Watch Trailer

Shrek 2 (2004) with Sinhala Subtitles | ආදරයට කොයින්ද බාධා. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ ඔයාල ඔක්කෝටම. ඔන්න අවුරුද්දයි මාස අටකට පස්සෙ මගේ තුන්වෙනි නිර්මාණය අරං අවා. :p 2004 මැයි 19 වෙනිදා නිකුත් වෙච්ච, IMDb අගය 7.2 ක් ගත්ත මේ චිත්‍රපටිය ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. මේ චිත්‍රපටියේ Mike Myers – ශ්‍රෙක් ලෙසත්, Cameron Diaz – ෆියෝනා කුමරිය ලෙසත්, Eddie Murphy – බූරුවා…

Shrek-2-(2004)

කොහොමද යාළුවනේ ඔයාල ඔක්කෝටම. ඔන්න අවුරුද්දයි මාස අටකට පස්සෙ මගේ තුන්වෙනි නිර්මාණය අරං අවා. :p 2004 මැයි 19 වෙනිදා නිකුත් වෙච්ච, IMDb අගය 7.2 ක් ගත්ත මේ චිත්‍රපටිය ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. මේ චිත්‍රපටියේ Mike Myers – ශ්‍රෙක් ලෙසත්, Cameron Diaz – ෆියෝනා කුමරිය ලෙසත්, Eddie Murphy – බූරුවා ලෙසත් සහ Antonio Banderas – සූට් බූස් පූසා ලෙසත් හඬ කැවීමෙන් දායක වෙනවා. මෙහි අධ්‍යක්ෂකවරුන් ලෙස Andrew Adamson, Conrad Vernon සහ Kelly Asbury යන අය දායක වී තිබෙනවා.

මෙහෙමයි කථාව පටන් ගන්නෙ. පොතේ හැටියට ෆියෝනා කුමරියව කුළුණෙන් බේරගන්න තියෙන්නෙ චාමිං කුමාරයාට. හරි ඉතින් චාමිං කුමාරයා ඔක්කොම බාධක පරාද කරගෙන කුළුණට නැග්ගයි කියමුකෝ. ඊට පස්සෙ කුමරිය ඉන්න කාමරයටත් ගියයි කියමුකෝ. ඔන්න දැන් චාමිං කුමාරයා කුමරියව සිපගන්නයි සූදානම. ඒ සිපගැනීමෙන් මුළු රාජධානියකම ඉරණම වෙනස් වෙන්න තිබ්බා. ඒත් වෙන්නෙ වෙනම දෙයක් චාමිං කුමාරයා යන්නෙ හිස් අතින්. ඒ හිස් අතින් යන්නෙ වෙන මොකක් හින්දාවත් නෙවෙයි, ෆියෝනා කුමරිය ඉන්නෙ එයාගෙ සැමියා ශ්‍රෙක් එක්ක මධුසමය ගතකරමින්. ඉතින් ඒකත් ඉවර වෙලා අළුත් ජෝඩුව එයාලගෙ පරණ තැනටම එන්නෙ තනියම ඉන්න. ඒත් ඒකත් කරගන්න හම්බවෙන්නෙත් නෑ. ඒ ශ්‍රෙක්ගෙ අතිජාත මිත්‍ර බූරුවා හින්දා. ඒකත් කමක් නෑ.

මෙන්න ඈත ඈත රාජධානියෙ රජතුමයි, රැජිණයි වන ෆියෝනගෙ අම්මටයි තාත්තටයි තමන්ගෙ දුවව දකින්න ඕන වෙලා. ශ්‍රෙක් නම් ඒකට කැමති නෑ. ඊට පස්සෙ අළුත් ජෝඩුව වාද විවාද කරලා අන්තිමේදී, අම්මිවයි තාත්තිවයි බලන්න යනවා. ඉතින් ඒ යන ගමනින් අපේ යාළුවො තුන්දෙනාගෙ ජීවිත එහෙම පිටින්ම උඩු යටිකුරු වෙයි කියල ඒ වෙලාවෙ නම් එයාල දැනං හිටියේ නෑ.

ඉතින් අන්තිමේදී සියලු බාධක මැද්දෙ, ශ්‍රෙක් තමන්ගෙ ආදරය ජයගන්නෙ කොහොමද කියලා බලන්න, මේ චිත්‍රපටිය ඉවර වෙනකම්ම බලන්න කියලා මං ඔයාලට ආරාධනා කරනවා. තව එකක් මං මේ චිත්‍රපිටයේ මුල් උපසිරැසි 500 කළේ චිත්‍රපටිය බලන්නෙ නැතුව. ඊට පස්සෙ අපේ මලිත් ඩයස් සහෝ තමයි මට චිත්‍රපටියෙ හොඳ කොපියක් ගෙනත් දුන්නෙ. එයාටත් ස්තූති කරන ගමන්ම මේ චිත්‍රපටිය උපසිරැසි ගැන්වීමේදී සහය දුන් හැමෝටම වගේම විකියා සහෝටත්, බයිස්කෝප් අඩවියටත් ස්තූතියි.ඔයාල හැමෝටම ජය෴

Shrek 2 (2004) on IMDb

 

 

601 MB (720p.BluRay.x264) කොපිය මෙතනින් බාගන්න

EA0D740909C26279353EC58913B82FA27217140A

1.00 GB (1080p.BluRay.x264) කොපිය මෙතනින් බාගන්න

BC30A6186B6E3C86E560D8741EDBF277D06C6136 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,354 downloadsDownload Shrek-2-2004.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/HiranthaS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරන්ත සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හිරන්ත සිල්වා

Subtitles

2,354 downloadsDownload Subtitles315 B

15 comments

  1. achi

    ගොඩක් ස්තූති සහෝ උපසිරැසියට...
    ජය!!!

  2. තෙපුල් ලයන්ත

    එල එල මචං.

    තෑන්ක්ස් වේවා

  3. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි සහෝ
    ගොඩාක් සෑහෙන කාලෙකට පස්සේ තමා ආයෙත් ඇවිත් ඉන්නේ වගේ
    මේ ඉතින් සුපිරි ෆිලුමක් කියලා කවුරුත් දන්නවා නොවෑ
    අප වෙනුවෙන් සිංහල උපසිරැසි ගන්වා ගෙනාවට ගොඩාක් ස්තූතියි සහෝ
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!

  4. Kulanjana Maduranga

    niayamai…thanks HIRANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. yeshu

    tnx

  6. ස

    ස්තූතියි මචන් බයිස්කෝප් එකට….
    නියම එකක් තමා අරන් ඇවිත් තියෙන්නේ….
    මේ වගේම සුපිරි බයිස්කෝප් එකක් අරන් එන්න අයෙමත්…
    ජයෙන් ජය..

  7. daminda

    thanx macho sub walata

  8. රොයිලි

    බොහොම ස්තූතියි හිරන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. චන්දන

    ස්තූතියි
    ශ්රේක් ද තර්ඩ් එකට සබ් දෙන්න බැරිද සහෝ..

  10. prasad

    thanks broooo well done

  11. Janithsapugoda

    Thanks sub ekata jaya wewa

  12. Shaggy

    සබට බොහොම ස්තූතියි සහෝ

  13. Shaggy

    සබට බොහොම ස්තූතියි සහෝ

  14. Arawinda Sunimal

    thanks sub ekata (hirantha silwa)

  15. sahangayantha

    Thanks a lot saho sub ekata