Watch Trailer

Shivalinga (2017) Sinhala Subtitle | පරවියෙක් දුන් ශාක්ෂියක් පිටුපස [සිංහල උපසිරැසි සමඟ]

ගොඩක් පරක්කු උනා ඔයාලට මේ උපසිරැසිය දෙන්න ඒ හින්දා වැඩිය කතා නැතිව මම ගෙනාපු කතාව ගැන කියන්නන්. හරි අද මම ඔයාලට ගෙනාවේ දමිළ පිලුමක් ඒ තමයි 2017 නැත්නම් ගිය අවුරුද්දේ මුල භාගෙ ආව ශිවලිංගා පිලුම. මේක සුපිරි පිලුමක් කියලා කියන්නම ඕනෑ. ⁣මට සබ හදන අස්සේ පිලුම ගැන හොයලා බලන්න උනේ නෑ. ඒකට සමාවෙන්න කියනවා.…

ගොඩක් පරක්කු උනා ඔයාලට මේ උපසිරැසිය දෙන්න ඒ හින්දා වැඩිය කතා නැතිව මම ගෙනාපු කතාව ගැන කියන්නන්. හරි අද මම ඔයාලට ගෙනාවේ දමිළ පිලුමක් ඒ තමයි 2017 නැත්නම් ගිය අවුරුද්දේ මුල භාගෙ ආව ශිවලිංගා පිලුම. මේක සුපිරි පිලුමක් කියලා කියන්නම ඕනෑ. ⁣මට සබ හදන අස්සේ පිලුම ගැන හොයලා බලන්න උනේ නෑ. ඒකට සමාවෙන්න කියනවා. ඒත් පිලුමෙන් අහුලගත්ත ටිකක් මෙන්න මෙහෙම කියන්නන්.

ඔයාලට මතක ඇති මුනී පිලුම ඔව් අමතක වෙන්නේ කොහොමද ඒකෙ තියන සීන් එක්ක. හරි මම කියන්න යන්නේ ඒ ගැන නෙවෙයි ඒකෙ රගපාපු ප්‍රධාන නළුවා ගැන මතක විදිහට ඒ කතාව ඩිරෙකට් කරන්නෙත් එයාමයි මට මතකේ හැටියට එයාගෙ නම රාගවරින්දා අන්න එයා තමයි මෙි කතවෙත් රග පාන්නෙ. එයා මුනී, කාන්චනා එහෙම ඩිරෙකට් කරාට මේක ඩිරෙකට් කරන්නේ වෙන කෙනෙක් මට ඒ කවුද කියලනන් මතක නෑ. කතවෙ මුලක තත්ත්වය ඔන්න ඔහොම වෙද්දී කතාවෙ සැකැස්ම ගැන කියනම එපැයි මෙන්න එහෙනන්. මෙකෙදිත් පුරදු විදිහටම රාගවරින්දා රගපාන්නෙ හොල්මන් වලට බය චරිතයක්. මේකෙ අම්මයි අනිත් අයයි වෙනස් කතාවට දන්න කියන අය විදිහට ඉන්නෙ රාගවරින්දායි කාංචනා 2 ඉන්න ප්‍රධාන නිලයයි විතරයි. ⁣මෙකෙදිත් එයා රාගවරින්දා ගෙ නෝනා විදිහට රගපානවා. ඒ වගේම මේකෙදි තවත් වෙනස් කමක් වෙලා තියනවා ඒ තමයි වෙනදට රාගවරින්දා නෙ විහිළු වැඩ කරන්නේ මේකෙ ඒකට වෙනම නළුවෙක් දාලා තියනවා. මම මේ ටික කිවේ ඔයාලට ටිකක් දැනගන්න දැන් ඉදන් කතාව ගැන කියන්නන්.

මතක ඇතිනෙ මම උඩදි කීවා රාගවරින්දා රගපාන චරතෙ ගැන, ඒ චරතෙ එහෙම උනාට එයා තවත් චරිතයක් රගපානවා ඒ තමයි පොලිස් නිලධාරීයෙක් විදිහට ඒ එයාට ලැබෙන නඩුවකුත් එක්ක අන්න ඒ නඩුව විසදන්න යන අතරතුර සිදුවන සිද්ධි තමයි මේ කතාව පුරා තියෙන්නේ. මෙකෙදි රහීම් කියලා මුස්ලිම් කොල්ලෙක් කෝච්චි යකින් පල්ලට කෙනෙක් තල්ලු කරලා මරනවා. පස්සෙ ඒ මරනෙ දිවිනසා ගැනීමක් කියලා උසාවියෙන් ඒ නඩුව වහලා දානවා ඒ නවුව ආයෙමත් සැරයක් රහීම්ගෙ බදින්න ඉන්න කෙනා මේ නඩුව රී ඕපන් කරනවා, අන්න අන්න ඒ නඩුවෙ ශාක්ෂි හොයන්න ශිවා නැත්තන් ශිවලිංගේෂ්වරන්ට භාරවෙනවා ඒ හින්ද එයා යනවා වෙල්ලෝරි වලට ඒ අනතුර උන පලාතට එහෙදි එයාට ශාක්ෂි හම්බෙනවා, ඒත් ලොකු ප්‍රශ්නෙකුත් එක්ක, ඒ තමයි එයාගෙ නෝනට අර මැරුන කොල්ල වැහෙනවා. කියන්න අමතක උනා අර කොමඩි චරිතෙ හම්බෙන්නෙත් මෙතනදි තමයි එයා හොරෙක් විදිහට තමයි කතාවෙ ඉන්නෙ ඒත් කරන වැඩවලට හිනායනවා, ඒකත් එක්ක මේ ප්‍රශ්නෙ දුරදිග යනවා ඒ හින්දම ශිවා මේ නඩුවෙ ශාක්ෂි තව දුරට හොයාගෙන යනවා. ශිවා හොයා ගන්න හැම ශාක්ශියක්ම පස්සෙ ගලපලා බැලුවාම මේ ශාක්ෂි ඔක්කොම එයාගෙ නෝනගෙ පැත්තට හැරෙනවා.

ඒ හින්දා මේ නඩුවට සම්බන්ධ කියන හැමෝම එක තැනකට ගෙනැල්ලා මේ ප්‍රශ්නෙ විසදන්න හදනවා. එයාට මේ නඩුව විසදලා රහීම්ට යුක්තියක් ඉෂ්ට කරන්න පුලුවන් වෙයිද? ඒ ගැන මම කියන්නෑ ඔයාලා කතාව බලලම හොයාගන්න කියනවා මොකද ඒටික කීවොත් කතාවෙ රහ නැතිවෙන හින්දා. ආ.. තව ටිකෙන් මට අමතක වෙනවා මම උඩදි කීවනෙ රාගවරින්දා රගපාන්නෙ හොල්මන් වලට බය චරිතයක් කියලා මෙතනදි මම නොකීව සිද්ධියක් වෙනවා ඒකෙන් හොල්මන් වලට බය ශීවා හොල්මන් වලට බය නැතිවෙනවා, මම උඩදි කීව සිද්ධිය මොකක්ද කියලා කියන්නෑ ඔයාලා බලලම හොයාගන්න කියනවා. ඔයාලට පොඩ්ඩක් කුතුහලේ වැඩිවෙන්ත් එක්ක පල්ලෙන් කතාවෙ පොඩි දෙබසක් දන්නන් මෙන්න මෙහෙම.

රශීම් කවදාවත් එයාවම නැතිකර ගන්නෑ.
ඔව් සංගීතා මම සියදිවි හානි කරගත්තෙ නැ.
කවුදෝ එකෙක් මාව මැරුවා.
ඇයි මාව මැරුවේ ඇයි.
මොන වැරැද්දක් කරාටද මම.
රහීම්!! රහීම්!!
ඇයි මාව මැරුවේ.

“ඔයාලටය මම කියන්නෙ කවුරුත් කීව පලියට, දෙයක් දැක්ක පලියට විශ්වාස කරන්න යන්න ඒපා කියලා.
මොකද ඒ ඇහුව දේ දැක්ක දේ ඒදේම නොවෙන්න පුළුවන් නිසා. ඉතින් ඔයාලා ඔයාලගෙ හැම දේකදිම මේ දේ
හිතේ තියාගන්න. ඒකෙන් ඔයාලට ඔයාලා අතින් සිද්ධ වෙන වැරදි අඩුවෙයි.”

එහෙනන් අදට මම ගියා තවත් මේ වගේම සබකින් හම්බෙනතුරු ඔබට ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Shivalinga (2017) 720p v2 HD – 5.1 – AVC – MP4 – 2.3GB – ESubs – Tamil Eng

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

8,751 downloadsDownload Shivalinga-2017.zip140 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/ishan-uvinda.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉශාන් උවින්ද” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඉෂාන් (LB)

Subtitles

8,751 downloadsDownload Subtitles140 KB

27 comments

  1. chanakaicdl

    Thanks

  2. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  3. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට. ෆිල්ම් එක අමතකම වෙලා තිබ්බේ..

  4. NipunSachinda

    sub එකට තැන්ක්ස් .kanchana 3 sinhala subtitles දෙන්න පුලුවන්ද???

  5. baisraveen

    Director p. Vasu අයියේ

  6. vas0303

    Parakku wela hari sub dunnata oyata godak pin...

  7. ඩොක් අයියා

    “ඉශාන් උවින්ද” සොහොයුරාට මගේ ස්තූතිය

  8. heseshan

    good

  9. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  10. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  11. H_anuru

    Thank your bro

    1. rukshan456

      Oraalppokkam (2014)

  12. gayan215

    bohoma sthuthi saho...

  13. Lalani Maduwanthi

    Thank you Baiescope.lk,,,

  14. Pradeep Ekanayaka

    SUb ekata mokada une.page not found.ai ehema kareeeee

  15. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. Lalani Maduwanthi

    Godaaak lassanay film 1ka

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Tarbo

      Thank roile sho

  18. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි ඉෂාන් උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ... :P
    ඔබට ජය!

  19. Samsan jayantha

    Good

  20. Samsan jayantha

    Sub aka download wanna Kauruhari kiyanawada kohomada karaganna kiyala

  21. Dilan vinod

    fatta sub ekata tnx broooooo

  22. hirutharindu

    thanx mcn

  23. Anonymous

    sub eka khmd dwnlrd krnn.

  24. සාරංග

    සබට ස්තුතියි !