Watch Trailer

Shrek (2001) with sinhala subtitles | කුමරියකට පෙම්බැඳි රාක්ෂයෙක්… [සිංහල උපසිරසි සමඟ]

හැමෝම දන්න හුඟ දෙනෙක් බලල තියෙන චිත්‍රපට මාලාවක් වන Shrek හි පළමු වැන්න මගේ උපසිරැසි එකතුවේත් පළමු වැන්න ලෙස ඔබට සතුටින් මෙසේ ඉදිරිපත් කරනවා. මේ චිත්‍රපටය උපසිරැසි ගැන්වීමත් සමග ඔබට Shrek චිත්‍රපට මාලාවම සම්පුර්ණයෙන් උපසිරැසි සහිතව නැරඹීමේ අවස්ථාව බයිස්කෝප් වෙබ් අඩවිය හරහා හිමිවෙනවා. මේ චිත්‍රපටය 2…

Shrek (2001)

හැමෝම දන්න හුඟ දෙනෙක් බලල තියෙන චිත්‍රපට මාලාවක් වන Shrek හි පළමු වැන්න මගේ උපසිරැසි එකතුවේත් පළමු වැන්න ලෙස ඔබට සතුටින් මෙසේ ඉදිරිපත් කරනවා. මේ චිත්‍රපටය උපසිරැසි ගැන්වීමත් සමග ඔබට Shrek චිත්‍රපට මාලාවම සම්පුර්ණයෙන් උපසිරැසි සහිතව නැරඹීමේ අවස්ථාව බයිස්කෝප් වෙබ් අඩවිය හරහා හිමිවෙනවා.

මේ  චිත්‍රපටය 2001 වසරේ තිරගත වූ පරිගණක සජීවිකරණ, මනංකල්පිත හා හාස්‍යයෝත්පාදක ගණයේ ඇමරිකානු නිර්මාණයක්. Andrew Adamson හා Vicky Jenson අධ්‍යක්ෂණය කළ මෙහි හඬ දායකත්වය Mike Myers, Eddie Murphy, Cameron Diaz සහ John Lithgow යන අය විසින් සිදුකර තිබෙනවා. DreamWorks Pictures හි බෙදාහැරීමක් වන මෙය ඩොලර් මිලියන 60ක වියදමක් දරා ඩොලර් මිලියන 484.4ක අදායමක් වාර්තා කර ඇත. IMDB දර්ශකයේ 7.9 සටහන් කරමින් මිනිත්තු 90ක් පුරා දිවෙන මෙම චිත්‍රපටය මියුරු ගීත ගණනාවකින්ම හැඩවුණු විශිෂ්ට නිර්මාණයක්.

චිත්‍රපටයේ කතාව ශ්රෙක් කියන රාක්ෂයා  ගැන ගෙතුණු එකක්. මිනිස්සුන්ව බය කරගෙන ඉන්න රාක්ෂයෙක් වුනත් එයාලගෙ ආදරය, ගෞරවය ලබන්න කැමැත්තෙන් ඉන්න ඒත් ඒක නොලැබෙන කෙනෙක් ශ්රෙක්. කැලෑව මැද තියෙන තමන්ගේ නිවහනේ තනියම ඉන්න ශ්රෙක්ට තොරතෝංචියක් නැතුව කියවන බූරුවෙක්ව මුණගැහෙනවා. පස්සේ තමන්ගේ වගුරු බිමට ගෙනත් දාපු සුරඟන කතා දේවල් හිටපු තැන්වලටම යවන්න ශ්රෙක් සහ බූරුවා තවමත් රජ නොවුණු පාලකයෙක් හොයාගෙන යනවා. ඒ පාලකයා ශ්රෙක්ට සහ බූරුවාට වීර වික්‍රමයකට මග පාදනවා. ශ්රෙක්ගේ ආදර අන්දරයත් බූරුවාගේ සිනා සාගරයත් එක්ක කම්මැලිකමක් නැතුව ඔබට මෙය නරඹන්න පුළුවන් වේවි.

මෙම චිත්‍රපටයේ ගීත මේ වනවිට ඉතා ජනප්‍රිය වන අතරම එහි භාවිතා වන පසුබිම් වාදනයන්ද සුමියුරු රසයක් ඔබට ලබාදෙනු ඇත. මෙය මගේ පළමු උපසිරැසි ගැන්වීම වන නිසා වැරදි, අතපසුවීම් තිබිය හැකි අතර එලෙස තිබේනම් ඒවා පෙන්වා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. මේ සඳහා සියලු අයුරින් සහය දැක්වූ සැම වෙත  ස්තූතිය පුද කර සිටිමි.

Shrek (2001) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Shrek.2001.720p.BluRay.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

505 downloadsDownload Shrek.2001.Baiscopelk.com_.zip45 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/RavinduSachintha-e1483828444945.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු සචින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රවිඳු සචින්ත

Subtitles

505 downloadsDownload Subtitles45 KB

20 comments

  1. හසිත මධුෂාන්

    බොහෝම ස්තූතියි…….

  2. දිල්ශාන් සචින්ත

    නියමයි තවත් රවිදු කෙනෙක් වෙල් කම් මචන්

  3. kasun

    සුපිරි සහෝ..අනේ MacGyver tv series එකට SUB දෙන්නකෝ,,

  4. mithun

    Bohoma sthuthi watinawa bro . The rundown 2003
    මෙකට සබ් එකක් දාන්නකො සහෝ ඇයි දන් නෑ මෙච්චර ෆිල්ම් දෙනව මෙවගෙ සුපිරි ෆිල්ම් වලට සබ් නැත්තෙ උපසිරැසි ගන්වල නෑ කවුරුත් me ganat balamuko saho

  5. Udara Damith B/K

    **********************බොහෝම ස්තූතියි******************

  6. kushani sanjula

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට....

  7. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  8. ඉෂාන් මදුෂ

    නියමයි.බොහෝම ස්තුතියි සහෝ

  9. එල්.සී. දමැල්

    පළමු වැඩේට උණූසුම් සුභ පැතුම් රවිඳු සහෝ...
    තවත් උපසිසකින් හමුවෙමු...

  10. Ramesh

    බොහොම ස්තුතියි! සහෝ..
    Shrek the third මෙකටත් Sub එක
    පුලුවන් නන්...

  11. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Rumesh nilantha jayaweera

    thanks bro film eka aran masa 3k wenawa dam sub ekka baluwahaki

  13. Savindu Induwara

    Thanq bro

  14. prasad

    thanks saho................................. great job

    1. Anonymous

      Ela

  15. Aruna

    Niyamai saho digata karagena yamu.thanks.

  16. Iresha Perera

    Thanks for the sub !

  17. Shaggy

    සබට බොහොම ස්තූතියි සහෝ

  18. sahangayantha

    Thanks a lot saho sub ekata

  19. asha

    thanks