Watch Trailer

Sawaari (2016) with Sinhala Subtitles| ගමන පැහැදිලියි නමුත් යන්නේ පරිස්සමෙන් [සිංහල උපසිරසි සමඟ]

හායි යාලුවනේ, ඉතා ඉක්මනින් තවත් චිත්‍රපටයකට සබක් ගෙනාව ඔන්න මම, මේ චිත්‍රපටය කරන්න මට කිසිම අදහසක් තිබුනේ නැහැ, නවක නළු පිරිසක් සහ අලුත් අධ්‍යක්ෂ වරයෙක් හිටපු නිසා. නමුත් මට අහම්බෙන් මේ චිත්‍රපටය බලන්න සිදු වුනා, ඉතින් මේ චිත්‍රපටය භාගයක් බල බලා ඉන්නකොට සුපිරි එකක් වගේ තේරුනා, ඉතින් සම්පුර්ණයෙන්ම ඒ…

Sawaari (2016)

හායි යාලුවනේ, ඉතා ඉක්මනින් තවත් චිත්‍රපටයකට සබක් ගෙනාව ඔන්න මම, මේ චිත්‍රපටය කරන්න මට කිසිම අදහසක් තිබුනේ නැහැ, නවක නළු පිරිසක් සහ අලුත් අධ්‍යක්ෂ වරයෙක් හිටපු නිසා. නමුත් මට අහම්බෙන් මේ චිත්‍රපටය බලන්න සිදු වුනා, ඉතින් මේ චිත්‍රපටය භාගයක් බල බලා ඉන්නකොට සුපිරි එකක් වගේ තේරුනා, ඉතින් සම්පුර්ණයෙන්ම ඒක බලන්නත් කලින් මම මේකට සබ් එක කරන්න ඉල්ලුවා, ඉතින් ක්ෂණිකවම මට Replay එකක් ආවා හසන්ත අය්යගෙන් හරි මල්ලි ඔයාම මේක කරන්න කියලා, ඉතින් ගොඩ කාලෙකට පස්සේ ආසාවෙන් කරපු සබ් එකක් තමා ඉතින් මේක. සමහර අය නම් චිත්‍රපට බලන්නේ එක්කෝ අධ්‍යක්ෂ වරයා කවුද කියලා බලලා එහෙමත් නැතිනම් රඟපාන නළුවන් කවුද කින්ද මන්ද බලලා තමයි එයාට Statics නම් චිත්‍රපටය බාලා බලන්න ගන්නේ ඉතින්. මම නම් කියන්නේ මේක මේ අවුරුද්දේ දමිල සිනිමාවේ කුතුහලයත් එක්ක සුපිරියටම කරලා තියෙන චිත්‍රපටයක් කියලා තමා ඉතින්. මේ චිත්‍රපටය අප බල බලා ඉන්නකොට අපට ඊළඟට මොකක් වෙයිද, මෙයා කවුද, ඇත්තටම මේ කෙනාද හොරා, නැතිනම් වෙන කවුරු හරිද එහෙම කියලා, අපේ කුතුහලය හොඳටම අවුස්සලා දිග හරින කතාවක් කිව්වා නම් නිවැරදියි. මේ කතාවේ මුල ඉඳලා අගටම තියෙන්නේ කුතුහලය පමණයි, නමුත් මම නම් කියන්නේ එකම කෙනා මේ චිත්‍රපටය දෙතුන් වතාවක් බැලුවොත් එහෙම මේකේ අගයක් නැති වෙනවා කියලා තමයි. ඉතින් මේකේ සබ් එකක් අන්තර් ජාලයේ නොතිබුණු නිසා සතියක් තිස්සේ වැඩ අස්සේ කොහොම හරි ලයින් ගහලා අසා ලිවීමක් තමයි කලේ.

මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ මම කලින් කිව්ව විදියට Guhan Senniappan කියන නවකයෙකු විසිනි. මෙම චිත්‍රපටයට ලොකු බලයක් එකතු වුන දෙයක් තමා මෙයට සපයා තිබෙන පසුතල සංගීතය. තැනට උචිත පරිදි පසුතල සංගීතය නියමෙටම කරලා තියෙනවා, පසුතල සංගීතය තමා මේ චිත්‍රපටයේ ජයග්‍රහණයට මුලික වුන ප්‍රධාන අංගය. ඒ ආකාරයෙන් මෙහි පසුතල සංගීතය නියමෙටම කරලා තියෙනවා. මෙයට සංගීතය සපයා තියෙන්නේ Vishal Chandrasekhar කියන කෙනෙක්. ඉතින් මෙහි Imdb අගය 6.6 ක් අරන් තියෙනවා.

දැන් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු, කෙනෙක් ඉන්නවා අධි වේගී මාර්ගයේ කාර් වලින් යන අයව විතරක් හොයලා මරණ මන්ද මානසික ලෙඩෙක්. ඉතින් මේ නඩුව පැවරෙන්නේ සෝලෝමන් කියලා පොලිස් නිලධාරියෙකුටයි, ඉතින් මොහුගේ විවාහය හෙට තියාගෙන මේ නඩුව ඉක්මනට ඉවර කරලා දෙන්න කියලා කොමසාරිස් තුමා මෙයාට අඩගහලා නඩුව භාර දෙනවා. ඉතින් මොහුගේ Reception එකට හවස හය වෙන්න කලින් යන්න තියෙනවා. ඉතින් මොහු අධි වේගී මාර්ගයේ යද්දී මොහුගේ කාර් එක කැඩෙනවා, ඉතින් මොහුව දාගෙන යන්නේ රවී කියලා කෙනෙක්, ඉතින් මොහු මේ ගෙන එන වාහනය පොන්මලයි කියන මන්ත්‍රී වරයාට හවස හතර වෙන්න කලින් ගිහින් දෙන්න ඕනේ, ඉතින් ඒ Risk එකත් තියාගෙන මොහු Soloman ව කාර් එකේ දාගෙන යනවා, ඉතින් මෙහෙම යද්දී කෙනෙක් අත දානවා කාර් එකේ දාගෙන යන්න කියලා, ඉතින් සෝලමන් මහතා මේ අර පිස්සු මිහිනා වෙන්න ඇතියි කියලා හිතලා මෙයාවත් වාහනයේ දා ගන්නවා… ඉතින් තව කිව්වොත් මේ චිත්‍රපටයේ කුතුහලයට බාධාවක් වෙයි කියලා හිතලා මම මෙතනින් කතාව නවත්තනවා, ඔයාලා මේක බලලා ඇත්තටම අර නැග්ගේ මිනිස්සුන්ව මරණ පිස්සු මිනිහද, ඒ මිනිහටයි මෙයාටයි තියෙන සම්බන්ධය මොකක්ද කියලා ඔයාම මේක බලලා දැන ගන්න, මේ කතාව සම්පුර්ණයෙන්ම එක දවසක වෙච්ච සිදු වීමක් ලෙස තමා අරන් තියෙන්නේ.ඉතින් මේක බලන්න කියලා මම සේරටම ආරාධනා කරන ගමන් මම කැපෙනවා.

ඔබට සුභ දවසක්….

ස්තූතියි.

ඔබට ජය…!!!

Sawaari (2016) on IMDb

Size Zero (2015)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

www.TamilRockers.TO – Sawaari (2016) Tamil HDRip Xvid Mp3 700MB

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

6,242 downloadsDownload Sawaari-2016.zip48 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/RavinduSandeepa1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිඳු සංදීප (BrsRavindu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රවිඳු සංදීප

Subtitles

6,242 downloadsDownload Subtitles48 KB

23 comments

  1. Imila Umeshan Amarasinghe

    thanx......... ravindu.............

  2. King Ruwan

    Thanx bro sub ekata.... Budu Saranai.....

  3. tharaka

    patta film ekak wage

  4. කවීන් ලහිරු

    සබ් එකට තුති සහෝ
    නැවත සිංහල උපසිරැසියකින් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  5. රයන් ද සිල්වා

    ස්තූතියි රවිදු සහෝ සිංහල උපසිරැසියට
    #ජය වේවා

  6. Udara Damith B\K

    ela

  7. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    Vellikizhamai 13am Thethi (2016)
    Tamilselvanum Thaniyar Anjalum (2016)
    Kadha Solla Porom (2016)
    Arthanari [2016]
    Oyee (2016)
    Meera Jaakirathai (2016)
    Paisa (2016)
    Oru Melliya Kodu (2016)
    Jambulingam 3D [2016]
    Angali Pangali (2016)
    Kadhal Agathee [2016]
    Ka Ka Ka Po (2016)
    Adra Machan Visilu (2016)

    TamilRockers(dot)ws site eke thiyana honda films mewa..
    puluwannam sub denna machan…..

  8. buddhika

    ela macho thanx sub ekata.....

  9. sandu mahesh

    Oyalage sub 1th LED TV wala play wena widiyata dunnanam ela bro..

  10. Hiruni

    ස්තූතියි.. :)
    1983 (2014) movie එකටත් සබ් දෙන්නකෝ පුළුවන් නම්..
    (http://www.imdb.com/title/tt3506970/)

  11. iwantm8

    Sub akata tnx machan ubalata suba patanwa.at ads wedie wage neda...akak dekak auto open unatanam kamak nehe.mokda me free dena sub akata podi mudalak hari enwane.nikan click karanna tibbat kamak nehe 2ka 3n click karan yanwa aniwa.ads auto open aka 2kata witara sima karanna.tnx.goodluck

  12. isuru

    sub 1ta thanx macho....
    puluwannam mekatath ikmanata sub 1a danna.

    Tamilselvanum Thaniyar Anjalum (2016)

  13. Kulanjana Maduranga

    niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. thanuj

    plz machanla torrent link 1k danawada? plz

  15. Djz Ishan Mix Brand

    Hash tag eka dennako bn please

  16. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. D A Janith Sudharaka

    aiyata godak thanks oyalage kalaya waya karala an ayage sathuta wenuwen kapa karana ekata baiscope sub dana siyaluma aiyalata godaaaaak thanks

  18. Menu

    Thank you

  19. Trivon Lakmal

    Hash tag eka denna plz

  20. ~Hesh

    thnkz bro. mekatath ikmanatama sub eka danna
    tamilselvanum thaniyar anjalum

  21. gihan

    ස්තූතියි සිංහල උපසිරැසියට

  22. suranjith

    sawaari film 1ke Sub nm wdk ne kywnna amarui

  23. Chamal

    oyee tamil film eke sub dennako