ඔන්න මගේ පහළොස්වෙනි උපසිරැසියත් අරගෙන ආවා මේ පැත්තේ… මාස ගාණකට පස්සේ.. මේ පාරත් අරගෙන ආවේ සුපුරුදු පරිදි හින්දි චිත්‍රපටයක්. 2002දී තිරගත වුණු Shakti: The Power චිත්‍රපටය තමයි මම මේ පාර අරගෙන ආවේ. තෙළිඟු චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කරපු ක්‍රිෂ්ණා වම්සිගේ අධ්‍යක්ෂණයක් තමා මේ චිත්‍රපටය, මේ ඔහුගේ ප්‍රථම…

ඔන්න මගේ පහළොස්වෙනි උපසිරැසියත් අරගෙන ආවා මේ පැත්තේ… මාස ගාණකට පස්සේ.. මේ පාරත් අරගෙන ආවේ සුපුරුදු පරිදි හින්දි චිත්‍රපටයක්. 2002දී තිරගත වුණු Shakti: The Power චිත්‍රපටය තමයි මම මේ පාර අරගෙන ආවේ.
තෙළිඟු චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කරපු ක්‍රිෂ්ණා වම්සිගේ අධ්‍යක්ෂණයක් තමා මේ චිත්‍රපටය, මේ ඔහුගේ ප්‍රථම වගේම අවසන් හින්දි චිත්‍රපට අධ්‍යක්ෂණය. ඔහුගේම සම්මානනීය තෙළිඟු චිත්‍රපටයක් වුණු, Antahpuram (1998) චිත්‍රපටයේ හින්දි ප්‍රතිනිර්මාණය තමයි මේ චිත්‍රපටය. මෙහි කතාව Betty Mahmoody නම් කාන්තාවක් විසින් තම ජීවිතයේ සත්‍ය කතාවක් ඇසුරින් ලියවුණු Not Without My Daughter කියන කෘතිය ආභාෂයෙන් උපුටා ගන්නා ලද අතර ඒ කතාව ඇසුරින් එම නමින්ම හොලිවුඩ් චිත්‍රපටයක් ද බිහි වී ඇත.
මෙහි ප්‍රධාන කාන්තා චරිතය රඟ දක්වන්නේ කරිෂ්මා කපූර් විසින්, සංජය කපූර්, නානා පටේකාර් සහය චරිතවලින් ද, ෂාරුක් ඛාන් විශේෂිත රංගනයකින් දායක වෙයි… මෙය කරිෂ්මාගේ රංගන දිවියේ විශේෂිත චිත්‍රපටයක් ලෙස සනිටුහන් වන අතර ෂාරුක්ගේ ද රංගන හැකියාව මැනවින් පිළිඹිබු කළ චිත්‍රපටයක්.. නානා පටේකාර්ගේ අද්විතීය රංගනය උදෙසා හොඳම දුෂ්ටයාට ද ෆිල්ම්ෆෙයාර්හි නිර්දේශ වී ඇත. මෙය නිෂ්පාදනය කර ඇත්තේ බොනී කපූර් සහ ශ්‍රී දේවි විසින්, මුලින්ම මෙහි චරිතය ශ්‍රී දේවි විසින් රඟපෑමට නියමිතව තිබුණත් ඇය ගැබ් ගැනීමත් සමඟ කාජල් හට මෙම අවස්තාව පිරිනැමුණු අතර ඇයගේ ප්‍රතික්ෂේප කිරීමෙන් පසු කරිෂ්මාට ඒ අවස්තාව හිමිවී ඇත.
කතාව ගැන කිව්වොත්, නන්දිනී කියන්නේ කැනඩාවල දිවි ගෙවන තරුණියක්, ඇය ශේඛර් කියන කාත් කවුරුවත් නැති තරුණයාව සරණ පාවා ගන්නවා, නමුත් පසුකලෙක ඔහුගේ පවුල ඉන්දියාවේ වෙසෙන බව ඔහු කීමෙන් පසුව මොවුන් දෙදෙනා තම කුඩා පුතාවත් කැටුව ඉන්දියාවේ ඒ දුෂ්කර ග්‍රාමයට යනවා, එම ගමෙහි කෘර පාලකයා ශේඛර්ගේ පියා වන අතර එහිදී ඔවුනට නොසිතූ විරූ සිද්ධීන් දාමයකට මුහුණ දෙන්න වෙනවා… එම සිද්ධීන් සහ ඉන් ගැලවෙන ආකාරය බලන්න නම් චිත්‍රපටය නරඹන්නම වෙනවා…
ඉස්මයිල් දාබර් විසින් සංගීතය මුසුකළ ගීත කිහිපයකින් චිත්‍රපටය හැඩ වී තියෙනවා… අතිශය ජනප්‍රිය වුණු ෂාරුක් සහ අයිශ්වර්යා රායි සිටින “ඉෂ්ක් කමීනා” ගීතය අන්තර්ගත වූයේ මේ චිත්‍රපටයෙහියි. මෑතකදී මෙම චිත්‍රපටය රූපවාහිනි නාලිකාවකින් ප්‍රදර්ශනය වී නොමැති නිසා නරඹන මෙන් ඔබෙන් ඉල්ලා සිටිමි, මෑත කාලයක නොව මෙය රූපවාහිනියේ කෙදිනක හෝ විකාශය වී ඇත්දැයි මාගේ මතකයේ නම් නොමැත.
එහෙනම් ආයෙත් කවදාහරි දවසක උපසිරැසියකින් මුණ ගැසෙමු… අදහසක් පළ කරගෙන යන්න.
ගිහින් එන්නම්.
“හම්හේ රහී ප්‍යාර් කේ, ෆීර් මිලේන්ගේ, චල්තේ චල්තේ”

Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා ගැළපේ.
1,552 downloadsDownload Shakthi-The-Power-2002.zip55 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
7 comments
මයුර
yohan
thanks...ohomama aluth ekakatath demu
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
Lalani Maduwanthi
Niyamai movie 1ka ,,thank you,,
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
මයිකි
තැන්ක්ස් සබ් එකට. මෙවා දකින් නැ නේ වෙබ් සයිට් එකට ආවට. නම ගහලා බලනවනම් තමා පෙන්නේ. මං හැමදාම එනවා සයිට් එකට කොහොමද මංදා මඟහැරුණේ.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
හම්මේ කාලෙකට පස්සෙ වැඩ අල්ලලා වගේ..
සබට තැන්කූ වේවා.