“යේ දෝස්තී… හම් නහී තෝඞෙගේ… තෝඞෙගේ..දම්මගර්.. මේරා සාතනා.. චෝඞෙගේ…” ඉතිං ඔන්න යාළුවනේ මගේ දෙවැනි නිර්මාණය අරගෙන ආවා. මේ පාර මං තෝරගක්කේ හිංදි චිත්‍රපට බලන්න ආස අයට, සුපිරි හිංදි චිත්‍රපටයක්. ඉතිං, මේ ළඟකදි මං හිංදි චිත්‍රපටියක්, බලනකොට, ඒකෙ එක දෙබසක තිබුණා, ඒ ඇක්ෂන් එක හරියට, ෂෝලේ චිත්‍රපටියෙ, ධර්ම…
“යේ දෝස්තී…
හම් නහී තෝඞෙගේ…
තෝඞෙගේ..දම්මගර්..
මේරා සාතනා..
චෝඞෙගේ…”
ඉතිං ඔන්න යාළුවනේ මගේ දෙවැනි නිර්මාණය අරගෙන ආවා. මේ පාර මං තෝරගක්කේ හිංදි චිත්‍රපට බලන්න ආස අයට, සුපිරි හිංදි චිත්‍රපටයක්. ඉතිං, මේ ළඟකදි මං හිංදි චිත්‍රපටියක්, බලනකොට, ඒකෙ එක දෙබසක තිබුණා, ඒ ඇක්ෂන් එක හරියට, ෂෝලේ චිත්‍රපටියෙ, ධර්මේන්ද්‍රයි, අමිතාබ් භච්චනුයි වගේ, කියල. ඉතිං මං ඒ ෆිල්ම් එක ගැන අහල තිබුණට, බලල තිබුණෙ නෑ. බැලුවට පස්සෙයි වැඩේ තේරුණේ. ඉතිං දෙපාරක් හිතන්නැතුව මං තීරණෙ කරා මේ ෆිල්ම එකට ඔයාලට සබ් දෙන්න. වල් පල් ඇති මං ෆිල්ම් එක ගැන ටිකක් කියන්නම්කො දැං.මේ ෆිල්ම් එකට. IMDB මීටරේ 8.6ක් වෙනකන් කැරකිලා තියනවා. තවත් මොන කතාද නේ….
1975 අවුරුද්දේ තිරගත වුණ මේ සුප්‍රසිද්ද සලරුවේ ප්‍රධාන චරිත පණ පොවන්නේ, ධර්මේන්ද්‍ර(වීරු), අමිතාබ් භච්චන්(ජාය), කියන සුපිරි නළුවො දෙන්නා. ඊට අමතරව , සංජීව් කුමාර්, හේමා මාලිනී, ජයා බහදූරි කියන නළු, නිලියන් ප්‍රධාන චරිත රංගනයෙන් දායක වෙලා තියනවා. තවත් විස්තර ටිකක් කියනව නම්, 1976 ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම සංස්කරණයට සම්මාන දිනාගත්තේ, අපි මේ බලන්න හදන සලරුව. ඒ විතරක්ද…? නෑ… 2005 අවුරුද්දෙ දි, සම්මාන උළෙලේ දි, එදින පටන්, ඊට වසර 50ක කාලයක් ඇතුලත (1955 – 2005) හිංදි සිනමාවෙ බිහිවුණ හොඳම චිත්‍රපටය විදියට අභිෂේක ලබල තියනවා.
දැන් ඒ විස්තරත් දැනකියාගත්තනේ, දැං පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු. ධර්මේන්ද්‍ර(වීරු), අමිතාබ් භච්චන්(ජාය) කියන්නේ, පල් හොරු දෙන්නෙක්. වගේම අතිජාත යාළුවො දෙන්නෙක්. ලේසියෙන් අල්ලගන්න පුළුවන් බඩු දෙකකුත් නෙමෙයි. ඒත් ඉතිං එක පාරක්, ඨාකූර් කියන දක්ෂ පොලිස් නිලධාරියා, මේ දෙන්නව අල්ලගෙන, පොලීසියට අරගෙන යන අතරේ, පැනල යනවා. ඊට කාලෙකට පස්සෙ, මේ පොලිස් නිළධාරියට, මේ දෙන්නා ලව්වා වැඩක් කරව ගන්න ඕනෙ වෙනවා. ඉතිං මේ පොලිස් නිලධාරියා අඳුනන ජේලර් කෙනෙක්ට කියනවා මේ දෙන්නව හොයල දෙන්න කියල. ඉතිං ඒ ජේලර් මහන්සිවෙලා, මහන්සිවෙලා මේ දෙන්නව හොයාගෙන, ඨාකූර් ට බාර දෙනවා. ඉතිං, මේ හොරු දෙන්නගෙන් පොලිස් නිලධාරයෙකුට කරව ගන්න තියන වැඩේ මොකක්ද? මේ දෙන්නට ඒ වැඩේ කරන්න පුළුවං වෙයිද? නැත්තන් ඇන ගනියිද කියල, ඔයාල ෆිල්ම් එක බාගෙනම බලන්න කියල මං ආරාධනා කරනවා.
එහෙනම් තවත් සුපිරි බයිස්කෝප් එකක් අරගෙන එන බලාපොරොත්තුවෙන්, ගිහිං එන්නම්…හැමෝටම ආවඩා ආයුබෝ වේවා..!!!!!!
1,840 downloadsDownload Sholay-1975.zip58 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුවන් සම්පත් වර්ණසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රුවන් සම්පත්
Subtitles
32 comments
dedunu- yatalamatta
තිසර නියෝ (Thisara Buddhika)
484352
තිසර නියෝ (Thisara Buddhika)
වැරදි එකනේ වැටුනේ..
සමාවෙන්න ඕනා:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)
නලින්
මේක නම් මැක්සා කතාව.. එක පාරක් ටීවී එකේ බැලුවා
දැන් නම් ආයි පාරක් බලන්න කලේ හරි.
ස්තුතියි රුවන් සහෝ
ජය වේවා
අයේෂ්
Thank You..
Jack
ස්තුතියි සහෝ.
Kulanjana Maduranga
meka parana unata niyama film 1k.mekata sub dunnata thanks RUWAN saho.ohoma yn.jaya wewa.....
ලක්ෂාන් නිලංක
meka supiri filmak..sub dunnata thanks..mb copyak hinda aniwa banawa..jaya wewa...!
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
මල් 21 යි බොලේ...
සුපිරිම බඩ්ඩක් නේ මචෝ..
බලලනම් තියේ මේක..
ඒත් මේ සිංදුව ඇරෙන්න ෆිල්ම් එකේ කතාව ගැන නම් කිසම මතකයක් නැ..
ඉතිං ඒ කියන්නේ අනිවා දැන් මේක ගන්නවා කියන එකනේ...
එල එල කොල්ලෝ..
තවත් මේ වගේ සුපිරි එව්වා ගෙම්මු...
ජය වේවා..Global
Appatahudu..Mekatath Sub Dunnada..
Thanks..Elakiri..!maleesha
math ahala thibbata balala thibbeh naha bn
දිමුතු තරංග ඉලුක්කුඹුර
අහල තිබුනත් බලල නැහැ වගේ, බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
හසිත අලහකෝන්
හොඳම හින්දි චිත්‍රපටයක් දාල තියෙනවා කාලෙකට පස්සෙ. මුලින්ම “රුවන් සම්පත් වර්ණසිරි” සහෝදරයාට ස්තූතිවන්ත වෙනවා මේකට උපසිරැසි දුන්නාට. R.D. බර්මන් ගෙ මනබන්දනීය සංගීතය සහ කිශෝර් කුමාර්, මන්නා ඩේ, ලතා මංගේශ්කාර් වගේ ප්‍රවීනයන්ගේ සුමියුරු හඬ සමග මෙහි සංගීතය අති විශිෂ්ඨයි. ඊට නොදෙවෙනි ධර්මේන්ද්‍රන්, අමිතාබ්, සංජීව් කුමාර්, හේමා මාලිනී, ජයා බහදූරී ගෙ වගේම මෙහි එන දුෂ්ඨයා වන "ගබ්බර් සිං" නොහොත් අම්ජාද් කාන් ගෙත් රංගනයන් අති විශිෂ්ඨයි.
ඒ වගේම මේ චිත්‍රපටය කොතරම් ප්‍රභලව ඉන්දියානු සමාජය තුල කිඳා බැහැල තියෙනවද කියනව නම්, ඉන්දියානු ජන සමාජය තුල උප සංස්කෘතියකුත් බිහිවෙලා තියෙනවා මෙහි එන දෙබස් හා ඒවා යොදා ගන්නා ආකාරය ආදියෙන්.
ඒ වගේම මේ චිත්‍රපටය එතෙක් මෙතෙක් බොලිවුඩ් සිනමාවේ වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටයක් වගේම ඉන්දියානු සිනමාහල් වල අවුරුදු 19ක් තරම් දීර්ග කාලයක් ප්‍රදර්ශණය කරලත් තියෙනව.
කට්ටියටම කියන්නෙ මේක පරණ උනත් බාගෙන බලන්න වටින සුපිරි චිත්‍රපටයක්.
රුවන් සම්පත් වර්ණසිරි ට නැවතත් ස්තූතියි කියනවා මේකට සබ් දුන්නාට.
ජය වේවා...!Dilshan kalinga
නියම චිත්‍රපටියකට නොවැ උපසිරසි දීල තියෙන්නේ.
බොහොම ස්තුතියි.
තවත් උපසිරසියකින් හමුවෙමු.
ජයවේවා!!Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය…….
galaya
ෆට්ට සහෝ නියමයි
පුලුවන්නම් ශාරුක් ඛාන්ගේ pardes ෆිල්ම් එකටත් සබ් දෙනවද??ප්ලිස් මචෝNirmala suravinda D
niyamai saho..parana ewa digatama sub danna..api waiting for you..Karna Arjun, Dilwale, wage honda ewa tikak danna..oyata thanks meka karata.jayaweva..digukal wejabewa Baiscop eka..
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
ෂෙහාන් බුද්ධිම
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
යශෝධ
මොන කතාද මෙන්න බානවා.. බොහෝම ස්තූතිියි සහෝ උපසිරසට.. ජයම වේවා.....! එලස්ස්....
ප්‍රදිප්
බොහොම ස්තුතියි යාලුවා
Chaminda Lakruwan
පට්ට ෆිල්ම් එකක්නේ දිලා තියෙන්නේ මේක මම බලලා තියෙනවා එත් දැන් සබ් එක්ක බලන්න කාලය හරි වගේ ස්තුති මචෝ සබ් එකට මචෝ මම කියනවට අමිතාබ් බච්චන්ගේ ෆිල්ම් එකක් තියෙනවා මාර්ඩ් කියලා ඇක්සන් විමානයක් එකත් පුළුවන්නම් ඒ ෆිල්ම් එකටත් සබ් එක දාන්න ...
“චූටී මල්ලි”
සින්දු නම් ඔනි තරම්
අහලා තියෙ ෆිලුම බලලා නෑ
වටිනා වැඩක් සහෝ
සබට තුති
ඔබට ජය.............කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ. හැමදාම අලුත් චිත්‍රපටි ම දෙන එකේ මේ වගේ එකක් උපසිරැසි ගන්වපු එක ලොකු දෙයක්.
Menu
thank you :)
Aditha Praween
නියමයි සහෝ !
විකියා සහෝ මටත් ඕක කරන්න කියද්දී මම පස්ස ගැහුවා වැඩේට .
කොහොමහරි එළ කොල්ලෙක් අන්තිමට වැඩේ දීලා තියෙන්නේ .
පට්ටම කතාවක් තමයි .දිගටම සබ් දෙමු .
:Dරොයිලි
බොහොම ස්තූතියි රුවන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
කල්හාර දිසානායක
ඉස්කෝලෙ යන කාලේ බලපු ෆිල්ම් එකක්. පට්ට කොලිටි.....
waruna maduranga
පරණ film තිෙයනවා පට්ට ඒවා පුලුවන්නම් ඒවම ෙදන්න සෙෙහ්ා
LIO
Patta Thanks
Anonymous
Downloaded file is damaged.. Can you please check
Ravindu Heshan - Admin
Dan Wada
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Sholay (1975) | පලිගැනීමේ පිපාසය [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sholey-1975.jpg)

Elazz machann….
thanks sub ekatahh..