Watch Trailer

Ju-On: The Grudge 2 (2003) Sinhala Subtitles | ශාපයට හසු වූ නිවසක් – 02 [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට, ඔන්න අද මං ඔයාලට අරගෙන ආවා Ju-On:The Grudge හොල්මං චිත්‍රපටයේ දෙවෙනි කොටස. කලින් දුන්නු පළවෙනි කොටස බලපු යාළුවන්ට ඔන්න දෙවෙනි කොටසත් අරගෙන ආවා. පළවෙනි නිර්මාණය වගේම මේ දෙවෙනි කොටසත් රචනා කොට අධ්‍යක්ෂණක කර තිබෙන්නේ Takashi Shimizu විසින්. Noriko Sakai, Chiharu Niiyama, Kei Horie, Yui…

කොහොමද කට්ටියට, ඔන්න අද මං ඔයාලට අරගෙන ආවා Ju-On:The Grudge හොල්මං චිත්‍රපටයේ දෙවෙනි කොටස. කලින් දුන්නු පළවෙනි කොටස බලපු යාළුවන්ට ඔන්න දෙවෙනි කොටසත් අරගෙන ආවා. පළවෙනි නිර්මාණය වගේම මේ දෙවෙනි කොටසත් රචනා කොට අධ්‍යක්ෂණක කර තිබෙන්නේ Takashi Shimizu විසින්. Noriko Sakai, Chiharu Niiyama, Kei Horie, Yui Ichikawa සහ Emi Yamamoto යන නළු නිළියන් මෙහි ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වී තිබෙනවා.

Ju-On:The Grudge 02 2003 වසරේ අගෝස්තු මාසයේ 23 වන දිනදී ප්‍රථම වරට ජපානයේදී නිකුත් කර තිබෙනවා. පසුව 2006 වසරේදී ලොවපුරා ප්‍රදර්ශණය ආරම්භ කර තිබෙනවා. Imdb දර්ශකයේ 6.4 ප්‍රේක්ෂක මනාපයක් සහ Google පරිශීලකයන් 85% මනාපයක් මේ සඳහා ලබා දී තිබෙනවා. මෙම නිර්මාණය ලොව පුරා ප්‍රදර්ශණය කිරීමෙන් $2,705,820 ක ආදායමක් දිනා ගැනීමට සමත් වී තිබෙනවා. මෙය අයත් වෙන්නේ Drama|Horror යන කාණ්ඩ වලට. ඒ වගේම පළමු නිර්මාණය මෙන්ම මෙයද පුරා පැයකුත් විනාඩි තිස් දෙකක ධාවන කාලයක් සහිතයි.

කතාව ආරම්භ වන්නේ මෙහෙමයි, චිත්‍රපට නිළියක වන කියොකෝ අද්භූත රූපවාහිනි වැඩසටහනක රඟපෑමෙන් අනතුරුව ඇගේ සැමියා වන මසාෂි සමග නිවස බලා යමින් සිටිනවා. හදිසියේම ඔවුන්ගේ මෝටර් රථය අනතුරකට පත් වෙනවා. ඒ වගේම එම අනතුරෙන් ඇයගේ සැමියා වන මසාෂි කෝමා තත්ත්වයට පත්වෙන අතර ඇයගේ කුසේ සිටි දරුවාද අනතුරෙන් පසු මිය යනවා. නමුත් පසුව ඇය වෛද්‍යවරයා වෙත යන අවස්තාවේ ඔහු පවසා සිටින්නේ දරුවා හොඳින් වැඩෙමින් සිටින බවයි. එය ඇසීමෙන් පසු ඇය වික්ෂිප්ත වනවා. නැතිවුණ දරුවා නැවතත් කුසට ආවේ කොහොමද? එහෙනම් කියොකෝගේ කුසේ සිටින දරුවා කවුද? මෙය සිදු වුණේ කොහොමද? එකින් එකට මේවා විසඳගන්න යම් යම් කාල පරිච්චේදයන් 06ක සිදුවෙන සිදුවීම් මාලාවක් (කියොකෝ, ටොමෝකා, මෙගුමි, කෙයිසුකේ, චිහාරු, කයාකෝ) සහිතව නිපදවා ඇති මෙම නිර්මාණය බලන්න කියල ආරාධනා කරනවා. පළවෙනි චිත්‍රපටය වගේම තමයි. මෙයත් අවධානෙන් බලන්න. අවසානෙදි ඔයාලට කතාව තේරෙයි. ඒ වගේම මේකට උපසිරැසි යෙදීම සඳහා චිත්‍රපටය බාගත කිරීමට ලිංකුවක් හොයල දුන්නෙ සොහාන් ජයසූරිය සහෝදරයා. ඉතින් සහෝ බොහොම ස්තූතියි!

හරි එහෙනම් මං ගිහින් එන්නම්. නැවත උපසිරැසියකින් හමුවෙන තුරු හැමෝටම ජය. බුදු සරණයි!

https://www.youtube.com/watch?v=kBLPgwG6V44

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම BR පිටපත් සඳහා අදාළ වේ.

1,617 downloadsDownload Ju-On-The-Grudge-2-2003.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-07-02
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,617 downloadsDownload Subtitles19 KB

14 comments

  1. Sohan Jayasooriya

    නියමයි අයියේ.. මාවත් මතක් කලාට ස්තූතියි.. මේ ෆිල්ම් සීරීස් එකට සබ් දෙමු එහෙනම් හොදේ.. ජයෙන් ජයම වේවා !!!

  2. Ishan Madusha

    නියමයි සහෝ.බොහොම ස්තූතියි
    Ju-On: White Ghost,Ju-On: Black Ghost,Ju-On: The Beginning of the End
    මේ තුනටත් පුළුවන් වෙලාවක අනිවා සබ් දෙන්න.ජය වේවා!

  3. indika75

    thanks..

  4. Amalka

    Thanks sub ekata

  5. isuru srinath sjs

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි

  6. Kavinu

    සබට තුති වේවා

  7. King of movies

    Thanks for sub bro...keep going machan.

  8. Shamal manojan

    Download Link එක වැරදියි. දීලා තියෙන්නේ Ju on 2 - 2003 ෆිල්ම් එක නෙමෙයි. The Grudge 2 - 2006 ෆිල්ම් එකයි. කරුණාකර ඒක හරිගස්සන්න පුලුවන්ද?

  9. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි

    Candyman 1999 ෆිල්ම් එකත් දෙන්න

    1. Chanaka Lakshan

      ස්තූතියි දැනුවත් කළාට සහෝ.. හැකි ඉක්මනින් නිවැරදි කරයි. ඇඩ්මින් මඩුල්ල දැනුවත් කරල තියෙන්නෙ.

  10. Shamal manojan

    කරුණාකර download link එකක් දෙන්නකෝ. දීලා තියෙන ලින්කුව අයිති The Grudge 2 - 2006 ෆිල්ම් එකට. ඒක ඉංග්‍රීසි ෆිල්ම් එක. Japanese එක නෙමෙයි. Ju-On 2 - 2003 හරි ෆිල්ම් එක. මං හිතන්නේ සබ් එක හරි. ලින්ක් එකයි වැරදි. Japanese නිසාත්, English හා Japanese ෆිල්ම් 2 ක් තියන නිසාත් ලින්ක් එකක් හොයාගන්න අමාරුයි.

  11. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Dewadithya

    Thanks for sub!