නීතිය කියන්නේ තරාතිරමක් නැතිව සෑමදෙනාටම ක්‍රියාත්මක විය යුතු දෙයක්. ඒ වෙනුවෙන් සෑම රටකම වෙන වෙනම නීති සකස් කරලා තියෙනවා. ඒ ඒ දඬුවමට ඒ ඒ විදියට නීති ක්‍රියාත්මක වෙනවා. නමුත් සෑම විටම නීති සකස් වී ඇති ආකාරය සාධාරණද? චිත්‍රපටය ඔබට එම ප්‍රශ්නය හිතේ ඉතුරු කරාවි අනිවාරෙන්ම. Section 375 කියන්නේ කාන්තා අය…

නීතිය කියන්නේ තරාතිරමක් නැතිව සෑමදෙනාටම ක්‍රියාත්මක විය යුතු දෙයක්. ඒ වෙනුවෙන් සෑම රටකම වෙන වෙනම නීති සකස් කරලා තියෙනවා. ඒ ඒ දඬුවමට ඒ ඒ විදියට නීති ක්‍රියාත්මක වෙනවා. නමුත් සෑම විටම නීති සකස් වී ඇති ආකාරය සාධාරණද? චිත්‍රපටය ඔබට එම ප්‍රශ්නය හිතේ ඉතුරු කරාවි අනිවාරෙන්ම. Section 375 කියන්නේ කාන්තා අයිතීන් සුරැකීමේ පනත යටතේ ඉන්දීය දණ්ඩනීති සංග්‍රහය යටතේ ක්‍රියාත්මක වන නීතියක්. මෙම චිත්‍රපටයට පාදක වී ඇත්තේ එම නීතිය ක්‍රියාත්මක වීමේදී එය සාධාරනද අසාධාරනද යන වග ජනතාවට පෙන්වා දීමටයි. එක් අතකට සාධාරණයි. අනෙක් අත අසාධාරණයි. බලලම තීරණය කරන්න. 2019 සැප්තැම්බර් 12 වන දින අරාබියේදී තිරගතවීම ඇරඹූ මෙම චිත්‍රපටයට ආක්ෂේ ඛන්නා ඇතුලුව තවත් ප්‍රසිද්ධ නලු නිලියන් රැසක් සම්බන්ධ වෙනවා. ඒ වගේම මෙය IMDB 8.2 අගයකුත් Rotten Tomatoes 70%ක අගයකුත් 95%ක ගූගල් පරිශීලක අගයකුත් ලැබී තියෙනවා. එමෙන්ම කෝටි 22.3 ක බොක්ස් ඔෆිස් ආදායමකට හිමිකම් කියනවා. එහෙනම් කතාව ගැන බලමු.
අංජලී දාන්ග්ලේ කියන්නේ චිත්‍රපට අධ්‍යක්ෂක රෝහන් කුරාණා ලඟ වැඩ කරන චිත්‍රපට වලට ඇඳුම් නිර්මාණය කරන්නියක්. ඇය දිනක් රෝහන් කුරාණාගේ නිවසට තනිව යනවා ඔහුට ඇඳුම් වගයක් පෙන්වන්න. එහිදී ඔවුන් දෙදෙනා නිවසේ තනිවන අතර රෝහන් විසින් අංජලීව අපයෝජනයට ලක් වෙනවා. පසුව අංජලී විසින් පොලිසියේ පැමිණිල්ලක් ගොනු කරන අතර රෝහන් කුරාණාව අත්අඩංගුවට පත් වෙනවා. එහිදී උසාවිය විසින් සාක්ෂි පදනම් කරගෙන දෙවරක් නොසිතා රෝහන් කුරාණාට සිර දඬුවම් නියම කරනවා. නමුත් ඔහුගේ බිරිඳ නැවත පලපුරුදු නීතිඥයෙක් වන තරුන් සලූජා (ආක්ෂේ ඛන්නා) මෙම නඩුව සඳහා මිලදී ගන්නවා. එහිදී තරුන් විසින් ඉහළ උසාවියට අභියාචනයක් ඉදිරිපත් කරන අතර නැවත නඩුව ඇසීම ආරම්භ වෙනවා. මෙහිදී තරුන් විසින් ඉතාමත් සූක්ෂම ලෙස කරුණු ඉදිරිපත් කරමින් උසාවියේ යමක් ඔප්පු කිරීමට උත්සාහ ගන්නවා. එහිදී නඩුව සම්පූර්ණයෙන්ම වෙනත් අතකට හැරෙන අතර ප්‍රෙක්ෂකයාට දැඩි කුතුහලයක් ගෙන දීමට සමත් වෙනවා. අවසානය දක්වාම එම කුතුහලය රඳවා ගැනීමට අධ්‍යක්ෂකයා සමත් වී තිබෙනවා.
චිත්‍රපටයේ අවසානයේදී ඔබට හිතෙයි මොකක්ද මේ වුනේ කියලා. උසාවිය අවසන් තීරණයක් දෙනවා. නමුත් ඔබ ඔබ විසින්ම ප්‍රශ්න කරයි එය සාධාරණද අසාධාරණද කියා. ආක්ෂේ ඛන්නාගේ ප්‍රශ්නකිරීම් බලද්දී මට නම් හිතුනේ මේ යකා ඇත්තටම නීතීඥයෙක්ද කියලා. ඒ තරමටම රඟපෑම තාත්විකයි. එහෙනම් බලන්න කියලා ආරාධනා කරනවා. අවසන් තීන්දුව ඔබ සතුයි.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.
15,431 downloadsDownload Section.375.2019.WEB-DL.zip60 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංග ප්‍රසන්න
Subtitles
19 comments
තිසර නියෝ
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!ranga11112
සිංහල උපසිරසිට බොහොම ස්තුතියි සහො
-තෙරැවන් සරණයි-M.W. Dilhani
Aththatama film eke anthimata sadaranya ishta wenawa. Rohan kuranage wifta. Sthuthi sub ekata.
Tharindu07
Thanks Machooo.....!!! Jayaweva....!!!!
sathyajith
thanks for the sub
indika75
thanks..
Ravisara Dharmapala
Nath hithen sadarnayak hmbuna ai kioth rohan kurana bandla idit thwa kelo rwatapu eka wrdi eka hnda a wage danduwamk hambunu eka hidy..sub ekta thnx digatma me wage films denda..
Pramukmili
Thanxxxxx bro.................
N_R
Thank You.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
HIRANLASITHA
Thanks bro..
ශසිත් සඳරුවන්
සබට තුති වේවා!
දිගටම සබ් දෙමු ආ...
ජය!Anonymous
Thanks
blackLion007
┊┊┊┊
┊┊┊✧
┊┊✦
┊✧
✦ .
.
· Thanks For The Subtitle !!!!!!!!!Wicki
බොහොම ස්තූතියි
Hasantha_Sajeewan
සබට Thanks brother ❤❤❤❤
waruna nirman
baiscopedownload eke search kalata eka enne nane bn
Malith Samarawickrama
Thanks bro sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra