ශිම්ලාවේ මිරිස්” කියන අර්ථය තමයි මූවී එකේ තේරුම වශයෙන් තියෙන්නේ. ආදර කතාව ගණයට අයත් මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන්නේ රමේශ් සිපි. වැදගත් කරුණක් වන්නේ මෙම චිත්‍රපටය නිකුත් කිරීමට දින වෙන් කරලා තිබුණේ මීට අවුරුදු පහකට කලින්ලු. මේ චිත්‍රපටය මිලදී ගන්න කවුරුවත් ඉදිරිපත් නොවුණු නිසා මෙය සිනමාහල් වල තිරග…

ශිම්ලාවේ මිරිස්” කියන අර්ථය තමයි මූවී එකේ තේරුම වශයෙන් තියෙන්නේ. ආදර කතාව ගණයට අයත් මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන්නේ රමේශ් සිපි. වැදගත් කරුණක් වන්නේ මෙම චිත්‍රපටය නිකුත් කිරීමට දින වෙන් කරලා තිබුණේ මීට අවුරුදු පහකට කලින්ලු. මේ චිත්‍රපටය මිලදී ගන්න කවුරුවත් ඉදිරිපත් නොවුණු නිසා මෙය සිනමාහල් වල තිරගත වෙන්න පරක්කු වුණා. කොහොමහරි 2020 ජනවාරි මස තුන්වෙනිදා මේකේ ප්‍රථම දර්ශනය ඉන්දියාවෙදී සිදු වෙනවා. මේකට හේමා මාලිනී, රාජ්කුමාර් රාවෝ, රකුල් ප්‍රීත් සිං වගේ ප්‍රධාන පෙලේ ඉන්න නළු නිළියන් පිරිවරක් සහභාගි වෙනවා. Viacom18 Motion Pictures ආයතනය මගින් මෙම චිත්‍රපටයේ පළමු ට්‍රේලරය 2019 දෙසැම්බර් මස 26 වෙනිදා නිකුත් වෙනවා.
විටෙක ලේඛකියක්, අධ්‍යක්ෂවරයෙක්, නිශ්පාදකවරියක්, නිළියක්, නැටුම් ශිල්පිණියක් හා දේශපාලන මැතිනියක් ලෙස කටයුතු කරන, කර ඇති අප චිත්‍රපටය ප්‍රධාන නිළිය වන හේමා මාලිනි අවුරුදු කිහිපයකට පසුව නැවතත් ඇයගේ සිනමා ක්ෂෙත්‍රයට පා තබලා තියෙනවා. 1980 දී අපි කවුරුත් අදුරන භාරත් සිනමාවේ පැරණි නළුවෙක් වන ධර්මේන්ද්‍ර සමග යුග දිවියට පා තබයි. මේ චිත්‍රපටයේ අවසන් දර්ශනය තුළදී ඔයාලට බලාගන්න පුලුවන් හේමා මාලීනීගේ සැමියා වන ධර්මේන්ද්‍ර චිත්‍රපටයේ අවසාන කොටසට රගපාන හැටි. ඔයාලා හැමෝම දන්නවනේ රාජ්කුමාර් ගැන. අති දක්ෂ විදියට රගපාන්න පුලුවන් හැකියක් තියෙන ඔහු මෙම චිත්‍රපටයේ රගපාන කොට ඔයාලටම බලාගන්න පුළුවන් දැන් රාජ්කුමාර් ඉන්න විදියයි මේකේ ඉන්න විදියෙයි වෙනස. තරුණ පෙනුම කිසිවෙනසක් නැතුව පේනවා. මුලදී මම බලද්දිත් හිතුවේ චිත්‍රපටය නිසාම මෙයා වෙනස් වෙලාද කියල. මේක ගැන හොයද්දී තමයි මට හම්බවුණේ මේ චිත්‍රපටය දැනට අවුරුදු 5කට කලින් රූපගත කරලා තිබුණේ කියල.

– හේමා මාලිනි හා ධර්මේන්ද්‍ර –
එහෙනම් පොඩ්ඩක් කතාවේ මොකද වෙන්නේ කියල කියන්නම්. හැමෝම දන්නවනේ ඕනෑම ආදර කතාවක අනිවාර්යයෙන්ම කෙල්ලෙකුයි කොල්ලෙකුයි ඉන්නවා කියල. ඒත් මෙ ආදර කතාවේ මේ දෙන්නා අතරෙට කෙල්ලගේ අම්මත් එනවා. කතාවේ එන කොල්ලා උගත් පොසත් කොල්ලෙක්. පවුලටම කොල්ලෙක්ට කියල ඉන්නේ එයා විතරයි. මෙයාට කෙල්ලෙක් ඉස්සරහට ගිහින් යෝජනා කරන්න බයක් චකිතයක් තියෙනවා. ඒක නිසාම මෙයාට කෙල්ලෙක් නෑ. ඒත් පවුලේ අයට ඒක හරිම ප්‍රශ්නයක්. ඒත් මේ කොලුවට එයාගේ ජීවන සහකාරියව හම්බවෙනවා. ඒත් ඒක කියන්න බයයි එයා. මේ ගැහැනු ළමයට එයාටම කියල කැෆේ එකක් තියෙනවා. ඒකේ සේවකයෙක් විදියට ගිහින් මේ කෙල්ලට උදව් කරලා එයාගේ හිත දිනාගන්න උත්සහා කරනවා. දවස් මෙයා ඒ ගැහැනු ළමයට ලියුමක් ලියල දෙනවා. දෙනවා කිව්වට මූණටම දෙන්නේ නෑ. එයාගේ මේසේ උඩින් තියලා යනවා. එයා ඒක කියවලා කවුද එව්වේ කියල දන්නේ නැති නිසා විසික් කරනවා. මෙයාගේ අම්මා දික්කසාද වෙලා ඉන්නේ. ඒත් තාම දික්කසාද සහතිකේට අත්සන් කරලා නෑ. මොකද එයා තාම එයාගේ මහත්තයට ආදරේ කරන හින්දා. මේ ගැහැනු ළමයට එයාගේ අම්මා එහෙම ඉන්නවා බලන්න බැරි නිසා අර විසික් කරන්න ගිය ලියුමෙන් වාසියක් ගන්නවා. ඒ ලියුම අම්මට යවලා අම්මා ඒක කියවල ඒ කෙනා කවුද කියල හිතද්දී ප්‍රශ්න ගොඩක් එනවා. මේ ගැහැනු ළමයගේ හැම ප්‍රශ්නයකටම උදව් වෙන කොල්ලා මේකටත් උදව් කරනවා. ඒ අම්මගේ පෙම්වතා වෙලා. ඔන්න ඔහොම කතාවක් තමයි යන්නේ ඒත් අවසානෙදී වෙන දේ බලන්නම ඕනේ. ඒක බලන්න ඔයාලා ඉතුරු කරනවා.😋
දැන් බයිස්කෝප් රසිකයන්ට අපේ ඇඩ්මින්ලා ටික ගොඩක් ලොකු උදව්වක් කරලා දීලා තියෙනවා. ඒක ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ ඔයාලා දන්නවනේ. ඒක නිසා නොමිලේ බාගෙන යන උපසිරසට පොඩි හරි කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. හරිද. මේක මට බාරදුන්නේ අපේ කැප්ටන් හසා අයියා එයාට ස්තූතියි කියන ගමන් මේක කලින් බාරගෙන හිටිය දහරා මුතූ අක්කා මේක මට කරන්න කිව්ව එකටත් ස්තුතියි කියන ගමන් තවත් අලුත් උපසිරසියකින් ඔයාලා හම්බවෙන්න එන්නම්. සමාවෙන්න පරක්කු වුණා නම් ඊළග එක ඉක්මනින් කරන්නම් කියන ගමන් මන් ගිහින් එන්නම්. හැමෝටම බුදුසරණයි දෙවිපිහිටයි.!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම HD පිටපත් සඳහා අදාළ වේ.
13,867 downloadsDownload Shimla-Mirchi-2020.zip95 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පසිදු මධුමාල්
Subtitles
17 comments
Hashan M. Priyadarshana
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!thanukarubasinghe@baiscope
Tnx
night king
Thanks for sub : )
Nuwandika Dil
Thanks brohhh
nish47
ස්තූතියි සහෝ
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි පසී සහෝ උපසිරැසියට...ජයවේවා,,...
mindika
Thanks !!!!
Pramukmili
thanxx bro............
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශසිත් සඳරුවන්
සබට තුති වේවා මලේ!
දිගටම සබ් දෙමු ආ...
ජය!Anonymous
good luck
Asela sooriya bandara
tnz
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
Nishantha Nuwan
Thanks මචං සබට.නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
DIlusha
Thnax bro❤️❤️❤️
Sahan Gayantha
thanks a lot brother sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!