Watch Trailer

Straight Outta Nowhere: Scooby-Doo! Meets Courage the Cowardly Dog (2021) Sinhala Subtitles | නෝවෙයාර් අභිරහස! [සිංහල උපසිරසි]

මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ Scooby-Doo! The Sword and the Scoob(2021) ඇනිමේෂන් ෆිල්ම් එකේ සබ් එක දෙද්දි මං කිව්වා මේ අවුරුද්දෙ තවත් ස්කූබි ඩූ ඇනිමේෂන් ෆිල්ම් එකක් එන්න නියමිතයි කියලා. ඔන්න අද අරන් ආවේ ඒක. Straight Outta Nowhere: Scooby-Doo! Meets Courage the Cowardly Dog(2021). මේක ඩිජිටල් රිලීස් වෙ…

මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ Scooby-Doo! The Sword and the Scoob(2021) ඇනිමේෂන් ෆිල්ම් එකේ සබ් එක දෙද්දි මං කිව්වා මේ අවුරුද්දෙ තවත් ස්කූබි ඩූ ඇනිමේෂන් ෆිල්ම් එකක් එන්න නියමිතයි කියලා. ඔන්න අද අරන් ආවේ ඒක. Straight Outta Nowhere: Scooby-Doo! Meets Courage the Cowardly Dog(2021). මේක ඩිජිටල් රිලීස් වෙන්න නියමිත වෙලා තියෙන්නේ මේ මාසෙ 14 වෙනිදා වුනත් සිකුරාදා මේ හොඳ කොපියක් හදිස්සියේම අන්තර්ජාලයට නිකුත් වෙලා තිබුනා. මාව ඒ ගැන දැනුවත් කරපු ඇඩ්මින් මඬුල්ලෙ චාමර අයියට ස්තූතිවන්ත වෙන්න ඔන්න එහෙනම් ඒකෙ සබ් එක ඉවර කරලා අරන් ආවා. රේටින්ග්ස් ගැන තාම හරියට මුකුත් කියන්න විදිහක් නෑ තාම නිල වශයෙන් මේක රිලීස් වෙලා නැති නිසා. වෙබ් කොපිය ආපු ගමන් අප්ඩේට් එකක් දෙන්නම්. එතකම් කැමති අය මේක බලන්න.

මේ ෆිල්ම් එක පහුගිය ටිකේ එක දිගට ආපු ස්කූබි ඩූ ෆිල්ම් රටාවෙන් මිදිලා ටිකක් වෙනස්ම විදිහේ කතාවක් අරන් ඇවිල්ලා තියෙනවා. ස්කූබි ඩූ සෙට් එක වගේම Courage the Cowardly Dog කියන 1999-2002 කාලේ විකාශය වුන ජනප්‍රිය කාටූන් සීරීස් එකේ චරිත එකතු කරලා ක්‍රොස්ඕවර් එකක් විදිහට තමයි මේ ෆිල්ම් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ හින්දා මේ ෆිල්ම් එකේ බල්ලො දෙන්නෙක් ඉන්නවා එහෙනම්, ඒ තමයි ස්කූබි සහ කරේජ්.

කතාවේ වෙන දේ පොඩ්ඩක් කියනව නම් ස්කූබී සෙට් එක බැංකුවක් මංකොල්ල කන්න හදපු විකටයෙක්ව අල්ලගෙන එයාගෙන් ප්‍රශ්න කරද්දි ස්කූබි ඩූට එක පාරම අමුතු සද්දයක් ඇහෙන්න ගන්නවා. ඒ සද්දෙට එයාව නිකම්ම නැටවෙනවා. මේක ඉවසගන්න බැරි වුන තැන ස්කූබි ඩූ පිස්සුවෙන් වගේ එතනින් පැනලා දුවනවා. ඒ හින්දා අනිත් සෙට් එකත් අර අල්ලගත්ත බැංකු හොරාව අතෑරලා දාලා ස්කූබි පස්සෙන් වෑන් එකේ යනවා. ස්කූබී ඩූ නොදැනුවත්වම දුවගෙන යන්නේ නෝවෙයාර් කියන ටවුම මැද තියෙන ගොවිපළකට. එහේ ඉන්නවා කරේජ් කියන බල්ලා. කරේජ්ටයි, ස්කූබිටයි දෙන්නටම දැන් අර අමුතු සද්දෙ ඇහෙන්න පටන් අරන් තියෙන්නේ. ඒ එක්කම ස්කූබිටයි, කරේජ්ටයි පහර දෙන්න එතන පොළව යටින් මතුවෙනවා ශිශු අවධියේ ඉන්න යෝධ රැහැයියෝ වගයක්. ශිශු අවධිය කියන්නේ සුහුඹුල් රැහැයියා බිහි වෙන්න කලින් අවධිය. ඉතින් තවත් කිව්වොත් කතාවම කියන්න වෙන හින්දා ඔය ඇති මං හිතන්නේ. මෑතකදී නිකුත් වුන ස්කූබි ඩූ ‌ෆිල්ම් වලට වඩා වෙනස් තේමාවක් ගත්ත කතාවක් මේක. ඔයාලම බලන්නකෝ එහෙනම්.

ඔස්කාර් සම්මානලාභී The Fly(1986) ෆිල්ම් එකේ සබ් එකෙන් හම්බෙනකම් හැමෝ‌ටම ජය වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HD/WEB පිටපත් සඳහා අදාළ වේ.

9,637 downloadsDownload Straight-Outta-Nowhere-Scooby-Doo-Meets-Courage-the-Cowardly-Dog-2021-WEB-Update.zip71 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සොහාන් ජයසූරිය

Subtitles

9,637 downloadsDownload Subtitles71 KB

41 comments

  1. Nisal

    film ennath kalinma sub

    1. Nisal

      gammac kollo

  2. Anonymous

    Sub ekata thanks!

  3. යුරාන් ධනුක (දනුවා)

    බොහෝම ස්තූතියි සොහාන් මල්ලි

  4. Anonymous

    Thanks for the sub
    Cinderella 2021 tath sun dennko

  5. සුභාෂිණි මල්ලව ආරච්චි

    උපසිරසියට බොහොම ස්තූතියි මල්ලි ❤

  6. Sohan Jayasooriya

    ස්තූතියි හැමෝටම

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  8. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  9. Nilush Angana

    Sub ekata thanx

  10. Anonymous

    Sub ekata thanks sago

  11. Sohan Jayasooriya

    ලොකු ෆෑන් බේස් එකක් තියෙන 2021 ආපු ස්කූබි ෆිලුමක ඩව්න්ලෝඩ්ස් 804 කමෙන්ට්ස් 10 යි.. අවුලක් නෑ සබ් කිරිල්ලෙන් අයින් වෙන්න හිත හදාගන්න ලේසියී.. :)

    1. Thesaru Praneeth

      e mokathe bosa

    2. Sohan Jayasooriya

      කමෙන්ට්ස් මදිනේ බොසා.. අපේ සතුට කමෙන්ට්ස් විතරයි.. සබ් එක පළ උනාම විනාඩි 5න් 5ට සයිටට ඇවිත් බලන්නෙ අලුත් කමෙන්ට්ස් තියේද කියලා..

  12. Lahiru Kasun

    උපසිරැසියට ස්තූතියි ♥️

  13. පීටර්

    Update කරපු සබ් එකම ගන්නම්

  14. කවිඳු ජයවර්ධන

    සබ් එකට ස්තූතියි සහෝ..ජය...

  15. Anonymous

    thank you saho

  16. shanuka adeeshaa

    vacation friends dunne nah bocca thama oyala

  17. Nishan S Ariyarathna

    Ss

  18. Nishan S Ariyarathna

    උපසිරැසියට බොහොම ස්තුතියි!

  19. Anonymous

    GG

  20. මධු සිංහයා

    සුපිරියි බොස් ♥️

  21. Thesaru Praneeth

    jaya wewa

  22. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  23. Anonymous

    Thanks Brother

  24. Anonymous

    vada natho

    1. Sohan Jayasooriya

      මොකක්ද වැඩ නැත්තෙ?

  25. BIMBISHA

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  26. Sohan Jayasooriya

    තෑන්ක්ස් හැමෝටම

  27. Tharuka

    හොදටම කරලා යාළුවා ❤️ඉස්සරහටත් ඕනේ මේ වගේ ම sub අතාරින්න එපා වැඩේ

  28. Harvey O'brien

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  29. Dilahan

    Thanks machan sub ekata

  30. Himanshi

    hodatama karala thankz...

  31. lahiru

    wedakaran na

  32. DHANUJA

    sub eka wada nane bro

  33. Anonymous

    thanks

  34. ushan denuwan

    english sub ekak tyenne sinhala nemei

  35. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  36. Deshitha Lakshan

    ඩවුන්ලෝඩ් කරන ලින්ක් එක නෑනෙ?

  37. hnsrockz$

    බොහොම ස්තූතියි!❤
    පුළුවන් නම් මේවටත් සබ් කරලා දෙන්න සහෝ.❤️
    Scooby-Doo Meets the Boo Brothers (1987)
    Scooby-Doo and the Ghoul School (1988)
    Scooby-Doo in Arabian Nights (1994)

    Aladdin 2: The Return of Jafar (1994)