Watch Trailer

Serndhu Polama (2015) with Sinhala Subtitles | එකට එකතු වෙලා යමුද ? [සිංහල උපසිරසි සමඟ]

Baiscope Sinhalen is a Community service that shares reviews about various types of Movies. It also provides Exclusive Sinhala Subtitles for many of Movies

Serndhu Polama (2015)

කොහොමද යාළුවනේ ? ඔන්න මේ පාර තවත් දමිළ චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරන් තමයි ඔයාලව හම්බවන්න ආවේ. මම කලින් දීපු “පිසාසු” දෙමළ ෆිලුමට මම බලාපොරොත්තු වුණා වගේම එච්චරම හොඳ ප්‍රතිචාරයක් නම් ලැබුණේ නැහැ. හ්ම්ම්… ඒකට ඉතින් කමක් නැහැ ඉතින් මේ පාර ලස්සන ආදර කතාවක් අරන් තමයි ආවේ. මේකට නම් හොඳ ප්‍රතිචාර ලැබයි නේ… ආදර කතාවක් නොවැ. 2015 වසරේ නිකුත් වුණු චුට්ටක් විතර පරණ (මාස ගාණක්) එකක් තමයි ඉතින් ගෙනාවේ.

හ්ම්ම්… ඉතින් අපි ෆිලුම ගැන ටිකක් බලමු නේ දැන්, මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ “අනිල් කුමාර්” නම් අධ්‍යක්ෂක වරයා විසින්, මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ “සසී නම්බීසන්” විසින්. මෙහි රංගන දායකත්වය සපයන්නේ රොමෑන්ටික් නළුවෙක් වන “විනෙයි” මේකේ රඟපාන නිළියෝ දෙන්නා ගැනනම් ඉතින් කියලා වැඩක් නෑ… ලස්සනයි වගේම සිත් ඇදගන්නාසුළු විදියට මුළු චිත්‍රපටය පුරාම ඉන්නවා. ඒ දෙන්නා තමයි “මධුරිමා සහ ප්‍රීති”. මේ චිත්‍රපටය නිකුත් වුණේ 2015 මාර්තු 06 වෙනිදා තමයි. ඕහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා.. මේ චිත්‍රපටයේ නම තමයි “සේර්න්දු පෝලාමා” මෙහි තේරුම තමයි “එකට එකතු වෙලා යමුද ?” කියන එක.

කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම් එහෙනම්, කතාව ගලාගෙන යන්නේ නවසිලන්තයේ වාසය කරන දෙමළ ජාතිකයන් පදනම් කරගෙනයි. කතාව පටන් ගනිද්දිම ඒ පිළිබඳ හඳුන්වාදීමක් සිදු කෙරෙනවා. කතාව පටන් ගන්නේ රිය අනතුරකින් සුළු රිය අනතුරක් හරිය…”කුමරන්” කියන කෙනාගේ වාහනයට “අභි” කියන කෙනා හැප්පෙනවා’ පස්සේ කුමරන් මෙයා ගැන විස්තර, කොහෙටද යන්නේ ? මොකටද යන්නේ ? විමසනු ලබනවා. අභි විසින් ඉතින් තමන් ගැන කියනවා, තමන් ඡායාරූප ශිල්පියෙකු බවත් තව.. තමන් ගාවට ෆොටෝ ෂූට් එකකට ආපු “ජූලි” කියන කෙනත් එක්ක ආදරෙන් බැඳිලා ඉන්නේ කියලත් තව…ඇයට කසාදයක් තීන්දු වෙලා තියෙන්නේ කියලත් (අපේ සමහර අයට වෙනවා වගේ) ඇය සොයාගෙන සවුත් අයිලන්ඩ් වලට තමයි යන්නේ, මගදී ෂේරින් කියන කෙල්ල එක්ක තමයි ආවේ කියලා. ඉතින් ඊට පස්සේ හෝ.. හෝ.. ඇති නේ.. කට්ටියට ෆිල්ම් එක බලන්නත් තියෙන්න එපැයි නේ ඉතින් මේ ෂේරින් කියන්නේ කවුද ? ජූලි එක්ක කොහොමද ආදරෙන් බැඳුනේ ? ජූලි කියන්නේ මොනවගේ චරිතයක්ද ? ෂේරින් ඇයි ඇත්තටම අභි එක්ක එන්නේ ? එයාගේ අරමුණ මොකක්ද ? ප්‍රශ්ණ පත්තරයක් වගේ නේ… ඔයාලට කුතුහලෙන් මේක බලන්නත් දෙන්න එපැයි නේ ඉතින්. මේ ටිකට උත්තර දැනගන්න මේක බලන්නම වෙනවා. ලස්සනම ආදර කතා දෙකක් සුන්දර කෙල්ලෝ දෙන්නෙක් වටා දිව යන්නේ. ඉතින් මේක නොබලා කොහොමද නේ… ඉතින් ඉතුරු ටික ඔයාලට බාරයි. ඉතින් වෙනදා වගේම වරුණ රංගජිත් අයියාට ස්තූතිය පුද කරනවා ලිපියේ අඩුපාඩු සකස් කරලා ලස්සනට එඩිට් කරලා ටයිප් කරලා දෙන එකට. එහෙනම් මම ගිහින් එන්නම්. ඔයාලට ජයෙන් ජයම වේවා…!!!

Pisaasu 2014 on IMDb

 

 

400 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

926719975F6DA99B81C4396B5CF50588DE4411B4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,025 downloadsDownload Serndhu-Polama-2015.zip46 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සිරාජ් ප්‍රියන්ත

Subtitles

5,025 downloadsDownload Subtitles46 KB

25 comments

  1. විමා

    බොහොම ස්තුතියි සිරාජ් මලේ උපසිරසට
    ලිපි ගැන මොකුත් නොකිය ඉන්නම්කො :D

  2. thisal

    තැන්ක්ස් මචන් එල

  3. kalinga

    බොහොම ස්තුතියි

  4. kp

    thanx bro...

  5. kavinda

    thank you

  6. chiran chathura

    බොහොම ස්තුතියි සබ් එකට..ටික කාලයක් බලන් ඉන්න උනා සබ් එක එනකම්..බයිස්කෝප් ටීම් එකට ජය වේවා !

  7. Gayan Rukantha

    එල එල මචං කාලෙකින් ආපු නිසාද මංදා කොල්ලා ළඟ නමලා සබ් ටිකක් දෙනවා වගේ
    දෙමල නම් අනිවා බලනවා ඉතින් සබට තුති ජය වේවා!!

  8. Naveeth

    Sub Ekata Thnx Sahooo...
    Download Wenna Damma Onna...

  9. නලින්

    ස්තුතියි, සිරාජ් මලේ.

    ජය වේවා!

  10. තාරක නුවන් දිල්හාර

    සමාවෙන්න ඕන පිසාසු එකටත් කොමෙන්ට් එකක් දාන්න බැරි වුන එක සම්බන්ධයෙන්...
    කොහෙද ඉතින් වෙලාවක් නෑනේ...
    ආයෙත් සාදරයෙන් පිලිගන්නවා සයිට් එකට.
    සද්ද නැතුව හිටපු ටිකේ සබ් කරලා ලෝඩ් කරගෙන තියාගෙන හිටියද මේ දිනපතා දෙන්නේ..
    පිසාසු එක සහ මේක අනිවා බානවා..
    බොහොම ස්තුතියි උපසිරැසියට..
    ජයෙන් ජය

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. කොල්ලා හොඳටම ෆ්‍රී වෙලා වගේ. නමනවා ලඟම. ජය෴෴ :P :P

  12. srimal

    එල එල සහෝ ඔන්න මමත් බාන්න දැම්මෝ

  13. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!

  14. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  15. Kulanjana Maduranga

    pattai ahhhhh...tamil nm ayeth ahala.aniwa bamak thama...thanks SIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සිරාජ් මලේ.
    ලස්සන ආදර කතාවක් නේ..
    බලන්නම ඕනි..
    සබට ගොඩක් ස්තූතියි
    ඊලඟ එකත් ඉක්මනටම දෙමු නේ..
    ජය වේවා..!!!

  17. rukka

    Sub ekata thanks. Bagena sube enakl balam hitiye patta kathawak. Digatama demu. Jayawewaaa

  18. Chami

    Thank you

  19. buddhika

    supir macho....thanx....idriyatama yamu....jaya wewa...

  20. kavi

    tnx sahoo.god bless !!!!!!!!

  21. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  22. Dilusha Nuwan Narasinghe

    උපසිරසියට තුති!

  23. dinushan

    Thanks

  24. Rishin Anjula Maldeniya

    thanks bro......very nice

  25. prabathnilanga

    Thanks...bro