තවත් මගබලන් හිටපු චිත්‍රපටයක් එක්ක තමයි අද මේ එකතු වෙන්නේ. 21 බ්‍රිජර්ස් එහෙමත් නැති නම් පාලම් 21ක් ගැන කියවෙන මේ චිත්‍රපටයට ඒ නම වැටෙන්නේ අමුතු විදිහකින්. ඩේවිස් කියන්නේ පොලිස් පරීක්ෂකයෙක්. කුඩා අවදියේදීම පොලිසියේ සේවයේ කල තමන්ගේ පියාගේ අභාවය එක්ක මවත් සමඟ තනි උන ඩේවිස් තමන්ගේ රැකියාව විදිහට තොරගන…

තවත් මගබලන් හිටපු චිත්‍රපටයක් එක්ක තමයි අද මේ එකතු වෙන්නේ. 21 බ්‍රිජර්ස් එහෙමත් නැති නම් පාලම් 21ක් ගැන කියවෙන මේ චිත්‍රපටයට ඒ නම වැටෙන්නේ අමුතු විදිහකින්. ඩේවිස් කියන්නේ පොලිස් පරීක්ෂකයෙක්. කුඩා අවදියේදීම පොලිසියේ සේවයේ කල තමන්ගේ පියාගේ අභාවය එක්ක මවත් සමඟ තනි උන ඩේවිස් තමන්ගේ රැකියාව විදිහට තොරගන්නෙත් පොලිසියයි. ඩේවිස්ට තියන වාර්තා වල හැටියට අපරාධකාරයෝ කිසි කෙනෙක් ඩේවිස්ගේ පිස්තෝලෙන් ජීවිතය බේරාගෙන නැහැ. ඒ තරමට අපරාධකාරයන්ට අපල පොලිස් නිලධාරියෙක් තමයි ඩේවිස් කියන්නේ.
මෙහෙම ඉන්නකොට මැන්හැටන් වල එක්තරා සිදුවීමක් වෙනවා. ඒ කොල්ල කෑමක්. කොල්ල කෑම සිද්ධ වෙන්නේ මුදල් සම්බන්ධව නෙමෙයි. කොකේන් ගබඩා කරලා තියන තැනකට දෙන්නෙක් කඩා වදිනවා. මේ දෙන්න එතනට කඩා වදින්නේ පොඩි කොකේන් ප්‍රමාණයක් කොල්ල කන්න බලාගෙන නමුත් එතනට ගියාම තමයි දකින්න ලැබෙන්නේ ලැබුන ඔත්තුව වගේ කීප ගුණයකින් වැඩි කොකේන් ගොඩකට තමයි දෙන්නා කඩා වැදිලා තියෙන්නේ කියල. කොහොම උනත් දෙන්න කොකේන් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා උස්සගෙන යන්න හදනකොට තව කරදරේකට මුහුණ දෙනවා. නොහිතපු විදිහට පොලිස් නිලධාරීන් ටිකක් එතනට එනවා. හිටපු හමුදා සෙබළු දෙදෙනෙක් වන මේ කොල්ල කරුවෝ දෙදෙනා දරුණු වෙඩි හුවමාරුවකින් එතනින් පැනලා යන්නේ පොලිසියේ හත් දෙනෙකුට ජිවිත අහිමි කරලා. ඉතින් හැමෝම දන්නවනේ පොලිසියේ කෙනෙක් මැරුවම පොලිසියේ අයට තියෙන කේන්තිය කොයි වගේද කියල. එහෙම කේන්තියකින් තමයි නිව්යෝක් පොලිස් දෙපාර්තමේන්තුවම ඉන්නේ. එහෙම ඉන්නකොට තමයි ඩේවිස්ට මේ කේස් එක බලන්න අවස්ථාව ලැබෙන්නේ. සිදුවීම සිදුවෙලා ක්ෂණිකව එතනට එන ඩේවිස්ගේ පළමු ඉල්ලීම තමයි මේ සිද්දිය උන මැන්හැටන් නගරයට ඇතුළු වෙන්න පිටවෙන්න තියෙන සියළුම පාලම් 21 වසා දමන්න කියන එක. ඉතින් අපි බලමු මේ උපක්‍රමය එක්ක ඩේවිස් සාර්ථක වෙයිද කියල.
මිලියන 33 ක වියදමක් දරා නිර්මාණය උන මේ ක්‍රියාදාම සහිත චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ Brian Kirk විසින්. රූපවාහිනී කතා මාලා වලට වැඩි නැඹුරුවක් දැක්වූ අධ්‍යක්ෂකවරයෙක් තමයි බ්‍රයන් කියන්නේ. ඒ වගේම මෙහි නිෂ්පාදන දායකත්වය සඳහා ලෝකයේ මෙතෙක් නිර්මාණය වූ වැඩිම අදායමක් ලැබූ චිත්‍රපටය වන Avengers: End Game නිර්මාතෘ Joe Russo සහ Anthony Russo සහෝදරයන් දෙපලට අමතරව මෙහි රංගනයෙන් දායක වන Chadwick Boseman වගේම Gigi Pritzker, Logan Coles, Robert Simonds යන පිරිසත් එකතුවෙලා තිබෙනවා. IMDb අගය 6.6 ලබාගන්න විට අද දිනවනවිට ලැබූ සමස්ත ආදායම වන්නේ ඩොලර් 48,239,757ක්. ලොකුම සාර්ථකත්වයක් නැති උනත් යම් මට්ටමකින් ඔළුව උස්සගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා කිව්වොත් නිවැරදියි.
එසේ නම් නැවත මුණ ගැහෙනකන් ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක් වගේම ජයෙන් ජය!!!

” Due to copyright issues, we do not provide any torrent links. “
මෙම උපසිරසි HD / WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
30,687 downloadsDownload 21-Bridges-2019-Blu-Ray.zip170 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
58 comments
Shaggie
santhusha319
thanks bokka!!!!!!!!
dileepasanjeewa119
Sub ekt tnx bro....
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
ජය වේවා.!Ranga Prasanna
හානේ.....උයානෙ මේ...තෑන්ස්
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
Super ස්තුතියි ❤️ bluray ආවම බලනවා.
gihan perera
සුපිරි මචෝ....පට්ට....ස්තුතියි ස්තුතියි ස්තුතියි සහෝ.....වෙච්ච මහන්සියට ගොඩක් ස්තුතියි.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.....
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!pasindu1997
Thankz Machn...Doctor sleep bluray ekta sub update krhnko
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
Bluray ආවහමම ගන්නවා....meuranga
thnz bro
jagath55
Thanks
arawindasunimal
thanks sub ekata (hasantha wickramarathna) jayawewa.............
arawindasunimal
thanks sub ekata (hasantha wickramarathna) jayawewa
thilz
thank u very much
Shehan putha
Thanks hasantha
Jaya wewa !!Sajithlakshan
thanks ......................
MudithaDissanayaka
thanks hasantha aiya.sub eka bagena yanna haduwe ....thatta oluwa dakka gaman yanna hambaune naha .ehenam thawa hoda ekakin hambawemu
Tharusha2021
බොහොම ස්තුති
akalankagayan
Thnx .........
nish47
ස්තූතියි සහෝ
sampath n perera
thanks
sampath n perera
thanks
sashan
Thanks bro
Thisum
Thanks bro !!+
Anonymous
Subtitle ek maru ❤
දසිත චාමික
thanks saho sub ekata. jaya!
kolitha
Thanx bro.....
avishka360
Thanks
ඔෂද ධනංජය
thanks sahoo
Lucky9bro
Thankz saho...
LB Roshan
Thanks
යුරාන් ධනුක (දනුවා)
උපසිරැසියට බොහෝම ස්තූතියි අයියේ !!!
suranuwan
thanks bro..........
Ravindu Rukshan
thx
Dewadithya
Thanks for sub!
D.Chamara
bohoma sthuthi sahoo
Naveen Rangana
Thanks for Subtitle............
Jayawewa............!!!!!!!!!!!!Supun M. Hettigoda
තෑන්ක්ස්... ජයෙන් ජයම..!!!
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි හසන්ත සහෝ.
ජයෙන් ජයම වේවා!sumudunamal
Thanx saho...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mindika
Thanks !!!!!!!!!!!!
RuwanLakshan93
බොහෝම ස්තූතියි සහෝ.... ජයවේවා!
RSD_Razor
Thanks man
rockz2020
උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ!✌❤ ජය වේවා!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
how to download movei
Anonymous
yts
mindika
Thanks !!!!!!!!!!
Malith
Thanks bro
charitha kelum
saho puluwanam THEY LIVE kiyana film ekata sinhala sub hadala denna.. mefilm eka 1988 release una ekak.. horrer ganayata dammata meka ehema ekak newei.. ane plzz saho loku udawwak THEY LIVE sub hadala denna puluwannam..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thnks mchn