Watch Trailer

The Flash (2023) Sinhala Subtitles | විශ්වයම අවුල් කල ෆ්ලෑෂ්. [සිංහල උපසිරැසි]

කොහොමෙයි කොහොමෙයි ඉතින් හැමෝටම? ‘කොහොමෙයි’ කියලා දෙපාරක්ම කිව්වේ විමා අයියටත් එක්කයි. මොකද දෙන්නා එකතු වෙලා තමයි උපසිරසිය හැදුවේ. උපසිරසි ජීවිතේ කරන පළවෙනි collab එකම විමා අයියාත් එක්ක කරන්න ලැබීම සෑහෙන්න ලොකු සතුටක් වගේම ගෞරවයක්. 🙏 ඉතින් දෙන්නත් එක්ක මේ අරගෙන ආවේ The Flash (2023) මූවී එකේ උපසිරසිය…

කොහොමෙයි කොහොමෙයි ඉතින් හැමෝටම? ‘කොහොමෙයි’ කියලා දෙපාරක්ම කිව්වේ විමා අයියටත් එක්කයි. මොකද දෙන්නා එකතු වෙලා තමයි උපසිරසිය හැදුවේ. උපසිරසි ජීවිතේ කරන පළවෙනි collab එකම විමා අයියාත් එක්ක කරන්න ලැබීම සෑහෙන්න ලොකු සතුටක් වගේම ගෞරවයක්. 🙏

ඉතින් දෙන්නත් එක්ක මේ අරගෙන ආවේ The Flash (2023) මූවී එකේ උපසිරසිය. මේක තමයි DCEU හි අවසානය. මේ ෆිල්ම් එකෙන් DCEU එක reboot කරලා James Gunn ගේ අලුත් DCU එක පටන් ගන්නවා. දැනට නම් කියලා තියෙන්නේ මේකෙන් universe එකේ සමහර කොටස් විතරයි reboot වෙන්නේ කියලා. ඒ කියන්නේ මේක soft reboot එකක්. ඒත් සමහර විට මේකේ Box Office ප්‍රතිඵලයත් එක්ක ඒක hard reboot එකක් කරන්නත් ඉඩ තියෙනවා.

ෆිල්ම් එක ගැන පොඩ්ඩක් විස්තර කියනවා නම් මේකට Rotten Tomatoes දර්ශකයේ 64%ක අගයක් සහ IMDb දර්ශකයේ 7.2ක අගයක් අරගෙන තියෙනවා. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Andy Muschietti විසින්. Ezra Miller (Barry Allen), Ben Affleck (Batman), Sasha Calle (Supergirl), Kiersey Clemons (Iris West) ආදී නළු නිළියන් බොහොමයක් රංගනයෙන් දායක වෙනවා. මේ අතරේ Michael Keaton ව highlight නොකර කොහොමද. ඉතින් මේකෙන්ම පේනවා ඇතිනේ, අපිට හුරුපුරුදු මූණු කීපයක්ම බලාගන්න පුළුවන්.

ෆිල්ම් එකේ ඉතිහාසය ගැනත් පොඩ්ඩක් කියන්නම්. DCEU එකේ කොටසක් විදියට ෆ්ලෑෂ් මූවී එකක් එනවා කියලා මුලින්ම announce කළේ 2014 දී (ඉතින් දශකයක කාලයක් තිස්සේ මේක හදපු බව පැහැදිලියිනේ). ඒක release වෙන්න නියමිතව තිබුණේ 2018 මාර්තු 23 වෙනිදා. ඒත් ඒක කැන්සල් කරලා දැම්මා. ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරු, WB එක එක්ක තිබ්බ ගැටලු නිසා සහ Ezra Miller, Fantastic Beasts franchise එකට සම්බන්ධ වෙලා තිබුණු නිසා මේ ෆිල්ම් එක දිගටම delay වුණා. අන්තිමට 2020 දී Andy Muschietti මේක භාරගන්නවා. එයා වැඩ අවසන් කරලා තමයි අන්තිමට 2023 දී ෆිල්ම් එක රිලීස් වෙන්නේ.

ෆිල්ම් එක පාදක වෙලා තියෙන්නේ කොමික් ෆෑන්ස්ලා අතර ජනප්‍රිය, ෆ්ලෑෂ්ගේ හොඳම කතාවන්ගෙන් එකක් (නැත්නම් හොඳම කතාව) විදියට සැලකෙන Flashpoint කතා මාලාව පදනම් කරගෙනයි. කොහොම නමුත් මේක පදනම් කරගෙන ගහපු The Flashpoint Paradox animated movie එකට වඩා වෙනස් විදියට මේකට මල්ටිවර්ස් පැත්තත් ගාවගෙන තියෙනවා.

කතාව සරලවම කියනවා නම්, බැරී ඇලන් හෙවත් ෆ්ලෑෂ් අතීතයට ගිහින් එයාගේ අම්මාගේ මරණය නතර කරනවා. එයා ආපහු වර්තමානයට එනකොට එයා අතීතය වෙනස් කරපු නිසා වර්තමානයත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. උදාහරණයක් විදියට, crime alley එකේදී මැරෙන්නේ Bruce Wayne මිසක් එයාගේ දෙමව්පියෝ නෙමෙයි. Thomas Wayne හෙවත් බෲස්ගේ තාත්තා තමයි බැට්මෑන් වෙන්නේ. ඒවගේම Aquaman සහ Wonder Woman යුද්ධයක් පටන් අරන් ලෝකේ විනාශ කරන්නයි යන්නේ. ෆ්ලෑෂ් ඒක නවත්තලා ලෝකේ බේරගන්න උත්සහ කළාට ඒක කරගන්න බැරි වෙනවා. එයාට අන්තිමට කරන්න ඉතුරු වෙන දේ තමයි ආපහු අතීතයට ගිහින් එයාගේ අම්මට මැරෙන්න ඉඩ දෙන එක. ඒකෙන් ආපහු දේවල් තිබුණ විදියටම හරියනවා. හැබැයි මං කලිනුත් කිව්වා වගේ, The Flash (2023) මේක මත පදනම් වුණාට මේකට වඩා කතාව ගොඩක් වෙනස්.

ඒත් කතාවේ ප්‍රධාන තේමාව දෙකේම එකයි. අපි හැමෝටම අපි කැමති සහ අකමැති දේවල්වලින් සමන්විත අතීතයක් තියෙනවා. සමහර වෙලාවට අපට හිතෙනවා ඒ අපි අකමැති දේවල් ආපහු ගිහින් වෙනස් කරන්න ක්‍රමයක් තිබුණා නම් කියලා. ඒත් අපටත් ෆ්ලෑෂ් වගේ අතීතයට ගිහින් ඒ සිද්ධවුණු දේවල් වෙනස් කරන්න හැකියාවක් සහ අවස්ථාවක් තියෙනවා නම්, අපි එහෙම කරනවද? මොකද ඒ අතීතයේ සිද්ධවුණු හොඳ හෝ නරක දේවල් නිසා තමයි අද අපි මෙතන ඉන්නේ. ඉතින් ප්‍රශ්නය අපි එහෙම කරනවද කියන එකම නෙමෙයි; ‘අතීතය වෙනස් කළ යුතුද?’ කියන එකයි.

ඉතින්… මේක Box Office ඉතිහාසයේ ලොකුම flops වලින් එකක් බව මේ වෙනකොට රහසක් නෙමෙයිනේ. ඒකට ප්‍රධාන වශයෙන්ම හේතු වෙලා තියෙන්නේ දැන් DCEU එක ගැන කිසිම hype එකක් නැති වීම සහ Ezra Miller ගේ අපරාධ කියලයි මට නම් හිතෙන්නේ. මොකද කතාව පැත්තෙන් ගත්තාම මේක සාමාන්‍යයෙන් හොඳම මට්ටමේ කතාවක්. මුල ඉඳලා අගට යනකම් කිසිම අවුලක් නැතුව බලන් ඉන්න පුළුවන් , ඒ වගේම DC විශ්වය රී-බූට් කරවන්න හොඳ අවස්ථාවක් මේකෙන් ලබා දෙනවා. විශේෂයෙන්ම මාවල් DC භේදයක් නැතුව කොමික් පාදක කරගත්ත ෆිල්ම් රසිකයෙකුට මේක හරිම අපුරු සිනමාපටයක් වේවි.

එහෙම නම්, අදට සමුගන්නවා. උපසිරසියට හවුල් වෙන්න ලබා දුන්නු අවස්ථාවට විමා අයියට බොහොම ස්තුතියි. තවත් සිංහල උපසිරසියකින් ඉක්මනින්ම හමුවෙමු. පීස් ✌️

“The only way to save the world… is to keep this world from ever happening. Run.”

“ලෝකේ බේරගන්න තියෙන එකම විදිය තමයි… මේ ලෝකේ ඇති වෙන එක නවත්තන එක. දුවන්න.”

– Thomas Wayne (Batman)
The Flashpoint Paradox

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB / Blu-Ray පිටපත සඳහා ලබා දි ඇත.

 

57,287 downloadsDownload The-Flash-2023-Blu-Ray.zip183 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට සහ “සනුප රන්මෙත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Subtitles

57,287 downloadsDownload Subtitles183 KB

43 comments

  1. Sahan Gayantha

    thanks a lot brothers sub ekata..

  2. යුරාන් ධනුක (දනුවා)

    සහෝලා දෙන්නටම බොහෝම ස්තූතියි

  3. Anonymous

    tq.

    1. Roshan

      Thnx bro...Great job...Good luck...

  4. Yasas

    Tnx Sub ekt

    1. Kandage Vimukthi Reshan Dulakshana

      Macho meke video file dl ndd tvm

  5. Xnote

    Tnx Sub ekt

  6. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි විමා ..........
    ගොඩක්ම ස්තූතියි සනුප ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  7. Kevin D...

    Thanks...

  8. viraj

    thanks

  9. Prasad

    Give me the link

  10. R.g lahiru sampath

    link eka download site eke nene

  11. Anonymous

    Tanks bro

  12. Sanjeewa Malith

    සුපිරි thank u subtitles akata ❤❤

  13. Anonymous

    Thankyou

    1. Anonymous

      Thank you....

  14. apk swat

    Bring back the old theme, please! Because this theme is tough to use and UI/UX is too bad. The old theme is much much better the current one. Just and idea for admins. And a lot of people think that way.

    Thanks for the sub...

  15. nipuna bandara

    thanks

  16. Buddhika Lakmal (laKMal)

    දෙන්නටම බොහෝම ස්තූතියි සබට.... සුපිරියක් තමයි...

  17. Kamil

    Thanks for subtitles

    1. Anonymous

      Thank

  18. Udara Damith

    මටත් මේකෙ රගපාන පොර අවුල් අප්ප ඇයිද මන්දනෙන් නෑ

    1. Anonymous

      මටත්

  19. Kavi

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  20. Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️

  21. Anonymous

    Thank you boys❤️

  22. Sanjeewa Malith

    Thank u subtitles akata

  23. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  24. oshanda

    thanks saho

  25. Bimsara Yashan(ඔලිව)

    ගුණාත්මකව ඉක්මනින් සබ් එක ගෙනාවාට බොහොම ස්තූතියි සහෝල දෙන්නටම. ජයවේවා!

  26. Anonymous

    Machan silo sub eka krnnko

  27. Naveen Vidusha

    thanks brothers for the sub❤

  28. MSS

    Sub ekat thank you .Sub gnnwnm baiscope thama ithin quality ma

    1. Anonymous

      Thank you so much

  29. baiscopelk ishu

    Thnq sub ekataa

  30. Anonymous

    thanks

  31. නිමල් හසංක

    බොහොම තුති උපසිරැසියට. නමුත් කතාව යම් තරමක් Spoil කිරීම ගැන කණගාටුයි.

  32. Dewadithya

    Thanks for Sub!

  33. Chämàrá Sâmpáth

    දෙන්නටම බොහොම ස්තුතියි!

  34. Anonymous

    Thanks bros...

  35. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. SUNI

    THANKS

  37. Thisara Prabhath Senarathne

    Thanks brro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.