක හුඟ දෙනෙක් බලාපොරොත්තුවෙන් හිටපු ෆිල්ම් එකක්.
මේ කතාව සම්පූර්ණයෙන්ම පදනම් වෙලා තියෙන්නෙ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගෙ ක්‍රියා කලාපය මත. සුපිරි නලු දෙපල මෙහි පෙනී සිටින්නෙ බෙන් සහ චෝන් ලෙස. අඹ යාලුවො දෙන්නෙක්. මෙයාල මරිජුවානා වෙළදාම් කරන එක තමයි කරන්නෙ. වෙළදාම විතරක් නෙමෙයි ඒව නිෂ්පාදනය කරන්නෙත් එයාලමයි. ඒ ගැන පරීක්ෂණ කරන එක, අලුත් මත් ද්‍රව්‍ය සොයා ගන්න එක, මත් ද්‍රව්‍ය පැල වගාකරන එක, මේ හැමදේම කරනව. කොටින්ම කියනව නම් මෙයාල මත්ද්‍රව්‍ය විශේෂඥයො. ඉතින් මෙයාලට මත්ද්‍රව්‍ය ලෝකෙයේ සුපකට නමක් තියනව. වැඩේ කියන්නෙ මෙච්චර සල්ලි තියන මේ දෙන්නට ඉන්නෙ එකම පෙම්වතියක්. මාරයි නේ. එයාගෙ නම ඔහිලියා, ඕ කියල තමයි කවුරුත් කියන්නෙ. මෙයාල මෙහෙම බිස්නස් එක කරන අතරතුරේ මෙක්සිකෝවට එනව අපරාධ සංවිධානයක්, එයාල මේ දෙන්නට බල කරනව එයාලට එකතු වෙන්න කියල. ඒත් ඒකට බෙන් සහ චෝන් කැමති නෑ. පස්සෙ මේ දෙන්නගෙ පෙම්වතිය පැහැරගැනීමට ලක් වෙනව. එයාව ප්‍රාණ ඇපයට ගන්නව. ඒ නිසා බෙන්ටයි චෝන්ටයි එයාල කියන පදේට නටන්න වෙනව. මේ වැඩේ හැමදාමත් කරන්න බෑ කියල හිතපු චෝන් එයාලගෙ පෙම්වතිය බේරගන්න යුද්ධයකට සැරසෙනව. ඉතින් ඉතුරු හරිය ඔයාලම බලන්න…
මම ඊයෙ තමයි වැඩේ බාර ගත්තෙ, ටිකක් අසනීප තත්වයෙන් ඉන්න නිසා සබ් එක හදන්න වෙනදට වඩා ටිකක් වෙලා ගියා. නැත්තම් ඊයෙම දෙන්න තිබුන. කමක් නෑ කොහොම හරි දුන්නනෙ. එහෙනම් ඉක්මනට ෆිල්ම් එක බාගෙන බලන්න, ඒ ගමන් හැකි නම් කමෙන්ට් එකකුත් දැම්මට වරදක් වෙන එකක් නෑ,,,ආ තව පොඩ්ඩෙන් අමතක වෙනව, මෙ ෆිල්ම් එක වැඩිහිටි පොඩිහිටි කාටත් එකට සිට නැරඹිය නොහැකි බවත් කරුණාවෙන් සලකන්න..එහෙනම් ආයෙත් ලස්සන සිනමා සිත්තමක් රැගෙන එන බලාපොරොත්තුවෙන් මම සමු ගන්නම. හැමෝටම ජය පතමි,,,,,,
Savages (2012) Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BluRay/DVDRIP පිටපත් සඳහා අදාළ වේ.
6,702 downloadsDownload Savages.2012.Sinhala.Sub_.baiscopelk.rar148 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල KD සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2011-11-30
Subtitles by
දිදුල Kd
Subtitles
- #2012
- #Christopher McQuarrie
- #Lee Child
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Richard Jenkins
- #Rosamund Pike
- #Savages (2012) Sinhala Sub
- #Savages (2012) Sinhala Subtitles
- #Savages Sinhala Sub
- #Savages Sinhala Subtitles
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sub
- #Subs
- #Tom Cruise
- #දිදුල Kd
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
0 comments
No comments yet.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie