මෙය පැරණි හින්දි සිනමාවේ ජනප්‍රියතම සිනමාපටයකි. IMDb සිනමා දර්ශකයේ 6.3 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සුවිශේෂ සිනමා නිර්මාණයකි. දූෂිත බැංකු කළමණාකරුවෙකු වන “මාතූර්” නීති විරෝධී ලෙස රුපියල් මිලියන 2.5 ක් ණයට ගෙන අපරාධ නායකයෙක් වන “ජේ.කේ. වර්මා” හට ලබා දෙයි. පසුව මේ මුදල් ප්‍රමාණය ගෙවන ලෙස මාතූර්,…
මෙය පැරණි හින්දි සිනමාවේ ජනප්‍රියතම සිනමාපටයකි. IMDb සිනමා දර්ශකයේ 6.3 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සුවිශේෂ සිනමා නිර්මාණයකි.
දූෂිත බැංකු කළමණාකරුවෙකු වන “මාතූර්” නීති විරෝධී ලෙස රුපියල් මිලියන 2.5 ක් ණයට ගෙන අපරාධ නායකයෙක් වන “ජේ.කේ. වර්මා” හට ලබා දෙයි. පසුව මේ මුදල් ප්‍රමාණය ගෙවන ලෙස මාතූර්, ජේ.කේ. වර්මා හට දන්වයි. මෙහි දී මේ මුදල් ප්‍රමාණය බැංකුවෙන් පිටට දුන් බව අසු නොවන ආකාරයට ජේ.කේ. වර්මා බැංකු මංකොල්ලයක් මාතූර් සමඟ සැලසුම් කරයි. එය සාර්ථකව සිදු කරන අතර මාතූර්ගේ සහය ද බැංකුව තුළදී කොල්ලකරුවන්ට ලැබෙයි. පොලිස් පරීක්ෂක “ආනන්ද් ශ්‍රිවාස්ටව්” මෙම කුමන්ත්‍රණයේ පරීක්ෂණ සාර්ථකව සිදුකර කොල්ලකරුවන් හෙළි කරගෙන යන විට, නර්තන ශිල්පිනියක් වන “ජුලී” යොදා උපක්‍රම ශීලී ලෙස පොලිස් පරීක්ෂක ආනන්ද් ශ්‍රිවාස්ටව්ව අල්ලස් චෝදනාවකට අසු කර දෙයි. නමුත් මෙය සැලසුම් කළ වංචාවකි. ඒ මන්ද පරීක්‍ෂක පරීක්‍ෂක ශ්‍රිවාස්ටව් දුෂණයට එරෙහි අවංක පොලිස් නිලධාරියෙකි. පොලිස් පරීක්ෂක ශ්‍රිවාස්ටව් අත්අඩංගුවට ගෙන මාස තුනක් සිරගත කර සිට ඇප මත මුදා හැරීමෙන් පසු සිදුවූ අවමානය නිසා සිත් තැවුලින් නිවසේ බාල්කයක එල්ලී සිය දිවි නසා ගනී. මෙය ඔහුගේ අට හැවිරිදි පුත් විජේකුමාර් ගේ සිත්හි කාවදින බරපතල සිද්ධියක් වේ. ඔහු කවදා හෝ තම පියාගේ අහිමිවූ ගෞරවය නැවත ලබා දෙන බවට පොරොන්දු වෙයි.
වසර ගණනාවකට පසු, විජේකුමාර් පොලිස් පරීක්ෂකවරයෙක් බවට පත්වෙයි. එහෙත් ඔහු ජේ.කේ. වර්මා ඇතුළු අපරාධකරුවන් ඉදිරියේ නෝන්ජල්, බියසුළු පුද්ගලයෙක් ලෙස හැසිරේ. මේ අතර “ෂහෙන්ෂා”, නාමයෙන් සටන් ඇඳුමෙන් සැරසුණු, අපරාධ සඳහා විරුද්ධ වන සැඟවුණු සටන්කරුවෙකු බිහිවෙයි. මෙය අපරාධ කරුවන්ට භීතියක් ගෙන දෙයි. මෙතැන් සිට එම කල්ලි තුළ ප්‍රශ්න රාශියක් පැන නගියි. අමිතාබ් භච්චන්, මීනාක්ෂි ශේෂාද් සහ ප්‍රාන් ක්‍රිෂන් ප්‍රධාන චරිත නිරූපණයට දායක වී සිටින, ඉතාමත් කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ සිනමාපටයකි.
මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති “දෝස්ති”, “ආයි මිලන් කී බේලා”, ඇන් ඊවිනින් ඉන් පැරිස්”, බූට් පොලිෂ්”, “සංගම්”, “සාති” “මෙරා නාම් ජෝකර්”, “අනාරි”, “දේව්දාස්”, “ආහ්”, “දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ”, “ශ්‍රී 420”, “ද බයිසිකල් තීෆ්”, “ද ක්‍රසන්ඩා ක්‍රොසින්”, හම් හින්දුස්ථානි”, “හම්රාස්”, “සුරාජ්”, “ගීත්” ,”අප්නා දේශ්”,”අර්සු”,”කැරවෑන්”, “අල්බේලා”, “ජන්ග්ලී”, චෝරි චෝරි”, “අන්දාස්”, “ආන්” “ජිස් දේශ් මෙන් ගංගා බේති හේ”, “තෙරේ ගර් කී සාම්නේ”,”ගෝරා ඕර් කාලා” “සෝල්වා සාල්”, ”මිලැප්”, “බ්‍රහ්මචාරී”, “කාෂ්මීර් කී කාලි”, “දුලාරි”, “ප්යාර් කා මෝසම්”, ටී ශ්‍රී මන්සිල්”, “අසාද්”, “තුම්සෙ අච්චා කෝන් හේ”, “බොබී”, “ගවාර්”, “ගුම්රාහ්” “ආනන්ද්”, “දොන්”, “කාලියා”, “ද ග්‍රේට් ගැම්බ්ලර්” යන පැරණි හින්දි චිත්‍රපට එක්තරා යුගයක අතිශය ජනප්‍රිය වුවත් මෙම සිනමාපට පසුගිය කාලයේ රුපවාහිනී නාලිකාවක හෝ ඩීවීඩී තැටියක් ලෙස හෝ ඇහැට දකින්නටවත් නොතිබුණි. මාගේ පුද්ගලික රුචිකත්වයත් මෙම කාලයේ සිනමාපට වන අතර, මෙම ජනප්‍රිය පැරණි හින්දි සිනමා සිනමාපට ගොනුව හැකි තරමින් සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.
මෙය මාගේ “බයිස්කෝප් වෙබ් අඩවිය” හරහා දෙනු ලබන හතලිස් හයවෙනි සිංහල උපසිරසිකරණයයි. අන්තර්ජාලයේ Shahenshah full movie 1988 Amitabh Bachchan යනුවෙන් යූ ටියුබ් හි සඳහන්ව ඇති පැය තුනයි, මිනිත්තු පහයි, තත්පර විසි හතක ධාවන කාලයක් සහිත වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙන බව ද සලකන්න. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960, සහ 1970 දශකවල සිනමාපට සඳහා පමණක් සිංහල උපසිරසි නිර්මාණය කිරීම පමණයි මා සිදු කරන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ස්තූතියි!

Due to copyright issues, we do not provide any torrent link.
ගැළපෙන පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ලබාගන්න.
1,429 downloadsDownload Shaheshah-1988.zip61 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විතානගේ ප්‍රියන්ත
Subtitles
16 comments
Kantha_DLA
viraj
1997 දි මේක මම මුලින්ම බැලුවෙ..අයි.ටී.එන් එකේ ඉරිදාවක ගියේ.තාම මතකයි..කතාවෙත් තැනින් තැන මතකයි..
geeganagamage
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…Shamal manojan
උපසිරැසියට බොහොම ස්තූතියි.
ඔබ ක්‍රමයෙන් පැරණි වර්ෂයන්ගේ සිට 90 දශකය පැත්තට එන බවක් තමයි පේන්නේ. හැකිනම් 90 දශකයෙනුත් ජනප්‍රිය ගීත සහිත සිනමාපට කිහිපයක් හෝ උපසිරැසි කරන ලෙස ඉල්ලමි. 90 දශකයේ සිනමාපට දෙන අය දැන් බයිස්කෝප් අඩවියෙන් ගිලිහී ගොසින්.
Priyantha Dayakeerthi
ෂාමල් මනෝජන් සොයුර,
ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි! මාගේ පුද්ගලික රුචිකත්වය 1960 සිට 1975 වර්ෂය දක්වා වන හින්දි සිනමාපට. ඒවා බලන්නට ආසා නිසා ඒ ගමන් සබ් කරනවා. ඇත්තෙන්ම වැඩි ඩවුන්ලෝඩ් ප්‍රමාණයක් මගේ ඉලක්කය නොවෙයි. හිතවතෙකුගේ අවශ්‍යතාවය මත තමයි 1975 න් පසු ඒවා කීපයක් සබ් කළේ. "දහරා මතු අමා" සොයුරිය 90 දශකයේ ඒවා කරලා තිබුණා. එහෙත් ඇය දැන් වැඩි ඩවුන්ලෝඩ් අංකයක් සොයන නිසා ඒ අගනා කාර්යය ඇත හැරලා කියලා මම හිතනවා. අළුත්ම සිනමාපට තරගයට ඇයත් එක්වෙලා වගෙයි. හැකිනම් ඇයට මේ යෝජනාව කරන්න, ස්තුතියි!
සඳුන් ජීවන් කුමාර
ෂාහ්... මම අමිතාබ් බච්චන් ගෙ ආස Film වලින් එකක් තමයි මේ... ආය කියළ වැඩක් නෑ සුපිරි ගාම්භීර Film එකක්.
නියමයි ප්‍රියන්ත සහෝ.මම මේ Film එකේ ආසම සින්දුව තමයි මේ පහළින් තියෙන්නේ.
කිෂෝ කුමාර් තමයි සින්දුව කියන්නෙ.Andheri raaton mein sunsaan rahon par
Har zulm mitaane ko ek masiha nikalta hai jise log shahenshah kehate hainindika75
thanks..
isuru srinath sjs
සිංහල උපසිරැසියට, බොහොම ස්තුතියි !!
Chaminda Lakruwan
ස්තූති සබ් එකට
පුලුවන්නම් අමිතාබ් බච්චන්ගේ මාර්ඩ් ෆිල්ම් එකට සබ් දෙන්නකෝJanodha
සිරසේ HitTv eke dekkata passe ආයෙත් බලන්න asai බං sub එක නිසා. තැන්ක්ස් සහෝ
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!Chaminda Lakruwan
ස්තූති සබ් එකට
Priyantha Dayakeerthi
ෆේස් බුක් එකේ. පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.
Kesara Withanage
සිංහල උපසිරසියට තුති. පැරණි හින්දි සිනමාපට වලට අලුතෙන් සිංහල උපසිරැසි ලබාදෙන ඔබතුමාගේ කාර්යය අගය කරනවා.
දිගටම උපසිරැසි නිර්මාණ කිරීමේ ශක්තිය ලැබේවා. ඔබට ජය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!