ඉරිච්චි ජපන් සපත්තු දාගෙන ඉංග්‍රීසි කලිසමක් ඇඳගෙන රුසියානු තොප්පියක් දාගත්තු හින්දුස්තානි හදවතක් තියෙන කාත් කවුරුවත් නැති අනාථයෙක් උනු රන්බීර් රාජ් බොම්බායට එන්නෙ එයාගෙ වාසනාව හොයාගෙන. දුප්පත්කම නිසාම තමන්ගෙ අවංකත්වය වෙනුවෙන් ලැබුනු රන් පදක්කමද රුපියල් 40කට විකුණනවා. එතෙන්දි තමයි රාජ් ට විද්‍යා ව හ…

Shree 420 (1955)

ඉරිච්චි ජපන් සපත්තු දාගෙන ඉංග්‍රීසි කලිසමක් ඇඳගෙන රුසියානු තොප්පියක් දාගත්තු හින්දුස්තානි හදවතක් තියෙන කාත් කවුරුවත් නැති අනාථයෙක් උනු රන්බීර් රාජ් බොම්බායට එන්නෙ එයාගෙ වාසනාව හොයාගෙන. දුප්පත්කම නිසාම තමන්ගෙ අවංකත්වය වෙනුවෙන් ලැබුනු රන් පදක්කමද රුපියල් 40කට විකුණනවා. එතෙන්දි තමයි රාජ් ට විද්‍යා ව හම්බ වෙන්නෙ. විද්‍යා කියන්නෙත් රාජ් වගේම දුප්පත් කෙනෙක්. ගමේ ළමයින්ට පොඩි ඉස්කෝලයක් පවත්වාගෙන යනවා. නිතර නිතර මුන ගැහෙන මේ දෙන්නා ආදරයෙන් බැඳෙනවා. මේ අතරෙ රාජ් ට ලොන්ඩරියක රස්සාවක් හම්බ වෙනවා. දවසක් ඇඳුම් වගයක් බාර දෙන්න යද්දි රාජ් ට මායා මුන ගැහෙනවා. එතනින් පස්සෙ තමයි රාජ් ගෙ ජීවිතේම වෙනස් වෙන්නෙ.

1955 වර්ෂයේ තිරගත වූ මේ චිත්‍රපටිය IMDb අගය 8.1 ක් ගන්නවා. ඒ වගේම අධ්‍යක්ශනය හා නිෂ්පාදනය කරල තියෙන්නෙ රාජ් කපූර්. රංගනයෙන් දායක වෙන්නෙ රාජ් කපූර් සමගින් නර්ගීස්.ශන්කර් ජායිකිශන් විසින් සංගීත අධ්‍යක්ශනය කල මේ චිත්‍රපටියේ මියුරු ගීත අටක් අඩංගු වෙනවා. මෙහි ගීත ගායනා කලේ මුකේශ්, මන්නා ඩේ සමගින් ලතා මංගේශ්කාර්. හස්‍රත් ජායිපූරි සහ ශයිලේන්ද්‍ර විසින් ගීත රචනා කර ඇති අතර මේ සෑම ගීතයකටම එකල සිංහල ගීත නිර්මාණය වුනා.

ඉතින්, ආසිරි අයියා බාගයක් කරල තිබුනු මේ උපසිරැසිය කැළුම් අයියා තමයි මට බාර දුන්නෙ ඉතුරු ටික කරල එවන්න කියලා.බාර ගත්තෙ ගිය අවුරුද්දෙ උනත් දැන් තමයි ඉවර කර ගන්න පුලුවන් උනේ. ඉතින් මේ ලස්සන චිත්‍රපටිය බලන ගමන් කොමෙන්ටුවකුත් දාගෙනම යන්න අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් ආයෙ හමුවෙමු.

 

 

Thoda Pyaar Thoda Magic (2008) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි “SHREE 420(1955)HINDI-DvdRip h264 KaSh61” පිටපත සඳහා ගැළපේ.

768 downloadsDownload SHREE-420.1955.Baiscopelk.com_.rar49 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/MuthuA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

768 downloadsDownload Subtitles49 KB

22 comments

  1. කැලුම් ගුණසේකර

    සෑහෙන්න දවසක් ගියා නේ? කමක් නෑ. කොහොම හරි දුන්නා නේ? බොහොම ස්තුතියි නගෝ උපසිරැසියට. ආසිරිටත් ගොඩක් ස්තුතියි.

  2. kavinda

    බොහොම ස්තුතියි

  3. Tharaka

    අනිවාර්‍ය බෑමක්. කාල භේදයක් නෑ. ඕනෑම කාලෙක හොඳ සිනමා නිර්මාණ මම බලනවා. අපේ අම්ම්යි, තාත්තයිත් මේ ෆිල්ම් එකට හරි ආසයි. දැන් සිංහල සබ් එක්ක මේක ඒ අයටත් පෙන්වන්න පුළුවන්. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි.

  4. D Chamara

    bohoma sthuthi naga. niyamai meka balana asawe hitiya niyam sindo tikak thiyanwa thanks

  5. Sanjith D

    Hash - 86A5086E6A7F51284A6888073B1F49A8697E30AC

    thaamath balanna hithena parana unath patta film ekak. niyamai. sindu tikath niyamai.

  6. Vihanga

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.

  7. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  8. රොයිලි

    බොහොම ස්තූතියි දහරා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  10. Sanath Perera

    බොහොම ස්තූතියි නංගියො උපසිරසට …
    ජයෙන් ජය…

  11. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  12. කලු සජිත්

    thanks.jayawewa!!!

  13. Nüwäñthå Dúlån

    උපසිරැසියට බොහොම ස්තූතියි.,
    ඔබට ජය!!!

  14. Priyantha Dayakeerthi

    මගේ සුබ පැතුම්!

  15. Tharanga Sandakelum Weerathunga

    නියමයි.... බොහොම ස්තූතියි..

  16. Dinithi pramoda

    Thanks!

  17. DeeX

    Subata thanks.puluwannan seeders wadi me film wala torrent walatath sub denna.

    youtubewala movies walata subdenna barida mach wenna.

    Awaara (1951)

    Devdas (1955)

    Madhumati (1958)

    Sujata (1960)

    Shakti (1982)

    Lamhe (1991)

  18. Asela

    Thanks

  19. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  20. TharakaWAS

    Subata thanks

  21. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි උපසිරැසියට මහන්සිවුනු සියලුම දෙනාටම..ජයවේවා !!

  22. ප්‍රබුද්ධ කේසර විතානගේ

    උපසිරසියට තුති සහෝ! පරණ උණත් හොඳ ෆිල්ම් එකක්. Old is gold කියන්නෙ මෙන්න මේවට තමයි.
    :) :) :) :)