Watch Trailer

The Wrath of Becky (2023) Sinhala Subtitles | යක්ෂ කෙල්ලගෙයි බල්ලගෙයි පළිගැනීම. [සිංහල උපසිරසි] 18+

සුබ දවසක් වේවා ! Kandahar (2023) චිත්‍රපටයෙන් පස්සේ ඔන්න තවත් අළුත් ෆිල්ම් එකක් අරන් ආවා. අපේ විමා සහෝ තමයි මට මේක හොයලා දුන්නේ. The Wrath of Becky කියන්නෙ 2020 නිකුත් උන Becky ෆිල්ම් එකේ Sequel එක. මේක බලන්න ඒ ෆිලුම බලන්නම ඕන නෑ. හැබැයි ඒකත් බලලා බැලුවට පාඩුවකුත් නෑ. මේ වෙද්දි ෆිල්ම් එක IMDb හි […]

සුබ දවසක් වේවා !

Kandahar (2023) චිත්‍රපටයෙන් පස්සේ ඔන්න තවත් අළුත් ෆිල්ම් එකක් අරන් ආවා. අපේ විමා සහෝ තමයි මට මේක හොයලා දුන්නේ. The Wrath of Becky කියන්නෙ 2020 නිකුත් උන Becky ෆිල්ම් එකේ Sequel එක. මේක බලන්න ඒ ෆිලුම බලන්නම ඕන නෑ. හැබැයි ඒකත් බලලා බැලුවට පාඩුවකුත් නෑ.

මේ වෙද්දි ෆිල්ම් එක IMDb හි 6.0ක අගයකුත් 86% කුණු තක්කාලි අගයකුත්, 82% ගූගල් පරිශීලක මනාප ලබාගන්නත් සමත් වෙලා තියෙනවා. මැයි මස 26 වෙනිදා තමයි මේ චිත්‍රපටය නිකුත් උනේ. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ Matt Angel සහ Suzanne Coote දෙදෙනා විසින්. ප්‍රධාන චරිතය වෙන බෙකී විදියට Lulu Wilson රංගනයෙන් දායක වෙන අතර Ameriacan Pie චිත්‍රපට මාලාවේ “ස්ටිෆ්ලර්” ලෙස ජනප්‍රියවූ Seann William Scott ඩැරල් ලෙසත්, Denise Burse එලේනා ලෙසත්, Michael Sirow ඇන්තනී ලෙසත් තම රංගන දායකත්වය ලබාදෙනවා.

ඔයාලා කලින් ෆිල්ම් එක බැලුවනම් බෙකී කියන්නේ කවුද කියලා දන්නවා ඇතිනේ. එහෙම නොදන්න අයට පොඩි විස්තරයක් කියන්නම්. බෙකී එහෙමත් නැත්තම් රෙබෙකා කියන්නේ අම්මා පිළිකාවන් නිසා මියගියාට පස්සේ එයා තාත්තත් එක්ක ජීවත් වෙන ගෑණු ළමයෙක්. දවසක් හිරෙන් පැනලා එන නව නාසිවාදී සිරකාරයෝ වගයක් මෙයාගේ තාත්තව මරනවා. එදා ඉඳන් අනාථයෙක් වෙන බෙකී හරිම මුරණ්ඩු, හිතුවක්කාර විදියට තමයි ජීවත් වෙන්නේ. ඒ වගේම මෙයාට ඩියේගෝ කියලා බලු යාළුවෙකුත් ඉන්නවා. ගොඩක් පවුල් බෙකීව හදාගන්න අරගත්තත් මෙයා පලවෙනි දවසේ රෑම ඒ ගෙවල් වලින් පැනලා යනවා.

එහෙම යන වෙලාවක තමයි මෙයාට එලේනව හම්බෙන්නේ. එලේනා කියන්නේ වයසක, තනියම ගෙදරක ඉන්න ගෑනු කෙනෙක්. ඉතිං බෙකී උදේට අවන්හලක වැඩකරන ගමන් සතුටින් එලේනත් එක්ක ඒ ගෙදර ජීවත් වෙනවා. ඔහොම ඉන්න අතරතුර තමයි නෝබල් මෙන් කියන ත්‍රස්තවාදී කල්ලියක සාමාජිකයෝ තුන්දෙනෙක් බෙකී වැඩ කරන අවන්හලට එන්නේ. ඒ තුන්දෙනා බෙකීට කරන විහිළුවක් නිසා ඒකට පලිගන්න බෙකී කරන වැඩේට මේ අයට ගොඩක් කේන්ති යනවා. ඒ නිසා මේ තුන්දෙනා බෙකීගේ පස්සෙන් ගෙදරට යන්නේ එයාව පොඩ්ඩක් බය කරන්න කියලා හිතාගෙන. ඔන්න ඔතනින් තමයි වැඩේ දුරදිග ගිහින් හිතපු නැති දේවල් වෙන්නේ. ඒ සිද්ධවෙන දේවල් දැක්කම ඔයාලට අනිවාර්යයෙන්ම ජෝන් වික් පලවෙනි ෆිල්ම් එක මතක් වෙයි හොදේ.

එහෙනම් තව මුකුත් කියන්නේ ඕන නෑනේ ෆිල්ම් එකේ ඉතාම පොඩි කොටසයි මම කිව්වෙ. ඉතිං ඔයාලත් උපසිරසිය අරන් කොමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මට මේ ෆිලුම ගැන දැනුවත් කරපු විමා සහෝටත්, ෆිලුම උපසිරසි ගන්වන්වන්න අවසර දුන්න රවිදු හේෂාන් සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. තවත් උපසිරසියකින් ඉක්මනටම හමුවෙමු.

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

11,909 downloadsDownload The.Wrath_.of_.Becky_.2023.zip68 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

යුරාන් ධනුක

Subtitles

11,909 downloadsDownload Subtitles68 KB

16 comments

  1. Anonymous

    Thanks jayawewa...!

  2. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි යුරාන් සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  4. Anonymous

    Thor Love And Thunder sinhala sub eka Update karanawada

  5. Sachith

    Yuran Bro.... Oyage Subtitles Pattta Bro... Thank you so much...Dekalawath nethath Kawadahari Dawasaka Hmaba wei Kiyala Hithanawa.... Keep it up... me karana wede patta.... Next Dennako 1998 Elizabeth Movie eka... eke part 2 sub karala... but Part 1 karala ne... Pls Bro... Thank you

  6. Hasitha

    Thaks brother..❤️

  7. lakshan

    thanks ..................

  8. Anonymous

    thank you...........

  9. upali weerasekara

    ෆිල්ම් එක කෝ ගන්නේ කොහොමද

  10. Anonymous

    thankx oyala nisa apita film balanna puluwan

  11. Malith Samarawickrama

    Thanks sAHO SUB EKATA

  12. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  13. Gayath

    Niyamai...jaya wewa

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Dewadithya

    Thanks for Sub!

  16. Sahan Gayantha

    thanks a lot Yuran saho sub ekata