Watch Trailer

The Tree (2010) Sinhala Subtitles | අහිමි පිය සෙනෙහස [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් වේවා යාළුවනේ, ඉතිං කොහොමද? හොඳින් ඉන්නවා ඇති කියල හිතෙනවා. අද මං ඔයාලට අරගෙන ආවෙ ලස්සන පවුලෙ කතාවක්. මේක ඕස්ට්‍රේලියානු පවුලක් වටා ගෙතුණු කතාවක්. කතාවෙ සාරාංශය ගැන කියනවනම්, පීටර් සහ ඩෝව්න් කියන්නෙ අවුරුදු 15ක් පුරා විවාහක ඉතාම සතුටින් ඉන්න යුවළක්. ඔවුන්ට ඉන්නවා දරුවන් සිව් දෙනෙක්. මොනතරම…

සුබ දවසක් වේවා යාළුවනේ, ඉතිං කොහොමද? හොඳින් ඉන්නවා ඇති කියල හිතෙනවා. අද මං ඔයාලට අරගෙන ආවෙ ලස්සන පවුලෙ කතාවක්. මේක ඕස්ට්‍රේලියානු පවුලක් වටා ගෙතුණු කතාවක්. කතාවෙ සාරාංශය ගැන කියනවනම්, පීටර් සහ ඩෝව්න් කියන්නෙ අවුරුදු 15ක් පුරා විවාහක ඉතාම සතුටින් ඉන්න යුවළක්. ඔවුන්ට ඉන්නවා දරුවන් සිව් දෙනෙක්. මොනතරම් හොඳ මිනිසුන්ගෙ කොතරම් අඩුපාඩු තිබුණත් පීටර්ගෙ එහෙමයි කියල කියන්න වැරැද්දක් තිබ්බෙ නෑ. ඉතිං මෙහෙම සතුටින් ඉන්න පවුලට හිටිහැටියේම කණකොකා අඬලනවා. ඒ හදිසි හෘදයාබාධයකින් පීටර්ගේ මරණය සිදුවීමත් සමඟම.

එම ඛේදවාචකයට පවුලේ අය තම තමන්ගේ ආවේණික ස්වභාවයන් අනුව දුක් වෙන පසුබිමක අටහැවිරිදි සිමොන්ට දැනෙනවා තම මියගිය පියා ඇයගේ ගෙවත්තේ ඇති මහා වෘක්ෂය හරහා තමාට කතා කරන බවට. කතාවෙ ආරම්භය තමයි මේ. ඉතිං ඒ රටේ සිදුවෙන කාළගුණ සහ වෙනත් සිදුවීම් නිසා මේ මහා ගස කපා ඉවත්කිරීමට පුද්ගලයින් උත්සාහ කරද්දී සිමොන් එය රැකගැනීමට දරණා ප්‍රයත්නය තමයි මේකෙ තියෙන්නෙ. ඉතිං එයාලට ගස කපා ඉවත්කරන්න ලැබේවිද, පීටර් ඇත්තටම ගස හරහා සිමොන්ට කතා කරනවාද, අවසානයේ ඔවුන්ගේ පවුලට නැවත අහිමිවී ගිය සතුට ලැබේවිද යන කාරණා දැනගන්න ඔයාලට මේක බලන්නම වෙනවා.

ඔයාලට කියන්න කැමතියි මේක ලොකු තේරුමක් තියෙන කතාවක්, මොකද ඒ වැනි අය අප අතරත් ඕනෙතරම් ඉන්න නිසා. මේක ප්‍රායෝගික කතාවක්. ඔයාලට ඒක බලනකොට තේරෙයි. මේ නිර්මාණයෙ විශිෂ්ඨ බව නිසාම එක් සම්මානයකට සහ නාමයෝජනා 16කට හිමිකම් කියනවා. Bratislava International Film Festival 2011 හිදී හොඳම නිළිය සඳහා වූ සම්මානය Charlotte gainsbourge විසින් දිනාගනු ලබනවා. විනාඩි 100ක් පුරා දිවෙන මේ සළරුව Drama, Family, Romance කියන ඛාණ්ඩ වලට අයිති වෙනවා. මෙහි කතාව උපුටාගෙන තියෙන්නෙ Judy pascoe කියන ලේඛිකාවගෙ Our Father Who Art In The Tree පොතෙන්.

IMDb දර්ශකයෙ 6.6ක අගයක් මේ සළරුව සඳහා ලැබිලා තියෙනව. තවද මෙහි පිරිවැය ලෙස යුරෝ මිලියන 7.74ක් වැයවෙලා තිබෙනව. 2010 අගෝස්තු 11 වෙනිදා තමයි නිළ වශයෙන් ප්‍රංශය තුළ මෙය මුලින්ම ප්‍රදර්ශනය ආරම්භ කරල තියෙන්නෙ. අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Julie Bertuccelli විසින්. චිත්‍රපටියෙ රචකයාත් එයාමයි. රංඟනයෙන් Charlotte Gainsbourg, Marton Csokas, Morgana Davies වගේ අය දායක වෙලා තියෙනවා. මූලිකවම චිත්‍රපටය ගැන කියන්න තියෙන්නෙ ඕවා තමයි. මං ඔයාලට ආරාධනා කරනවා ඇවිත් මේක බලන්න කියල. සමහරවිට මේක ඔයාගෙ කතාව වෙන්න පුළුවන්.

එහෙනම් ඉක්මනින්ම තවත් උපසිරසියකින් හමුවෙමු. එතකල් ගිහින් එන්නම්.

ඔබට ජය…

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

1,232 downloadsDownload The-Tree-2010.zip32 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/12/Gayan-Chathuranga-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-15
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

ගයාන් චතුරංග

Subtitles

1,232 downloadsDownload Subtitles32 KB

10 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    Request::
    Bird Box (2018)
    They Shall Not Grow Old (2018)

  2. kavinuweerakkody

    බොහොම ස්තූතියි අයියේ... සබ බෑවා! ඔන්න ෆිලුමත් බාන්න දැම්මා..
    ජය වේවා..

  3. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!
    පුලුවන්නම් දිගටම මේ වගේ මගඇරුන හොද ෆිල්ම් වලට සබ් දෙන්න....

  4. Kulanjana Maduranga

    niyamai...subata thanks mcn...keep it up....

  5. Tharaka

    HONDA FILM EKAK WAGE... BOHOMA STHUTHIY..................!!!!!!!!!!!!!!!!!!!!!!

  6. Bandara 1976

    Thanks for the sub for this film Bro...

  7. TharakaWAS

    Thanks for sub...!!!
    Jaya wewa...!!!

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. AsithaDilruwan

    ela saho thanks

  10. MAALnath

    Thanks .................good luck .......................