චිත්‍රපටිය බාරගෙන නම් ටික කාලයක් වෙනවා. ලඟකදී තමයි අවසානයක් කරගන්න පුළුවන් වුනේ. උපසිරැසියේ වැඩ ඉවර කරන්න මෙච්චර කාලයක් වැයවුනේ, මේ වගේ කතා බලන්න ගොඩක් දෙනෙකුගේ උනන්දුවක් නැති නිසා. එහෙම හිතලා නිදහසේ කාලය අරගෙන තමයි මේ උපසිරැසියේ වැඩ නිමකලේ. එහෙම නිම කරපු උපසිරැසිය තමයි අද මේ ඔයාලට දෙන්න සූදානම් වෙ…
චිත්‍රපටිය බාරගෙන නම් ටික කාලයක් වෙනවා. ලඟකදී තමයි අවසානයක් කරගන්න පුළුවන් වුනේ. උපසිරැසියේ වැඩ ඉවර කරන්න මෙච්චර කාලයක් වැයවුනේ, මේ වගේ කතා බලන්න ගොඩක් දෙනෙකුගේ උනන්දුවක් නැති නිසා. එහෙම හිතලා නිදහසේ කාලය අරගෙන තමයි මේ උපසිරැසියේ වැඩ නිමකලේ. එහෙම නිම කරපු උපසිරැසිය තමයි අද මේ ඔයාලට දෙන්න සූදානම් වෙන්නේ. මීට කලින් නම් වාර්ථා චිත්‍රපටි හදලා නෑ. මේක තමයි පලවෙනි එක. කොහොම වුනත් හැමදේටම පලවෙනි අවස්ථාවක් දෙන්න ඕනේ කියලා තමයි මේ වගේ එකක් නිර්මාණය කරන්න හිතුවේ. ඊටත් වඩා මේ චිත්‍රපටිය දැකපු ගමන්ම බාගෙන බලන්න මම උනන්දු වුනා. මොකද කිව්වොත් මේ වගේ චිත්‍රපටිවල බලාපොරොත්තුව තමයි මේ ලෝකයේ සැඟවුනු සත්‍යන් හෙලිදරව් කිරීම. කිහිප දෙනෙක් නම් දැනටමත් මේ කතාව නරඹලා ඇති කියලා හිතනවා. ඒ වගේම තමයි මේ වාර්ථා චිත්‍රපටයට පාදකවුනු ලෝකය පුරාම ලැව් ගින්නක සැරට පැතිරිලා ගියපු කාරණාව ගැන ගොඩක් දෙනෙකුට ප්‍රවෘත්ති, පුවත්පත්, සඟරා වලින් කියවන්න එහෙම ලැබෙන්න ඇති.
කතා නායකයා -: එඩ්. ස්නොව්ඩ්න් / එඩ්වර්ඩ් ස්නොව්ඩ්න්
එඩ්වර්ඩ් ජෝශප් ස්නොව්ඩ්න්. උපත 1983 ජූනි මස 21 වෙනි දින. මොහු ඇමරිකානු පරිගණක වෘත්තිකයෙක්. හිටපු CIA සේවකයෙක්. ඒ වගේම තමයි හිටපු රජයේ කොන්ත්‍රාත්කරුවෙක්. මොහු ඇමරිකානු ව්‍යවස්ථාවට පටහැනි ආකාරයට NSA (National Security Agency) විසින් පවත්වාගෙන ගිය ඔත්තු බැලීමේ ජාලයක් පිලිබඳ තොරතුරු ලෝකයට හෙලිදරව් කරනු ලැබුවා. මේ තොරතුරු සමග ඔහු විසින් මාධ්‍ය වෙතට NSA විසින් සිදුකරන ක්‍රියාකාරකම්. ඔවුන්ට කුමන ආකාරයේ හැකියාවන්, බලපුලුවන්කාරකම් තිබෙනවාද යන්න සවිස්තරාත්මකව, සාක්ශි සහිත තොරතුරු ලබාදුන්නා. මේ තොරතුරු පිටකිරීමත් සමග ලෝකය පුරාවටම දේශපාලනික මට්ටමේ සියුම් කැලඹීමක් ඇතිවුනා. කොටින්ම කිව්වොත් අන්තර්ජාලමය වශයෙන් සහ සාමාජීය වශයෙන්. වැඩිමනක් බලධාරීන් අතර සහ තරමක් දුරට ජනතාව අතර සීතල යුද්ධ සමයක කාලයක් ගතවුනා. මේ කාලය විදෙස් අන්තර්ජාතික මාධ්‍ය වලට සහ පුවත්පත් වලට වගේම රජයේ කුමන්ත්‍රණ හෙලි කරන අයට සරුසාර සමයක් බවට පත්වුනා.
මේ ඔත්තු බැලීම, ආවේක්ශණයක් (surveillance) විදියට තමයි අර්ථ දක්වන්න යෙදුනේ. ආවේක්ශණයක් කියන්නේ යම් කෙනෙකු හෝ යම් තැනක් විශේෂ කොටගෙන ඒ සම්බන්ධව පුලුවන් සෑම ආකාරයකම දත්ත සහ විස්තර නිරීක්ශණය මගින් එකතු කිරීම. මේක කොහෙත්ම නීතිවිරෝධී සංකල්පයක් නොවෙයි. උදාහරණයක් විදියට යම් සැක කටයුතු පුද්ගලයෙක් යන එන තැන්, හමුවෙන පුද්ගලයින්, දුරකථන ඇමතුම් ගන්න වෙලාවන්, කාත් සමග කතා කලාද යන්න දැනගැනීම, කොතරම් කාලයක් කතා කලාද යන්න දැනගැනීම, මුදල් තත්වය, මුදල් පරිහරණය කරන ආකාරය, වැනි දේවල් නිරීක්ශණය කිරීම. මේ නිරීක්ශණයන් මගින් එකතු කරගන්නා දත්ත 100% ක් සාර්ථක වුනත් ඒවායින් 100% තහවුරු වුනු නිරවද්‍ය නිගමනයන් වලට එලඹෙන්නට බැහැ. මේ විදියට ලබාගන්නා දත්ත හඳුන්වන්නේ (Meta-data) යනුවෙන්. මේවා සාරාංශගත දත්ත. කෙටියෙන් කිව්වොත් සරල දත්ත. මේවා එක් අංශයක් ගැන විශේෂකොට නිරීක්ශණය කරන්න සුචියක් පමණක් සපයන දත්ත. නමුත් NSA විසින් මේ ආවේක්ශණයන් මගින් දත්ත එකතු කිරීමට වඩා එහාට යන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ආවේක්ශණය මගින් දුරකථනයෙන් අමතන කෙනා දැනගැනීම හෝ දුරකථන ඇමතුම් පිලිබඳව පිටින් විශ්ලේශණය නොකොට කෙලින්ම ඇමතුමට සවන් දීම. උසාවි නියෝගයක් ඇතිව නම් මේක නීති විරෝධී නෑ. නමුත් මිලියන ගානක් ඇමරිකානුවන්ගේ දුරකථන ඇමතුම් වලට සවන් දෙන්න උසාවි නියෝග ලබාගන්න NSA වලට හැකියාවක් කොහෙත්ම ඇත්තේ නෑ. පුද්ගලයා සැක කටයුතු කෙනෙක් වෙන්න හෝ නොවෙන්න, ඒ සියල්ලන්ගේම දුරකථන ඇමතුම් වලට NSA විසින් සවන් දෙනවා. මේ විදියට ඇමතුම් වලට සවන් දීමට සුවිශේෂී ගනයේ මෘදුකාංග බාවිතා කරන බව ස්නොව්ඩ්න් විසින් සවිස්තරාත්මකව හෙලිදරව්වක් කරනවා.
දුරකථන ඇමතුම් වලට අමතරව, තමුන් යවන ඊ-මේල්, සමාජ ජාල පණිවුඩ පවා NSA හමුවේ නිරුවත් වෙනවා. මෙය හුදෙක්ම සිවිල් ජනතාවගේ පෞද්ගලිකත්වය නැති කිරීමක්. මේ විදියේ දේවල් සිදු කරන්න NSA විසින් රජයේ නොවන සර්වර් වලට සම්බන්ධ වෙලා එයින් තොරතුරු පවා ලබාගන්නවා. උදාහරණ වශයෙන් ගත්තොත් Apple, Google, Facebook, වැනි අති කාර්යබහුල සර්වර් වලට ඇතුල්වෙලා සාමාන්‍ය ජනතාව සංසරණය කරන දත්ත ඔවුන්ගේ ඩිජිටල් දැල් අතරින් පරීක්ශා වෙලා තමයි හුවමාරු වෙන්නේ.
මේ විදියට සර්වර් හරහා ඒක පුද්ගල වශයෙන්, කෙනෙකු ඇතුල්වෙන ජාල, වෙබ් අඩවි, හුවමාරු කරගන්නා පණිවුඩ, පිංතූර, ටයිප් කරන යතුරු සටහන් ලොග් වශයෙන් තබා ගන්නවා. මේ සිදුවීමේ මුල් බැසගැනීම් සිදුවෙන්නේ 9/11 සිදුවීමත් සමග. ඒ ඛේදවාචකය නිසා ඇතිකරගත් පනත් යටතේ ආරම්භවුනු විශේෂ ආවේක්ශණ වැඩසටහන් වැඩිදියුණු කරමින් තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ.
මේ විදියට හෙලි කරපු තොරතුරු සියල්ලම පාහේ ස්නොව්ඩ්න් විසින් The Guardian පුවත්පතේ කතුවරයකු වන ග්ලෙන් ග්‍රින්වර්ල්ඩ්, ලෝරා පොයේට්‍රස්, එවන් මැකැස්කිල් යන අයට ලබාදෙන්න ඉදිරිපත් වෙනවා. මේ රහස් හෙලි කිරිමේ සැබෑම මොහොතේ ලෝරා විසින් ලබාගත් වීඩියෝවන් තමයි චිත්‍රපටයේ අන්තර්ගත වෙන්නේ. මේ ලබාදුන් තොරතුරු ඔවුන්ටවත් විශ්වාස කරන්න අපහසු නමුත්, ස්නොව්ඩ්න් විසින් ලබාදෙන සාක්ශි හමුවේ ඔවුන්ට පුදුමයෙන් වුනත් සිද්ධවෙන දේවල් පිලිබඳව විශ්වාස කරන්න සිදු වෙනවා. ඒ වගේම තමයි බොහෝමයක් කරුණු අතිශය ප්‍රවේශමෙන් තමයි මොවුන් මාධ්‍යට නිදහස් කරන්නේ. කොටින්ම කිව්වොත් ඔහු විසින් හෙලිකල කරුණු චිත්‍රපටවල හෝ ඔත්තු බැලීම සම්බන්ධ නවකතාවල සිදුවීම්ද කියලා හිතෙනවා. මේ තනි අනාවරණය නිසා ඇතිවුනු කැලඹීමෙන්, ලෝකය පුරාවටම විහිදී ඇති තවත් ඔත්තු බැලීමේ වැඩසටහන් සහ ජාලයන් පිලිබඳව ද අනාවරණය වෙනවා.
මේ රහසිගත තොරතුරු නිදහස් කිරීම හේතුවෙන් ස්නොව්ඩන් ඇමරිකානු රජය විසින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරනවා. ඒ වගේම ඔහුගේ පවුලේ අයට පවා යම් යම් ගැටලු වලට මුහුණපාන්න සිද්ධ වෙනවා. මොහුට ඇමරිකාවේ ඉන්න බැරි නිසාවෙන් චීනයේ දේශපාලන සරණාගතයෙක් විදියට රැකවරණය ඉල්ලා සිටියත්, හොංකොං වලින් ඒකට ඉඩ ලැබෙන්නේ නෑ. මේ නිසා මොහුට රැසියාවේ පිලිසරණ පතන්න සිද්ධ වෙනවා. රැසියාව විසින් ඔහුට එක් වසරක දේශපාලන සරණාගත බව ලබාදෙන්නට එකඟවුනු අතර, එය වසර 3ක් දක්වා දිගු කොට තිබෙනවා. වසර ඉක්මවීමේදී වෙනත් රටවල සරණාගත බාවයන්ද ඔහු විසින් ඉල්ලා තිබෙනවා. 2015 වනවිට ඔහු රුසියාවේ හෙලි නොකල ස්ථානයක රහසිගතව ජීවත් වෙනවා.
ඔන්න ඉතිං ඔය විදියේ ගොඩක් කරුණු කාරණා එක්ක තමයි මේ කතාව ගතවීගෙන යන්නේ. දේශපාලනික පලහිලව් වලට කැමති අය ඉන්නවා නම් බලන්න නියම ෆිල්ම් එක. මොකද කිව්වොත් මම මේ කතාව දකින්නේ, ඇමරිකාව වැඩි සෙල්ලං දාන්න ගිහිල්ලා හොඳට ඇනගත්තු තැනක් විදියට. කතාව බලන්න කියලා හැම කෙනෙකුටම ආරාධනා කරන ගමන්, මම අදට සමුගන්නවා. තවත් කතාවකින් හමුවෙමු.
ආයු -බෝ -වේවා !!!
815 MB (BR) කොපිය මෙතනින් බාගන්න
7656376D8EC22576712C5651B38438C4D79036321.65 GB (BR) කොපිය මෙතනින් බාගන්න
3B1AD26986EB116E70EA5081627518004E3499FD Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,229 downloadsDownload Citizenfour-2014.zip162 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
21 comments
Dan
Aditha Praween
බොහොම ස්තුතියි ප්‍රණීත් අයියා උපසිරසියට !
පට්ටම කතාවක් වගේ.ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!!!adamsak
aulak na hodai.. habai kathaawe wisthare karaakot podi saranshayak damma nan athi. mehema godak wisthara karahama balanna deyak nathi wenawane.
ප්‍රණීත් චින්තක
හිතලම වැඩි විස්තරයක් දැම්මේ කතාව තවත් ටිකක් සරල වෙන්න.
බලන්න ඉන්න ගොඩක් අයට සංකීර්ණ වෙයි කියලා හිතුනු නිසා.Thanks for your comment. :)
Siraj Priyantha
නියමයි නියමයි සහෝ
සුපිරි ෆිලුමක් නේ
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
ජයෙන් ජයම වේවා !!kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!“චූටී මල්ලි”
maath balanna oni mcn boma tanxxxxxxxxxxxxxxxxxxxxxxxx
නලින්
ස්තුතියි ප්‍රණීත් සහෝ!
අනිවාර්යෙන්ම මතක් කරලම බලන්න ඕනේ ෆිලුමක් මේක නම්,
ජය වේවා!
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
shanaka
thanks sub ekata,hithuwe naha mekata sub eka dewi kiyala
Ruwan Kariyawasam
යථ නිසා දැනෙන මේ වියවුල්..
ඉවසන්නම් බටහිර නමින්..Jack
නියමයි මචන්.
ලිපිය නම් සුපිරියි.
අනිවා බානවා.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය...කැලුම් ගුණසේකර
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. බලන්නම උන්න එකක්. ජය෴෴ :P :P
සමන් ප්‍රසාද් [පූසා]
නියමයි ප්‍රණීතයෝ...
මේ වගේ ෆිල්ම් තමා බං ඕනා...
ඔන්න බාන්න දානවා...
සබ් එකට තෑන්ක්ස් කොල්ලෝ...
ජය වේවා...!!!Mithun Hathurusinghe
thank you bro
Amil
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...
මේ වගේ ෆිල්ම් තමා බං ඕනා…sanath
thanks machan sub ekata....
me wage warathamaya film ekakata sub aran enna aye....sura
Snowden.2016 එකටත් සබ් දෙන්න කෝ
wiki
Thanks
Advertisement
![Citizenfour (2014) with Sinhala Subtitles | ස්නොව්ඩ්න් හෙලිදරව්ව… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/08/Citizenfour.jpg)

Thanks.