ලාඕසයානු (Laos) නිර්මාණයක් වන මෙය IMDB 7.3/10 ද, rotten tomatoes 97% ද, metacritic 72% ද ලබා ඇති සම්මාන කරපින්නා ගත් මුල සිට අගට එක දිගට බැලිය හැකි අනර්ග නිර්මාණයකි. කථා සාරාංශය වු කලි ලාඕසයේ උතුරු කදුකර ප්‍රදේශය එක්තර අඩු ආදයම්ලාභි පවුලක සිටින “මලී”නම් කාන්තාවකට දාවා උපත ලබන නිවුන් දැරු උපත එහි මූ…
ලාඕසයානු (Laos) නිර්මාණයක් වන මෙය IMDB 7.3/10 ද, rotten tomatoes 97% ද, metacritic 72% ද ලබා ඇති සම්මාන කරපින්නා ගත් මුල සිට අගට එක දිගට බැලිය හැකි අනර්ග නිර්මාණයකි.
කථා සාරාංශය වු කලි ලාඕසයේ උතුරු කදුකර ප්‍රදේශය එක්තර අඩු ආදයම්ලාභි පවුලක සිටින “මලී”නම් කාන්තාවකට දාවා උපත ලබන නිවුන් දැරු උපත එහි මූලාරම්භවේ. එක් දරුවකු උපතේදී මියයෑම හා ජීවි දරුවා පවුලට අපල ගෙන දෙන බවත් ඔහුද මැරියයුතු බවට ඇති පාරම්පරික විශ්වාසය බිඳ දමන මව තම කුළුදුල් දරුවා ජීවත් කිරීමට තීරණයකරයි, ඔහු “ ඇලෝ “ නම් වේ.
කථාව එක් අවස්ථාවක මොවුන්ට අනාථ කඳවුරක ජීවත් වීමට සිදුවන අතර එහිදි “දම්” (Purple) නම් පුද්ගලයකු හා ඔහුගේ මිනිබිරිය ‘ඇලෝ’ හා මිතුරු වන අතර කථවේ මුල සිට අග දක්වාම ඇලෝ ගේ හිතුවක්කාර කම් හා අත්නොහරින උත්සහය හා ධෛර්ය්‍ය මනාව පිළිබිඹුවෙන වේ, තවත දර්ශණයක ජලවිදුලිබලාගාරයක් ඉදිකිරිම සඳහා ඇලෝගේ ගම්මානය ඇතුළු තවත් ගම්වලින් සියළුම අය ඉවත් කර එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර එයින් නිවාස අහිමිවන අයට එම සමාගම් විසින් අළුත් නිවාස ලබා දීමට පොරොන්දු වේ. විජාතික බහුජාතික සමාගම් මෙවැනි තුන්වෙනි ලෝකයේ රටවල් සමඟ සිදුකරන මෙවැනි ගණුදෙනු වල අවසානයේ වන දේ මෙහිදීද දැකගත හැක.
කථාවේ හමුවන “දම්” නම් පුද්ගලයා සුවිශේෂි චරිතයක් වන අතර ඔහු කාළයකට ඉහත ලෝක යුද්දයේදී ඇමරිකාවට එරෙහිව සටන් වැදුනු සොල්ලාදුවෙක් වන අතර ඔහු දැඩි ලෙස James Brown නම් ඇමරිකානු ගායකයාට ඇබ්බැහි වු පුද්ගලයෙකි, 1964–1975 කාලයේ බෝම්බ ටොන් මිලියන 02 ක් පමණ හෙලන ලද ලාඕසයේ ජනජීවිතයට වඩාත් තර්ජනයක් වු පුපුරා නොගිය බෝම්බ වල බලපෑම මෙම නිර්මාණය හරහා අධ්‍යක්‍ෂක වරයා ලෝකයට මුදා හැර ඇත. මෙම බෝම්බ නිසා අඛණ්ඩව වසරකට දුසිම් ගණන් මිනිස් ජීවිත අහිමි වේ. චිත්‍රපටයේ එක් අවස්ථාවක “ඇලෝ” ඔහුගේ මිතුරිය වන “කියා” (Kia) නම් කුඩා දැරිවිය මෙම බෝම්බයක් හමුවන අවස්ථාව දැක්විය හැක.
කථාවේ උච්චතම අවස්ථාව වන්නේ රොකට් තරඟයයි. වැඩිම දුරක් අහසට විදින රොකට්ටුවට මිලියන 10 ක් ලබා දෙන මෙම තරඟය වර්ෂාව ලබාගැනිමේ අරමුනින් පවත්වනු ලබයි. මෙම සම්ප්‍රදායික තරඟය කථාවේ අවසානය වන අතර රොකට් තරඟයට ඇලෝ හා ඔහුගේ තාත්තාද රොකට් දෙකක් සාදයි.
අධිතාත්විතක රංගනයන්ගෙන් පරිපුරණ මෙම කථාව පිළිබඳ තවත් විචාරය කළ හැකි වුවත් බෝහෝ විට වැඩිදුර ලිපි කියවීමට තරම් කාලයක් ඔබට නොමැති නිසා මෙය නැරඹීමට ආරධනා කරමින් නවතිමි.
“බයිකෝප් සිංහලෙන් අඩවියට ජය”

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
1,784 downloadsDownload The-Rocket-2013.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ Chanmatara ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Chanmatara
Subtitles
22 comments
kavinuweerakkody
mrasela111
kohenda bawe
sujithhakmana
link ekak dennako
AsithaDilruwan
ela saho thanks
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Dhanushkadill
Thankssssss!!!!!!!!!!!!!!
Mpliyanage
thanks. film era down Karaganda link wanna puluwan Aya. elaborating
Emi
Thank you
Hashan M. Priyadarshana
Thank you broo sub ekata..
Jaya wewa!Kulanjana Maduranga
subata thanks saho....
kelumchathuranga
thanks
nish47
thanks
Tharaka
THANKS.............................
D.Chamara
boohoma sthuthi sahooo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
indika75
thanks..
Milindapriyalal
Thanks bro sub එකට
sulochana
thank you
Manura Sathsarindu
උපසිරසියට බොහොම ස්තූතියි සහෝ.
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!
ricadodamien
Thank U Chandana Brother & baiscope team for the sub, Beautiful movie. all the best to baiscope team...........
thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තූතියි සහෝදරයා!
මේවා ගොඩක් කට්ටියගේ ඇහැ නොගැටෙන චිත්‍රපට!!
විස්තරේට ආසා වුණ නිසාම... ඔන්න බෑවා...