ඔන්න එහෙනම් මේ සැරේ ඔබ හමුවට එන්නෙ මේ වසරේ නිකුත් වෙච්ච Horror කාණ්ඩයට අයත් චිත්‍රපටයක් සමඟයි. පුද්ගලිකවම මමත් එනකම් බලං හිටිය එකක්. මොකද කිව්වොත් මෙය අධ්‍යක්ෂණය කරන්නෙ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂ ”James Wan” විසින්. ඔහු කලිනුත් හොඳ හොරර් කාණ්ඩයට අයත් සිනාමාවක් රැගෙන ආවා ”The Conjuring” වලින්. මං ම…

ඔන්න එහෙනම් මේ සැරේ ඔබ හමුවට එන්නෙ මේ වසරේ නිකුත් වෙච්ච Horror කාණ්ඩයට අයත් චිත්‍රපටයක් සමඟයි. පුද්ගලිකවම මමත් එනකම් බලං හිටිය එකක්. මොකද කිව්වොත් මෙය අධ්‍යක්ෂණය කරන්නෙ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂ ”James Wan” විසින්. ඔහු කලිනුත් හොඳ හොරර් කාණ්ඩයට අයත් සිනාමාවක් රැගෙන ආවා ”The Conjuring” වලින්. මං මේ කියන්නෙ පළවෙනි චිත්‍රපටය ගැන. කොහොමහරි චිත්‍රපටය හට මේ වෙනකොට IMDb අගය 6.5 ක් සහ කුණු තක්කාලි අගය 75% වැනි අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම තමයි රංගනයෙන් Annabelle Wallis l Ingrid Bisu l Marina Mazepa l Mckenna Grace l George Young l Patricia Velasquez l Jon Lee Brody දායක වෙනවා. ඒවගේම තමයි අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මේක රෑට වගේ බලනවා නම් නියමයි කියලා. බයවෙයි කියලා නම් මං බලපොරොත්තු වෙන්නෙ නැහැ. නමුත් හොඳ හොරර් සිනමා පටයක අත්දැකීමක් අරගන්න පුළුවන් වෙයි. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.
මැඩිසන් කියන්නෙ ඉස්පිරිතාලෙක වැඩ කරන කෙනෙක්. ඇය ගැබ්ගෙනත් සිටිනවා. ඒවගේම තමයි ඇයගෙ සැමියා තරමක් හොඳ නැති කෙනෙක්. කිසිම පාලනයක් නැති කෙනෙක් කිව්වොත් නිවැරදියි. කොහොමහරි ඔහු මේ ළමයෙක් හම්බවෙන්න ඉන්න මැඩිසන්ට පහර දීම පවා කරනවා. ඒවගේම කියන්න ඕන මේ මැඩිසන්ට ගබ්සා වීම් 3 ක් වෙලා තියෙනවා. ඇය ඇත්තෙන්ම ඉන්නෙ හරිම දුකකින්. ඔන්න දවසක් රෑ මොවුන්ගෙ ගෙදර අමුතු දෙයක් සිද්ධ වෙනවා. ඔහුගෙ මේ ජරා සැමියාව සාහසික ලෙස කෙනෙක් ඝාතනය කරනවා. ඒවගේම තමයි ඒ ඝාතනය කරන කෙනා ඇය පස්සෙන් පවා එනවා. කොහොමහරි මෙතැනදී මැඩිසන්ගෙ ඔලුව වැදිලා සිහිය නැතිවෙනවා. ඇහැරෙද්දි ඇයගෙ ළමය නැවත වතාවක් නැතිවෙලා. ඇය මේ ගැන ලොකු කම්පනයකින් ඉන්නෙ. ඔන්න ටික දවසක් යද්දී මේ පහර දීපු කෙනාම තවත් මිනීමැරුම් වගයක් කරනවා. ඒ වගේම තමයි මෙහෙදී විශේෂයකුත් තියෙනවා. ඒ මොකක්ද කිව්වොත් මේ ඝාතනය වෙද්දී එයා ඉන්නෙ ඒ ස්ථානයෙ. ඇයට දකින්න ලැබෙනවා වෙන ඝාතන සියල්ලම. ඒත් කොහොමද මේක වෙන්නෙ? මොකක්ද මේකත් එක්ක තියෙන සම්බන්ධය? අවසානය වෙනකම් නරඹන්නකො. වෙනස්ම ආකාරයෙ හොරර් සිනමා පටයක් වෙනවා ඒකාන්තයි.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
13,245 downloadsDownload Malignant-2021-Blu-Ray.zip65 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
- #2021
- #Annabelle Wallis
- #George Young
- #Jean Louisa Kelly
- #Maddie Hasson
- #Michole Briana White
- #Must Watch
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #Susanna Thompson
- #උපසිරැසි
- #රවිඳු රුක්ෂාන්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
38 comments
යුරාන් ධනුක (දනුවා)
LaHIRU
බොහොම ස්තූතියි
P_mihir
Thnx saho
Anonymous
Thnks
Anonymous
thanks ban
Anonymous
Sub ekata thanks!
Nishan S Ariyarathna
උපසිරැසියට බොහොම ස්තුතියි!
Anonymous
Ammoh meka wath kalin deepu eka loku deyak
Thnkz a lot mchnArunaSk
Thanks bro sub ekata
Ishara
මම බලපු පට්ටම ෆිල්ම් එකක් තැන්කිවු සහෝ subtitle වලට නියම මාධ්‍ය කීමක් ගන්න පුළුවන් මේ ෆිල්ම් එක රෙකමන්ඩ් කරනව
Anonymous
tnx macho sub ekata
Anonymous
see season 2 sub dennko
Hasitha Madush
රවිදු සබ් එකට Thanks සහෝ.!!! ඊයේ දෙනවා කිව්වා වගේම දුන්නා.
Naveen
උපසිරසියට තුති
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Lakshansilva18
thanks for sub
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
thilina
tada tada .uba machan tv series krnne ndda.911 tv series ekta dipan plz
Ravindu Rukshan
ඒකනම් දිගටම රිනිව් වේවි යන කතාවක්, බොරුවට පටන්ගෙන ආයෙ මඟ හිටින එක විතරයි වෙන්නෙ. ඉදිරියෙදී වෙනස් රුපවාහිනී කතාමාලා ටිකක් ලැබෙයි.
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
Sachin Tharuka
Skam (2015) TV Series eke sinhala sub denna puluwanda?
Anonymous
Cinderella 2021 tath subtitle dennko
Ruchira
Thanks for the sub!!!!
Anonymous
Thanks bro
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Anonymous
thanks for the sub bro !
Harvey O'brien
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Anonymous
Thanks ✌️
shiwaa
tamil sub ille???
සාරංග ජේ. ලියනගම
Thanks
indika 75
thanks..
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Nipu
Mini series walata sub dennko
Anonymous
WEB-Bluray walata me wage anith ayath sub denawanam kochchara hodada?
Sumedha
පින් සිද්ද වෙනවා මචං
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
බොහොම ස්තූතියි සහෝ