Watch Trailer

Scary Movie 4 (2006) Sinhala Subtitles | අද්භූත නිවසේ සැඟවුණු පළිගැනීම [සිංහල උපසිරසි]

Scary Movie 4 (2006) Sinhala Subtitles හායි කොහොමද යාලුවනේ! මේ මගේ දෙවෙනි උපසිරැසි ගැන්වීමයි. පොරොන්දු උනා වගේම මේ චිත්‍රපටයටත් ඉක්මනින්ම උපසිරැසි දෙන්න පුලුවන් උනා ඒ ගැන මට ගොඩක් සතුටුයි. මට මේ චිත්‍රපට මාලාවට උපසිරැසි කරන්න ඕන කියලා අදහස ආවෙ මීට කලින් මේ චිත්‍රපට මාලාවේ මුල් චිත්‍රපට දෙකට උපසිරැස…

Scary Movie 4 (2006)  Sinhala Subtitles

හායි කොහොමද යාලුවනේ! මේ මගේ දෙවෙනි උපසිරැසි ගැන්වීමයි. පොරොන්දු උනා වගේම මේ චිත්‍රපටයටත් ඉක්මනින්ම උපසිරැසි දෙන්න පුලුවන් උනා ඒ ගැන මට ගොඩක් සතුටුයි. මට මේ චිත්‍රපට මාලාවට උපසිරැසි කරන්න ඕන කියලා අදහස ආවෙ මීට කලින් මේ චිත්‍රපට මාලාවේ  මුල් චිත්‍රපට දෙකට උපසිරැසි ලබා දුන්  Tharuka Nimhan සහෝදරයා නිසයි. ඔහු කලින් චිත්‍රපට දෙකට උපසිරැසි ලබා දුන්නන් මොනයම් හෝ හෙතුවක් මත අනිත් චිත්‍රපටයන්ට උපසිරැසි ලබා දීමට නොහැකි වෙලා තියෙනවා. නමුත්  ඔහු ඒ චිත්‍රපට දෙකට උපැසිරැසි ලබා දීපු නිසා තමයි මට අනිත් චිත්‍රපටයන්ට උපසිරැසි ලබාදෙන්න අදහස ආවේ. ඒ වෙනුවෙන් ඔහුට ස්තූති කරන්න ඕන. හරි එහෙනම් අපි මේ චිත්‍රපටය ගැන කතා කරමු.

ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ Scary Movie 4 වන චිත්‍රපටයයි. මම කලින් අරගෙන ආපු  Scary Movie 3 වන චිත්‍රපටය වගේම මේකත් හිනා වෙලා පණ යන මට්ටමේ සුපිරිම කොමඩියක් කියලා බය නැතුව කියන්න පුළුවන්. මෙහි එවකට ජනප්‍රිය වී තිබුණු  War of the Worlds (2005), The Grudge (2004), The Village (2004), Saw (2004), Saw II (2005), Million Dollar Baby (2004)  වැනි චිත්‍රපට රැසක් හාස්‍යයට ලක් කරමින් නිර්මාණය කර තිබීම විශේෂත්වයක්. මේ චිත්‍රපටය IMDb 5.1 ක අගයක් ලබාගෙන තියෙනවා. ඒ වගේම ඩොලර් මිලියන 40-45 කට ආසන්න වියදමකින් නිශ්පාදනය වූ මෙම චිත්‍රපටය ඩොලර් මිලියන 178 ක ආදායමක් ලබා ගන්න සමත් වී තිබෙනවා. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ කලින් 3 වන චිත්‍රපටය අධ්‍යක්ෂණය කල David Zucker යන අධ්‍යක්ෂවරයායි. ප්‍රධාන නළු නිළියන් වශයෙන් Anna Faris, Regina Hall, Leslie Nielsen, Craig Bierko, Anthony Anderson, Kevin Hart ආදී නළු නිළියන් එක් වෙලා තියෙනවා.

චිත්‍රපටයේ කතාව ගැන කෙටියෙන් කියනවානම්, මෙවර කතාව ගෙතෙන්නෙත් අපි හැමෝටම හුරුපුරුදු සින්ඩි කැම්බල් වටායි. මෙදා පාර සින්ඩි රැකියාවකට යන්නේ අමුතුම විදිහේ ලෙඩක් තියෙන වයසක කාන්තාවක් බලාගන්නයි. ඒ ගෙදර අද්භූත සිදුවීම් සිද්ධ වෙනවා, ඒ සිද්ධ වන දේවල් වටා යන කතාව බලන්න කියල මම ඔයාලට ආරාධනා කරනවා.

ඉතින් යාලුවනේ  මේ චිත්‍රපට මාලාවේම ඊලග චිත්‍රපටයට ඉක්මනින්ම උපසිරැසි ලබා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මගේ උපසිරැසි ගැන්වීමේදී අඩුපාඩු තිබුනොත් ඒ ගැන පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. චිත්‍රපටය නරඹලා ඔයාලගේ අදහස් දක්වන්න. ඉක්මනින් හමුවෙමු! හැමෝටම ස්තූතියි.

 

Scary Movie 4 (2006) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any download links.

ලබා දී ඇති උපසිරැසි Bluray පිටපත් සඳහා පමණක් අදාළ වේ.

350 downloadsDownload Scary-Movie-4-2006.zip41 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් මදුකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2026-04-26

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Scary Movie 4  Sinhala Subtitles

Subtitles by

සචින් මදුකාන්ත

Subtitles

350 downloadsDownload Subtitles41 KB

1 comment

  1. sumed

    supiri bro.thank you