Watch Trailer

Saving Leningrad (2019) Sinhala Subtitles | ලෙනින්ග්‍රෑඩ් ගලවාගැනීම.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කස්ටිය…සයිරන් ටීවී එකේ එපියෙන් පස්සෙ ඔන්න ආයෙත් ඔයාලට උපසිරසක් අරන් ආවා. යුද්ධ ගැන කතා, ඉතිහාස කතා බලන්න කැමති අයට මේක සුපිරියක්. මේ ඇත්ත කතාවක් පදනම් කරගෙන තිරගත කෙරුනු සිනමාපටයකි. මේක රුසියන් බොක්ස් ඔෆිස් සිනමාපටයක්. බොක්ස් ඔෆිස් කියන්නෙ ඉතින් නරක වෙන්න බෑනේ. මේ සිනමාපටය වෙනුවෙන් ₽237 mill…

කොහොමද කස්ටිය…සයිරන් ටීවී එකේ එපියෙන් පස්සෙ ඔන්න ආයෙත් ඔයාලට උපසිරසක් අරන් ආවා. යුද්ධ ගැන කතා, ඉතිහාස කතා බලන්න කැමති අයට මේක සුපිරියක්. මේ ඇත්ත කතාවක් පදනම් කරගෙන තිරගත කෙරුනු සිනමාපටයකි. මේක රුසියන් බොක්ස් ඔෆිස් සිනමාපටයක්. බොක්ස් ඔෆිස් කියන්නෙ ඉතින් නරක වෙන්න බෑනේ. මේ සිනමාපටය වෙනුවෙන් ₽237 million ප්‍රමාණයක් වැයකර ඇති අතර ₽202 million/$3,068,838 බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගෙන තියනවා.

ශාන්ත පීටර්ස්බර්ග්හි (පසුව ලෙනින්ග්‍රෑඩ්) අවහිරය ඉවත් කර 75 වන සංවත්සරය නිමිත්තෙන් යුනිවර්සල් පික්චර්ස් ඉන්ටර්නැෂනල් සමාගම විසින් 2019 ජනවාරි 27 වන දින රුසියානු සමූහාණ්ඩුවේදී Saving Leningrad 2019 සිනමාපටය නිකුත් කරන ලදී.

1941 සැප්තැම්බර් 16 සිට 17 දක්වා රාත්‍රියේ සිදු වූ ලේ “බාර්ජ් 752” හි ඛේදවාචකය වන රෝඩ් ඔෆ් ලයිෆ් ගැන ලියන ලද 2019 රුසියානු යුද චිත්‍රපටයක් වන Saving Leningrad 2019 ලැඩෝගා විල අසල. ලෙනින්ග්‍රෑඩ්හි සිට මිනිසුන් ඉවත් කිරීමේදී, නාසි යුධ ගුවන් යානා විසින් බෝම්බ හෙලනු ලැබූ අතර මිනිසුන් දහසකට වැඩි පිරිසක් මිය ගියහ. ඒ අතරම, ලෙනින්ග්‍රෑඩ් වෙත ඉන්ධන සහ මිලිටරි සැපයුම් ප්‍රවාහනය කරමින් සිටි “සෙලෙම්ඩ්ෂා” නම් තුවක්කුවකින් ඇදගෙන ගිය බාර්ජ් එකකින් පුද්ගලයින් 460 ක් මිය ගියහ. ස්වල්ප දෙනෙක් ඉතිරි විය. මෙම චිත්‍රපටය දෙවන ලෝක සංග්‍රාමයේ නැගෙනහිර පෙරමුණ අතරතුර සිදුවන අතර ලෙනින්ග්‍රෑඩ් වැටලීමේ ආරම්භය කෙරෙහි අවධානය යොමු කරයි.

Foodstuffs delivered to besieged Leningrad on a barge on Lake Ladoga.

Cutters carrying foodstuffs to besieged Leningrad on Lake Ladoga.

ලෙනින්ග්‍රෑඩ් වැටලීම

ලෙනින්ග්‍රෑඩ් වැටලීම, දින 900 වටලෑම ලෙසද හැඳින්වේ, දීර්ඝම වැටලීම (1941 සැප්තැම්බර් 8 සිට 1944 ජනවාරි 27 දක්වා) ලෙනින්ග්‍රෑඩ් නගරයේ (ශාන්ත පීටර්ස්බර්ග්) දෙවන ලෝක යුද්ධ සමයේදී ජර්මානු සහ ෆින්ලන්ත සන්නද්ධ හමුදා විසින් සෝවියට් සංගමය.වැටලීම ඇත්ත වශයෙන්ම දින 872 ක් පැවතුනි.

රතු හමුදා සෙබළුන් ලෙනින්ග්‍රෑඩ් වැටලීමේදී කටු කම්බිවලින් ශක්තිමත් ආරක්ෂක ප්‍රදේශයක් තරණය කිරීම දිස් වෙන චායාරූපයක්

Part of the Eastern Front of World War II

Air raids on Leningrad near St. Isaac’s Cathedral, 1941

ලෙනින්ග්‍රෑඩ් යුද්ධයේ සාරංශය මේ ආකාරයට දැක්විය හැක.

කාලය -September 8, 1941 – January 27, 1944
ස්ථානය- RussiaSt. Petersburg
සහභාගි වූ රටවල් – Finland/Germany/Soviet Union

වටලෑම ආරම්භ වූයේ 1941 සැප්තැම්බර් 8 වන දින වෙර්මාච්ට් නගරයට අවසන් මාර්ගය කපා හැරීමෙනි. 1943 ජනවාරි 18 වන දින සෝවියට් හමුදා නගරයට පටු ඉඩම් කොරිඩෝවක් විවෘත කිරීමට සමත් වුවද, රතු හමුදාව වටලෑම ආරම්භ කර දින 872 ක් ගතවී 1944 ජනවාරි 27 වන දින දක්වා එය ඉවත් කළේ නැත. මෙම අවහිර කිරීම ඉතිහාසයේ දීර්ඝම හා විනාශකාරී වැටලීම්වලින් එකක් බවට පත් වූ අතර, තුවාල ලැබූවන් වැඩිම ප්‍රමානයක් හමු වූවේය. සමහර ඉතිහාස කතා එය ජන සංහාරයක් ලෙස වර්ගීකරණය කරලා තිබේ.

කතාව පැත්තට පොඩ්ඩක් හැරුනොත් කතාවෙ තියෙන්නෙ ලෙනින්ග්‍රෑඩ් වල රුසියානු ජනතාව හිර වෙලා ඉන්න වෙලාවක එයාලට එලියට එන්න තියන එකම විදිහ ලැඩෝගා විල. ඒත් උදේ එලියට එන්න බෑ මොකද සතුරු ගුවන්යානා වලින් පහර දෙනවා. එයාලා කලුවර වැටෙනම් ඉන්නවා. ඉදලා එන්න පිටත් වෙනවා.ඒ එන අතරමග මෙයාලට කුනාටුවක් හමුවෙනවා. එයාලා ඒකෙන් බේරෙයිද රුසියානුවන්ට ආපහු බේරිලා තමන්ගෙ මව්බිමට එන්න පුළුවන් වෙයිද?

ඒ වගේම අනිත් පැත්තෙන් යුද්ධ පිටියේද සටනක් සිදු වෙනවා…ඔයාලට කම්මැලි නැතුව බලන්න පුළුවන් සිනමාපටයක් කියලා බය නැතුව කියන්න පුළුවන් එහෙනම්තවත් වැල් වටාරම් ඕනේ නෑනේ. මේක මට බාරගන්න කියපු ඉසුරු සහෝටත් ස්තූති කරන ගමන් ගිහින් එන්නම්. ආයෙත් උපසිරසකින් හම්බවෙමු.
බුදු සරණයි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.

6,585 downloadsDownload Saving-Leningrad-2019.zip38 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉමේෂ් ලක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඉමේෂ් ලක්ෂාන්

Subtitles

6,585 downloadsDownload Subtitles38 KB

26 comments

  1. Lahiru Oshan Dahanayake

    Ela bro

  2. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Woman in berlin (2008)

    Mekath hoda ww2 movie ekak

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    Siren එකේ ඉතුරු කොටස්වලටත් පුළුවන් නම් සබ් දෙන්න...
    ජය වේවා.!

    1. Anonymous

      ළඟදීම...

  4. Uvindu

    නියම ෆිල්ම් එක සහො උපසිරසියත් හොඳයි

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  6. Isirajanith

    Thanks sub ekata supiri pluwanman DC superhero girls TV series 2019 sub dennko please Hari Looney tunes TV show season 1 2 sub

  7. Pramod

    Thanks machan , jaya weva.

  8. මාලක ප්‍රසාද්

    උබල අපේ ආතල් එක වෙනුවෙන් නිකන් කරන සේවය හදවතින්ම අගය කරනවා බ්‍රෝ.... ස්තූතියි සබ් එකට ❤

    1. pulina chamantha

      අනිවා බ්‍රෝ

  9. indika75

    thanks..

  10. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  11. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට...

  12. chinthaka_priyadrshana

    Thank U very much

  13. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!
    නිදුක් නිරෝගී සුවපත්භාවයම ලැබේවා!

  14. c4g

    English sub eke time line tikak aul e tikath hadala danda thibbe,,kohoma unath sub ekata thanks..

  15. Udara Damith Dissanayaka

    හුරේ

  16. Anonymous

    tHANKS mACHOOOO....!!!! Patta....!!!!!

  17. lakshan

    thanks ..............................

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Ishara Lakshitha

    Meke web rip akak nane download karanna

    1. imesh

      biscopedownload.co eke tynwa

  20. blackLion007

    ┊┊┊┊
    ┊┊┊✧
    ┊┊✦
    ┊✧
    ✦ ❤️
    ❤️
    ❤️ Thanks For The Subtitle !!!!!!!!! ✨

  21. Malith Samarawickrama

    බොහොම ස්තුතියි සබ් එකට

  22. jagath55

    Thanks

  23. Dewadithya

    Thanks for sub!