Watch Trailer

Shatamanam Bhavati (2017) Sinhala Subtitles | නෑනා, මස්සිනා ආදර අන්දරය..? [සිංහල උපසිරසි සමඟ]

ඔයා හැමෝගෙම දුක ගැන හිතන්නේ.. මට ඇති දුක මොනවද සීයේ..? ඔයා ආදරය කරන කෙල්ල ලබාගන්න බැරිවුනා කියලා නේද දුක..? ඇයි ඔයා නිත්‍යාට ආදරය කලා කියලා කිව්වේ නැත්තේ..? මම නිත්‍යාට විතරක් නෙවේ ආදරේ.. ඔයාලා හැමෝම මට ආදරෙයි.. මට ඔයාලව නැති කරගන්න බෑ.. ඔයා ඒකට කැමති නෑ කිව්වේ ඔයාගේ බෑණා හින්දා නේද..? අපි එකිනෙකාට…

ඔයා හැමෝගෙම දුක ගැන හිතන්නේ..
මට ඇති දුක මොනවද සීයේ..?
ඔයා ආදරය කරන කෙල්ල ලබාගන්න බැරිවුනා කියලා නේද දුක..?
ඇයි ඔයා නිත්‍යාට ආදරය කලා කියලා කිව්වේ නැත්තේ..?
මම නිත්‍යාට විතරක් නෙවේ ආදරේ..
ඔයාලා හැමෝම මට ආදරෙයි..
මට ඔයාලව නැති කරගන්න බෑ..
ඔයා ඒකට කැමති නෑ කිව්වේ ඔයාගේ බෑණා හින්දා නේද..?
අපි එකිනෙකාට ආදරය කරනවද..?
ඔයා මට මස්සිනා කියලා කතා කරනවද..?

මට ඔයාගේ ඇස් වලින්
මං ගැන තියෙන ආදරය දකින්න පුළුවන්..
මගේ හදවත දන්නවා මම ඔයාට කොච්චර ආදරේද කියලා..
ඔයා ගැන මගේ තියෙන ආදරය..
වචනවලින් විස්තර කරන්න බෑ..
ඔයා කිව්වේ නැතත් මට තේරුම්ගන්න පුළුවන්.

මම කැමති දේවල් ඔයාට තාමත් මතකද..?
මම කැමති කෙනා මට මතකයි නම්…
එයාලා කැමති දේවල් මට මතක නැත්තේ ඇයි..?

පවුලක් කියන්නේ ඉතින් මාරම බැදීමක් තියෙන තැනක්. ඇත්තටම පවුලම සමගියෙන් ඉන්නේ දෙමව්පියන්, ළමයි එකට සතුටින් ඉන්න කොට තමයි.මේ මුළු ෆිල්ම් එක පුරාම තියෙන්නේ පවුලේ ප්‍රශ්නයක් විසදන හැටි.. පවුලේප්‍රශ්නේ ඇති වෙන්නේ ළමයි හින්දා තමා.. මේ ප්‍රශ්නේ සුපිරියට විසදන්නේ රාජුහින්දා තමා. SHARWAND හා ANUPAMA PARAMESHWARAN තමා මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතදෙක.. ෆිල්ම් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ RAJU විසින්.. ඒ වගේම තිරරචනය හා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ VEGESNA SATISH විසින්..

රාගවරාජු කියන්නේ ආතරපුරම් ගමේ ඉන්න ඉඩම් හිමි වැවිලි කරුවෙක්. ඔහු තමන්ගේ බිරිඳ වෙන ජානකි අම්ම සහ ඔහුගේ බෑනාබන්ගර් රාජු ඔහුගේ බිරිඳ පුතා ඇතුළු කීප දෙනෙක් එක්ක ජිවත් වෙනවා. කොහොමවෙතත් විවිද හේතු නිසා මේ අයගේ දු පුතුන් ජිවත් වෙන්නේ විදේශ රටවල් වලයි. නමුත් කිසියම් බරපතල කාරණයක් නිසා මේ අයට හදිසියේම මේ අයට තමන්ගේ දෙමව්පියන් ගාවට එන්න සිද්ද වෙනවා. මෙහෙම එන ගමනේ මුලින්ම එන්නේ රාගවරාජුගේ ලොකු දුව තමයි. මෙයාලව එක්කන් එන්න කියලා මගට රාජුව යවනවා. මේ රාගවරාජුගේ ලොකු දුවගේ දුව තමයි නික්‍යා. ඉතින් රාජු මෙයාලව එක්කන් එන අකරමගදී ගොඩක් ලස්සන තැන් තියෙනවා. ඒ හැම තැනකම් ෆොටෝ ගහන්න නික්‍යා අමතක කරන්නේ නෑ. ඉතින් කොහොමින් හරි මහගෙදරට ආවට පස්සේ, නිත්‍යාට ගම වටේ ඇවිදින්න යන්න ආස හිතෙනවා. රාජු නිත්‍යාව එක්කන් ගම හැම තැනම යනවා. ඒ යන ගමන් රාජුට ගොඩක් දේවල් වලට මුහුණ දෙන්නනම් වෙනවා. ගොඩක්ම ගමේඅය හිතන් ඉන්නේ මෙයා රාජුගේ පෙම්වතිය කියලා, තොහොමින් හරි මේ පවුලේ ලමයින් පිටරටවල් වල ඉදන් මේ ප්‍රශ්නෙ මොකක්ද බලන්න එනවා, ඒත් ආවත් මෙයාලා දෙමව්පියන් එක්ක වැඩිය එකතුවක් නැතිවු තමා හැසිරන්නේ.

Budget  – 8 crore (US$1.2 million)

Box office – 53 crore (US$7.7 million)

ඔය අතරෙ නිත්‍යායි, රාජුයි දෙන්න අතරෙ ප්‍රේමයක් හට ගන්නවා. මේ අතරෙ මේ දෙන්නට එයාගේ ප්‍රථම ප්‍රේමයෙන් වෙන් වෙලා දුක් විදින එයාලාගේ මාමා කෙනෙක් හම්බ වෙනවා. එයාගේ ආදර කථාව අහමු මේ දෙන්නා කරන්නේ මාම වැඩක්.. ඉතින් දවසක් නිත්‍යාෙග් අම්ම රාජට නිත්‍යා ආදරය කරන විත්තිය දැන ගන්නවා. ඒක දැනගෙන එයා මාරම ගේමක් ගහනවා, දෙමව්පියන් තම දරුවන් එනකන් බලන් ඉදියත් එයාලට දෙමව්පියන්ගේ දුක තේරෙන්නේ නෑ. ඉතින් ඒක නිසා ගොඩක් ප්‍රශ්ණ වලට මූණ දෙන්න වෙනවා. මේ ඔක්කොටම උත්තරයක් හොයලා මේ පවුලම එකතු කරන කෙතෙන් ඉන්නවා. එයා ගැනනනම් දැන ගන්න මේ ලස්සන කථාව බලන්නම වෙනවා. ඒ වගේම නිතයායි රාජුයි කියන්නේ දෙන්නා නෑනා, මස්සිනා. දෙන්නට මොනවා වෙයිද, ආදරය ජය ගනීද තියලා බලන්න ඔයාලට භාර කරන ගමන් තවත් උපසිරසියක් එක්ක හමු වීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා, සියලු දෙනාටම තෙරුවන් සරණයි.

චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.

  • කාණ්ඩය :Drama
  • අධ්‍යක්ෂණය : Satish Vegesna
  • නිෂ්පාදනය : Dil Raju
  • රංගන ශිල්පීන් : AnupamaParameswaran, Prakash Raj
  • කථාව රචනය : Satish Vegesna
  • ධාවන කාලය : 2 hrs 15 min
  • තිරගත කල දිනය : 14 January 2017
  • සංගීතය :Mickey J. Meyer
  • IMDBඅගය : 7.0/10

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

6,253 downloadsDownload Shathamanam-Bhavathi-2017.zip64 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

උදය සමන් කුමාර

Subtitles

6,253 downloadsDownload Subtitles64 KB

13 comments

  1. Anushka617

    tnx bokkah

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. isuru srinath sjs

    Thanks machan ..!

  4. Sameera Diyashan

    WAITING FOR ASURAN....BRO

  5. sooriyapatabadige

    Thanks for sub bro.......(Express Raja 2016) Telugu movie ekata sub denna please.......

  6. Rukshan37

    Ela

  7. Nadeesha rox alahakoon

    Tnx bro

  8. යුරාන් ධනුක (දනුවා)

    ෆිල්ම් එක හරිම ලස්සනයි උදය සහෝ...
    උපසිරැසියට බොහෝම ස්තූතියි
    තවත් මේ වගේ ඒවා ඕන
    ජය වේවා ....!!!

  9. Akashpc

    Tnx

  10. nish47

    ස්තූතියි සහෝ

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Deshani

    Thank you

  13. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා!
    දිගටම සබ් දෙමු ආ...
    ජය!