හෙලෝ….හෙලෝ…හෙලෝ…කාටහරි මාව ඇහෙනවද? මගේ නම මැලරි. කවුද මේ? අනේ! කරුණාකරලා මටයි මගේ ළමයින්ටයි ආරක්ෂිත ස්ථානයකට යන්න ඕන.මොකද මේක එයාලට සුදුසු තැනක් නෙමේ.එකපාරටම වගේ මිනිස්සු නසාගන්න උත්සහ කරනවා,සමහරු කියනවා මනෝවිකාරි දෙයක් කියල.ඒත් කවුරුත් ඇත්තටම ඒ මොකක්ද කියල කියන්න දන්නෙ නැහැ. අපිට ආරක්ෂිත අංගණයක් ත…

හෙලෝ….හෙලෝ…හෙලෝ…කාටහරි මාව ඇහෙනවද? මගේ නම මැලරි.
කවුද මේ?
අනේ! කරුණාකරලා මටයි මගේ ළමයින්ටයි ආරක්ෂිත ස්ථානයකට යන්න ඕන.මොකද මේක එයාලට සුදුසු තැනක් නෙමේ.එකපාරටම වගේ මිනිස්සු නසාගන්න උත්සහ කරනවා,සමහරු කියනවා මනෝවිකාරි දෙයක් කියල.ඒත් කවුරුත් ඇත්තටම ඒ මොකක්ද කියල කියන්න දන්නෙ නැහැ.
අපිට ආරක්ෂිත අංගණයක් තියෙනව.එතන ප්‍රජාවකුත් ඉන්නවා.මෙහෙදී ඔයාලා ආරක්ෂිතයි.
හැබැයි ඔයාට ළමයි දෙන්නත් අරගෙන මෙහාට එන එක නම් අමාරු වෙයි.මොකද ඒකට ගඟ තරනය කරන්න සිද්ධ වෙනවා.ඒවගේම තමයි මේක විශේෂයෙන්ම කියන්න ඕන“තමන්ගේ ඇස් ආවරණය කරගෙන එන්න,මොන දේ සිද්ධ උනත් තමන්ගෙ ඇස් ආවරණය ගලවන්න එහෙම හිතන්නවත් එපා.ඒවගේම තමයි නිශ්ශබ්දතාවය සහ විපරම.ඒ දෙක ගොඩක් වැදගත් කාරණයක්.”
මොකද ඒ දේ මේ ලෝකයට අයිති කෙනෙක් නෙමේ.මුළු මිනිස් සංහතියම විනාශ කරන්න ආපු සත්වයෙක්.ඔබ ඒ දේ දිහා බැලුවොත් ඔබට මරණය උරුම වේවි.ඒ නිසා මම කලින් කිව්ව වගේ විදියටම කරොත් මේ ආරක්ෂිත ස්ථානයට එන්න පුළුවන් වේවි.
අනේ ඔබතුමට බොහොම ස්තූතියි,සර්.අපි කෝමහරි කරල ඔය ආරක්ෂිත ස්ථානයට එනවාමයි.මට මගේ ජීවිතයට වඩා මගේ දරුවන් දෙන්නගෙ ජීවිතය තමයි වටින්නෙ.
“හොඳයි ළමයිනෙ,මේ අහගන්න.මම මේක කියන්නෙ එකපාරයි.”
“මීට අවුරුදු 5 කට කලින් මේ එළියෙ සිද්ධ වෙන දේ නිසා මට ඔයාලගෙ නැන්දාව නැති උනා.ඉතිං ඔයාලව ආරක්ෂා කරන එක තමයි මට වැදගත්ම වෙන්නෙ.මොකද මට ඔයාලගෙ තාත්තව නැති උනා.නැන්දාව නැති උනා.ඒවගේම යහළුවො පවා. ඉතිං ඔයාලවත් කරගන්න බැහැ මට.”
“අපි දැන් චාරිකාවක් යනවා.ඒක ගොඩක් අමාරු චාරිකාවක්.”
“ඔයාලට ඒක ගොඩ කාලෙකට යනව වගේ දැනෙයි.”
“ඉතින් විපරමින් ඉන්න එක අමාරු දෙයක්.”
“ඒක නිශ්ශබ්ද වෙනවාටත් වඩා අමාරු වේවි.
ඒත් ඔයාලට ඒ දෙකම කරන්න සිද්ධ වෙනවා.”“මම මේ ඔයාලට කියන හැමදෙයක්ම නොකරොත් බේරෙන්න බැරි වේවි.”
“ඒවගේම තමයි තමන්ගෙ “තමන්ගෙ ඇස් ආවරණ ගැලවීම සපුරා තහනම්”.ඒක තමයි මෙතනදී අවශ්‍ය කරන වැදගත්ම දේ වෙන්නෙ.”
“ඒවගේම ගඟේ යනකොට කවුරුත් කතා කරන්නෙපා.”
“ඔයාලට කැළෑව පැත්තෙන් නැත්තම් ගඟ පැත්තෙන් මොනාවහරි ඇහුණොත් මට කියන්න ඕන.”
“හරි එහෙනම්, දැන් අපි පිටත්වෙමු.”
ඔවුන්ට මේ දෙයකින් ගැළවිලා යෑමට හැකි වේවිද? නැතහොත් ඔවුනුත් මෙම සත්වයාට ගොදුරු වේවිද යන ප්‍රශ්නය තමන්ගෙ හිතේ ඇති වෙන්න අරගෙන ඇති මේ වෙනකොටත්.එහෙනම් ඉතිං අවසානය තෙක් චිත්‍රපටය නරඹන්න ආරාධනා කරනවා.
The Quite Place චිත්‍රපටයෙන් පස්සෙ එවැනිම ආකාරයෙ සිනමා සිත්තමක අත්දැකීමක් නොලබන්න ඇතියි කියල හිතනව. ඔන්න එහෙනම් මේ පාර ඒ ආකරයෙ චිත්‍රපටයක් තමයි අරගෙන ආවේ. හැබැයි ඉතිං මෙය එයට සැසදීම නොහැකියි. නමුත් ඔබට එවැනි අත්දැකීමක් ලැබේවි කියල ඒකාන්තයයි. ඒවගේම ලිපිය කියවල චිත්‍රපය ගැන මනින්න නොහැකිනම් පහළ ඇති “පූර්ව ප්‍රචාරක පටය” නරඹන්න කියනවා. මොකද ඔබ එය දුටු ගමන් “මේක නම් පහරක්,බලන්නම ඕනෙයි” කියා සිතෙයි. 2018 වර්ෂයෙ දෙසැම්බර් 21 තමයි නිකුත් වෙන්න තිබ්බෙ නමුත් ඊට කලින්ම වගේ ආවා. IMDb අගය නම් 6.6 ක අගයක් අරගැනීමට සමත් වෙලා තියෙනවා ඒවගේම කුණු තක්කාලි අගය 66% අගයක් අරගැනීමට සමත් වෙච්ච සිත්තමක්. ඒවගේම මෙය අයිති වන්නෙ Drama | Horror | Sci-Fi | Thriller යන කාණ්ඩයටයි. ඒවගේම මෙයට රංගනයෙන් දායක වෙන්නෙ The Gravity | Ocean 8 ආදී චිත්‍රපට තුලින් හමුවන Sandra Bullocks ප්‍රධාන චරිතයෙක් දැක ගත හැකියි. ඒවගේම මැය ඔස්කාර් සම්මාන ලාබී නිළියක්. තවද මෙම චිත්‍රපටය ඇයට ගොඩක් සුවිශේෂීයි. මොකද කියනවා නම් මෙය ඇය රඟපාපු පළවෙනි Horror කාණ්ඩයට අයත් චිත්‍රපටයයි. අනිකුත් සෙසු චරිත වන්නෙ Trevante Rhodes | John Malkovich | Sarah Paulson | Rosa Salazar | Danielle Macdonald Jacki Weave | BD Wong යන නළුකැලයි. එහෙනම් ඉතිං නැවත වාරයක් මෙම චිත්‍රපටය නැරඹිමට ආරාධනා කරනවා.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
38,132 downloadsDownload Bird-Box-2018.zip51 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
98 comments
Kantha_DLA
oshanda
thanx sahoo
Hemantha De Silva
ස්තුතියි රුවිඳු...
සුභ නව වසරක්..Prabodha Madhusankha Hettiarachchi
Sthuthi sahoooo sub ekataaa...
isuru srinath sjs
Maru maru... ❤️
Nayanthanisal
thankz
Bandaramudiyansi
විස්වාස කරන එකක් නෑ මල්ලි මෙක ගැන ඔයා සබ්ටයිල් දුන්න පොස්ට් එකකට කමෙන්ට් එකක් විදියට කියන්න හිතුව. මොකද මෙවගෙ එව්ව ඔයාගෙ ලිස්ට් එකේ තියෙන හින්ද .මෙන්න මෙක දිල. Thx you
Ravindu Rukshan
තේරුම්ගන්න ටිකක් වෙලා ගියා කියපු එක.කොහොම නමුත් දක්වපු අදහස වෙනුවෙන් ස්තූතියි
Bandaramudiyansi
Bad times at the ei royale 2018 ඔකටත් සබ් කරන්නකො මල්ලි ඔයාම පුලුවන් නම්.හොද එකක් නෙද
gihan perera
ස්තුතියි සහෝ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
sajitha rasanga
tnq.... good work
Chanaka
Thanx saho sub ekata
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
Naveendra_rox
Thanks
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට....
kprasadms
Thank You bro....
උදයංග සම්පත් හතරසිංහ
ෆිලුම බාගෙන හිටියෙ.. මේකෙ සබ උඹ කරා කියල දැනගෙන හිටියෙ නෑනෙ. එකෙන්ම බලන්න හිටපු ෆිලුමක්. උඹ කළා කියන්නෙ ආයෙ බලන්න දෙයක් නෑ. ගින්දර වගේ ඇති. බොහොම ස්තුතියි මලයා.. ජය වෙවා..!
Tharaka
THANKS MACHO................
indika75
thanks..
Seanmars123
NIght school 2018 sub one
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!luckysun
ela saho thiller film walin labana sub fantastic ape my heart hit you sub
luckysun
ela saho
ushan
tnx
C lakmal
thank u
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයයුරාන් ධනුක
නියමයි සහෝ...
බලන්නම ඕන එකක් ...
බොහෝම ස්තූතියි උපසිරැසියට....!!!
ජය :DKulanjana Maduranga
subata thanks saho
darshana100
thanks yalu jaya wewa
duminda0991
thanks
Kasunsandeepa95
සබට තෑන්ක්ස් බොක්ක ❤️
Rukshan37
ela ela
Lahiri
thankz saho
wnrodrigo
Good work friend, Thanks!
E.a.Chathura
Godak sthuthi bro!!!!
nethula
නියමයි සහෝ....උපසිරැසියට ස්තුතියි
Nandana_kumara
Tu
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රවිඳු සහෝ.
ජයෙන් ජය.Ara N Madhu
Thanks alot malli mekata...denui dekke meka thiyenawa..hoya hoya hitiye..
aks
thanks...
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!asankarovanco
hodatooma thax......
isuru srinath sjs
Maru bn.. එල ❤️
IsharaNirmani
Thanks...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gayan Chathuranga
thanks saho!
chinthaka_priyadrshana
Thank u bro...............
Hashan M. Priyadarshana
Thank you bro
AsithaDilruwan
ela saho thanks
D.Chamara
bohoma sthuthi sahooo
nilantha7
thanks
MAALnath
Thanks ..............good luck ..................
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!