The Invitation (2022) Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න අද මම අරන් ආවේ Jessica M. Thompson විසින් අධ්‍යක්ෂණය කරපු, Blair Butler අතින් ලියවුණු ඇමරිකානු Horror Thriller ගණයේ චිත්‍රපටයක්. ඒවගේම Bram Stoker ගේ ප්‍රසිද්ධ ‘Dracula‘ නවකතාව ඇසුරෙන් ආභාසය ලබලා තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. විච…

හලෝ යාළුවනේ! ඔන්න අද මම අරන් ආවේ Jessica M. Thompson විසින් අධ්‍යක්ෂණය කරපු, Blair Butler අතින් ලියවුණු ඇමරිකානු Horror Thriller ගණයේ චිත්‍රපටයක්. ඒවගේම Bram Stoker ගේ ප්‍රසිද්ධ ‘Dracula‘ නවකතාව ඇසුරෙන් ආභාසය ලබලා තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ.
විචාරක ප්‍රතිචාර,
- IMDb අගය: 5.3/10
- Rotten Tomatoes: 32%
සිනමාපටයේ තොරතුරු,
- ප්‍රධාන නළු නිළියන් :

- Nathalie Emmanuel (ඊවී)
- Thomas Doherty (වොල්ටර් ඩී විල් /Dracula)
- Stephanie Corneliussen (වික්‌ටෝරියා)
- Alana Boden (ලුසි)
- Hugh Skinner (ඔලිවර්)
- Sean Pertwee (ෆීල්ඩ් මහත්මයා /Renfield)
- ධාවන කාලය : පැය 1 මිනිත්තු 45
- වියදම : $10 Million
- මුළු ආදායම : $38 Million
කතාව ගැන පොඩ්ඩක්:

නිව්යෝර්ක් නුවර ජීවත් වෙන ඊවි කියන්නේ, එයාගේ අම්මාගේ මරණයෙන් පස්සේ තනි වුණු අහිංසක තරුණ කෙල්ලෙක්. දවසක් මෙයා තමන්ගේ පවුලේ ඉතිහාසය ගැන හොයන්න කරන DNA පරීක්ෂණයකින් පස්සේ එයාට දැනගන්න ලැබෙනවා එංගලන්තයේ ජීවත් වෙන ඔලිවර් ඇලෙක්සැන්ඩර් කියන එයාගේ ඥාති සහෝදරයා ගැන.
මේ සම්බන්ධය ගැන තව දේවල් කතා කරගන්න දෙන්නා තැනකදි මුණ ගැහෙනවා. මේ කතාව වෙන අතරේ ඔලිවර්ගේ ඊවිට ආරාධනයක් ලැබෙනවා එංගලන්තයේ තියෙන එයාලගේ පවුලේ විවාහ මංගල්‍යයකට සහභාගි වෙන්න කියලා.
ඊවිට තියෙන්නේ ඇවිත් ඒකට සහභාගි වෙන්න විතරයි. යන වියදම් ඔක්කොම ඔලිවර් බලාගන්නම් කියනවා. කාත් කවුරුවත්ම නැතිව තනිව හිටපු ඊවිට මේ ලැබුණු අවස්ථාව මහා මෙරක් තරම් වටින බව දන්න නිසා මෙයා මේ ගමනට කැමති වෙනවා.
විවාහ උත්සවයට එංගලන්තෙට එන ඊවිට නවාතැන් ගන්න ලැබෙන්නේ විශාල මන්දිරයක. මේකේ අයිතිකාරයා වෝල්ටර්. මෙයා හරිම කඩවසම් තරුණයෙක්. යල් යද්දී මේ දෙන්නා අතරේ ආදර සම්බන්ධයකුත් ඇති වෙනවා.
හැබැයි ටික දවසක් යද්දි මේ මන්දිරයේ ඇතුලේ හිතා ගන්න බැරි දේවල් වලට ඊවිට මුහුණ දෙන්න වෙනවා. ඒ අතරේම මේ මන්දිරයේ වැඩට එන සේවිකාවනුත් අභිරහස් විදිහට අතුරුදහන් වෙනවා. ඉතිං ඒ විදිහට සිද්ධ වෙන අභිරහස් දේවල් වලට ඇත්තම හේතුව දැන ගන්න නම්, ඔයාලට මේක බලන්නම වෙනවා.
නරඹන්නන්ගේ අවධානයට,
මෙම සිනමාපටය PG-13 ගණයට අයත් වුනත්, මේකේ පහත දේවල් යම් තාක් දුරකට ඇතුළත් වෙනවා,
- නිරුවත් සහ ලිංගික දර්ශන
- දරුණු ප්‍රචණ්ඩත්වය, ලේ වැගිරීම්
- අසභ්‍ය වචන
(මෙම චිත්‍රපටය වයස අවුරුදු 13ට අඩු දරුවන් නරඹනවා නම්, වැඩිහිටි අවධානය යටතේ නැරඹීම වඩාත් සුදුසුයි.)
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා!
The Invitation (2022) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any download links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
619 downloadsDownload The-Invitation-2022.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Invitation Sinhala Subtitles
Subtitles by
නිශාන් සමීර
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #The Invitation (2022) Sinhala Sub
- #The Invitation (2022) Sinhala Subtitles
- #The Invitation Sinhala Sub
- #The Invitation Sinhala Subtitles
- #You Decide
- #උපසිරැසි
- #නිශාන් සමීර
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Buddhika laKMal
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ඕක බැලුවා.. සුපිරි...
ඕකේ 2ත් ආවා... ඒකත් සුපිරි...
සබ්එකට තෑන්ක්ස් මචං