Watch Trailer

Shark (2010) | දැලට හසු නොවන මෝරා… [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්….! එක චිත්‍රපටියක් අරගෙන ඇවිත් වැඩි දවසක් යන්න කලින් ආයෙත් හමුවන්න ලැබීම සතුටක් කලින් එක දැම්ම හැටියම සමීර සහෝදරයා කියනවා තව එක අරන් කරමු, කරමු කියලා, ඉතින් ඔන්න නිකන් හිටපු දවස් ටිකේ ලස්සන චිත්‍රපටියක් තෝරාගෙන ගොඩක් ආසාවෙන් ඔයගොල්ලන්ට අරගෙන ආවා. මේක මගේ පස්වෙනි උපසිරසි ගැන්වීම වෙනව…

(Shark)Sura 2010

හැමෝටම ආයුබෝවන්….! එක චිත්‍රපටියක් අරගෙන ඇවිත් වැඩි දවසක් යන්න කලින් ආයෙත් හමුවන්න ලැබීම සතුටක් කලින් එක දැම්ම හැටියම සමීර සහෝදරයා කියනවා තව එක අරන් කරමු, කරමු කියලා, ඉතින් ඔන්න නිකන් හිටපු දවස් ටිකේ ලස්සන චිත්‍රපටියක් තෝරාගෙන ගොඩක් ආසාවෙන් ඔයගොල්ලන්ට අරගෙන ආවා. මේක මගේ පස්වෙනි උපසිරසි ගැන්වීම වෙනවා, ඒවගේම පලවෙනි වතාවට  තමයි දමිල චිත්‍රපටියක් උපසිරසි ගන්වන්නේ. ඉතින් වර්තමානයේ දෙමල සිනමාවේ සුපිරි තරුව  වන විජේ චන්ද්‍රශේකර්, එහෙමත් නැත්තම් කවුරුත් දන්නා විජේ ඉන්න ක්‍රියාදාම චිත්‍රපටියක් අරගෙන එන්න ලැබීම සතුටක්.

ඉතින් චිත්‍රපටිය ගැන කතා කරන කොට Kaththi චිත්‍රපටියේ මෙන් ගොඩක් සංවේදී කතාවක් තමයි යන්නේ.  චිත්‍රපටිය නිකුත් වෙන්නේ 2010 අප්‍රේල් 30 වෙනිදා. මේක වෙනුවෙන් ඉන්දියානු රුපියල් මිලියන 320 ක් වැය කරන්න සිදුවෙලා තියෙනවා. Muraugan Cine Arts චිත්‍රපටි සමාගමේ 50 වන චිත්‍රපටය වශයෙන් මෙය නිෂ්පාදන කරන්නේ ප්‍රභූ සහ සංගිලි මුරුගන් විසින් වගේම සංගීත අධ්‍යක්ෂණය Mani Sharama විසින් සිදුකර තියෙනවා මේ චිත්‍රපටය සඳහා vijay සමගින් Tamannaah Bhatia ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙනවා ඊට අමතරව Vadivelu, Dev Gill වගේ රංගන ශිල්පීන්ද මේ සඳහා රංගනයෙන් දායක වෙනවා. අවසාන වශයෙන් චිත්‍රපටයේ කතාව,  දෙබස් ,තිර රචනය, වගේම අධ්‍යක්ෂණය  S.P.රාජ්කුමාර් විසින් සිදුකරලා තියෙනවා කතා කරා වැඩියි වගේ නේද? දැන්වත් කතාව පැත්තට යමු.

ඔන්න එකමත් එක රටක යාර්නගර් කියලා ධිවර ගමානයක් තියෙනවා. ගොඩක් අහිංසක දුප්පත් ධිවර ජනතාව තමයි එහෙ ජිවත් වෙන්නේ. ඒ අයගේ දුකට සැපට හැම ප්‍රශ්නයකදීම එකට ඉන්න තරුණයෙක් තමයි “සුරා” කියන්නේ. එයාගේ ජිවිතයේ එකම හීනය තමයිමේ මිනිස්සුන් ජිවත් වෙන පැල්පත් වෙනුවට අංගසම්පුර්ණ ගෙදරක් බැගින් ඉදි කරලා දෙන එක. ඉතින් උදේ හවස මෙයා කල්පනා කරන්නේ එයාගේ මේ හීනය හැබෑ කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔහොම යනකොට මේ ගොල්ලන්ගේ ගමට එක කුණාටුවක් එනවා. කුණාටුවක් කිව්වට අර සුළි සුළඟක් ඇවිල්ලා ගෙවල් පොලවෙන්ම ගැලවෙන කුණාටුවක් නෙවෙයි. ඒ ගමේ ඉන්න සමුද්‍රරාජන් කියලා ඇමතිවරයෙක්ට මේ අයගේ ගම්මානය තමන්ගේ ඉඩමක් කරගන්න ඕන වෙනවා. ඒ තමන්ගේ තණ්හාව වැඩි කමට කරන එයාට ලාභදායි ව්‍යාපෘතියකට. ඉතින් එයා මේ ගමේ මිනිස්සු ඒ අයගේ ගම්මානෙන් එලවන්න නොයෙකුත් දේවල් කරනවා. ඒත් සුරා එයාව අතාරින්නෙ නෑ. සුරාත් එයත් එක්ක කරට කර සටන් වදිනවා.එහෙම යන අතරේ තමයි සුරාට පුර්ණිමා හම්බවෙන්නේ. ඒ එයා සියදිවි හානි කරගන්න මුහුදට පනින්න හදනකොට(කොහොමත් දැන් ඉතින් ඒක  trend එකක් වෙලානේ). ඔහොම යනකොට ඉතින් පුර්ණිමාගේ හිතේ සුරා ගැන ආදරයක් ඇති වෙනවා. ඒත් සුරා එයාට කැමති වෙන්නේ නෑ. ඒකට එයාට හේතුවක් තියෙනවා. ඒක බලන්න නම් ඉතින් බෑමක් තමයි තියෙන්නේ. කතාව කොච්චර ලස්සන උනත් ඒක මේ විදිහට වචනයෙන් ලස්සන කරන්න අමාරුයිනේ.  සුරා ගම බේරා ගන්න කොච්චර සටන් කරනවද? පුර්ණිමාට කැමති වෙනවද? සුරාගේ හීනය සැබෑ කරගන්න පුළුවන් වෙනවද? යන ප්‍රශ්න ඔක්කොටම පිළිතුරු ඔයාලට චිත්‍රපටය බලනකොට හම්බ වෙයි(ඒක ඉතින් කියන්න ඕන නෑනේ).

නිදිමත නැතුව ආසාවෙන් හිනා වේවි බලන්න පුළුවන් චිත්‍රපටයක් වේවි කියලා  විශ්වාසයෙන් කියන ගමන් අවසාන වශයෙන්  Admin සහෝදරයින් තමන්ගේ මිල මුදල්, කාලය හැමදේම කැපකරමින් සුවහසක් චිත්‍රපටි, ටෙලිකතා රසිකයින් වෙනුවෙන් නිහඬව කරන කාර්යයද අගය කරන ගමන් ඒ අයවත් මතක් කරමින් බයිස්කෝප් වෙබ් අඩවියට පිවිසිලා උපසිරසියක් බාගෙන, කමෙන්ට් එකක් දාගෙන යන හැමෝටම ස්තුතිය පුද කරමින් අදට කොටි වලිගය අතාරිනවා. හැමෝටම වාසනාවන්ත සුභ දවසක්. ජය වේවා…. !

Shark (2010) on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

 

3,964 downloadsDownload Shark-2010.zip77 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/තාරක-නුවන්-දිල්හාර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

තා‍ර‍ක ‍නු‍වන්‍

Subtitles

3,964 downloadsDownload Subtitles77 KB

39 comments

  1. Amila kaushalya

    ela broda Thanx for u

  2. නලින් පෙරේරා

    ස්තුතියි තාරක සහෝ!.. ජය වේවා!

  3. thisal

    ela ela tnx machn meka balala tyi eth ayet balanawa elx twa sub demu malayalam film walat sub denawa nam watinawa

  4. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි.
    මේකත් අඩුවක්ව තිබුණු ෆිලුමක් තමා.
    ඒ අඩුව පිරෙව්වාට ස්තූතියි.
    ඇත්තටම කත්ති චිත්‍රපටය මෙන් මේකත් අන්තිම හරියේ සංවේදි වන්න සලස්වන ෆිලුමක්.
    මං මේක 5 වතාවක් විතර බලලා තියෙනවා.
    වඩිවේල් ගේ ජෝක්ස් නම් සුපිරි.
    එයා බෝට්ටු තරගයට ඉදිරිපත් වෙන්න යන සීන් එක නම් සුපිරියි.
    සිංහල සබ් එකට ගොඩාක් ස්තූතියි සහෝ.
    දිගටම සබ් දෙන්න ශක්තිය හා කාලය ලැබේවා!
    ජයෙන් ජයම වේවා!!!

  5. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  6. Sachin

    patta sahoo..... habayi.. toerrent wala seed la na.....:) kohoma haryi sub ekata tanx....

  7. STYLISH PRINCE

    ado thamannna inne ( eka mage hariya ) ela saho thawa eya inna films tikak daana
    JAYA WEWA

  8. Kulanjana Maduranga

    supiri filumak..mmth kepa sarayak balala thiyanawa.....subata thanks THARAKA saho.thwa tamil film tikak bassamu.obata jaya.........

  9. sisiya

    මේකේ ඔරිජිනල් නේම් 1 සුරා නේද?? කව්රුහරි ඒ නමින් සර්ච් කරලා බැලුවොත් පෙන්නන්නේ නැහැනේ?? ඒ නිසා ටයිට්ල් 1ට ඒ නම දාන්න.

    1. තාරක නුවන් දිල්හාර

      ඒක Admin අයියලා සතු කාර්යයක් මචෝ....

  10. rejith

    thanks

  11. Dulan

    බොහොම තුති.
    ඔබට ජය පතමි!

  12. Sisila Prasad

    ●▬▬๑۩۩๑▬▬● සුපිරි භාණ්ඩයක්නෙ බස්සලා තියෙන්නෙ.
    දිගටම මේ වගේ ඒවාම බස්සමු.
    ජයවේවා සහෝ. :) ●▬▬๑۩۩๑▬▬●

  13. “චූටී මල්ලි”

    එලස්
    දිගටම වැඩේ කරගෙන යමු
    සබට තුති
    ඔබට ජය............

  14. sandun

    yalu sub eka wada ne bn km player eke.
    vlc eke kotu kotu yanawa mokada karanna ekata

    1. තාරක නුවන් දිල්හාර

      Sinhala Tamil Kit එක දාලා බලන්න

    2. sandun

      dala thiyanna yalu

    3. sandun

      eth hari yan nena bn

    4. sandun

      hari yalu hari giya km player eka aluth ekak dammahama hari giya bn thx

    5. hasi

      sadun hari giyoth matath kiyapan kohomada kiyala.

  15. Chamika Sadaruwan

    sinhala sub eka weda nane machanla

    1. sandun

      machan km player eka install karapan aluth eka ethakota hariyatama hari

  16. vimukthi

    meaghamann 2014 FILM EKATATH SUB DENNAKO

  17. පොඩි මෑන්

    Thanks Macho ;)

  18. Dhanushka

    ane machan meke sub eka wada karan nena.. wada karana sub ekak dammoth kiyanawada plz yalu balanna asai sub eka nathuwa balanna widiyak ne a unata

    1. Chamika sandaruwan

      KMP eka update karanna saho wede ok :D

  19. Chamika sandaruwan

    KM player eka update kalama sub weda nathi aula hariyanwa. Sub eka dunnata thnx bro digahatama wede karagena yanna subapathanawa (y) :D

  20. ලස්සන boy

    මරැ මචං මෙක
    කලින් බලලා තියෙනවා
    අවුලක් නෑ
    සබට තුති

  21. Yenu

    Thank you........

  22. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි :P සහො

  23. indika

    thnq :)

  24. රොයිලි

    බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. සුපුන් ප්‍රමෝද්

    මේක බලලා තිබුනට ආයෙත් ගත්තා ඔන්න.
    සබට තැන්කු වේවා.
    ජයෙන් ජය.!

  26. ruwanu

    thanks bro.....

  27. isha

    hi. math meken godak welawata film download karala balanawa. hoda lassana films denawata godak sthuthi. man asa film ekak thamai KANCHANA tamil movie ekata. eke 2 weni kotasath avith kiyala man tv adds dakka. ithin puluwannam a film ekath godak ikmanata balanna ida salaswala denna kiyala illanawa. thankz godak

  28. shanuka

    malli eia film eka mta e wge vijege Shajahan 2001 film eka dennko

  29. nikon camera repairs

    I got what you impart, thanks for swing up. Woh I am pleased to hit this website finished google. Thanks For Share Help Me! My Website is Failing! | Power Marketing.

  30. තීක්ෂණ දිමුතු කුමාර

    ජයෙන් ජය සහෝ.........................

  31. malith

    Ela ela