කොහොමද යාළුවනේ!ඔන්න අළුත්ම අළුත් ෆිල්ම් එකක සින්හල උප්සිරැසියක් අරන් ආවේ. බොලිවුඩයේ ඇක්ෂන් හීරෝ සල්මන් ඛාන්ගේ රංගනයෙන් හැඩවෙන ඇක්ෂන් ෆිල්ම් එකක්. ප්‍රභූ දේවගේ අධ්‍යක්ෂනයක්.රන්දීප් හූඩා,ජැකී ශෙරොෆ්, දිශා පතානි වගේ ජනප්‍රිය නළු නිළියන් රැසකගේ දායකත්වයෙන් තමයි මේ ෆිල්ම් එක ත්‍රාසජනක වෙන්නේ.2017 දී තිර…

කොහොමද යාළුවනේ!ඔන්න අළුත්ම අළුත් ෆිල්ම් එකක සින්හල උප්සිරැසියක් අරන් ආවේ. බොලිවුඩයේ ඇක්ෂන් හීරෝ සල්මන් ඛාන්ගේ රංගනයෙන් හැඩවෙන ඇක්ෂන් ෆිල්ම් එකක්. ප්‍රභූ දේවගේ අධ්‍යක්ෂනයක්.රන්දීප් හූඩා,ජැකී ශෙරොෆ්, දිශා පතානි වගේ ජනප්‍රිය නළු නිළියන් රැසකගේ දායකත්වයෙන් තමයි මේ ෆිල්ම් එක ත්‍රාසජනක වෙන්නේ.2017 දී තිරගත වුන The Outlaws කියන කොරියන් ෆිල්ම් එක පාදක කරගෙන තමයි රාධේ කියන ෆිල්ම් එක නිර්මාණය වෙන්නේ.

මේ කතාව ගෙතෙන්නේ අද කාලේ තරුණ පරම්පරාව වගේම පාසල් ශිෂ්‍යනුත් මුහුණ දීල ඉන්න මත් උවදුර ගැන.මත් කුඩු ජාවරම් කාරයෝ මුම්බායේ හැමතැනම. පොඩි ලමයි වගේම තරුණ ලමයිනුත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා. ළමයි ගොඩක් මේ මත් රකුසා ගිල ගන්නවා. හැබැයි මේ ජාවරම්කාරයෝ නවත්තන්න කාටවත් බැරි වෙනවා. පොලිසියටවත් බැරි වෙනවා. ඒ වෙලාවේ තමයි රාධේ එන්නේ. මේ ජාලයේ සුල මුල හොයගන්න. රටේ අනාගතේ ඇස් ඉස්සරහා නැති වෙන එක වලක්වන්න එන වීර චරිතේ.වැඩ තහනම් වෙලා හිටපු රාධේ නැවතත් සේවයට කැඳවලා පොලිස් දෙපාර්තුමේන්තුව බලාපොරොත්තූ වෙන්නේ පිළියමක්, සමාජෙන් දැඩි විරෝධතා එල්ලවෙන හින්දම.ඉතින් රාධේ මේ අවුල් ජාලේ කොනක ඉඳන් ලිහාගෙන එනවා.

මේ චිත්‍රපටිය ප්‍රේක්ෂකයව හරිම සන්වේදී පැත්තකට ගෙනියනවා. කුඩු පාවිච්චි කරන පුද්ගලයෝ කරන දේවල්,සත්තු වගේ හැසිරෙන විදිය මිනිස්සුන්ට රිද්දන විදිය තමන්ට රිද්ද ගන්න විදිය හරිම වේදනාකරියි. ඒ වගේම තමයි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඒවගෙන් විපාක විදින අය. අංශබාගේ හැදිලා,තමන්වම කපාගෙන ශරීරය විකෘති වෙලා නැත්තන් මත් කුඩු වලින් ඈත් වෙන්න බැරුව කෙනෙක් විදවන හැටි හරිම සන්වේදී රූප රාමු ටිකක්. ඉතින් ඒ විදියට විනාශ වෙන්නේ රටක අනාගතය.ඉන්දියාවේ විතරක් නෙමෙයි අපේ රටෙත් මත්ද්‍රව්‍ය නිසා විදවන ජීවිත කොච්චර ඇතිද.මේක කොතනින්ද නවත්තන්න ඕන මුල කොහෙද,කියන දේවල් රාධේ හොයාගෙන යනවා .රානේ කියන ජාවරම් කාරයා තමයි මේක පිටිපස්සේ ඉන්නේ කියලා හොයාගන්නවා. ඊටපස්සේ මොකද වෙන්නේ? ෆිල්ම් එක බලන්න දැනගන්න.

සමාජය, තරුණ පරම්පාරව දැනුවත් කරන එක හරි වටිනවා මේ ෆිල්ම් එක හරහා.වැරදි දෙයක් වෙනවා දැක්කොත් ඒ ගැන සමාජය දැනුවත් කරලා සමාජයේ වෙනසක් කරන්න බලය අපි හැමෝටම තියනවා.මේ ෆිල්ම් එක බලන්න දැනුවත් වෙන්න. මත් රකුසගෙන් අනාගතය බේරගන්න! හැමෝටම ජය .✌

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි TRUE WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

21,074 downloadsDownload රාධේ-2021.zip38 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “JAAL” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-12-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

JAAL

Subtitles

21,074 downloadsDownload Subtitles38 KB

6 comments

  1. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහෝම ස්තූතියි

  2. Anonymous

    IMDb අඩු උනාට කමක් නෑ මචන් ලිපියට දාමු..
    IMDB = 1.7

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Anonymous

    Thanks Sis

  5. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  6. THISANGA

    රාධේ kiyn Ek sinhalen dann Epa
    Radeh kiyl English wlin dnn
    search krt hoy gnn ba Eky
    no result kiyl eno

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.