Watch Trailer

Shadow of a Doubt (1943) Sinhala Subtitles | ‍සැකයේ සෙවණැලි. [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකට පස්සේ සිංහල උපසිරැසියක් අරං ආවා.මේක කාලෙකට කලින් බාගෙට සම්පූර්ණ කරලා තිබුණ එකක්. අබිරහස් ,අපරාධ, දාම ඝාතන සම්බන්ද සිනමාපට බලන්න කැමති අය වෙනුවෙන් අපූරු classic film එකක් මේක. ඒ සිනමාවේ ලොක්කා වගේ ඉන්න නැත්නම් Master of suspense කියන විරුදාවලිය ලබා සිටින ශ්‍රේෂ්ඨතම සිනමාකරුවෙක් වන ඇල්ෆ්‍රඩ් හ…

කාලෙකට පස්සේ සිංහල උපසිරැසියක් අරං ආවා.මේක කාලෙකට කලින් බාගෙට සම්පූර්ණ කරලා තිබුණ එකක්. අබිරහස් ,අපරාධ, දාම ඝාතන සම්බන්ද සිනමාපට බලන්න කැමති අය වෙනුවෙන් අපූරු classic film එකක් මේක. ඒ සිනමාවේ ලොක්කා වගේ ඉන්න නැත්නම් Master of suspense කියන විරුදාවලිය ලබා සිටින ශ්‍රේෂ්ඨතම සිනමාකරුවෙක් වන ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ අධ්‍යක්ශණයක්. ගොඩක් අය කියන්නේ හිච්කොක්ගේ මාස්ටර්පීස් එක psycho නැත්නම් vertigo කියලා ..ඇතැම් අය කියනවා rear window කියලා.නමුත් හිච්කොක් තමන්ගේ ෆිල්ම්ස් අතරින් පෞද්ගලිකව ආසම නිර්මානය මේකලූ.. plot holes දැක ගැනීමට නොලැබෙනම තරමේ නිර්මාණයක් වන මෙය ඇතැම්හූ හිච්කොක්ගේ underrated masterpiece එකක් විදියට හදුන්වනවා. මෙය සිනමාත්මකව ඉතා ඉහල නිර්මාණයක් කියන්න පුලුවන්.. හැමෝම මේක අනිවාර්‍යෙන් රසවිදින්න කියලා ඉල්ලනවා.

මේ සිනමාපටයේ ප්‍රධාන චරිත දෙක චාලී මාමා ලෙස Joseph Cotten සහ යොවුන් චාලි ලෙස Teresa Wright සුවිශේශී ඉතාම සාර්තක රංගනයක් සිදුකරනවා.. විශේෂයෙන් Joseph cotten ගේ රංගනය ඉතා විශිෂ්ඨ එකක්. Classic රසිකයන්ට නම් ඔහු දක්ශ නලුවෙක් බව අමුතුවෙන් කියන්න අවශ්‍යත් නෑ. Shadow of a Doubt සිනමාපටයේ මේ චරිතය බොහෝ “සිනමා දුෂ්ඨයන්ගේ චරිතාවලියන් ලැයිස්තුවල” ඉහලින්ම දැකගැනීමට ලැබෙන්නක්. අහ් කතාවත් පොඩ්ඩක් කියලා යන්නම්

Plot
මේ කතාවට තේමාව වන්නේ කැලිෆෝනියාවේ ශාන්ත රෝසා කියන ප්‍රදේශයේ වෙසෙන එක් සාමාන්‍ය පවුලක්. ඒ පවුලේ ඉන්නේ මව පියා සහ දරුවන් තිදෙනෙක් පමණයි. වැඩිමල් දියනිය චාර්ලට් (චාලී)ඊලගට කුඩා දියණියක් සහ පුතෙක් . පියා රැකියාවෙන් බැංකුවක තරමක් ඉහල නිලයක් දරන්නෙක්. මව ගෘහණියක්. දරුවන් තිදෙනාම සාමාන්‍ය පවුලක දරුවන්ට වඩා තරමක් විචාර බුද්ධියෙන් හෙබි පොත් කියවීමට ලැදි අය…

පවුලේ වැඩිමල් දියණිය චාලී හිතන්නේ මේ පවුල මහ කම්මැලී මෙලෝ රහකට නැති එකම දිනචර්‍යාවෙන් ගෙවෙන පවුලක් කියලා. ඉතිං #චාලට්ට ඕනේ වෙනසක්..!

ඉතිං ඇයට හදිසියේම සිතුවිල්ලක් එනවා. තමන්ගේ ආසම මාමා, අම්මගේ එකම මල්ලී #චාල්ස් ව මේ පවුලට ගෙන්න ගත්තොත්, ඒ වෙනස එක්ක නැවත ජීවිතේට නැවුම් ආරම්භයක් ලැබේවී කියලා. මේ චාලී (චාර්ල්ස්) මාමා තමයි හැමදාම කුඩා චාලිගේ (චාලට්) ලෝකේ වීරයා වුනේ.. නමේ සමාන කම වගේම ඔවුන් දෙදෙනා අතර මානසික සැබැදියාවකුත් ඇති බව ඇය තදින් විශ්වාස කළා. චාර්ල්ස් පෙනුමෙන් ප්‍රීතිමත් කඩවසම් වගේම ප්‍රියජනක කෙනෙක් විදියට තමා චාර්ලී දැක්කේ. චාර්ලිගේ අම්මත් තමන්ගේ මේ පොඩි මල්ලිට හරිම ආදරෙයි. හදිසියේම මේ විදියට ඔවුන්ගේ නිවසට සහ සාමකාමී ශාන්ත රෝසාවට සංක්‍රමණය චාර්ලී මාමා සහ මේ පවුල වටා තමා කතාව ගෙතෙන්නේ. හිතපු විදියටම චාර්ලිගේ පවුලට අලුත් වෙනසක් අරම්භයක් ලැබෙනවා.

ඒත් හදිසියේම මේ සියල්ල වෙනස් වෙන්නේ මේ ගෙදරට එන පවුල් සමීක්ෂණ නිලධාරීන් දෙපලක් සමගයි..ඔවුන් සැබවින් සමීක්ෂණ නිලදාරීන්මද.. ? මේ ආගමනය චාලී සහ චාලි මාමා අතර සබදතාවට සහ මේ පවුලට බලපාන්නේ කෙසේද ? සමීපතමයෙක් නෑයෙක් වුණත් ඔහුව ඔබට 100% විශ්වාස කල හැකියද..ඕනම සම්බන්දයකට සැකය නැමති සෙවනැල්ල වැටුණ විට එහි අවසානය විසදෙන්නේ කෙලෙසද ..? සැකය කියන්නෙ නරක සිතුවිල්ලක්ම නෙවෙයි. ඒ එක්ක ඔබ ගණුදෙනු කරන විදිය තමයි සියල්ල තීරනය කරන්නේ.. හේතු සාදක හොයලා බලලා එක්කෝ සැකය බැහැර කරගන්න .. නැත්නම් සඵත කරගන්න !

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

1,292 downloadsDownload Shadow-of-a-Doubt-1943.zip74 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ස්වර්ණරේඛා සෙව්වන්දි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-11-05
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ස්වර්ණරේඛා සෙව්වන්දි

Subtitles

1,292 downloadsDownload Subtitles74 KB

13 comments

  1. උදයංග සම්පත් හතරසිංහ

    Good job ✌️

  2. dilan123

    Citizen Kane (1941) එකෙත් සබ් දෙන්න

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
    ජය වේවා.!

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Dewadithya

    Thanks for Sub!

  6. Priyantha Dayakeerthi

    ඔබට ගොඩක් ස්තුතියි මෙවන් කලාත්මක සිනමාපටයකට සිංහල උපසිරසි ලබාදීම පිළිබදව, මා ළඟ ඇල්ෆඩ් හිච්කොක්
    ලොව මහා සිනමාකරුගේ සියලුම ෆිල්ම් තිබෙනවා. මෙය උපසිරසි නොමැති නිසා මෙතෙක් නරඹන්නට නොහැකිවූ එකක් දැන් ඔබේ වටිනා උපසිරසි වලින් එය බලන්නට පුළුවන්.

  7. Priyantha Dayakeerthi

    මෙම වෙබ් එකේ පැරණි ෆිල්ම්වලට උපසිරසි කරන අය නැහැ. ඉතින් මෙවැනි උපසිරසියක් ඉතාමත් වටිනවා. මේවට ප්‍රිය කරන අය
    සහ ඒවායේ අගය දන්නා අය වර්තමානයේ ඉතාමත් දුලබයි. ඒ දුලබ පිරිසට මෙය ඉතාමත් වටිනවා. මීට පෙර "බුද්ධික නුවන්" සොයුරා කලාත්මක ෆිල්ම් සඳහා උපසිරසි ලබාදුන්නා. ඒවා සියල්ලම නැරඹීමෙන් පසුව මා ළඟ සුරැකිව තිබෙනවා. ඔහුත් දැන් එයින් ඉවත් වෙලා. ඔබට හැකිනම් ඉදිරියේදී මෙවන් වටිනා පැරණි සිනමාපට සඳහා සිංහල උපසිරසි ලබා දෙන ලෙස මා යෝජනා කර සිටිනවා. ඔබේ වෙහෙසට මාගේ ප්‍රණාමය, ස්තුතියි!

  8. sathyajith

    thanks for the sub

  9. Bandara76

    Thanks lot dear sewvandi

  10. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

    1. Swarnarekha sewwandi

  11. Amalka

    තැන්ක්ස් සබ් එකට අද බැලුව

  12. Shaggy

    Thank you very much