ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ පනස් හතරවන උපසිරසි නිර්මාණය අරන් ආවා. අපි කවුරුත් දන්නා ටයිටැනික් නැව හා සම්බන්ධ තවත් කතාවක්. IMDb අගය 7.3 අරන් තියන Drama, History, Romance වර්ගයට අයිතින්වෙන මෙම චිත්‍රපටය එම වසරේ තිරරචනයට අදාළ ඔස්කාර් සම්මානය හිමි කරගත්තා වගේම කළා අධ්‍යක්ෂණයට නිරේදේශ උනා. 1997 ටයිටැන…

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ පනස් හතරවන උපසිරසි නිර්මාණය අරන් ආවා. අපි කවුරුත් දන්නා ටයිටැනික් නැව හා සම්බන්ධ තවත් කතාවක්. IMDb අගය 7.3 අරන් තියන Drama, History, Romance වර්ගයට අයිතින්වෙන මෙම චිත්‍රපටය එම වසරේ තිරරචනයට අදාළ ඔස්කාර් සම්මානය හිමි කරගත්තා වගේම කළා අධ්‍යක්ෂණයට නිරේදේශ උනා. 1997 ටයිටැනික් කතාව මෙන් නොව සැබෑ සිදුවීම් අනුව තමා මේකේ තිර රචනය සිදු කරලා තියෙන්නේ. සැබෑ සිදුවීමට මුහුණ දීලා ජිවිතේ බේර ගත්ත ගොඩක් අය මේ චිත්‍රපටය නිර්මාණය වෙන කාලේ ජිවත් උන නිසා එයාලගේ අත්දැකීම් මෙන්ම පුවත් පත් වාර්තා මේ චිත්‍රපටයේ දර්ශන නිර්මාණයට යොදා ගන්නවා. ඉතින් සැබෑ නැවේ සිදුවූ සිදුවීම් වලට ආසන්නම සිදුවීම් මේ චිත්‍රපටයේ ඔයාලට දකින්න පුළුවන්. මේක කළු සුදු චිත්‍රපටයක්. ඒත් මේකේ තියන සමහර දර්ශන 1997 චිත්‍රපටයේ ඒ විදියටම තියෙනවා කියල මට නම් හිතුනා වගේම දැක්කා. ඔයාලටත් ඉතින් චිත්‍රපටය බලල ඒක තීරණය කරන්න කියල කියනවා.
ටයිටැනික් නැවේ සිදුවීම් සහ ගිලීයාම අතරම මෙම චිත්‍රපටයේ පවුලක ඇතිවන ප්‍රශ්නයක් ඔස්සේ කතාව දිගහැරෙනවා. පොතේ ඉංග්‍රීසි වලින් කතාව තිබුනත් කාටත් තේරෙන්න මම සමහර දෙබස් වඩාත් උචිත විදියට සරල කරලා තියනවා. කලාත්මක චිත්‍රපට රසවිඳින්න කැමති ඔයාලට මේ චිත්‍රපටය හොඳටම අල්ලලා යාවි. මම ඊළඟට ඔයාලට අරන් එන්නෙත් පැරණි චිත්‍රපටයක්. ඒ වගේම විද්‍යා ප්‍රබන්ධයක්. ඉතින් ඒ චිත්‍රපටය එක්ක හමුවෙන බලාපොරොත්තුවෙන් සමු ගන්නම්. සුපුරුදු විදියට කියන්න තියෙන්නේ ඔයාලගේ අදහස් සහ යෝජනා කියන්න අමතක කරන්න එපා.
බුදු සරණයි …..!
Due to copyright issues, we do not provide any torrent links.
Titanic.1953.720p.BluRay.x264.YIFY
Titanic.1953.1080p.BluRay.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම (BR) පිටපත් සඳහා අදාළ වේ.
517 downloadsDownload Titanic-1953.zip73 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
21 comments
Tharaka
praneeth madu
ela bn
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!බුදු සරණයි.. !
Darshana
Sub ekata thanks saho.. good luck
nishadi wickrama
tnx
Gathsara Umesh Kumara
sab ekata sthuuthiy sahooo.......
You See Me 2 2016 thama naeththe mokooo
Ishan Madusha
ස්තුතියි උපසිරැසියට සහෝ.ජය වේවා!
Ash
අනේ කව්රු හරි කමක් නෑ බන් Now You See Me 2 ෆිල්ම් එකට සබ දියන්කෝ....
තව දෙයක් කියන්න තියනවා අව්ලක් හිතන්න එපා දැන් නම් Site එක පොඩ්ඩක් චාටර් වෙලා තියෙන්නේ...
අනික ගොඩක් සබ් තියෙන්නේ හින්දි ෆිල්ම් වලට ඒවා ඉතින් ඉක්මනටම TV වල දාන නිසා English ටිකක් වැඩියෙන් කරොත් අපි කැමතියි....Kulanjana Maduranga
niayamai…thanks ASANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thilinã Nűwań Mălsăra
උපසිරැසියට තුති…
rakitha ranathunga
sub ekata thanks.....
Withanage Priyantha Dayakeerthi
මෙය යු ටියුබ් එකේ තියෙනවා දැක්කත් මෙතෙක් නරඹන්නට නොහැකි වූ සිනමාපටයක්. උපසිරසි තිබෙන නිසා දැන් අනිවාර්යයෙන් නරඹනවා. මෙහි ටයිටැනික් නැවේ සත්‍ය වීඩියෝ කොටස් ගොඩක් ඇති කියාද මට සිතෙනවා. ඔබේ වෙහෙසට ගොඩක් ස්තුතියි!
anu
meke torren downlord karanne kohoda kiyala kiyanna puluwanda...........////
Dulanga
Thanks
Udara Damith B\K
ගොඩාක් ස්තූතියි
Udara Damith B\K
තැන්ක්ස්
Udara
Thanks lot sahoo
Thilakarathna
පරණ ෆිල්ම් එකක් නිසා මෙය බලන්නම ඕන. ඔබට ජය!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
exit_9.1
ela bro.. digatama denno.. parana unath balanawa. ekath kalawak
වජිර රත්නායක
ඔබට ස්තුතියි. අතීතයේ සැංගී යන මෙවැනි චිත්‍රපටයක් අපට බලන්නට අවස්ථාව උදාකරදීම පිළිබඳව
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
උපසිරැසි ගන්වන එක පැය ගාණක් යන වැඩක්. අපිට ඕන්නම් කමාන්ටුවක් කොටන්න විනාඩියක් දෙකක් යයි. ඉතින් සබ් එක බාගෙන චිත්‍රපටිය නරඹනවානම් කමාන්ටුවක් කෙටීම තමයි හැමෝගේම යුතුකම. කිසිදු ප්‍රතිලාභයක් ගැන නොසිතා සේවයක් වශයෙන් සලකා උපසිරැසි නිර්මාණය කරන සොයුරු, සොයුරියන් බලාපොරොත්තු වෙන්නෙත් සබ් බාගන්නා අපෙන් කමාන්ටුවක් විතරයි. ඔන්න මම ඒ යුතුකම අදත් ඉටු කලා. පුළුවන්නම් imdb රේටින් එක 7.7ක් තියන Romeo and Juliet (1968) ෆිල්ම් එකටත් සබ් දෙන්න. ඒ වගේම ඉදිරියටත් මේ වගේම වෙනස් වෙනස් ලස්සන චිත්‍රපට වලට උපසිරැසි ලබාදෙන්න සහෝ.
සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.
බුදු සරණයි!