මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “හැත්තෑ හයවන උපසිරසි නිර්මාණය” යි. මෙම සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන මෙන් කීප දෙනෙක්ම මා වෙතින් ඉල්ලා සිටියා. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 6.6 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතාව අනුව මිනීමැරුමක් පිළිබඳ රහසක් හඹා ය…

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “හැත්තෑ හයවන උපසිරසි නිර්මාණය” යි. මෙම සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන මෙන් කීප දෙනෙක්ම මා වෙතින් ඉල්ලා සිටියා. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 6.6 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතාව අනුව මිනීමැරුමක් පිළිබඳ රහසක් හඹා යාම සිනමාපටය පුරා සිදුවේ. මෙහි ධර්මේන්ද්‍ර, ආශා පරේක්, සංජීව් කුමාර්, හෙලන්, සහ ජොනී වෝකර් ප්‍රධාන චරිත රංගනයෙන් දායක වේ. මෙය කැලෑබද ප්‍රදේශයක සිදුවන කතා පුවතකි. වන අඩවි කාර්යාල ප්‍රදේශයේ නිවසක කලින් පත්වීම් ලැබ සිටි වන අඩවි නිලධාරී නරේෂ් නමැති පුද්ගලයා ඝාතනය කර ඇති බව නව වන අඩවි නිලධාරී අජේ සිං දැනගෙන එය පොලිස් පරීක්ෂක රායිට දන්වයි, නමුත් අපරාධ සිදු වූ ස්ථානයේ සියලු සාක්ෂි විකෘති වී ඇති අතර එම නිසා මිනීමරුවා සොයා ගැනීම දුෂ්කර වේ. මෙතැන් සිට නරේෂ් ඝාතනය කළ අපරාධකරු සොයා ගැනීමේ උත්සාහයේදී අජේගේ ජීවිතය වෙනත් මුහුණුවරක් ගනී. මේ අතර මිනීමැරුම් සිදු කළ පිස්තෝලය සමඟ අජේ ඝාතන ස්ථානයේදී දුටු කිරාන් නම් තරුණිය ඔහුට මුණ ගැසේ. ඇය ගෞරවනීය පුද්ගලයෙකුගේ දියණියකි. නමුත් ඇය මෙම ඝාතනය සිදු කළ බවට බොහෝ දෙනා සැක පහළ කරයි. නමුත් එය සත්‍යයක්ද? මෙය කුතුහලයෙන් පිරි කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. සුවිශේෂ හින්දි ගීත කීපයක්ම ඇත. නරඹන්නට ඔබ සැමට ආරාධනා කරමි!
මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති සිනමාපට වන්නේ “දෝස්ති, ආයි මිලන් කී බේලා, ඇන් ඊවිනින් ඉන් පැරිස්, බූට් පොලිෂ්, සංගම්, සාති, මෙරා නාම් ජෝකර්, අනාරි, දේව්දාස්, ආහ්, දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ, ශ්‍රී 420, ද බයිසිකල් තීෆ්, ද ක්‍රසන්ඩා ක්‍රොසින්, හම් හින්දුස්ථානි, හම්රාස්, සුරාජ්, ගීත්, අප්නා දේශ්, අර්සු, කැරවෑන්, අල්බේලා, ජන්ග්ලී, චෝරි චෝරි, අන්දාස්, ආන්, ජිස් දේශ් මෙන් ගංගා බේති හේ, තෙරේ ගර් කී සාම්නේ, ගෝරා ඕර් කාලා, සෝල්වා සාල්, මිලැප්, බ්‍රහ්මචාරී, කාෂ්මීර් කී කාලි, දුලාරි, ප්යාර් කා මෝසම්, ටී ශ්‍රී මන්සිල්, අසාද්, තුම්සෙ අච්චා කෝන් හේ, බොබී, ගවාර්, ගුම්රාහ්, ආනන්ද්, දොන්, කාලියා, ද ග්‍රේට් ගැම්බ්ලර්, ෂාහෙන්ශා, අමර් අක්බාර් ඇන්ටනි, දූල් කා පූල්, වික්ටෝරියා 203, ද ට්‍රේන්, ජුග් ගයා ආස්මාන්, ද හවුස්මේඩ්, පදෝසන්, ගෝල් මාල්, ගුඩ්ඩි, නාමක් හලාල්, ශර්මිලී, හේරා පෙහෙරි, හම් දුනෝ, ද හෝල්, ආන් මිලෝ සජ්නා, ජබ් ජබ් ෆූල් කිලේ, මධුමතී. ආවාරා, සීතා අවුර් ගීතා, තක්දීර්, දිවානා, දුල් කා ෆූල්, බවර්චී, තුම්සා නහින් දේකා, ශාග්‍රිඩ්, ජාන්වාර්, අන්ජානා, සට්ටේ පී සට්ටා, රාම් අවුර් ශ්‍යාම්, චුප්කේ චුප්කේ”. ඉහත නාමාවලිය මා දිගටම ඉදීරිපත් කරන්නේ මෙවැනි පැරණි සිනමාපට ඩවුන්ලෝඩ් කරන්නේ එවන් රුචිකත්වයක් සහිත ඉතා සීමිත පිරිසක් නිසා, ඒ අයගේ පහසුව පිණිසයි. මාගේ පුද්ගලික රුචිකත්වයත් මෙම කාලයේ මෙවැනි සිනමාපට වන අතර, එකළ ජනප්‍රිය මෙම පැරණි සිනමා සිනමාපට ගොනුව හැකි තරමින් සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.
අන්තර්ජාලයේ Shikar (1968) Super Hit Bollywood Movie | शिकार | Dharmendra, Asha Parekh යනුවෙන් යූ ටියුබ් හි සඳහන්ව ඇති පැය දෙකයි, මිනිත්තු දහනමයයි, තත්පර දහතුනක ධාවන කාලයක් සහිත වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙන බව ද සලකන්න. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960, සහ 1970 දශකවල සිනමාපට සඳහා පමණක් සිංහල උපසිරසි නිර්මාණය කිරීම තමයි නිතර මා සිදු කරන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ඒ වගේම එවන් ඉල්ලීම් කරන අයට දන්වා සිටීමට කැමතියි, ලංකාව තුළ වෙනත් අය විසින් ද මෙතෙක් සිංහල උපසිරසි කරනා ලද සියලු පැරණි හින්දි සිනමාපට මා සතුව ඇති බවත් එසේ වෙනත් කෙනෙක් විසින් උපසිරසි කරනා ලද එකක් ඔබ යෝජනා කළහොත් නැවත උපසිරසි නොකරන බවයි. එසේම වර්ෂ 1950 සිට 1975 දක්වා බොහෝ ඒවා මා සතුව තිබෙනවා. ඒවා ලබා ගැනීමට අවශ්‍ය නම් මට පහත අදහස් දක්වන්න. ස්තූතියි!

![]()
Due to copyright issues, we do not provide any torrent link.
ගැළපෙන පිටපත Youtube හෝ බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ලබාගන්න.
1,056 downloadsDownload Shikar-1968.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විතානගේ ප්‍රියන්ත
Subtitles
13 comments
Supun Kaushalya
Ajith
Lucifer Season 6 Subtitles Denne Nadda ?
Anonymous
පැරණි හින්දි රසිකයන් වෙනුවෙන් ඔබතුමා නොකඩවා මේ කරන මෙහෙය ඉතාමත් ගරුත්වයෙන් අගය කරමි, ස්තුතියි!
D P Gamage
මෙය අහලා තිබෙන බලන්නට හිටපු සිනමාපටයක්, දැන් බලන්න ඩවුන්ලෝඩ් කළා. ස්තුතියි!!!
W T Ajith
ඔබේ මෙම සිංහල උපසිරසියටත් ස්තුතියි! 1951 වර්ෂයේ බහාර් ෆිල්ම් එකට සබ් දෙන්න පුලුවන්ද.
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
Priyantha Dayakeerthi
මෙම සිනමාපටය ගැන අදහස් දක්වන අයට සහ ඩවුන්ලෝඩ් කරගන්නා අයට මාගේ ස්තුතිය පිරිනමමි!
Deegayu Abeysekera
thanks mr.priyantha
digatama sub denna wish karanawa
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
කවිඳු ජයවර්ධන
සබ් එකට බොහොම ස්තූතියි සහෝ..
Harvey O'brien
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Priyantha Dayakeerthi
ෆේස් බුක් එකේ, පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකියි.එමෙන්ම මෙම සිනමාපටය ගැන අදහස් දක්වන අයට සහ ඩවුන්ලෝඩ් කරගන්නා අයට මාගේ ස්තුතිය පිරිනමමි!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
තෑන්ක්ස් සබ් එකට