Watch Trailer

She’s Out of My League (2010) Sinhala Subtitles | ඔයා තමයි මට මැවූ කෙනා. [සිංහල උපසිරසි] 18+

අද මං ආවෙ බයිස්කෝප් එකේ පොඩි අඩුවක් පුරවන්න. ඔව් ටිකක් පරණ ෆිලුමකට උපසිරසියක් අරන් තමයි මං අද ආවෙ. බයිස්කෝප් එකේ මේ සම්බන්දව ලිපියක් පලවෙලා තිබ්බට උපසිරැසියක් නිකුත් කරල තිබ්බෙ නෑ. ඉතින් මං ෆිල්ම් එක තනියෙම නොබලා හැමෝම එක්ක බලන්න ඕන නිසා සබ් එකත් අරගෙනම බයිස්කෝප් එකට ගොඩ උනා. මේ ෆිල්ම් එක නිකුත් වෙ…

අද මං ආවෙ බයිස්කෝප් එකේ පොඩි අඩුවක් පුරවන්න. ඔව් ටිකක් පරණ ෆිලුමකට උපසිරසියක් අරන් තමයි මං අද ආවෙ. බයිස්කෝප් එකේ මේ සම්බන්දව ලිපියක් පලවෙලා තිබ්බට උපසිරැසියක් නිකුත් කරල තිබ්බෙ නෑ. ඉතින් මං ෆිල්ම් එක තනියෙම නොබලා හැමෝම එක්ක බලන්න ඕන නිසා සබ් එකත් අරගෙනම බයිස්කෝප් එකට ගොඩ උනා.

මේ ෆිල්ම් එක නිකුත් වෙන්නෙ 2010 අවුරුද්දෙ. මේකට රංගනයෙන් එකතු වෙන සෙට් එකත් ඒ චරිත වලට නියමට ගැලපෙනම සෙට් එකක්. ප්‍රධාන නළු චරිතයට How to train your Dragon චිත්‍රපට මාලාවේ Hiccup (හිකප්) ගෙ චරිතයට කටහඬේන් දායක උන Jay Baruchel සහ නිළි චරිතයට අලංකාර, ලස්සන, සුරූපී Alice Eve එකතු වෙනවා. මං එයාට විශේෂණ පද දැම්මෙ ඇයි කියල ෆිල්ම් බලද්දි ඔයාලට තේරෙයි. ඒ වගේම Deadpool, Ready Player One වගේ සිනමාපට වලට දායක උන T.J.Miller ත් මේකෙ රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම මනාප 140,680ක් වැනි මනාප සංඛ්‍යාවකින් IMDB මීටරේ 6.4/10ක් කරකව ගන්න මේ ෆිලුම සමත් වෙනවා. Comedy/Romance ලේබලයෙන් කල එලි බහින ෆිලුම Comedy/Romance බලන යාලුවෝ අනිව බලන්න ඕන ෆිලුමක් කියල මං වගකීමෙන් කියනවා. ෆිල්ම් එක ඉවර වෙනව ඔයාලට තේරෙන්නෙත් නැති වෙයි.

කතාව ගැන අපේ දිනුෂ්ක උදාර සොහොයුරා ලිපියක් දාල තියනව. ඒ නිසා මං කතාව විස්තර කරන්නෙ නෑ. කෙටියෙන් කිව්වොත් කර්ක් (Jay Baruchel) කියන්නෙ සාමාන්‍යයෙන් කෙල්ලෙක්ගෙ හිත ඇදිල යන ජාතියේ බුවෙක් නෙවෙයි. ඒත් මොලී (Alice Eve) කියන්නෙ ඒකෙ අනිත් පැත්ත. ආයෙ ඉතින් දැක්කොත් ඇහැ අහකට ගන්න බැරි තරම් ලස්සනයි. අහම්බෙකින් වගේ මොලීගෙ හිත ඇදිල යනව කර්ක් ට. දෙන්න මොනව කරගනියිද? ඉතින් මේ දෙන්නගෙ ආදර කතාව බලන්න වගේම ඇති තරම් හිනා වෙන්නත් ඔයාලට මං බාර කරනවා.

සබ කරන්න ඕකේ එක දුන්න රවිඳු සහෝට ස්තූති කරන ගමන් දැනට මෙතනින් නවතිනවා. තව ෆිලුමකින් ළඟදීම සෙට් වෙමු. එතකන් හැමෝම පරිස්සමින් ඉන්නෝ!!!

Name – She’s Out of My League (2010)
Catagory – Comedy/Romance
IMDB – 6.4/10 (140K+ vote)
Director – Jim Field Smith
Starring – Jay Baruchel / Alice Eve / T.J. Miller
Box office – $49.8 Million
Running Time – 104m
Distributed by – Paramount Picture

 

දිනුෂ්ක උදාර (රොකියා) සහෝදරයා විසින් අප වෙබ් අඩවියට ලබා දී තිබු මෙම සිනමාපටයේ විචාරය.

මේ චිත්‍රපටියත් මේ අවුරුද්ද තුළ තිරගතවුණු හොඳට හිනා වෙන්න පුළුවන් විදියේ චිත්‍රපටියක්. මෙම චිත්‍රපටිය තුළ සුරූපිණියගේ චරිතය නිරූපණය කරන්නෙ, ලස්සනම ලස්සන බ්‍රිතාන්‍ය නිළි Alice Eve විසිනුයි. ඇය මෙම චිත්‍රපටිය තුළ Molly ගේ චරිතය නිරූපණය කරනවා. මේ චිත්‍රපටයට මමනම් ආස වෙන්න එක හේතුවක් තමයි ඇයගේ රංගනය. රංගනය විතරක්ම නෙමෙයි ඉතින් ඇගේ ලස්සනටයි අර බ්‍රිටිෂ් ඇක්සන්ට් එකයි. වර්ණනා කෙරුවා වැඩිද මන්දා!

කතාව මේකයි, Kirk කියන්නෙ ගවන්තොටුපළක සේවය කරන නිලධාරියෙක්. ඔහු ඉතා කෙට්ටු සහ කෙසඟ ශරීරයක් සහිත කෙනෙක්. වැඩිය කවුරුත් එක්ක කතා නැති . කෙල්ලෙක් ඇහැක් ඇරලා බලන්නෙ නැති කොල්ලෙක්. හැබැයි එයාට නියම යාළුවො සෙට් එකක් ඉන්නවා. නියම ගැන්සිය. ඒ වගේම එයගෙ පවුලෙ කට්ටියත් මරු. හරි, කොහොම හරි අර මම මුලින් කියුව ලස්සනම ලස්සන Alice Eve ගුවන් තොටුපලට පැමිණෙනවා හදිස්සියෙම, Kirk වැඩ කරන ගුවන් තොටුපලට. Molly ගේ ලස්සන නිසාම එයා ගුවන් තොටුපලට පැමිණෙනවත් එක්කම මුලු ගුවන් තොටුපළම ෆුල් හොල්මන් වෙලා යනවා. ඒ අතර ඉතින් දන්නැද්ද ලස්සන කෙල්ලෙක් දැක්කහම ඉතින් කොල්ලො එහෙම ඉතින් පොඩි බයිට් එකක් දානවනෙ. හැබැයි මෙතනදි නම් මේ බයිට් එක දාන්නෙ ටිකක් වයසක ගුවන් තොටුපලේ සේවයේ නියැලෙන නිලධාරියෙක්, ඩයල් එකක්. නමුත් Kirk ඉතින් සැමට පිහිට කියලා හිතායෙන මේ Molly ට එතනින් ඉක්මනින්ම ගුවන් යානය වෙත ගමන් කිරීමට උදවු කරනවා. කොහොමහරි මේ Molly සහ Kirk අතර පොඩි ආදර හැඟීමක් ඇති වෙනවා. නමුත් Kirk ට මේ ගැන හිතා ගන්නත් ටිකක් අමාරුයි. කතාව මෙහෙම කියුනකොට අර සම්ප්‍රදායික තේමවක් වගේ කියල හිතුණට, ඇසි පිය නොගහ බලන්න පුළුවන් නියම කතාවක්. Kirk ගේ යාළුවො සෙට් එකයි, Kirk ගෙ අයියයි කරන වැඩ වලට බඩ පැලෙන්න හිනා වෙන්න පුළුවන්. කොහොමහරි අන්තිමේට Kirk ට මේ සුන්දර Molly ගේ පෙම්වතා වෙන්න පුළුවන්ද? සිත ඇත්නම් පත කුඩාද! ඔය අනන්තවත් චාටර් කෙල්ලන්ට ලස්සන හැණ්ඩි කොල්ලො හම්බෙලා තියෙන්නෙ. ඒ නිසා මේකත් ඉතින් වෙන්ඩ පුළුවන් කතාවක්. කට්ටිය එහෙනම් මම කියනවට බාගෙන බලන්න. බලලා කමෙන්ට් පාරකුත් දාලම යන්න.

ලිපිය – දිනුෂ්ක උදාර (රොකියා)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

8,354 downloadsDownload Shes.Out_.of_.My_.League.2010.zip64 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුජිත් ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සුජිත් ප්‍රියංකර

Subtitles

8,354 downloadsDownload Subtitles64 KB

72 comments

  1. Lasindu Nadishan

    ඒල එල නියමයි

  2. Tharindu

    එල එල නියමයි .... බොහොමත්ම ස්තුති යි ..

  3. chamath

    ela saho onn math bawa.thanks.ela ela.oya thama salt danawa neda hmmmmmmmmmmm

  4. chamila

    mama baluwa...... mata nam hari giye ne....

  5. meth

    හොදට හිනා වෙන්න පුලුවන් එකක් වගේ. බාලම බලමු

  6. Dhamith

    කාලෙකින් බලන්න පුළුවන් ෆිල්ම් එකක් ;) තෑන්ක්ස් කිව්වා... බාලම බලමු... :D

  7. Jeew

    අඩේ එල ෆිල්ම් එකක වගෙයිනේ... බලමු ලොක්කා බාගෙනම..
    බොහොමත් ස්තූතියි හෙ‍ඳේ...

  8. Akila

    ela, kaalekin hodata hina unet na.
    Thanks

  9. Zome

    එල අහ් බාමි බාමි.

  10. පොඩි මෑන්

    බොහොම ස්තූති...

  11. Hasitha ජයසූරිය

    එළනෙ

  12. මනියා

    LeT'z DoWnLoAd

  13. Lasa

    එල නියමයි! තවම බානව....!

  14. Udaya

    maxxa macha...........

  15. kathu

    ඔය දීලා තියෙන්නෙ පට්ට film එකක්.. මරු. කට්ටියම බලන්න.. සිරා film එක..!!

  16. නලින්

    එලzzzz :-D

  17. mewi

    බාමි බාමි ස්තුති

  18. radi

    ඔන්න මමත් download වෙන්න දැන්මා

  19. විකියා

    ela ela.....lassana kathwak wagey ;)

  20. roti sunil

    ela film ekak wage bagena balanna one..........

  21. FUCK

    මොනවද කරන්නෙ කෙල්ලෙ ...
    මම ඔයාට ආදරෙය්නෙ

  22. Dinushka Udara | රොකියා

    @ chamath ; අනිවාර්යෙන්ම මේ සතියෙ SALT එක අපි දෙනවා.

    @ ALL : කමෙන්ට් කරපු කට්ටියටම ස්තූතියි.

  23. සමන් කලුබෝවිල

    නියමඉ.. මමත් බානව ස්තූතිවෙන්න ඔනෙ ඔක්කොටම ......

  24. Anonymous

    එල එල... ස්තූතියි රොකියා සහෝ...
    මරු ෆිල්ම් එකක්..

  25. Asitha

    එල එල…
    මරු ෆිල්ම් එකක්..
    ස්තූතියි රොකියා සහෝ…

  26. Anonymous

    thanks onna math damma...

  27. Uraj Deemantha

    "ඔය අනන්තවත් චාටර් කෙල්ලන්ට ලස්සන හැණ්ඩි කොල්ලො හම්බෙලා තියෙන්නෙ."

    මට එපා උනා...... :P

  28. Amila

    Thnx lokka

  29. Anonymous

    බොහොම ස්තූතියි, රොකියා සහෝ...
    "බාමි :) බාමි"

  30. venice sameera

    බාමි :) :)
    thanks....

  31. chandrasiri

    බලමු බලමු ට්‍රයි කරලා මටත් හරි යයිද කියලා.

  32. $uvin

    ආආආආආආ...... මෙක නම් එල movie එක. Full Fun.....

  33. ghajini

    එල එල..............

  34. Shan

    kalekata passe pana palayan kiyala hinawenna puluwan wage.Thnk u wewa...onna banawa.

  35. dinu

    mamat kamatie me wage kellekuta
    hik hik hik onna mamat banna dammoooo
    thanku saho

  36. Anonymous

    something wrong cant download from Firefox

  37. NM

    හිනා වෙන්න පුලුවන්නම් බාමු

  38. Namila

    hikz...balamu baala :D

  39. විකියා

    අනිවා...හුග කලකට පස්සේ හිනා වුනේ.....

  40. Desaja

    බොහොම ස්තූති…

  41. BIGDizz

    එල මචො maxxa.........

  42. Anonymous

    මචන් මේකට සිංහල සබ්ටයිටල් ඇඩ් කරපන්කෝ....

  43. gessy

    mekanam bannama wei wage

  44. Sudheera

    Thanks guys!dan ithin mam 100% with you!

  45. Ramraj

    එළම කිරි ෆිලම් එක. අනිවාර්ය්‍යන්ම බලන්න.

  46. isuru

    maru ne...........tawa love story dennakooooooooooooo.

    1. Anonymous

      Thanks jayawewa....!

  47. jayanandana

    banna giyama badu nahe machan [404 not founnd]

  48. KO SUB

    KO SUB???????????

  49. KO SUB

    KO SUB???????????????

  50. hirushi

    Shes out of my league එකේ සබ් දෙන්න පීස්

Load more comments