Watch Trailer

Malayalee from India (2024) Sinhala Subtitles | තවත් එක යාළුවෙක් [සිංහල උපසිරැසි]

Malayalee From India (2024) Sinhala Subtitles ආයුබෝවන්. ඔන්න අද OTT නිකුත් උන මලයාලම් චිත්‍රපටයේ උපසිරැසිය මෙන්න උදෙන්ම දෙනවා. IMDB 6.1ක් වෙන කොමඩි ශානරයට වැටෙන තරමක් දිග එහෙත් කම්මැලි නැතිව බලා ඉන්න පුළුවන් චිත්‍රපටයක්. විචාරක පැසසුම් ගොඩක් හිමි උනත් මේක මලයාලි රසිකයින් අතර හිට් උනේ නම් නෑ. බොහෝ ව…

Malayalee from India (2024) Sinhala Subtitles Malayalee From India (2024) Sinhala Subtitles

ආයුබෝවන්. ඔන්න අද OTT නිකුත් උන මලයාලම් චිත්‍රපටයේ උපසිරැසිය මෙන්න උදෙන්ම දෙනවා. IMDB 6.1ක් වෙන කොමඩි ශානරයට වැටෙන තරමක් දිග එහෙත් කම්මැලි නැතිව බලා ඉන්න පුළුවන් චිත්‍රපටයක්. විචාරක පැසසුම් ගොඩක් හිමි උනත් මේක මලයාලි රසිකයින් අතර හිට් උනේ නම් නෑ. බොහෝ විට ජාතිවාදය පදනම් කර ගත් චිත්‍රපට වලට මලයාලි රසිකයින් අතර ජනප්‍රියත්වයක් හිමි වෙන්නෙ නෑ වගේ. ඒත් ඇත්තටම මේ වසරෙ බැලිය යුතු අනෙකුත් මලයාලි ජනප්‍රිය චිත්‍රපටි සමග ඉහලින්ම තියන්න පුළුවන් චිත්‍රපටියක් මේක.

Malayalee From India (2024) Sinhala Subtitles

කතාවට ගියොත් ගමක ඉන්න අපූරු යාළුවො දෙන්නෙක් කතා නායක ගෝපි ( නිවින් පෝලි) සහ මල්ගෝෂ්(ධ්‍යාන් ශ්‍රීනිවාසන්). මෙලෝ වැඩක් නොකර ජාතිවාදී දේශපාලන පක්ෂයක් පිටිපස යමින් පොඩි කොල්ලන් සමග ක්‍රිකට් ගසමින් කාලය කා දමන මේ අති පණ්ඩිත ඩබලෙන් ටිකක් හරි මොළේ තියෙන ගෝපිගේ තාත්ත නෑ, එයයි නංගියි ඉන්න පවුලෙ බර තනිකරම අම්ම උඩ.ගෙදර පවා බැංකුවට සින්න වෙන්න යද්දි ගෝපි බලා ඉන්නෙ කවදාවත් සිදු නොවෙන එයාගෙ පක්ෂය බලයට එන කල් ණය ටික බේරන්න.

Malayalee From India (2024) Sinhala Subtitles

ඒ අස්සෙ 20 20 ලෝක කුසලානයත් කේරළ ප්‍රාන්ත මැතිවරණයත් එකට පැවැත්වෙනවා. ඉන්දියාව පකිස්ථානයට පැරදෙද්දී ඇති වෙන ජාතිවාඅදී ගිණි පුපුරක් බවට පත් කරන්නේ මේ දෙදෙනාගෙන් මෝඩයා වෙන මල්ගෝෂ්. එහි ප්‍රතිඵලය මත කේරළය තුල ජාතිවාදී ගිණි දැල් ඇවිලෙද්දී මල්ගෝෂ් අම්බානක ගුටි කා රෝහල් ගත කරනවා. ජීවිතය බේරා ගෙන ගමෙන් පිට වෙන ගෝපිව ඔහුගේ ඥාතීන් විසින් යවන්නෙ ඔහුගේ අදහස් වලට විරුද්ධ මැද පෙර දිගට. කොවිඩ් වසංගතය පැතිරෙද්දී එහි ළඟා වෙන ගෝපි අන්තිමට නතර වෙන්නේ කාන්තාරයක පිහිටි කුඩා ගොවිපලක.

Malayalee From India (2024) Sinhala Subtitles

නිකම් නෙමෙයි එහි භාර කාර හැඩිදැඩි පකිස්ථානුවෙක්ගේ අත වැසියා හැටියට. ඔහුගේ ජීවිතය, සිතුම් පැතුම්, අදහස් සියල්ල උඩු යටිකුරු වෙන්නේ එතැන් සිට. පකිස්තානුවායි ඔහුගේ සුරතල් පූසායි එක්ක කාන්තාරයේ තනි වෙන ඔහුට මේ ඉන්දු පකිස්තානු එදිරි වාදය කෙසේ බලපායිද?

කොමඩියක් හැටියට පටන් ගත්තත් අවසානයේදී ඉතා හැඟුම් බර සිදුවීම් පෙළක් සමග ගලා යන මේ ලස්සන චිත්‍රපටය ප්‍රකට ජන ගන මන චිත්‍රපටය අධ්‍යක්ෂණය කල ඩිජෝ ජොසේ ඇන්තනි ගේ වැඩක්. අනස්වරා රාජන්, දීපක් ජේති,සලිම් කුමාර්, ශයින් ටොම් චාකෝ මෙහෙ අනිත් චරිත රඟපානවා. විශේෂයෙන්ම නිවින් පෝලිගේ රඟපෑම නම් පට්ට.

ඇති නේද කතාව කිව්වා? එසේ නම් තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්!

Malayalee From India (2024) Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා වලංගු වේ.

3,987 downloadsDownload Malayalee-from-India-2024-Sinhala-Subtitles.zip69 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

           

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Malayalee From India (2024) Sinhala Subtitles
Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

3,987 downloadsDownload Subtitles69 KB

10 comments

  1. Buddhika Lakmal

    ස්තූතියි බන්දුල සහෝ ආපු ගමන්ම මලයාලම් ෆිල්ම්වලට සබ් දෙනවට...

  2. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි .
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Rashmika Thilakarathna

    Film eke link eka nane baiscopedownload wala

  4. Sachintha Bimsara

    Thanks ❤️❤️❤️

  5. Pradeep

    තැන්ක්ස්... මලයාලම් වලට වැඩි වැඩියෙන් සබ් ලැබේවා..

  6. Sahan Gayantha

    thanks a lot Bandula saho sub ekata

  7. Sameera

    බොහෝම ස්තූතියි සහෝ...ලොකු දෙයක් මේ කරන දේ නම්.හිතුවෙ නැ...මෙච්චර ඉක්මණට හම්බවෙයි කියල...
    ජය..

  8. රංගික සිනෙත් කාරියවසම්

    බලාපොරොත්තුවෙන් හිටපු සබක්. ජය වේවා බන්දුල අයියා. නියම වැඩක්. නිවින්ගේ Mahaveeryar/Thuramukham/Ramachandra Boss & Co ෆිලුම් ටිකටත් ඉක්මනින් සබ් ඕන අයියා. ජය

  9. damith

    mema film ake sinhala upasirasi wedakarn nethte ai

  10. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.