Watch Trailer

Seeta Aur Geeta (1972) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “හැටහතරවන උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 6.8 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, සීතා සහ ගීතා උපතේදී වෙන් වූ නිවුන් දැරියන්ය. ගීතා නම් දැරිය දුප්පත් නිවසක හැදී වැඩී දඩබ්බර වීදි…

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “හැටහතරවන උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 6.8 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, සීතා සහ ගීතා උපතේදී වෙන් වූ නිවුන් දැරියන්ය. ගීතා නම් දැරිය දුප්පත් නිවසක හැදී වැඩී දඩබ්බර වීදි සර්කස්කාරියක් වන අතර සීතා හදා වඩා ගන්නේ ඇගේ කුරිරු නැන්දා සහ මාමා විසිනි. නැන්දා සීතාට සලකන්නේ වැඩකාරියක් ලෙසටය, මෙම පවුල ඇගේ දිවංගත දෙමව්පියන්ගේ මුදලින් ජීවත් වුවද. සීතාගේ එකම සැනසීම රෝද පුටුවෙන් එහා මෙහා යන ආච්චිය. දිනක් සීතා නිවසේ වෙනස්කම් නිසා ජීවිතය එපාවී සියදිවි නසා ගැනීමට නිවසින් පලා යයි. ඇය ගංගාවකට පනින අතර එහිදී ඇය බේරාගෙන ඇයගේ සමාන නිවුන් සොයුරිය වන ගීතා ලෙස වරදවා වටහාගෙන ගීතාගේ නිවසට ගෙන යනු ලැබේ. ඒ වනවිට සිත් අමනාපයෙන් ගීතාද තම දුප්පත් නිවස හැරගොස් තිබිණි. මේ අතර, සීතාගේ නැන්දා සහ මාමා ඇයව සොයමින් යන විට පොලිසියේ සිටි දඩබ්බර ගීතාව දැක අහිංසක සීතා යයි සිතා තම නිවසට රැගෙන යයි. එතැන් සිට ගීතා එම නිවසේ පාලනය තමා යටතට ගනී. අහිංසක සීතා දුප්පත් නිවසේ සිටියි. දෙදෙනාම ඇත්ත තත්වය හෙළි නොකරයි.

මෙතැන් සිට විශාල ගැටළු රාශියක් පැන නැඟෙයි. ධර්මේන්ද්‍ර සහ හේමා මාලිනී ප්‍රධාන චරිත නිරූපණයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් භාරතයේ ජනප්‍රිය හින්දි චිත්‍රපටයකි. මෙය ශ්‍රී ලංකාවේ ද ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. එමෙන්ම මෙහි ඇතුළත් හින්දි ගීත දැනට ද ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රියව පවතී.

මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති සිනමාපට වන්නේ “දෝස්ති, ආයි මිලන් කී බේලා, ඇන් ඊවිනින් ඉන් පැරිස්, බූට් පොලිෂ්, සංගම්, සාති, මෙරා නාම් ජෝකර්, අනාරි, දේව්දාස්, ආහ්, දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ, ශ්‍රී 420, ද බයිසිකල් තීෆ්, ද ක්‍රසන්ඩා ක්‍රොසින්, හම් හින්දුස්ථානි, හම්රාස්, සුරාජ්, ගීත්, අප්නා දේශ්, අර්සු, කැරවෑන්, අල්බේලා, ජන්ග්ලී, චෝරි චෝරි, අන්දාස්, ආන්, ජිස් දේශ් මෙන් ගංගා බේති හේ, තෙරේ ගර් කී සාම්නේ, ගෝරා ඕර් කාලා, සෝල්වා සාල්, මිලැප්, බ්‍රහ්මචාරී, කාෂ්මීර් කී කාලි, දුලාරි, ප්යාර් කා මෝසම්, ටී ශ්‍රී මන්සිල්, අසාද්, තුම්සෙ අච්චා කෝන් හේ, බොබී, ගවාර්, ගුම්රාහ්, ආනන්ද්, දොන්, කාලියා, ද ග්‍රේට් ගැම්බ්ලර්, ෂාහෙන්ශා, අමර් අක්බාර් ඇන්ටනි, දූල් කා පූල්, වික්ටෝරියා 203, ද ට්‍රේන්, ජුග් ගයා ආස්මාන්, ද හවුස්මේඩ්, පදෝසන්, ගෝල් මාල්, ගුඩ්ඩි, නාමක් හලාල්, ශර්මිලී, හේරා පෙහෙරි, හම් දුනෝ, ද හෝල්, ආන් මිලෝ සජ්නා, ජබ් ජබ් පූල් කිලේ, මධුමතී. ආවාරා”. ඉහත නාමාවලිය මා දිගටම ඉදීරිපත් කරන්නේ මෙවැනි පැරණි සිනමාපට ඩවුන්ලෝඩ් කරන්නේ එවන් රුචිකත්වයක් සහිත ඉතා සීමිත පිරිසක් නිසා, ඒ අයගේ පහසුව පිණිසයි. මාගේ පුද්ගලික රුචිකත්වයත් මෙම කාලයේ මෙවැනි සිනමාපට වන අතර, එකළ ජනප්‍රිය මෙම පැරණි සිනමා සිනමාපට ගොනුව හැකි තරමින් සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.

අන්තර්ජාලයේ Seeta Aur Geeta 1972 යනුවෙන් යූ ටියුබ් හි සඳහන්ව ඇති පැය දෙකයි, මිනිත්තු හතළිස් එකයි, තත්පර තිස්නමයක ධාවන කාලයක් සහිත වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙන බව ද සලකන්න. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960, සහ 1970 දශකවල සිනමාපට සඳහා පමණක් සිංහල උපසිරසි නිර්මාණය කිරීම තමයි නිතර මා සිදු කරන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ඒ වගේම එවන් ඉල්ලීම් කරන අයට දන්වා සිටීමට කැමතියි, ලංකාව තුළ වෙනත් අය විසින් ද මෙතෙක් සිංහල උපසිරසි කරනා ලද සියලු පැරණි හින්දි සිනමාපට මා සතුව ඇති බවත් එසේ වෙනත් කෙනෙක් විසින් උපසිරසි කරනා ලද එකක් ඔබ යෝජනා කළහොත් නැවත උපසිරසි නොකරන බවයි. එසේම වර්ෂ 1950 සිට 1975 දක්වා බොහෝ ඒවා මා සතුව තිබෙනවා. ඒවා ලබා ගැනීමට අවශ්‍ය නම් මට පහත අදහස් දක්වන්න. ස්තූතියි!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

ගැළපෙන පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ලබාගන්න.

959 downloadsDownload Seeta-Aur-Geeta-1972.zip51 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

විතානගේ ප්‍රියන්ත

Subtitles

959 downloadsDownload Subtitles51 KB

12 comments

  1. D P Gamage

    Thanks for your subtitle, "Old is gold".I suggest Ganwaar 1970 film.

  2. W T Ajith

    Best Classic movie, Thanks for that great work!

  3. රොෂාන් ශමීර ජයසිංහ

    වාව් වාව් ප්‍රියන්ත අයියා... නියමයි..
    දිල්හානි අශෝකමාලා රඟන චායා මායා සිංහල චිත්‍රපටය නිර්මාණය කරන්න ඇත්තේ මේ චිත්‍රපටයෙන් වෙන්න ඇති. සිංහල එක බැලුවට මේක බලලා නෑ..
    ස්තූතියි උපසිරසියට ප්‍රියන්ත අයියා..

    1. formano

      මේ කතා තේමාව අරන් නැවත Chaalbaaz නමින් හින්දි චිත්‍රපටයක් නිර්මාණය උනා. එහිම සිංහල චිත්‍රපටය තමයි චායා මායා, චායා මායා චිත්‍රපටයේ ගීතත් එම Chaalbaaz චිත්‍රපටයේ ගීත වල තාලයන්ටයි නිර්මානය කලේ. හැබැයි මටනම් හින්දි එකට වඩා චායා මායා ලස්සනයි

  4. Priyantha Dayakeerthi

    එකළ "චන්ඩි ශ්‍යාමා" සිංහල සිනමාපටය නිර්මාණය කළේ මේ සිනමාපටයේ කතාව අනුව. ජනතාවගෙන් සිනමාහල් පිරී ඉතිරී ගියා.
    "හවුස් ෆුල්" නිසා දින ගණනාවක් රසිකයන් ආපසු හරී ආවා. එහි රඟපෑ ශ්‍යාමා ආනන්ද ලංකාවේ ප්‍රසිද්ධම නිළිය වුණා. අද නම් "නව රසිකයන්ගේ" රුචිය වෙනස්.

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

    1. Udaya saman

      න්යමයි පුියන්ත අයියේ.මේ ටිකේ දිගටම සබ් දෙනව වගේ.ඔන්න බාගත්තා ......දිගටම කරගෙන යමු..ඉක්මනින් 100 ගහමු

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  8. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Priyantha Dayakeerthi

    ෆේස් බුක් එකේ, පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.