Watch Trailer

Serendipity (2001) | වාසනාවන්ත අහම්බය..

මම ඉතාමත් ආසාවෙන් බලපු ප්‍රේම කතාවක්. ටිකක් පරණ වුනාට හරිම ලස්සන නිර්මාණයක්. කතාව වගේම මට මේ කතාව හම්බවුනෙත් අහම්බෙන්. කවුරුත් බලල තියෙන Peal Harbor චිත්‍රපටියේ ප්‍රධාන නිළිය වන Kate Beckinsaleගේ තවත් නිර්මාණ හොයමින් ජන්ජාලෙ රස්තියාදු ගහද්දි තමා මට මේක හම්බවුනේ. එච්චර හොඳ කතාවක් නොවුනත් කමක් නැහැ,…

මම ඉතාමත් ආසාවෙන් බලපු ප්‍රේම කතාවක්. ටිකක් පරණ වුනාට හරිම ලස්සන නිර්මාණයක්. කතාව වගේම මට මේ කතාව හම්බවුනෙත් අහම්බෙන්. කවුරුත් බලල තියෙන Peal Harbor චිත්‍රපටියේ ප්‍රධාන නිළිය වන Kate Beckinsaleගේ තවත් නිර්මාණ හොයමින් ජන්ජාලෙ රස්තියාදු ගහද්දි තමා මට මේක හම්බවුනේ. එච්චර හොඳ කතාවක් නොවුනත් කමක් නැහැ, සුරූපී Kate රඟන නිසා බෑවා. එත් මේ බයිස්කෝප් එකට කොච්චර කැමති වුනාද කිවුවොත් මේකෙ Soundtrack එකත් මම බෑවා. මේ දිනවල සෑහෙන්න ප්‍රසිද්ධ John Cusack තමා මෙහි ප්‍රධාන නළුවා වෙන්නේ.

කතාව කෙටියෙන් මෙහෙමයි. Jonathan හා Sara නත්තල් දාට පෙර දිනයේදී හමුවෙනවා. ඒ දෙදෙනාම එකම අත්වැසුම් යුගලක් මිලදී ගන්න යද්දී. කොහොමහරි දෙන්නා Serendipity නමින්ම හැඳින්වුන ආපන ශාලාවකට යනවා පොඩි සතුටු සාමිචියක යෙදෙන්න. Jonathanට, Sara කෙරෙහි ආදරයකුත් ඇති වෙනවා. Jonathan, Saraගේ දුරකතන අංකය ඉල්ලනවා, ඒත් දෛවය කෙරෙහි ලොකු විශ්වාසයක් තියෙන Sara තම අංකය පොතකත්, Jonathanගේ අංකය ඩොලර් පහේ නෝට්ටුවකත් ලියනවා. ලියල නෝට්ටුව පත්තරකාරයෙක්ට දෙනවා. ඈ පොත භාවිතා කල පොත් කඩයකටත් දෙනවා. දෛවය මේ සම්බන්ධය අනුමත කරයි නම් දෙදෙනාට අංක දෙක නැවත ලැබේවි. එදිනට මේ අමුතු සුරූපිණියත්, ආලයෙන් මත් වුනු පුද්ගලයාත් වෙන්වෙනවා.

ඔයාල හිතන්නේ මොකක් වේවිද? Jonathanට පොතත්, Saraට නෝට්ටුවත් නැවත ලැබේවිද? ඒ අතරතුර මේ දෙදෙනාගේ ජීවිත වලට මොනවගේ වෙනසකම් සිදුවේවිද? දෙදෙනා ආයෙත් එක් වේවිද? නාද පටය මෙතනින් බාගන්න. හොඳ ගීත එකතුවක්.

18 comments

  1. Geeth Anuradha

    එල එල දෑන් බාන්න ඕන

  2. චමි.දේ.වා.

    අනිවා බමි....

  3. :::SlaPp3r:::

    love story වලට වැඩිය කැමත්තක් නම් නැ...එත් ගෝල සහෝ හොදයි කියනව නම් ඔන්න බානවා....
    තවත් ඉල්ලීමක් පුළුවන්නම් ඉක්මනට තව හින්දි බයි‍ස්කෝප් එකකුත් එකතු කරන්න...ජයවේවා..!

  4. sam

    mekanam maxa thamai, mamath balala thiyenawa.

  5. lankan girl

    මාත් බාන්න පටා..න් ගත්තා..නත්තල් mood එක එන ‍ෆිල්ම්ස් තමා මේ කාලේ බලන්න ඕන..අනික John Cusack එළ නළුවා ;-)

  6. ජානක

    අනේ කාට හරි පුලුවද මට මේ torrent file ටික බාල mail කරන්න.ඩුබායි වල ඔය torrent site 1ක block karala ඊයෙ ඉදන්ද කොහෙද.

    IMAGINE THAT (2009),
    DRUMLINE (2002),
    SHANGHAI KISS (2007)

    [email protected]

  7. Ram raj

    මමනම් ලව් පිල්ම් වලට කැමති නෑ

  8. maneesh

    tiwilight 2 eke DVDrip ekeka torrent link ekek danna kenek denne ko..

  9. රොයිලි

    @ Geeth Anuradha, චමි.දේ.වා.,
    එල එල මචංලා බලලා කියන්නකෝ කොහොමද කියලා :)

    @ :::SlaPp3r:::,
    අනිවා මචෝ. පුලුවන්නම් ඔයා බලලා තියෙන හොඳ ඒවා ටිකක් අපිටත් දැන ගන්න කියන්න. දන්න දේ බෙදා ගන්න එක හොදයිනේ ;)

    @ sam,
    අහ් ඔය තියෙන්නෙ.

    @ lankan girl,
    හ්ම්ම්ම්ම්. නත්තල් කාලය නේ. ඔන්න මගේ ගානේ ලස්සන නත්තල් චිත්‍රපටියක් උපසිරැසි සමඟම ලඟදීම

    @ ජානක,
    මම මේකත් එක්කම දාලා එව්වා මචෝ බලන්න.

    @ Ram raj,
    අවුලක් කර ගන්න එපා මචෝ. මේ වගේ ඒවා හැමදාම යන්නෙ නෑනේ. ;)

    @ maneesh,
    මේ මේ කතා නම් කරන්න එපා. ඒක මම දෙන්නෙ සබ් දාලමයි. ඔන්න එපා නම් කියන්න එපා.

  10. kathu

    අාදර කතා නම් අනිවා....!!!! දැන්ම බෑවා..!

  11. Supun

    link eka weda karan nane.........

  12. dil

    thxxxxxxxxxxxxxxxxxx

  13. dil

    puluwannam honda tamil films tikakuth dannko.

  14. Apple Malaya

    pattaaaaaiiiiii :D

  15. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    තුති……. :)

  16. Naween

    පට්ට මචෝ.මේකට සබත් තිබ්බනම් එල.විස්තරේට බොහොම තෑන්ක්ස්...!

  17. Krishan NiShalya

    filuma dan baanna damma.
    sinhala sub ekath kawuruhari dendoo
    ☺☺

  18. monarawila

    මේකට සිංහල සබ් එක දෙන්න පුලුවන්ද