ඔන්න ඉතිං කාලෙකින් චිත්‍රපටියකට උපසිරැසියක් අරගෙන එන්න ලැබුනා. චිත්‍රපටිය නමින් sgt stubby an american hero. ඔව් මේ ඇවිත් සත්‍ය කතාවක් ඇසුරෙන් නිමවුන ඇනිමේෂන් චිත්‍රපටයක්. ඇනිමේ වලට ආස අයත් සත්‍ය කතා වලට ආස අයටත් දෙගොල්ලන්ටම බලන්න පුළුවන් වගේම පළමු ලෝක යුධ සමය ගැන දැනුමක් එක් කරගන්නත් හැකියාව තියෙන…

ඔන්න ඉතිං කාලෙකින් චිත්‍රපටියකට උපසිරැසියක් අරගෙන එන්න ලැබුනා. චිත්‍රපටිය නමින් sgt stubby an american hero. ඔව් මේ ඇවිත් සත්‍ය කතාවක් ඇසුරෙන් නිමවුන ඇනිමේෂන් චිත්‍රපටයක්. ඇනිමේ වලට ආස අයත් සත්‍ය කතා වලට ආස අයටත් දෙගොල්ලන්ටම බලන්න පුළුවන් වගේම පළමු ලෝක යුධ සමය ගැන දැනුමක් එක් කරගන්නත් හැකියාව තියෙනවා. ඒ වගේම IMDb දර්ශකයෙ 7/10 ක අගයක් ලබා ගන්නත් මේ සලරුව සමත්වෙලා තියෙනවා.
ලිපිය ලිව්වෙ චිත්‍රපටය නිකුත් වුන කාලයෙ ඒ නිසා ස්පොයිල් තියෙන්න පුළුවන්, මොකද මාත් ලිපිය ලිව්වෙ බලන්න කලින් අන්තර්ජාලයෙන් විස්තර හොයන්. ඒ නිසා ස්පොයිල් නැතුව බලන්න ඕන කියලා හිතයි නම් ලිපිය කියවන්නෙ නැතුව බලන්න.
කවුද මේ සාජන් ස්ටබි කියන්නෙ?
————————————-
කෙටියෙන්ම සාජන් ස්ටබි කියන්නෙ කවුද කියලා කිව්වොත්, සාජන් ස්ටබි කියන්නෙ 1916 හෝ 1917 වර්ෂයේ ඒ කියන්නෙ පළවෙනි ලෝක යුධ සමයෙ ඉපදුන සුනඛයෙක්. ස්ටබි එයාගෙ වයස අවුරුදු දෙකක් කිට්ටු වෙනකොට බොහොම නිර්භීත සෙබලෙක් වගේම ගොඩක් පද්දකම්ද දිනා ගන්න සමත් වුනා. මෙයාගෙ වයස හරියටම කියන්න බැරි කිසි කෙනෙක් දන්නෙ නැ ස්ටබි ඉපදුනේ කවද්ද කියලා, මොකද ස්ටබීව හොයාගෙන තියෙන්නෙ ඇමරිකාවෙ Connecticut කියන පලාතෙදි. ස්ටබි කියන්නෙ තරමක් කුඩා සුනඛයෙක්, මෙයාගෙ උස ආසන්න වශයෙන් අගල් 16 විතර වගේම බර 8kg ක් විතර වෙනවා. ස්ටබීට කලු පැහැති නාසයක් වගේම ලොකු රවුම් ඇස් දෙක්කට හිමි කම් කියනවා. මෙයාගෙ ශරීර වර්ණය දුඹුරු සහා සුදු වන අතරම කුඩා වලිගයකට හිමිකම් කියනවා. ඒ වගේම ස්ටබි කියන්නෙ ආචාරශීලි, සුපරික්ෂාකාරි සුනඛයෙක්. ස්ටබි ව්‍යායාම වලට, පුහුණුවීම් වලට බෙහෙවින් ආස කරපු කෙනෙක් වගේම ඉතා මිත්‍රශීලි සුනඛයෙක් වෙනවා. ඔය තමයි ස්ටබි ගැන දැන ගන්න තියෙන මූලිකම දේවල්.
ස්ටබි ඇමරිකාවෙන් යුරෝපයට සංචාරය කිරීම.
—————————————————-
1917 දි, ස්ටබි Connecticut ප්‍රාන්තයේ Yale ක්‍රීඩාංගණයෙ පැවැත්තුන හමුදා පුහුණුවක් අතර තුර ඉබාගාතේ එහා මෙහා ඇවිද ඇවිද ඉදලා තියෙනවා. ඔය අතරෙදි ස්ටබී යාළුවො ගොඩක් හදා ගන්නවා, වෙන කවුරුත් නෙවෙයි ඒ පුහුණුවට ඇවිත් ඉදපු සෙබලු එක්ක මෙයා ගොඩක් හිතවත් වෙනවා. ඒ අතරිනුත් ස්බබි එක සෙබලෙකුට ගොඩක් කැමති වෙනවා, ඒ තමයි කෝප්‍රල් Robert Conroy. කෝන්රෝයි තමයි මේ සුනඛයට ස්ටබි කියලා නම තියන්නෙ එයාගෙ පුංචි වලිගය නිසා.

මේ අවුරුද්දෙම තමයි ඇමරිකාව පලවෙනි ලෝක යුද්ධයට සම්බන්ධ වෙන්නෙත්, ඒ නිසාම රොබට්ට සිද්දවෙනවා යුධ පෙරමුණට යන්න. හැබැයි මෙයාට ස්ටබීව තනියම දාලා යන්න හිත දෙන්නෙ නැ ඒ නිසාම තමයි ස්ටබීව හොරෙන්ම නැවට දාගෙන ප්‍රංශයට අරන් එන්නෙ. ඒ විතරක් නෙවෙයි ස්ටබීව කෙලින්ම අරගෙන එන්නෙ බටහිර පෙරමුණට, ඒ කියන්නෙ මහ යුද්ධයක් මැද්දට. හැබැයි කෝප්‍රල් Conroy ගෙ අණදෙන නිළධාරියා දැනගන්නවා ස්ටබීව හොරෙං ප්‍රංශය අරන් ඇවිත් කියන කාරණේ, හැබැයි මෙයා ස්ටබීට අනික් සෙබලු එක්ක ඉදිරි පෙරමුණේ ඉන්න අවසර දෙනවා.
ස්ටබීගෙ හමුදා සේවය.
————————
ස්ටබී ගොඩක් සටන් වලට එකතු වෙලා තියෙනවා, Marne වල සහා chateau thierry වෙච්ච සටන් දෙකත් මේ අතරට ඇතුලත් වෙනවා. සටන් වලට ගියාම තුවාල වෙන අහන්න දෙයක් නෙවෙයිනෙ, ස්ටබිටත් එහෙම තුවාල කිහිපයක්ම සිද්දවෙලා තියෙනවා. වතාවක් ස්ටබි ගෑස් ප්‍රහාරයකත් තවත් වරෙක අත් බෝම්බ ප්‍රහාරයටත් අසුව තුවාල ලබලා තියෙනවා. ස්ටබී කා අතරත් කතා බහට ලක් වෙන්න තවත් හේතුවක් තමයි ස්ටබීට තුවාල වුන අවස්ථාවල මෙයාට බෙහෙත් කරලා තියෙන්නෙ සත්ව රෝහල් වල නොවීම, ඒ කියන්නෙ ස්ටබීට බෙහෙත් කරලා තියෙන්නෙ මිනිස්සුන්ට බේත් හේත් කරන රෝහල් වලදිමයි.
ස්ටබීට සිද්දවුන ගෑස් ප්‍රහාරයත් එක්ක ස්ටබී ගෑස් සුවද හොදට අදුරන කෙනෙක් උනා. සුනඛයින්ට මිනිස්සුන්ට වඩා කොහොමත් ගද සුවඳ දැනෙනවා කියලා දන්නවනෙ, ඉතිං ස්ටබීගෙ මේ හැකියාවත් එක්ක ගෑස් ප්‍රහාරයක් එල්ල වෙනනම් කාටත් කාලින් සෙබලුන්ට දැන ගන්න හැකියාව ලැබුනා. මේකට හොදම උදාහරණෙ තමයි, වරක් සම්පූර්ණ කදවුරේම සෙබළුන් රාත්‍රියෙ නිදාන ඉන්න අවස්ථාවක ජර්මනිය ගෑස් ප්‍රහාරයක් පටන් ගන්නවා, හැබැයි ස්ටබීට ගෑස් සුවද කල් තියාම දැනිලා තම මිතුරු සෙබලු හිටපු අඟල් වලට දුවගෙන ගින් බුරලා සෙබලුන්ටෙ කමිස හපලා එයාලව ඇහැරවලා වෙන්න යන දේ අගවලා තියෙනවා, ස්ටබීගෙ මේ දැනුවත් කිරීම නිසා ඒ වෙන්න ගිය අනතුර වලක්වා ගන්න හැකිවෙලා තියෙනවා කිසිම සෙබලෙකුට අනතුරක් වෙන්න කලින්.
ඒ වගේම තමයි ස්ටබීගෙ ඇසීමෙ හැකියාව, සෑහෙන දුරකදි උනත් හතුරෙකු ලගා වෙනවනම් ස්ටබීට ඒක ඇහෙනවා. ඒ වගේම තමයි කිසිම සද්දයක් නොකර ස්ටබීගෙ පුංචි වලිගය වනමින් සතුරෙකු ලගාවෙන බව තම සගයින්ට දැනුම් දීමෙ විශිෂ්ට හැකියාවක් ස්ටබී සතුව තිබිලා තියෙනවා. මේ නිසාම සතුරා දන්නෙ නැ තමන් එන බව අනික් පාර්ශව දන්නවා බව. වරක් රාත්‍රියේ ස්ටබී සිටි කදවුරට පැමිනි ජර්මානු ඔත්තුකාරයෙකුගේ කකුලෙ ස්ටබී සපාගෙන ඉදලා තියෙනවා ඔහුට පැනගන්න බැරිවෙන්න්, ඒ සද්දය ඇහිලා අනික් සෙබලු ඇවිත් මේ ඔත්තුකාරයව අල්ලගෙන සිරගත කරලා තියෙනවා. ඔය තමයි ස්ටබී හමුදාවෙ ඉද්දි කරපු දේවල් ටිකක්, තවත් දේවල් ඔයාලට චිත්‍රපටිය තුලින් සවිස්තරාත්මකව දකින්න ලැබෙයි.
පළවෙනි ලෝක යුධ සමයෙ තුවාල වුන සහා මිය ගිය සෙබලුන් සොයාගන්න විශේෂයෙන්ම පුහුණු කරපු සුනඛයන් Mercy dog නමින් හදුන්වනවා. ස්ටබිත් මේ හා සමාන ක්‍රියාවන් යුධ පිටියෙදි කරලා තියෙනවා. ස්ටබී ඉදිරි පෙරමුණේ සටන් වලින් තුවාල ලද සෙබලුන් සොයාගෙන තිබෙනවා, ඒ වගේම ස්ටබී ඉංග්‍රීසි සහා ජර්මානු භාෂාවන් දෙක අතර වෙනස හොදින් අදුනන්න ඉගෙන ගෙන තියෙනවා. ස්ටබී තුවාල වුන සෙබලෙක් හොයාගත්තම ඒ සෙබලා අසලට වෙලා බුරන්න ගන්නවා අනික් සෙබලුන්ගෙ අවධානය ඒ වෙතට අරගන්න. සමහර වෙලාවට ඒ අසල සෙබලෙක් නැතිනම් ස්ටබි ආපහු කදවුර වෙතට ගිහින් උදව් කරන්න පුළුවන් සෙබලෙක් හොයාගන්නවා. සෙබලෙක් මිය යමින් ඉන්න වෙලාවෙ ස්ටබී ඔහු ලගටම වී ඔහු මිය යනතෙක්ම ඒ සෙබලට සැනසිල්ලක් වූ අවස්ථාද සඳහන් වෙනවා.
ස්ටබීලැබු පදක්කම් සහා සම්මාන.
————————————
ඇමරිකාව විසින් ප්‍රස්ංශයේ Chateau-Thierry නගරය ජර්මානු පාලනයෙන් මුදා ගත් පසු එහි ජීවත් වුන කාන්තාවක් එළු හමකින් කෝට් එකක් ස්ටබීට නිර්මාණය කරලා දීලා තියෙනවා. ඒකෙ තමයි සෙබළු ස්ටබීගෙ පදක්කම් සේරම සවි කරලා තිබිලා තියෙන්නෙ.
ස්ටබීගෙ මෙම නිර්භීත ක්‍රියාවන් හේතුවෙන්, ස්ටබී නිල නොවන සාජන් නිලයට පත් කරනු ලැබෙනවා. ඒ කියන්නෙ ස්ටබීට ලැබෙන්නෙ තමන්ගෙ මනුස්ස යාළුවා කොන්රෝයිටත් වඩා ඉහල නිලයක්.
යුද්ධයෙන් පසුව, The Humane Society විසින් ස්ටබීට වීරත්ව වෙනුවෙන් පිරිනමන පදක්කම (medal for heroism) පිරිනමලා තියෙනවා. ඒ වගේම The American Legion සංවිධානයේ සාමාජිකත්වද ස්ටබීට පිරිනමලා තියෙනවා.

ඉහත සඳහන් කල පදක්කම් වලට අමතරව, සාජන් ස්ටබී හට The Purple Heart, The Republic of France Grande War Medal සහා Medal of Verdun යන පදක්කම්ද ලැබි තිබෙනවා. මම පහලින් ස්ටබී ලබා ගත් පදක්කම් කිහිපයක ඡායාරූප එක් කරන්නම් හැමෝටම බලාගන්න.
*The Purple Heart පදක්කම.
මෙය ලබා දෙන්නෙ ඇමරිකා එක්සත් ජනපදයේ එරෙහිව කල සටනකදි තුවාල ලැබූ හෝ මිය ගිය රණ විරුවන් සදහායි.

* Commemorative war medal (France)
මෙය ලබා දෙන්නෙ පළමු ලෝක යුද්ධය වෙනුවෙන් දායකත්වය ලබා දුන් රණවීරුවන් සදහායි.

*Medal of Verdun
1912 පෙබරවාරි 21 සහ 1916 නොවැම්බර් 2 අතර කාලයේදී වර්ඩ්ඩන් පෙරමුනේ සේවය කළ අය වෙත ප්‍රදානය කරන ලදී.

යුද්ධයෙන් පසු.
—————-
සම්පූර්ණයෙන්ම, සාජන් ස්ටබී පළවෙනි ලෝක යුද්ධයෙ සටන් 17 සදහා සහභාගි වෙලා තියෙනවා. යුද්ධය අවසන් වුනාම ස්ටබීගෙ හොදම යාළුවා වුන කෝප්ප්‍රල් කොන්රෝයි ස්ටබීව මැරෙන තුරාවට බලාකියාගෙන තියෙනවා. ස්ටබී පෙළපාලි බොහෝමයකට සහභාගි වෙලා තියෙනව වගේම ඇමරිකාව පුරා මිනිස්සුන්ගෙ අවධානය ප්‍රසංශාව දිනාගන්න සමත්වෙලා තියෙනවා.
ඒ වගේම තමයි සාජන් ස්ටබී ධවල මන්දිරයට දෙවතාවක් ගොස් තිබෙනවා, ඒ වගේම ජනාධිපතිවරු දෙදෙනෙක් ස්ටබී මුණ් ගැහිලා තිබෙනවා: ඒ තමයි ජනාධිපති Harding සහා ජනාධිපති Coolidge කියන දෙදෙනා.
Charles Ayer Whipple කියනචිත්‍රශිල්පියා ස්ටබිගෙ සිතුවමක් පවා ඇදලා තියෙනවා. ඒක මම පහලින් එකතු කරන්නම්.

ස්ටබීගෙ මරණය.
——————-
සාජන් ස්ටබී ඔහුගෙ වයස වසර 10 වෙද්දි, 1926 දි මෙලොවින් සමුගන්නවා. සාජන් ස්ටබී කොච්චර නම් ප්‍රසිද්ධයිද කියතොත් New York Times පුවත්පත සාජන් ස්ටබී වෙනුවෙන් මරණ දැන්වීමක් පවා පල කරනවා. ඒ විතරක් නෙවෙයි ඒ පල කරපු ආටිකල් එක පුද්ගලයෙක් මැරුණයින් පසුව ඔහුගෙ ජීවිත කතාව පිළිබඳව කරපු ආටිකල් එකක්ද වෙනවා, සාමාන්‍යයෙන් මැවැනි ලිපියක් පලවෙන්නෙ ප්‍රසිද්ධ මනුස්සයෙක් වෙනුවෙන් පමණයි. හැබැයි සාජන් ස්ටබී වෙනුවෙන් New York Times හි ප්‍රථම වතාවට එවැනි ලිපියක් සුනඛයෙක් වෙනුවෙන් පලවෙලා තියෙනවා.
ඒ ලිපියෙ මෙහෙම සඳහන් වෙලා තියෙනවා:
“තම මිතුරු සෙබළුන් පවා බියට පත්වෙන අවස්ථාවලදි, සාජන් ස්ටබි එලෙස බියට පත් නොවූ බව.” ඒ වගේම තවත් එහි සදහන් වෙලා තියෙනවා, “ඔහුගේ විශිෂ්ට සේවය සහනයක් මෙන්ම උද්‍යෝගිමත් භාවක් ගෙන දුන්නා, මන්ද යත් ඔහු බොහෝමයක් සෙබලුන් හට ඉතා අසීරු අවස්ථාවලදි උදව් කල නිසාවෙන්.”

2006 වසරෙදි සාජන් ස්ටබීව අනුස්මරණය කිරීම වෙනුවෙන් කැන්සාස් හි ලිබර්ටි අනුස්මරණ භූමියෙ, Walk of Honor ගඩොලක් ඔහු වෙනුවෙන් ස්ථාපනය කර තිබෙනවා.

කොපියක් ඇවිත් සෑහෙන කාලයක් ගියා හොද ඉංග්‍රීසි උපසිරැසියක් එන්න. ඒකත් සිංහලේට හරවලා ගේන්න තවත් කල් ගියා. ඒකට සමාවෙන්න ඕනා. එහෙනම් කතාව රසවිදලා අදහස් දක්වලා යන්නකො. මම ගිහින් එන්නම්.
ජය වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
8,376 downloadsDownload Sgt.-Stubby-An-American-Hero-2018.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
56 comments
Prabodha Madhusankha Hettiarachchi
zeal
____ Thanks Sub 1ta ____
ranjanrjrj
Sub ekata THANK YOU!!!!!
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Request::
Bad Times at the El Royale (2018)
The Sisters Brothers (2018)ranga11112
Thanks lahiru sahoo
sashan
Thanks bro sub ekata jaya weva
rockz2020
♥♥♥♥ගොඩක් ස්තූතියි සහෝ♥♥♥♥
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
-
♥BuyBust (2018)
-
♥Bad Cat (2016)
♥The Little Vampire 3D (2017)
♥Luis & the Aliens (2018)gihan perera
නියම animation එකක්...ස්තුතියි උපසිරැසි දුන්නට මචෝ...පට්ට හැඳින්වීම ක්....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....
Ravindu Rukshan
Thx
hasiya
තැන්ක්ස් කොල්ලෝ.. ලිපිය නම් පට්ට.
geethkamal
tnx sub ekata.e wagema me dipu vistaraya bohoma watinawa. jaya wewa
pitcher bro
Niyamai bro.me film ekata sub dunnnata thanks......
E wagema niyama hadinweema patta aaa.digatama karagena yanna.
Suba pathanawa.☺☺හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ...
ranga_39
palaweni para lipiyak iwarawenakam kiyeuwe nice
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Nilush Angana
Sub ekata thanx
ushan
tnx sub ekata
Kulanjana Maduranga
subata thanks saho.......keep it up....
යුරාන් ධනුක
නියම ලිපිය සහෝ... ස්පොයිල් වෙනවා කියලා නොකියව ඉන්න බෑ මෙහෙම ලිව්වම..
බොහෝම ස්තූතියි උපසිරැසියට...ජය වේවා.. !!! :D :DSRI
ලිපිය නම් සෑහෙන්න වටිනව බ්රො
Charith Eranga Munasinghe
වැඩිය දන්නෙම නැති විස්තරයක්....sub ekata thanks.....
darshana100
vistarayata godak thanks awagam sub aktat
NuwanK
Thank u bro...
Great work...albus98
සුපිරි බ්‍රෝ කුයල වැඩක් නෑ
කොච්චර අඳුරු කාලයක් උනත්
ලෝක ඉතිහාසයේ
මං ආසම කරන ටයිම් එකක් තමයි
ww1 කාල සීමාව
සෑහෙන මහන්සි වෙලා කරපු සබ් එකට වගේම
ලිපියටත් තෑන්ක්ස් ජය..Sudilasajith22
Thanx macho
Hiranhiru
ගොඩක් ස්තුතියි.. සත්‍ය කතා බලලා තිබුනට සත්‍ය කතාවක ඇනිමේෂන් එකක් විදියට බලලා නෑ වගෙයි මතක.
දිගටම උපසිරැසි දෙන්න.
තෙරුවන් සරණයි...!visartnadeera
godak sthuthu upsirasiyata saha lipiyata .........
Amal_indika
thank you machn....
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ලහිරු සහෝ.
පින්තූරත් එක්ක ලියවුනු සුපිරිම ලිපියක්.
ලිපිය වගේම උපසිරැසියත් සුපිරියටම ඇති.
මේ වගේ විස්තරයක් කියවලා ෆිලුම බලන්න ලැබෙන එකනම් මාරම වටිනවා.
ජයෙන් ජය.Buddi
Thanks...........
nuwan14
man meka kiyawala thibuna. godak isthuthi sub ekata. asawen unne me film ekata sub enakan. godak isthuthi oyalata
sameeradananjaya
br danawada
D.Chamara
bohoma sthuthi sahooo
basura indrachapa
උපසිරැසියට ජයෙන් ජය!!!
බොහොම ස්තූතියි සහෝ...TharakaWAS
Subata thanks bro...!!!
gayanmagee
thanks
Haashan Dhanushka
thnxxxxxxxx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thunder
nice work......
MAALnath
Thanks .....................good luck ...............The exorcist season 02 sub denna ..................
HummerDanu
thanks bro
AsithaDilruwan
ela saho thanks
charith vishwa
සුබ නව වසරක් වේවා...
සෑහෙන්න මහන්සි වෙලා වටින ලිපියක් ලිව්වට සහ උපසිරැසිය ලබා දුන්නාට බොහොම ස්තුතියි....
ජයෙන් ජයිම වේවා....
මෙ අවුරුද්දේ සියලු පැතුම් ඉටු වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..IreshSampath
thanks
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
Rasitha Pradeep
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
chandika1975
thank for the subtitle.
Deepani
Lahiru bro oyata godaak thanks. biscope ekata hemadaama jayen jaya wewa.
Arjuna Thusitha
BR Available
SmashDinu
Thnx.... Jaya wewa..⌨⌨⌨⌨
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Gosak sthuthi bro sub ekataa.... Jaya wewa..!